ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ මීටර 233 ක් පළල මං තිරු දෙකක ගුවන් පාලමකට මුල් ගල තැබීමේ උත්සවයට පැමිණි ක්‍රිඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සිය ජිප් රියෙන් නොබැසම උත්සව භුමියෙන් පිට වු බව කියති.
රුපියල් කෝටි 223 ක වියදමින් මේ පාලම ඉදි කෙරෙයි.
ඔහු ගොස් මිනිත්තු පහකට පමණ පසුව ප්‍රවාහන ඇමැති කිරිඇල්ල මහතා උත්සවය ආරම්භ කළේය. උත්සව භුමිය සරසා තිබු ආකාරය ජයසේකර ඇමැතිවරයාගේ නොසතුටට හේතු වු බව එහි සිටි අය කියති.
නිල්, කොළ,තැඹිලි ආදි විවිධ වර්ණ වලින් උත්සව භුමිය සරසා තිබිණි. එහි සිටි කිහිප දෙනෙකු පැවසුවේ කොළ කොඩි ගැන ඔහු යමක් කියා උත්සවයට සහභාගි නොවී ගිය බවයි. මේ ගැන විමසිමට දුරකථනයෙන් ඇමැති සම්බන්ධ කර ගැනිමට ගත් උත්සහය අසාර්ථක විය.
දයාසිරි ජයසේකර මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට පෙර එක්සත් ජාතික පක්ෂ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දයාසිරිට කොළ අඳු කොළ වේ
අරුන Monday, 11 April 2016 03:38 PM
ජඩ දේශපාලුවෝ මජනතවගේ සල්ලි වලින් පොදු වැඩ කරලා ඒ අයගේ නමින් මුල්ගල් තියනවා හරියට ඒඅයගේ පෞද්ගලික සල්ලි වලින් කරනවා වගේ. ඊට පස්සේ ඒ වැඩේ ඒ අයගේම එකෙකුට දීලා එකෙනුත් කෝමිස් ගහලා ,උජ්ජාරුවෙන් විවෘත කරනවා. කොන්ත්‍රාත් කාරයා බාල විදියට වැඩේ ඉවර කරනවා. අපේ මෝඩ ජනතාවත් මේක අරයගෙ වැඩක්, මෙයාගේ වැඩක් කියලා හුරේ තියනවා. කවදාද අපේ ජනතාව තේරුම් ගන්නේ මේ අපේ සල්ලි නේද විනාශ කරන්නේ කියලා. (අ)
සාලිය කුමාර Monday, 11 April 2016 07:18 PM
එක සැරයක් අර වාදපිටිය වැඩසටහනේදී සිදුවූ දෙයකුත් මට මේ වෙලාවේ මතක්වෙනවා (නි)
සලීම් Monday, 11 April 2016 07:41 PM
ලලිත්, ඔබ වැරදි මතයක ඉන්නේ. (නි)
කෝනාර Monday, 11 April 2016 09:03 PM
පාලම හදන්න සල්ලි වියදම් කළේ මොන පාට කෙනාගෙ පුද්ගලික ධනයෙන්ද කියලා ජනතාව වශයෙන් දැනගන්න කැමතියි. (නි)
චන්න Monday, 11 April 2016 09:03 PM
දයාසිරි ආණ්ඩුවෙනුත් ගියා නම් තමා කරන ලොකුම උදව්ව මහජනයා වන අපිට (නි)
කොස්තා Tuesday, 12 April 2016 12:03 AM
පාට පක්ෂ බේද මත පදනම්වෙලා කවදාවත් රට දියුණු කරන්න බැහැ (නි)
රුවන් Tuesday, 12 April 2016 01:28 AM
පාට පක්ෂ ඕනෑ නැත්නම් එහෙනම් කොළපාටත් ඉවත්කරන්න ඕනෑ. මම එකඟයි දයාසිරි කළ වැඩේට. (නි)
රසාංග Tuesday, 12 April 2016 03:11 AM
ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ කරලා තියෙන්නේ අපිව උගසට තියලයි. ණය ගෙවන්නෙ අපියි. නමුත් එක්කෙනෙක් කොළපාට කොඩි දාගෙන. අනිත් කෙනා නිල්පාට නැහැ කියලා තරහ වෙලා. අනේ මේවට කොතනින්ද හිනා වෙන්නෙ? (නි)
ලාල් Tuesday, 12 April 2016 03:12 AM
ඔන්න අපේ මහා ලොකු දැනඋගත් ජනතාවට සේවය කරන්න ඉපදීසිටින දේශපාලඥයින්ගේ තරම. මම මේ කියන්නේ දෙපැත්තෙ දෙන්නම ගැන. (නි)
සෝමදාස Tuesday, 12 April 2016 03:13 AM
කිසිම දේශපාලඥයෙක් ගෙන්වන්නේ නැතුව සීයා කෙනෙක් ආච්චි කෙනෙක් අතින විවෘත කරන්නේ නැත්තේ ඇයි? ඒ මිනිස්සු අවුරුදු ගානක් බදු ගෙවලාවත් තියෙනවා රටට. ණය ගෙවන්නෙත් එයාලගේ දුවා දරුවො. මේ කොහෙවත් ඉන්න දේශපාලුවන්ට ලකුණු දෙන්නේ ඇයි අපේ රටේ අනුවණ දනා (නි)
උපුල් Tuesday, 12 April 2016 03:15 AM
රුවන්, ඔයා මොනතරම් පටුවිදියටද හිතන්නේ? පාට පක්ෂ ඕනෑ නැත්නම් ඔයා කියන්න ඕනෑ දයාසිරි කළ වැඩේ හරියි කියලා නෙමෙයි. අනිත් පැත්තේ කෙනා කළ වැඩේ වැරදියි කියලයි. (නි)
රසිකා Tuesday, 12 April 2016 03:19 AM
කිරිඇල්ලගෙයි දයාසිරිගෙයි පුද්ගලික ධනයෙන් හදලා වෙන්න ඇති. අනේ අපිට මොනතරම් ආදරය කරන දේශපාලඥයො දෙන්නෙක්ද? (නි)
රොෂාන් ද සිල්වා, බලපිටිය Monday, 11 April 2016 09:57 AM
ලංකාව කියන සුන්දර රට ඔය යන විදියට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. මොනවදේ මේ නිල කොළ රතු කහ කියන්නේ. අපිට වැදගත් වෙන්නේ අපේ ලස්සන රටයි. (ම)
රුවන් Monday, 11 April 2016 10:27 AM
රටකට සේවයක් කරන්න පාටක් ඕනෙමද?(අ)
සෝමසිරි Tuesday, 12 April 2016 04:07 AM
නිල් පැත්තේ ඉඳලා කොළ පැත්තට පැනලා, කොළ පැත්තෙ ඉඳලා ආයෙත් නිල් පැත්තට පැනලා, දැන් ආයෙත් දෙක කලවම් වෙච්ච පැත්තට පැනපු දයාසිරිට මොන පාටද? මොන පක්ෂද? (නි)
සංජීව Tuesday, 12 April 2016 04:09 AM
ඕකට තමයි කියන්නේ ජාතික ආණ්ඩුව කියලා. (නි)
ගගන Tuesday, 12 April 2016 04:09 AM
එක්කෝ ස්පාඤ්ඤයෙන් ගෙන්වන්න තිබුනා. මොකද ණයට හරි දුන්නේ ඒ අය නිසා. නැත්නම් ලංකාවේ බදු ගෙවන සාමාන්‍ය මනුස්සයෙක් ගෙන්වන්න තිබුනා විවෘත කරන්න. මොකට මේ දෙපැත්තෙ දේශපාලඥයෝ ගෙන්වනවද මන්දා? ගෙන්නුවම කළ වැඩේ පේනවනේ. ඒකත් කඩාකප්පල් කරලා එක්කෙනෙක් ගිහින්. අනේ මෙහෙමත් රටක්. (නි)
පුෂ්පා Monday, 11 April 2016 10:52 AM
මේ වගේ කට්ටියනේ අපිව පාලනය කරන්නේ. අපි අපිවම පාලනය කර ගත්තා නම් මේ විකාර බලන්නේ නැතුව රටේ සල්ලි හැමෝගෙම සල්ලි ලෙස සලකා වැඩ කරන්න තිබුන. (අ)
ලුම්බිණි Monday, 11 April 2016 10:54 AM
මුල අමතක වුණාම ඔහොම තමයි. (අ)
කුමාර් (ගල්ෆ්) Monday, 11 April 2016 10:56 AM
ඔලුව ඉදිමිච්ච මොලේ වැඩි අය. මෙයාල කොහොමද ජාතික සමගියක් ගෙනෙන්නේ.(අ)
ඇසළ Monday, 11 April 2016 11:01 AM
ඕක ගණන් ගන්න දෙයක් නෙමෙයි. පනින එකාට දුර තියාම තේරෙනවා බොහොම සුළු කාලයක් තුල ආයිත් පනින්න වෙන බව. ගත්ත තීරණේ හරි. (අ)
මුණසිංහ Wednesday, 13 April 2016 01:33 AM
මෙච්චර පළල පාරක් ලංකාවේ කොහෙවත් නැහැ. (නි)
තබුක් සිල්වා Monday, 11 April 2016 11:18 AM
ඊර්ෂියාව වෛරය ක්‍රෝධය තුරන් කර රට සංවර්දනය කරා යන ගමනට දායක වෙලා ජනතාවගේ හිත දිනාගෙන වැඩ කර පෙන්වන්න එකමුතුවෙලා නැත්නම් වෙන දෙය අමුතුවෙන් කියන්න ඕනේ නැනේද? (අ)
දුමින්ද Monday, 11 April 2016 11:58 AM
දැන් එතකොට ගුවන් පාලන් හොඳද (අ)
නසාර් Tuesday, 12 April 2016 05:37 AM
පොල්ගහවෙල අය දයාසිරිට කැමති නැත. ඒ යු. එන්. පි ඡන්දෙන් විත් අනෙක් පැත්තට ගිය නිසාය (නි)
සිරි කටාර් Monday, 11 April 2016 12:18 PM
මීටර් 233 කෝටි 223 ක් මීටර් 1 ක් හදන්න කෝටියකට කිට්ටු මුදලක් රත්තරන් වලින් හදල දියමන්ති අල්ලන්නද හදන්නෙ.(අ)
සිරි කටාර් Monday, 11 April 2016 12:24 PM
දුමින්ද කව්රු හැදුවත් ගුවන් පාලම් හොදයි ප්‍රශ්නේ තියෙන්නෙ හදන්න යන ගානෙ මීටර් 1ක් කෝටි 1ක් .මහින්ද මහත්තයා හැදුව ඒවා වලත් වැඩි වෙනසක් නෑ.(අ)
හුසේන් මොහමඩ් Monday, 11 April 2016 12:36 PM
ඔය වගේම කුහක කමින් පිරිච්චි අය තවත් ඉන්නවා උගත්කමටත් නිගා කරන උදවිය. අවාසනාවකට රට පාලනය කරන්න එන්නෙත්, අපි ඇන කොටාගෙන ඡන්දෙ දාන්නෙත් ඔය උදවියටම තමා.. අපි අපිට ගහගන්නොන.(අ)
සමන්- කටාර් Monday, 11 April 2016 12:37 PM
ඒක ඇත්ත කට්ටිය සත් භාවයෙන් පිළිතුරු දානවා. තමන් හදපු දේවල් වලට අනුන්ගෙ නම් දාලා බෝඩ් ලෑලි ගහන එකයි ප්‍රශ්නෙ.(අ)
ශාන් Tuesday, 12 April 2016 06:23 AM
මේ වගේ අදහස් තිබෙන අයනේ ඇමතිලා වෙලා ඉන්නේ. (නි)
පිටබැද්දර ජයා Monday, 11 April 2016 12:52 PM
ඕකට තමයි කියන්නේ , බස් එකේ නොවේ මොකේ ගියත් හෙළුව පෙනෙයි චිකේ , කියල (අ)
දහම් Monday, 11 April 2016 12:56 PM
ශ්‍රී ලංකා - ශ්‍රී ලංකා අවුල්. යූ එන් පී - යූ එන් පී අවුල්. අනේ කොහොමට තිබුණු රටක්ද මේ අවුල් වෙන්නේ.(අ)
අරවිල්ද Monday, 11 April 2016 12:58 PM
එක මීටරයකට කෝටියකට පොඩ්ඩක් වැඩියි. (අ)
සෞදි සරත් Tuesday, 12 April 2016 07:02 AM
වාසි පිලට හුරේ දමා මඩිය තරකර ගන්නකෝ (නි)
රත්නායක මුදියන්සගේ නවරත්න බණ්ඩර Monday, 11 April 2016 01:20 PM
පාලම මොන පාටද දන්නේ නෑ (අ)
මනෝජ් Tuesday, 12 April 2016 08:23 AM
දුමින්ද, ගුවන් පාලම්වල නොවෙයි වරද. ඒවායින් හොරාකන එක තමයි වරද. (නි)
සිල්වා Monday, 11 April 2016 02:08 PM
පාට පාට කොඩි වැල් වලින් වැඩක් නැහැ රටට වැඩක් වෙන්නයි ඕනි ඒ තුලින් ජනතාවට යහපතක් වෙනවා. මැරුණම අපි දාන්නේ සුදු කොඩි !! (බ)
ඇන්ඩෘෘ Monday, 11 April 2016 02:15 PM
සුළු ,සුළු භේද අමතක කර රට දියුනු කර පෙන්වන්න. අපිට පාට වැඩ ක් නෑ (බ)
අනුරාධ Tuesday, 12 April 2016 09:20 AM
ඊළඟ ඡන්දෙ තිබ්බහම ඔය නිදහස් පක්ෂයේ පැන්න අයට යන එන මං නැතිවේවි (නි)
ජයතු Monday, 11 April 2016 02:24 PM
ජනතාව දැක්කා දයා බෙරයක් ගසමින් රිලා නැටුමකින් වන්නියේ ජනතාව විනොදයට පත්කරනවා පක්ෂ මාරැ කරන මොහු ජනතාව රවටන කපටි පුද්ගලයකි (අ)
නිම්මි Monday, 11 April 2016 02:54 PM
මෙහෙමත් මිනිස්සු. මහින්දව කෑවා. පරාදවෙනකොට අනිත් පැත්තට පැන්නා. දැන් මෛත්‍රීවත් කන්න යන්නේ. මෙයාලට ඡන්දෙ දෙන්නේ හරක්. (බ)
ලලිත් Monday, 11 April 2016 03:11 PM
සිද්ධිය හරියටම විස්තර ඇතුව නොදැන වැඩිදුර අදහස් දක්වන එක වැරදියි නේ? කවුද දන්නේ එයට මොකක් හරි ශරීර කෘත්‍යයක අවශ්‍යතාවයක් හදිසියේ පැනනැගුනද කියල. ඇමතිලා වුණත් එහෙම දේවල් වෙන්න බැරි නැහැ නේද? (බ)