ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කීවේ පෙළපාළිවල ගමන් කළ යුතු ආකාරයයි.
තමා දෙවුන්දර සිට කොළඹට පෙළපාළි ගොස් ඇතත් ඩොල්කි ගසමින් නටමින් කිසිම අවස්ථාවක ඊට සහභාගී නොවූ බවයි.
එහෙත් මැයි පෙළපාළියක දී (2014) ඔහු බෙරයක් ගසමින් නටමින් ගමන් කරමින් සිටි ආකාරය මේ වීඩියෝවෙන් දැකගත හැකිය.
‘මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේ මෙවැනි පාගමනක් තිබුණානම් මොකද වෙන්නේ? හලාවත ධීවර ජනතාව එළියට බැහැලා ඩීසල් සහනාධාරය ඉල්ලුවහම වෙඩි තිබ්බා. ඇන්තනි ප්‍රනාන්දු මැරුණා. තව පස් දෙනෙක් සදාකාලික ආබාධිතයන් බවට පත්වුණා.‘ යැයි වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර අද (31) එම මාධ්‍ය හමුවේදී පැවසීය.
‘කටුනායක ආයෝජන කලාපයේ තරුණ තරුණියෝ තමන්ගේ ඊපීඑෆ් - ඊටීඑෆ් ආරක්ෂා කරගන්න සටනක යෙදුණා. මහින්ද බාලසූරිය හිටපු පොලිස්පතිගේ ආශිර්වාදයෙන් රොෂේන් චානකලා වගේ කට්ටිය වෙඩි තියලා ඝාතනය කළා විතරක් නෙමෙයි ඔහුගේ මරණයේ අවසන් කටයුතු වෙන දවසේ මුළු වැලිවේරියේම ආයුධ සන්නද්ධ හමුදා බට යෙදෙව්වා. රතුපස්වල වතුර ඉල්ලුවාම වෙඩි තිබ්බා. මෙහෙම තමයි එදා පාලනය කළේ‘ යැයි ද ඔහු කීය.
ඡායාරූපය - ලහිරු හර්ෂණ
ඡායාරූප හා වීඩියෝ - අන්තර්ජාලයෙනි
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දයාසිරි කටේ දිවේ නොගෑවී බොරු කියයි
චන්ද්‍රසේන Monday, 01 August 2016 08:34 AM
මතක නැද්ද එදා හිටපු ජී. එල්.පිරිස් මහත්තයට පින්සිද්ධ වෙන්න කුරුණෑගල දිනාගත්ත. අද ඉපදිලා වගේ කතාකරන්නේ. කලගුණ අමතක කරන්න එපා .(රේ)
දුමිදු Monday, 01 August 2016 05:19 AM
මේ පාද යාත්‍රාවක් නෙමෙයි නේද? (නි)
අෂිකා Sunday, 31 July 2016 02:45 PM
දයාසිරි කොහොමත් ප්‍රසිද්දියට අදික ආසාවක් තියෙන මිනිහෙක්,(අ)
චානක ලොස් ඇන්ජලිස් Sunday, 31 July 2016 07:32 PM
මට අදහස ලියන්න බැරුව මොහොතක් ගොලුවුණා. මේ මොන වගේ මනුස්සයෙක්ද කියලා හිතුනා (නි)
නිම්මි Sunday, 31 July 2016 02:57 PM
මහින්දගේ නම විකුණගෙන ඇවිත් ඒ මනුස්සයටම බනිනවා. අපි බලමුකෝ අනිත් සැරේ කාව විකුනගෙනද එන්නේ කියල. මුන්ට ගහල එලවන්නේ. (අ)
රේමන් Sunday, 31 July 2016 09:02 PM
ලංකාදීපයට ස්තුතියි යථාර්ථය පෙන්වා දුන්නාට. කොණ්ඩේ බැඳපු චීනාවත් විශ්වාස කරයිද මෙයාලා කියන බොරු? (නි)
ද සිල්වා Sunday, 31 July 2016 09:29 PM
එතකොට අර හම්බන්තොට වරායේ ගලට මොකද වෙලා තිබෙන්නේ? (නි)
සඳුන් රන්දික Sunday, 31 July 2016 09:02 AM
මේ වගේ අය මුළු දේශපාලනයෙන්ම අතුගාලා දාන්න ඕනේ (බ)
රාධා Sunday, 31 July 2016 03:24 PM
වැරදිලා වගෙයි . මේ ගහන්නේ මාමාගෙන් ඉගෙනගත් බෙර පදයක්. (අ)
ලුම්බිණි Sunday, 31 July 2016 09:25 AM
දයාසිරි කවදද ඇත්ත කිව්වේ? (බ)
අංගොඩ ලාල් Sunday, 31 July 2016 09:34 AM
දයාසිරි උන්නැහේට දැන් ඔක්කොම පැටලිලානේ තියෙන්නේ . එජාපෙ ඉඳල මහින්ද උන්නැහේගේ ඔඩොක්කුවට පැනල හිටපු දයාසිරි දැන් ඉන්නේ සිරිසේන උන්නැහේගේ ඔඩොක්කුවේ . ඉතින් එක එක කාලවලදී ඒ ඒ තැන්වල ඉඳිද්දී කරපු කියපු දේවල් ඔක්කොම ටැපලිලා (බ)
ප්‍රියාන් Sunday, 31 July 2016 10:01 AM
මෙයාලා තමයි කබරගොයා තලගොයා කරන්නෙත් තලගොයා කබරගොයා කරන්නෙත්. (ර)
රුවන් Sunday, 31 July 2016 10:02 AM
දෙෂප්ලකයෝ ඉතින් කරන්නේ දිව හැරෙන හැරෙන පැත්තට බොරු කීම විතරයි. (ර)
ඉන්දික Sunday, 31 July 2016 10:07 AM
මේවට කලබල වෙන්න ඕන නෑ. දේශපාලකයෝ ඔහොම තමයි. (ර)
අමල් Sunday, 31 July 2016 10:11 AM
දේශපාලනයට බොරුව කියන දේ නැතුවම බැරි දෙයක්. (ර)
ඇසළ Sunday, 31 July 2016 10:31 AM
වාසි පැත්තට හෝයියා. (ර)
ජනහිත Sunday, 31 July 2016 10:53 PM
අපේ පළාතටත් නින්දා කරනවා. කොහේ ඉඳලද ආවේ? ඉන්නේ කොහෙද? නැගිටින්න අතදුන්නේ කවුද? මේ කිසිදෙයක් මතක නැහැ. මොනවා වුණත් ඔය එක් කෙනෙක්වත් ළඟටවත් ගන්න එපා (නි)
ගයාන් පෙරේරා Sunday, 31 July 2016 11:05 AM
මහත්තයෝ එතකොට ඔයා රනිල් මහත්තය ඔයාට ඉන්නා දෙන්නේ නැහැ කියල මහින්ද මහත්තය පැත්තට පැනල මහා ඇමති කම් දරනකොට ඔය කියපුව මතක් වුනෙම නැත්ද .කන්න හිතෙනකොට කළු කබරයත් තලගොයා වෙනවනේ . නිකන් තියෙන දිවනේ . නවන්න නවන්න (බ)
ශ්‍රීලාල් Sunday, 31 July 2016 11:03 AM
ලොකු එකාගේ පටන් පොඩි එකා දක්වා ගල් පැලෙන බොරු කියනවා. ඒ දැන් කාලයේ වීඩියෝ තාක්ෂණය නොදන්නවා නිසාද??? වීඩියෝ වල පැහැදිලිව පෙනුනත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒ මෝඩකම මිසක් වෙන කිසිවක් නොවේ !!! (බ)
ආනන්ද Sunday, 31 July 2016 11:19 PM
ඩොල්කි ගහ ගහ ගියේ නැහැ කියන්නේ මේක දවුලක් නිසා වෙන්න ඇති සමහරවිට (නි)
සිරි Sunday, 31 July 2016 11:33 AM
කිසියම් විධිහකින් මහින්ද නැවත බලයට පැමිණියහොත් අද ආණ්ඩුවේ ඉන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන්ම ඔහු සමඟ එකතුවන බවනම් අනිවාර්යයයි. මොකද එහෙම වුනොත් මහින්දට එරෙහි වන එක ශරීර සනීපයට එතරම් සුබදායක නොවන නිසා....(බ)
රොකී Monday, 01 August 2016 12:09 AM
මේ රටේ ඡන්දදායකයන් කියන්නේ පුදුමාකාර මෝඩ පිරිසක් (නි)
නලින් යහම්පත් Sunday, 31 July 2016 05:15 PM
දයාසිරි හැරෙන හැරෙන පැත්තට බොරු කිව්වත් ඒවා අසුවන බව නොදන්නා හැඩයි (නි)
සෙන්සාන් Monday, 01 August 2016 02:13 AM
කලාකාමියකුගේ තියන අව්‍යාජ බව මොහුගේ නැහැ. (නි)
කරුණාරත්න Sunday, 31 July 2016 05:53 PM
මේ වගේ අයට මොනවගේ නමක් ගැළපෙයිද මන්දා? (නි)
විජේසුන්දර Sunday, 31 July 2016 01:32 PM
තමන් කරපු කියපු දේවල් අමතක වීම යනු ඉතා බරපතල රෝගී තත්ත්වයකි. නමුත් රජයේ ඇමති වරයෙක් ලෙස රටට වග කියන තත්වයක් යටතේ එසේ අමතක වන්නේ නම් වහා එම රෝගයට ප්‍රතිකාර කල යුතු වේ. එය ජනතාව විසින් නුදුරු අනාගතයේදීම භාර ගනු ඇත. (ර)
ජනහිත Monday, 01 August 2016 03:27 AM
කියලා වැඩක් නැහැ නිම්මි. පළාත් සභාවට ආවේ ගෝනියක් නැතුව මහින්දගේ පිටේ. දැන් නන් දොඩවනවා. (නි)
සුමිත් Monday, 01 August 2016 03:40 AM
කොහොමත් එයාගේ හැටි ගොඩක් දෙනෙක් දන්නවා (නි)
පිටිගල Monday, 01 August 2016 03:45 AM
ලැජ්ජාවක් තිබෙයි නම් දයාසිරිලා වගේ වෙන කව්රුවත් නැහැ. එදා දාපු රිලා ඩාන්ස් අපිට නම් මතකයි. (නි)
රූපවතී Monday, 01 August 2016 04:15 AM
මේ මිනිසුන් කටේ දිවේ නොගෑවෙන බොරු කියනවට අපේ ලංකාදීපෙට ස්තුතියි මේ වීඩියෝ පටි ආරක්ෂා කරලා තබාගත්තට. මෙයාලා කොයි ආණ්ඩුව පැරදුනත් හැමදාම රජවෙනවා මහජනතාවට බොරු කියමින්. (නි)