IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දයාසිරි ජයසේකර එජාපයෙන් රජයට ?

එක්සත්ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24)පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර රජයට එක් වීමට නියමිතය

 ඔහු  වයඹ  මහ ඇමැති අපේක්ෂක  ලෙස ඉදිරිපත් කිරීමට යතියි දැනගන්නට ඇත.

 ජයසේකර මහතා අද මහින්ද රාජපක්ෂ ජනපති හමුවන බවටද තොරතුරු ලැබී ඇත



අදහස් (0)

දයාසිරි ජයසේකර එජාපයෙන් රජයට ?

කුසුමාවතී Wednesday, 24 July 2013 11:11 AM

මෙය කොහොමත් හිටියේ එජාපෙ වුණාට වැඩ කලේ ආණ්ඩුවේ යන එකමයි හොඳ (අ)

:       0       0

කුමුදු වාස් Wednesday, 24 July 2013 11:13 AM

එක්සත් ජාතික පක්ෂයට එකට දෙවි පිහිටටි. මිනිසුන් සමග ගනුදෙනු කෙරීමට නොදන්නා කමට හොද පාඩම්. දැන් වත් මිනිසුන් අසුරු කිරීමේ විදිය ජනාදිපති තුමාගෙන් ඉගෙන ගන්න.(අ)

:       0       0

වීරසේකරගේ Thursday, 25 July 2013 02:57 AM

දයාසිරි, වයඹ කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. නේද? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 24 July 2013 11:11 AM

ඔක ඉතින් හැමෝම දන්න දෙයක් (අ)

:       0       0

ලසන්ත Wednesday, 24 July 2013 02:36 PM

2014 දි කවුරුත් බලාපොරොත්තු නොවෙන වෙනසක් වෙන්න පුළුවන් (නි)

:       0       0

අනුර Thursday, 25 July 2013 04:56 PM

අපි ගැන කතා කරන්න දැන් කව්රුත් නැහැ. (ස)

:       0       0

සරත් w Wednesday, 24 July 2013 11:14 AM

ඒ කියන්නේ මේ ආණ්ඩුව හොඳයි (අ0

:       0       0

අමිල - බලන්ගොඩ Wednesday, 24 July 2013 02:37 PM

සමහරුන්ට නම් දැන් නින්ද යයි. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 24 July 2013 11:13 AM

ඔහුගේ ජයග්‍රහනයට අපි සුභ පතනවා. (නි)

:       0       0

සාන්ත Wednesday, 24 July 2013 11:13 AM

දයාසිරිගේ වටිනාකම දන්නා අය තව ඉන්නවා...අංක එකට එයි ...(අ)

:       0       0

එඩී Wednesday, 24 July 2013 02:38 PM

මින් දෙන පණිවුඩය තේරුම් නොගැනීමට තරම් පක්ෂය අනුවණද? (නි)

:       0       0

රුවන් Wednesday, 24 July 2013 11:15 AM

බුද්දීකට දකුණු පළාත් ඡන්දය එනතුරු ලේ වතුර නැතිව ඇති.(නදී)

:       0       0

අනුර අ Wednesday, 24 July 2013 02:42 PM

අපිටත් හොද ගායකයෙක් ආවා එහෙනම් (නි)

:       0       0

ධම්මික Wednesday, 24 July 2013 11:14 AM

ගාන කියද දන්නේ නෑ.. (අ)

:       0       0

ආනන්ද Wednesday, 24 July 2013 02:41 PM

දැන්වත් මහජනතාව තේරුම් ගතයුතුයි මෙවන් මහජන නියෝජිතයින් ගැන. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 24 July 2013 02:41 PM

දයාසිරි ඔබත් එහෙනම් පක්ෂය අතහැරියා නේද? ඔහොම යන් ඔහොම යන්. (නි)

:       0       0

ශාන් Thursday, 25 July 2013 03:29 AM

කෑලි කැපුවත් කොළපාට කියන අය තමා ඊලගට යන්නේ, මට දැනෙන විදියට (නි)

:       0       0

වරුණ Wednesday, 24 July 2013 11:17 AM

වැඩක් කරන්න පුළුවක් දක්ෂයෙකුගේ කකුලෙන් අදිද්දී තවත් ඒකෙම එල්ලිලා ඉන්නවට වඩා හොදයි වෙන තැනකට ගිහින් රටටත් ජනතාවටත් තමන්ටත් සේවයක් සලසන එක.(නදී)

:       0       0

හිරු Wednesday, 24 July 2013 02:45 PM

රනිල් මහත්තයාටත් බැරිද කණ්ඩායමත් සමග රජයට එකතුවීමට? (නි)

:       0       0

සමන් Wednesday, 24 July 2013 11:17 AM

මේ ඔයාල නිකන් බොරු කතා කියන්නේ නැතුව ඉන්න. මේ දේ උනායින් පස්සේ දැම්මට කමක් නෑ. එතකන් නිස්සබ්දව හිටියොත් තමා හොද.(නදී)

:       0       0

අනුර Wednesday, 24 July 2013 02:47 PM

දැන් ඉතින් විපක්ෂේ කට්ටියගේ නම් ලකුණු කරද්දී ඉන්නවා කියන්න වෙන්නේ කීදෙනාටද අප්පේ! (නි)

:       0       0

සරත් Wednesday, 24 July 2013 11:17 AM

දැන් මිනිස්සුන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

ලක්ෂමන් Wednesday, 24 July 2013 11:17 AM

මෝරලා, බලා ගෙන ඉන්න ගිලෙන්නේ මොකක්ද කියලා.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 24 July 2013 11:18 AM

එහෙම නම් ඊයේ අපේ ආසනයේ මන්ත්‍රීවරයා කීවේ මේ දයාසිරි මන්ත්‍රීවරයා අප පක්ෂයේ සිටින වටිනාම සම්පතක් ඔහු කවදාවත් ආණ්ඩුවට යන්නේ නෑ කියලා. නමුත් අපි දන්නා දේශපාලන වටාපිටාව අනුව යන්නෙ නෑ කියන අයයි පැනල යන්නේ. .දයාසිරි උන්නැහේ කීවේ ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නොකරන බවත් ආණ්ඩුවට යන්නේ නැති බවත්. නමුත් එම ප්‍රකාශය කිරීම සහ එකතුවීම සිදු කරන්නේ අද නොවෙයි කියලා කිව්වේ නෑනේ. කොහොමද ටිකිරි මොලේ.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 24 July 2013 11:20 AM

තත්වය මෙසේ නම් හිටපු වයඹ මහ ඇමති අන්වාර්යෙන් එ.ජා.ප.යේ මහ ඇමති අපේක්ෂකයා වේවි. (නදී)

:       0       0

මධු Wednesday, 24 July 2013 02:48 PM

මා නම් හිතන්නේ මෙය පක්ෂයට ආශීර්වාදයක් කියලා.ඒත් අලියෙක් ගේ ඉවසීම රනිල්ට හොඳටම තියනවා. (නි)

:       0       0

සරත් Wednesday, 24 July 2013 11:22 AM

මෙහි වගකීම එජාපය බාර ගත යුතුයි. වයඹ අපි දයාසිරි සමගයි.(නදී)

:       0       0

චමින්ද Wednesday, 24 July 2013 02:50 PM

ඔබතුමා මොන පක්ෂයට ගියත් රටට සේවයක් කරන මනුස්සයෙක් බව දන්නවා. සැමදාම අපි ඔබ සමගයි. ඔබට ජය! (නි)

:       0       0

දේශාන් Wednesday, 24 July 2013 02:51 PM

ලැජ්ජයි දෙයියෝ! (නි)

:       0       0

සමන් Thursday, 25 July 2013 05:27 AM

අනේ මන්දා ඉතින් ඇට නැති දිව‍නේ.(නදී)

:       0       0

අන්ජලිනා Wednesday, 24 July 2013 11:23 AM

අපි දැනගෙන හිටියා ඕක වෙන බව.(නදී)

:       0       0

සමන් Thursday, 25 July 2013 05:27 AM

ඒ කන්දත් අපේ තමයි. මේ කන්දත් අපේ තමයි.(නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Wednesday, 24 July 2013 11:26 AM

මෝරලා ඒක ගිලෙන නැව උනාට තවම පේන්නේ නැහැ. තවම හොඳට යත්‍රා කරනවා. (නදී)

:       0       0

අමිළ Wednesday, 24 July 2013 02:58 PM

දයාසිරි මේ ආණ්ඩුවට මොකටද ජැක් ගහන්නේ?  තව ටිකක් ඉවසලා රනිල් එක්ක වැඩක් කරමු. රනිල් කියන්නේ ලෝකේ පිළිගත් බුද්දිමත් අවංක නායකයෙක් එතුමාගේ දක්ෂතා අපි දන්නවා ලංකාවේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් එතුමාට විතරයි. මොන ආණ්ඩුව ආවමද ආර්ථිකය හැදුනේ ජනතාව අතර මුදල් ගැවසුනේ ? ප්‍රේමදාස ජනාදිපති තුමා හොද දැක්මක් ඇතුව වැඩකළා ජනතාවට බර දුන්නේ නැහැ හැම දෙයක්ම සැලසුම්කර කාලයට ඔබින විදියට අද ජනතාවට හොදට එතුමාගේ අගය තේරෙනවා ඕක තමයි ඇත්ත. මෙ රටේ ජනතාවට සේවයක් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් බව ජනතාවට හොදට තේරිලා.(නදී)

:       0       0

ෆෛළෙර් Wednesday, 24 July 2013 11:25 AM

හරිම තිත්තයි පහු ගිය දවස් වල පුවත් පත් වලට දාපු අනා වැකි. මෙයාලවද අපි විස්වාස කරන්න ඕනා. දෙපැත් නයි වාගෙ. මෙයාලා රටට ආදරයක් තියෙන මිනිසුන් නෙවෙයි. දේශපාලනයෙන්ම අතු ගා දැමිය යුතුයි.(නදී)

:       0       0

රංග Wednesday, 24 July 2013 11:26 AM

කවුරු වුනත් ඉවසන එකෙත් සීමාවක් තියෙනවා. මේකෙන්වත් යුඑන්පී එක පාඩමක් ඉගෙනගනී කියා හිතනවා. (නි)

:       0       0

සුසස්න Wednesday, 24 July 2013 06:35 PM

අපිනම් හිතුවේ කටින් විතරයි කතාකරන්නේ කියල..(අ)

:       0       0

වාසු Wednesday, 24 July 2013 11:26 AM

මේ වගේ වචන දෙකේ අයට ඡන්දෙ දෙන අයට දෙවියන්ගේ පිහිටි.(අ)

:       0       0

රංගශානි Wednesday, 24 July 2013 03:05 PM

සුබ ආරංචියක්. ජයෙන් ජය. තෙරුවන් සරණයි! (නි)

:       0       0

කෙවින් Wednesday, 24 July 2013 03:04 PM

ඔබට මහජනයාගේ පීඩිත ජීවිත වලට වචනයකින් හරි සැනසුමක් ලබා දුන්නා. ලංකාව තවත් අගාදයට යන ලකුණු මේ සටහන් වෙන්නේ. (නි)

:       0       0

පිටිගල Wednesday, 24 July 2013 06:45 PM

කව්රු කොහේ ගියත් මොන පක්සේ මාරු කලත් කව්රු දිනුවත් මගේ රටට නම් දෙයියන්ගේම පිහිටය්. විපක්ෂයේ ඉඳලා නම් කවදාවත් සුගතියක් වෙන්නේ නැහැ තමයි. (අ)

:       0       0

මංජු Wednesday, 24 July 2013 11:30 AM

ලොකුම ලොකු අනාගතයක් පළාතටම නේද ?(අ)

:       0       0

රන්දික රත්නායක Wednesday, 24 July 2013 11:28 AM

ආඩම්බරයි පුතේ (නි)

:       0       0

සරත් Wednesday, 24 July 2013 11:29 AM

දයාසිරි, අපි ඔබ සමගයි (නි)

:       0       0

රනිල් Wednesday, 24 July 2013 03:13 PM

ලොකු මහත්තයට ගොඩක් සතුටු ඇති. (නදී)

:       0       0

ලකී Wednesday, 24 July 2013 11:31 AM

රනිල් මහත්තයෝ, ඉන්න හොදම මිනිස්සු පක්ෂය එපා වෙලා යනවනේ. ඇයි මේ? (නි)

:       0       0

සරත් Wednesday, 24 July 2013 03:13 PM

දයාසිරි , දයා මාස්ටර්, දයා ගමගේ.(නදී)

:       0       0

සමන් Wednesday, 24 July 2013 03:19 PM

මම නම් කියන්නේ සජිත් මහත්තය ගියොත් ගොඩක් හොදයි තාත්තා වගේ දුප්පත් අයට වැඩක් කරන්න පුළුවන් වෙයි.(නදී)

:       0       0

ප්‍රිය Wednesday, 24 July 2013 06:55 PM

ඇදුමක් අද ගෙනද ගියේ ඒ කලේ ජනාධිපති තුමාට බැන්න නේද පලු පැලෙන්න, ඔන්න පලදුන්න, (අ)

:       0       0

නිරාංග Wednesday, 24 July 2013 11:31 AM

අපි කිවුවා ඕක වෙයි කියලා (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 24 July 2013 11:31 AM

ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයෙක්ලු. වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයෙක්ලු,දයාසිරිටත් ඒවගේ වැඩක් තමයි වුනේ. හැබැයි දයාසිරි දක්ෂයෙක්. (නි)

:       0       0

ශාෆික් Wednesday, 24 July 2013 03:19 PM

මම හිතන්නේ නැහැ ආණ්ඩුවට යයි කියා (නි)

:       0       0

මාවැල්ල Wednesday, 24 July 2013 11:33 AM

වැඩක් කරන්න ඉඩ දෙන්නෙත් නැත්නම්, කැපිලි කෙටිලි දානවා නම්, තවත් ඉදලා මොකටද කියලා දයාසිරි මහත්තයාට හිතෙන්නේ ඇති. හැබැයි ඉතින් සින්දුවක් කියලා කලාව පැත්තට හිත යොමු කරලා නීති රස්සාව කරන් හිටියානම් මීට වඩා හොඳයි.(නදී)

:       0       0

සරත් Wednesday, 24 July 2013 03:20 PM

උතුරට දයා මාස්ටර්, වයඹට දයාසිරි , මධ්‍යම ?(නදී)

:       0       0

පද්මසිරි පෙරේරා Thursday, 25 July 2013 07:20 AM

කරූ , සජිත් ඔබත් දයාසිරි ගියාවගේ ගොස් මහින්දට රට හදන්න උදව් දෙන්න. (අ)

:       0       0

අනුර Wednesday, 24 July 2013 11:36 AM

හොදයි, හොදයි. (නි)

:       0       0

සජී Wednesday, 24 July 2013 11:36 AM

එකම හේතුව බලයට සහ සැප විඳීමේ ආශාව. ජනතා සේවය, දෑත් ශක්තිමත් කිරීම, බයිලා තමයි . (නදී)

:       0       0

වසන්ත Wednesday, 24 July 2013 03:25 PM

ප්‍රතිපත්තියක් නැති මිනිසුන්, නායකයාව එපානම් ගෙදර ඉන්ඩ තිබුනා.(නදී)

:       0       0

කඩවත හේමසාර හිමි Wednesday, 24 July 2013 07:06 PM

දැන් කබරගොයා තල ගොයා වෙයි නේද .? මන්ත්‍රී තුමා .!(අ)

:       0       0

සුනෙත් Wednesday, 24 July 2013 11:37 AM

පහුගිය කාලේ යන්නේ නැහැ කිව්වා නේද? (නදී)

:       0       0

ඉදුනිල් Monday, 29 July 2013 08:47 AM

දයාසිරි නියම නායකයෙක් නොවේ .නියම නායකයෙක් කවදාවත් ඉක්මනට පරාජය බාරගන්නේ නැ කැඩිච්ච වහහනේ හදාගෙන තමාගේ ගමන අවසන් කල යුතුයි (දී)

:       0       0

වසන්ත Wednesday, 24 July 2013 03:26 PM

සහතික ඇත්ත කට්ටියට තියෙන අදහස් (නි)

:       0       0

අසාදි Wednesday, 24 July 2013 11:36 AM

ප්‍රතිපත්තියක්, ආත්ම ගෞරවයක්, ලැජ්ජාවක් නැති අය තමයි දැන් දේශපාලනය කරන්නේ.(නදී)

:       0       0

පියල් Wednesday, 24 July 2013 11:37 AM

අපි මේ බලා ඉන්නේ අපිව හම්බවෙන්න එනකල් (නි)

:       0       0

උදය Wednesday, 24 July 2013 03:24 PM

අමිල දිගටම වලිගෙ පාගාගෙන ඉන්නේ. දයාසිරි යනවට වැඩියම කැමති කවුද කියලා තේරෙන්නේ නැති හැටියක්. මොකද එතකොට ඒ ගොල්ලන්ට තියෙන තරගය අඩුයි. (නි)

:       0       0

මොහමඩ් සියාඩ් Wednesday, 24 July 2013 07:12 PM

මේකට සම්පූර්ණ වග කියන්න ඕන රනිල් මහත්තයා (අ)

:       0       0

ටෙනිසන් Wednesday, 24 July 2013 07:15 PM

හුග දෙනෙක් වැරදි අර්ථකතන දීල තියෙන්නේ, දයාසිරි පක්ෂෙට ඡන්දේ දුන් මිනිසුන්ව අතරමන් කරලා ආණ්ඩුවට ගිහින් නැහැ.පාක්ෂිකයන් වෙනුවෙන් කෙනෙක් මැතිසබේට යයි .ඔහු ආණ්ඩුවට ජැක් ගහලත් නැහැ. කුරුණෑගල කට්ටිය අකමැතිනන් යාළුවව කුණුබක්කියට දමන්න පුළුවන් . (අ)

:       0       0

කසුන් Wednesday, 24 July 2013 11:38 AM

ආණ්ඩුවට බැනපු කටින්ම ඉස්සරහට හොද කියන හැටි බලා ගන්න පුළුවන්. (නදී)

:       0       0

ඒකනායක Wednesday, 24 July 2013 11:41 AM

වාසියක් බලාගෙනද යන්නේ? ඇයි මෙහෙම අයට අපි ඡන්දය දෙන්නේ.(නදී)

:       0       0

බන්දුල Wednesday, 24 July 2013 11:42 AM

අපිට නම් ලැජ්ජයි.(නදී)

:       0       0

රන්සිරි Thursday, 25 July 2013 07:50 AM

රටට අවශ්‍ය දක්ෂදේශපාලකයෙක් කොහේ හිටියත් ඔබට මගෙන් මනාපයක් ජයෙන් ජය (අ)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 24 July 2013 11:42 AM

යනවා නම් මල්ලකුත් අරගන යන්න (අ)

:       0       0

තිලක් Wednesday, 24 July 2013 03:27 PM

සල්ලිවලට , තන්නහව තියෙනතුරු හරි ජනමතය පෙන්නන්නේ නැත , කවදාහරි මේ නායකයන්ට විරුද්ධ ජනතාව පෙළ ගැසේවි (අ)

:       0       0

අශනේ මදුරංග Wednesday, 24 July 2013 11:43 AM

ඊලගට කාවද ආන්ඩුවට යවන්නේ ? රෝසිද ? බුද්ධිකද ? හරීන්ද ? (අ)

:       0       0

සුනිමල් Wednesday, 24 July 2013 11:41 AM

ලංකාවේ දේශපාලනය ගමන් කරන්නේ කොහාටද? මිනිස්සු විශ්වාස කරන්නේ කොහොමද? ඡන්දෙ දාන අපි තමයි මෝඩයෝ. රටේ අනාගතය මොනවා වෙයිද? (නි)

:       0       0

අහානි Wednesday, 24 July 2013 11:41 AM

මෙහෙම ගියොත් පක්ෂයේ කී දෙනෙක් අන්තිමට ඉතුරු වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

කමල්ජිත් Wednesday, 24 July 2013 11:43 AM

රෙදි ඇදන් ද යන්නේ (අ)

:       0       0

තරංග Wednesday, 24 July 2013 11:44 AM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (අ)

:       0       0

සරසි Wednesday, 24 July 2013 03:32 PM

කඩාවැටුණු විපක්ෂයක් පමණක් අපට හිමිවේවිද? (නි)

:       0       0

නුවන් Wednesday, 24 July 2013 11:44 AM

අපිට නිකන් පිස්සු වගේ (අ)

:       0       0

අමිළ Thursday, 25 July 2013 08:23 AM

කව්රුත් කැමති ඇති නේද සජිතුත් යනවට? (නදී)

:       0       0

ජනක Wednesday, 24 July 2013 11:46 AM

දයාසිරි පැනපු එකෙන් වැඩියෙන්ම සතුටු වෙන්නේ කව්ද?(නදී)

:       0       0

රොහාන් Wednesday, 24 July 2013 07:28 PM

දයාසිරි මහත්තයා ආණ්ඩුවට ගිය එකට වැඩියෙන්ම සතුටු වෙන කෙනා තමයි රනිල් මහත්තයා.දැන් එයාට කරදරයක් නැතුව සදා විපක්ෂ නායක පුටුවේ ඉන්න පුළුවන්. රනිල් මහත්තයෝ ඔබට ජයවේවා.(අ)

:       0       0

charith Wednesday, 24 July 2013 11:47 AM

ගිලෙන්න යන නැවකට යනවා (අ)

:       0       0

කෝසල- කුරුණැගල Wednesday, 24 July 2013 03:33 PM

ඔබ තුමාවත් වයඹට වැඩක් කරන්න.අනිත් අය වගේ තමන්ට විතරක් කර ගන්න එපා. ජනතාවගේ අවශ්‍යතා ලබා දෙන්න.කුරුණැගලින් ඇවිත් අනිත් අය වගේ කොළඹට වෙලා විනෝද වෙන්න නම් එපා. (අ)

:       0       0

අසෝක r Wednesday, 24 July 2013 11:48 AM

කලින් මොනවද කීවේ දැන් කොහොමද? (අ)

:       0       0

රකිත් Thursday, 25 July 2013 08:25 AM

එක් මහත්මයෙක් මෑතකදී පවසා සිටියා දේශපාලනය බල්ලට ගොස් නැති නමුත් බල්ලන් දේශපාලනයට පැමිණ ඇත කියා. මගේ අදහස අනුව මේ දෙකම සිදුවී ඇත. යහපත් කෙනකුට වුවත් අද තිබෙන දේශපාලන සංස්කෘතිය තුළ බලු වැඩ කිරීමට සිදුවී ඇත.(නදී)

:       0       0

අනිල් Thursday, 25 July 2013 06:30 PM

දයාසිරි කියන්නේ ජනප්‍රිය,දක්ෂ කථිකයෙක්.ඔහු පාර්ලිමේන්තුවෙන් අස්වෙන එක ගැන නම් දුකයි. (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 24 July 2013 11:48 AM

දේශපාලකයෝ කියන්නේ බොරුම තමයි. වාසියට හෝයියා තමයි. කෝටි ගානක්, ඇතෙක් බරට රත්තරන් තමයි.(නදී)

:       0       0

සරසි Wednesday, 24 July 2013 03:34 PM

ඔබ විපක්ෂයෙන් ඉවත් වුන තීරණය හරි (නි)

:       0       0

සමන් Wednesday, 24 July 2013 11:49 AM

දයා සිරි මහත්තයෝ ඔබ තුමා ඇයි ඔහොම කතා කරන්නේ ?  මොකද පසුගිය සතියේ කියපුවා ඇහුවම අපිට කියන්න තියෙන්නේ ඕක තමයි.(නදී)

:       0       0

සුනිමල් Wednesday, 24 July 2013 11:51 AM

දයාසිරි මහත්තයෝ, හම්බන්තොට වරායේ ගල තාම තියෙනවද, නැද්ද? ඇයි අපිව මේ විදිහට රවටන්නේ? (නදී)

:       0       0

සරසි Wednesday, 24 July 2013 03:35 PM

නොමගම යන් පුතේ, විපක්ෂයක් නැතේ.(අ)

:       0       0

ලුම්බිණි Wednesday, 24 July 2013 11:52 AM

අල්ලස් සහ තනතුරු ප්‍රධානය තුලින් පක්ෂ මාරු කිරීමට උනන්දු කරවමින් අප රට තිබුන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විනාශ කල අය සහ තමන්ගේ වාසිය තකා තම අනුගාමිකයන් පාවා දෙන අය සදාකල් අපා ගත විය යුතුයි. (නදී)

:       0       0

විජේසිරි Wednesday, 24 July 2013 03:37 PM

ඕක ඉතින් කලින්ම වෙන්න තිබුනු දෙයක්......බොරුවට ඕක කියන්න මෙච්චර කල් ගත්තනේ..(අ)

:       0       0

ඇන්ටන් Wednesday, 24 July 2013 11:57 AM

මම නම් කියන්නේ සජිත්ටත් යන්න කියලා (නි)

:       0       0

ඉදුමිනි Wednesday, 24 July 2013 11:59 AM

ඒක ඉතින් අපිට නම් අලුත් දෙයක් නෙමෙයිනෙ. (නි)

:       0       0

ශාන් Wednesday, 24 July 2013 12:00 PM

ගොඩක් හොදයි! (නි)

:       0       0

බුද්ධික Wednesday, 24 July 2013 12:00 PM

ඔහු ඉවසිය යුතුව තිබුනා.ඔහු ආකර්ශනීය පුද්ගලයෙක්.කුරුණෑගල මිනිස්සු අතර ඉතාම ජනප්‍රිය කෙනෙක්. (නි)

:       0       0

නලින් Wednesday, 24 July 2013 12:01 PM

දයාසිරි මන්ත්‍රීතුමා එතුමගෙ පැත්තෙන් ගත්තු තීරණයේ මම නම් වැරැද්දක් දකින්නේ නැහැ. හැබැයි මම නම් මේ සැරේ ඉඳලා විරුද්ධ පක්ෂයට චන්දය පාවිච්චි කරනවා. සුබ අනාගතයක් දයාසිරි මන්ත්‍රීතුමා! (නි)

:       0       0

අනුර නාවලපිටිය Wednesday, 24 July 2013 08:02 PM

නායකතුමා දැන්වත් හිතන්න (අ)

:       0       0

ටිකිරි බංඩා Thursday, 25 July 2013 08:59 AM

කරූ , සජිත් ඔබත් දයාසිරි ගියාවගේ යන්න එපා.(නදී)

:       0       0

රුමි Wednesday, 24 July 2013 12:04 PM

සන්ධානයෙන් ආවොත් මනාප ලක්ෂ තුනහමාර පනිනවා ෂුවර්. අපගේ සුබ පැතුම්! (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 July 2013 09:00 AM

මුදලට විකිනෙන මාළු ලෑල්ලක් වගේ.(නදී)

:       0       0

චමින්ද Wednesday, 24 July 2013 12:02 PM

එතුමාටත් වෙච්චි දෙයක්? (නි)

:       0       0

රුවන් Wednesday, 24 July 2013 12:03 PM

මට නම් ලැජ්ජයි මේ ගැන. (නි)

:       0       0

වසන්ත Wednesday, 24 July 2013 08:12 PM

දැන් එතින් පන්න පැත්තට හිහින් මොනවා කියන්ඩද කියල කල්පනා කරනවා ඇති.කුරුණෑගල ජනතාවෙනි බුද්දිමත් වෙනද.මෙයාල හිතන ඇති මුන්ට මොනවහරි දුන්නොත් හරි කියල ගෙදර ඇරලම පස්ස බලමු.(අ)

:       0       0

රණා Wednesday, 24 July 2013 12:07 PM

අපි ගයමු අපි වයමු .... (නි)

:       0       0

වසන්ත Wednesday, 24 July 2013 03:44 PM

ඇත්ත. ඔහු කියන දේ ඇත්ත (නි)

:       0       0

මොහමඩ් සියාඩ් Wednesday, 24 July 2013 08:16 PM

මේවා ඔක්කොම විපක්ෂයේ වැරදි (අ)

:       0       0

වරුණ Wednesday, 24 July 2013 12:09 PM

දැන් හැබැයි ඔතන හිටපු මහා ඇමති තුමාට තමයි ඇදෙන්නේ එතුමාගේ පුටුව නැතිව යන නිසා එක අභියෝගයක් දින ගත්ත අනික් අහියෝගය මග එනවා මොනවා වේවිද? (අ)

:       0       0

හේමන්ත Wednesday, 24 July 2013 12:12 PM

වැඩ කෙසේ වෙතත් එතන ගිහිල්ලවත් කට පරිස්සම් කර ගත්තොත් හොදයි. මෙයාගේ වටිනාකම මෙයා දන්නෙත් නැහැ. එතනයි ප්‍රශ්නය. හොඳ මනුස්සයෙක්. (අ)

:       0       0

මනෝජ් Wednesday, 24 July 2013 12:12 PM

මමත් හොද යූ.එන්.පී. කාරයෙක්. ඒ වුනාට දයාසිරි කල දේ හොදයි (නි)

:       0       0

කපිල Wednesday, 24 July 2013 08:20 PM

දැන් තියන හොඳම දේ දෙගොලන්ටම එකතුවෙලා පක්ෂේ නම ශ්‍රී ලංකා නිදහස් එක්සත් ජාතික පක්ෂේ කියල නම වෙනස් කරන්න (අ)

:       0       0

නලින්[මිලානෝ] Wednesday, 24 July 2013 03:45 PM

රනිල් කියන්නේ හොද අවංක දක්ෂයෙක් , නමුත් මිනුස්සු ලගට යන්න පුළුවන් උන නායකයෙක් නෙමේ. මම හොද යු.එන්.පී කාරයෙක්, මම නම් කියන්නේ දයාසිරි ගියේ නැහැ. පක්ෂයන් යන්න ඕන විදිහට වැඩ ටික සිද්ද උනා. ඒවා කලේ හෙන්චයියෝ ටික.(නදී)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 24 July 2013 12:12 PM

අහගෙන ඉන්න කතාවක් කරන්න හිටිය එකම කථිකයත් ආණ්ඩුවට ගියා එහෙනම්.(නදී)

:       0       0

අමිළ Wednesday, 24 July 2013 03:45 PM

මේක අර මැරෙන්න ඉන්න ලෙඩා අන්තිමේදී කොහොමහරි මැරුණා වගේ. එජාපයේ අනිත් ඔක්කොමත් මේ වගේ ගියොත් මොනවා වෙයිද? (නදී)

:       0       0

සම්පත් Wednesday, 24 July 2013 12:15 PM

අපේ සුබපැතුම්. ඔබතුමා බයවෙන්න එපා. වැඩක් කරන්න පුළුවන් පක්ෂෙක ඉන්න එක මොලේ ඇති වැඩක්. (නි)

:       0       0

මහිත Wednesday, 24 July 2013 12:19 PM

අපිත් මේ ආණ්ඩුවට විරුද්ධ අය තමා.ඒත් ඇත්තටම බුද්ධිමත් තීරණයක්. අපේ අවාසනාවට ශක්තිමත් විපක්ෂයක් නැත්තේ. (නි)

:       0       0

සමීර වී. Wednesday, 24 July 2013 12:19 PM

අපගේ සුබ පැතුම්! (නි)

:       0       0

ශානිකා Wednesday, 24 July 2013 12:19 PM

දයාසිරි දක්ෂයෙක්,එජාපෙ ඉන්නකම් එතුමාගේ දස්කම් ලෝකෙට පෙන්වන්න වෙන්නෙ නැහැ.එතුමා එජාපෙ ගොඩ ගන්න දගලපු හැටි අපි ඇස් දෙකෙන්ම දැක්කා.ඒ වැඩ වලට මමත් සහයෝගය දුන්නා,අපි හැමෝටම හැමදාම ඉතිරි වුනේ කලකිරීම පමණි. (නි)

:       0       0

ගුණේ Wednesday, 24 July 2013 08:56 PM

අලියට ආයිමත් හෙන්ඩුවෙන් ඇන්න නේද ? ලොකු හිලක් හැදෙන්නම. ඔය පැච් එක දමල හුළං ගහලා අලියව පුන්බල ගන්ඩ තව කාලයක් එක්සත් ජාතික පක්ෂයට බලා ඉන්න වෙයි.(අ)

:       0       0

වාසනා Wednesday, 24 July 2013 12:22 PM

මෙතුමා ගියාද ඇත්තටම? (නි)

:       0       0

ආනන්ද Wednesday, 24 July 2013 03:51 PM

කෝ දැන් මෙතුමාට චරිත සහතික දුන්නු අය. කොහොම වුනත් වැඩක් කරන්න බලය ඕනෑ බව තේරුම් ගත්තු එකගැන සතුටුයි. (නි)

:       0       0

රංජිත් Wednesday, 24 July 2013 09:14 PM

දීපු ඡන්දෙට අපිට මඩු වලිගෙන් තාලනන ඕන (අ)

:       0       0

අසෝක Wednesday, 24 July 2013 12:24 PM

අර ඇමතිගේ නොම්ම්ර දෙක!(නදී)

:       0       0

පහන් මඩුගල්ල Wednesday, 24 July 2013 12:24 PM

විපක්ෂයේ කිසි පිළිවෙළක් නැහැ මට නම් (නි)

:       0       0

සංජීව Wednesday, 24 July 2013 12:25 PM

නියමයි නියමයි (නි)

:       0       0

රාජි Wednesday, 24 July 2013 12:25 PM

වයබ හිටපු මහා ඇමති අතුල මහත්තයට මොකද වෙන්නේ..(අ)

:       0       0

සන්දුන් Wednesday, 24 July 2013 03:55 PM

ලංකාවෙ දේශපාලකයො අතරින් මම ගොඩක්ම කැමති කෙනෙක් තමයි දයාසිරි කියන්නෙ. ඒත් මම හිතුවෙ නැහැ දයා මේ වගේ කෙනෙක් කියලා. මම ගොඩක්ම ගරු කලා දයාට. ඒත් ඒ හැමදේම අදින් ඉවරයි. තමන් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන තමන්ව පාර්ලිමෙන්තු යවපු අහින්සක ජනතාවට ඔහොම කරන්න හොද නැහැ. මොන පැත්තෙ හිටියත් කමක් නැහැ රටට වැඩක් කරනවා නම් තමන් වෙනුවෙන් ඉන්න ජනතාවට වැඩක් වෙනවා නම් එදා ඒ තිබුන ගෞරවය හැමදාව තියෙයි. (නදී)

:       0       0

පනික්කියා Sunday, 28 July 2013 08:43 PM

මේක කිසිසේත්ම දේශපාලකයන්ගේ වැරැද්දක් නෙමෙයි. අපේ නුගත්, කොන්ද පන නැති, පෞරුශයක්, ආත්ම ගෞරවයක් නැති මෝඩ ඡන්දදායකයාගේ වැරැද්ද. "අපි ඔබ සමගයි!!!" හිරිකිතයි ඇහෙනකොටත්. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 24 July 2013 12:26 PM

එජාපයට වෙලා තියෙන්නේ මුල අමතක වෙන එකයි. (නි)

:       0       0

ආරි Wednesday, 24 July 2013 12:26 PM

දයාසිරි මහත්තයෝ ඇයි ඔබ ගියේ. ඔබතුමා කොහොමද කතා කළේ. අනෙක ඔබට ආත්ම ගරුත්වයක් හෘද සාක්ෂියක් තියෙනවා නේද? (නදී)

:       0       0

විජේ Wednesday, 24 July 2013 09:22 PM

අනේ ඉතින් ලෝකෙට පේන්න අපි ගැන කතාකරනවා වගේ හිටියට දැන් තමයි බලල මල්ලෙන් එලියට පැනල තියෙන්නේ. කමක් නැහැ අපි වෙනුවෙන් රට වෙනුවෙන් මොකුත් නොකලට දැන් අඩු ගන්නේ තමන්ටවත් දෙයක් කරගන්න පුළුවන්නේ. හොදයි හොදයි.(අ)

:       0       0

යසලාල් Wednesday, 24 July 2013 03:58 PM

මේක පක්ෂයේ අනාගතයට දැනෙන දෙයක් නොවෙනු ඇත (නි)

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 24 July 2013 12:29 PM

ඡන්දෙන් දිනල පක්ෂය මාරු කරනවා වෙනුවට, පක්ෂය මාරු කරල ඡන්දයෙන් පත්වෙන එකේ වරදක් නැහැ කියලයි මට හිතෙන්නේ.(අ)

:       0       0

සමන්ත Wednesday, 24 July 2013 09:30 PM

මන්ත්‍රිතුමෝ අර හම්බන්තොට ගල ගැනත් පොඩ්ඩක් බලන්න හොඳේ .(අ)

:       0       0

සනත් Wednesday, 24 July 2013 12:31 PM

හොඳ තීරණයක් මහත්තයෝ.....ඔබට මහා ඇමති කම ලැබෙන එක ලැබෙනවාමයි..(අ)

:       0       0

මහේෂ් Wednesday, 24 July 2013 09:32 PM

නියම තීරණයක් දයාසිරි මන්ත්‍රී තුමා ඔය ගත්තේ පක්ෂයේ තරුණ මන්ත්‍රී වරුන්ගේ අනාගතය රනිල් විනාශ කරල දැම්ම ....කවද හරි එතුරු වෙන්නේ රනිල් හා තිස්ස අත්තනායක පමණි (අ)

:       0       0

වාසනා Wednesday, 24 July 2013 12:32 PM

ලැජ්ජා නැතිකම ගායක කමටත් ලොකුයි.(නදී)

:       0       0

විජේ Wednesday, 24 July 2013 09:37 PM

අනේ වයඹ මිනිසුනේ මොලේ පාවිච්චිකරලා වැඩ කරන්න. පක්ෂ මාරු කර කර තමන්ගේ වාසිය ගැන විතරක් හිතන අයට රැවටිලා ඡන්දය දෙන්න එපා. ගෙදරම යවන්න. (අ)

:       0       0

සම්පත් Wednesday, 24 July 2013 12:31 PM

හොඳ මිනිස්සු ටික නැතිකරගන්න හරි දක්ෂයෝ තමා එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉන්නේ. (අ)

:       0       0

ටිකිරි Wednesday, 24 July 2013 09:54 PM

මොන පිලේ හිටියත් මේ ගොල්ල ඔක්කොම රට කනවා (අ)

:       0       0

අශෝක් ලෙව්වන්දූව Wednesday, 24 July 2013 12:32 PM

දයාසිරි පමණක් නොවේ යුඇන්පියේ තරුණ මන්ත්‍රීවරු කිදෙනෙක් දැන් ගියාද? මේවට වග කිව යුත්තේ කව්ද?  තරුණ නායකයින්ගේ සහභාගිත්වයෙන් පක්ෂය ගොඩ නගන වැඩ පිලිවෙලක් හැදුවා නම් හරි නේද? (නදී)

:       0       0

කවී Wednesday, 24 July 2013 12:34 PM

මිනිසුන්ගේ මොලවල් වලට නෙමෙයි කෙලින්ම දැනෙන්න ලේ වලටයි කතා කරන්න ඕනෑ (නි)

:       0       0

තිලක් Wednesday, 24 July 2013 10:06 PM

මන්ත්‍රීකමෙන් අස්වෙලා ගිය එක හොද පැසසිය යුතු තත්වයක්. (නි)

:       0       0

සංජීව Wednesday, 24 July 2013 12:33 PM

අන්තිමට විපක්ෂේ කවුරු ඉතුරු වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුර Wednesday, 24 July 2013 12:35 PM

ඔබ ගත් තිරණය හරියට හරි (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 24 July 2013 10:14 PM

රනිල් මහත්තයෝ, අලි ටික ඔක්කොම සීසීකඩ යනවා (නි)

:       0       0

මිනිපෙ Wednesday, 24 July 2013 10:15 PM

හැමෝම කියන්නේ දයා දක්ෂයෙක් කියලා.මොනවටද එයා දක්ෂ? (නි)

:       0       0

බුද්ධික Wednesday, 24 July 2013 12:39 PM

බලමු දැන් දයාසිරි මහත්තයා මොනවා කියයිද කියලා මහජනයට.... (නි)

:       0       0

මොහෙමඩ් Wednesday, 24 July 2013 04:05 PM

දයාසිරි මහත්තයෝ, පසුවී හෝ ඔබ ගත නිගමනය නිවැරදිය . ඔබට සදා ජය සහ දිර්ගායුෂ! රටට දිගු කාලින සාමයක් ගෙනා සන්දානය සමග එක්වුණා එක බොහෝ හොදය (නි)

:       0       0

ඉන්දික Wednesday, 24 July 2013 12:43 PM

යන විදියට තවත් කට්ටිය ළඟදීම ආණ්ඩුවට යයි වගේ (නි)

:       0       0

අනුර ධර්මවන්ස Wednesday, 24 July 2013 12:45 PM

දයාසිරි ගිය නොවේ. එයාට යන්න පාර කපලා දුන්නා. (නි)

:       0       0

නිමල් Wednesday, 24 July 2013 12:47 PM

මෙහෙම වෙනකොට රටේ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි. (නි)

:       0       0

විපුල Wednesday, 24 July 2013 12:46 PM

මම නම් කියන්නේ , යු එන් පී එකේ නායක රනිල් දිගටම ඉන්න ගමන් උප නායක තනතුරේ වෙනසක් කළ යුතුයි කියලයි (නි)

:       0       0

විමල් Wednesday, 24 July 2013 04:08 PM

බඩගෙඩිය එහෙම හැදෙයිද දන්නේ නැහැ මෙතුමාගෙත් අනෙක් ආණ්ඩු පක්ෂයේ ඇමතිතුමාලගේ වගේ (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 24 July 2013 12:47 PM

ඉතාමත්ම හොඳ කාලෝචිත තීරණයක්.මේක කරන්න තිබුනේ මීට ගොඩාක් කලින්. කොහොම වුනත් කමක් නැහැ. සුබ පැතුම්! (නි)

:       0       0

තිලාන් Wednesday, 24 July 2013 10:25 PM

මේකෙන් වෙන්නේ ශක්තිමත් විපක්ෂයක් නැති වෙන එක. (නි)

:       0       0

චානක. Wednesday, 24 July 2013 12:47 PM

කොහොමහරි කමක් නැහැ. අහස උසට යවලා තිබෙන බඩු මිල බස්සලා දෙනවාද? (නි)

:       0       0

සරත් Wednesday, 24 July 2013 12:49 PM

කවුරු ගියත් ලොකු වෙනසක් වේවි යැයි සිතිය නොහැක (නි)

:       0       0

දාස් Wednesday, 24 July 2013 10:28 PM

අලුතින් යන්න දෙයක් නැහැ. මෙතුමා හිටියේත් ආණ්ඩුවේ වගේනේ. (නි)

:       0       0

සුදීර Wednesday, 24 July 2013 12:53 PM

හොදයි හොදයි (නි)

:       0       0

සුමතිපාල Wednesday, 24 July 2013 04:11 PM

කොන්ද පන ඇති ව්පක්ෂයක් නැති නිසයි හැමෝම ආණ්ඩු පක්ෂයට එන්නේ (නි)

:       0       0

චමී Wednesday, 24 July 2013 12:53 PM

මම හිතන්නෙ නෑ යයි කියලා. ඔබේ අනාගතය තියෙන්නෙ යූ.එන්.පී. එකේ.(නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 24 July 2013 12:53 PM

කෝ දැන් කතිරේ ගහපු අය . හැමදාම රවටන්නේ මේ අය තමා . (අ)

:       0       0

අස්මිත් Wednesday, 24 July 2013 10:38 PM

මට කියන්න තියෙන්නේ එක දෙයයි. මේක සමාජය දකින පැත්ත කොහොමද කියලා තේරුම් ගැනීම අපහසු නැහැ.කොහොමත් මහත්මා දේශපාලනයක් ලංකාවෙන් මින් ඉදිරියට බලාපොරොත්තු විය නොහැකියි.ඒ වගේම මීට කලින් ජනතාවගේ දුක නිවනවා කියලා පැන්න අය ලවා තමයි අහිංසක ජනතාවට වැඩියෙන්ම සහන අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා හා පාරිබෝගික ද්‍රව්‍ය වගේ දේවල් වලින් ජනතාවට පීඩා දුන්නේ.මින් ඉදිරියට ජනතාවට දෙවි පිහිට පතමු! (නි)

:       0       0

චමීර Wednesday, 24 July 2013 12:57 PM

ගරු දයාසිරි මන්ත්‍රීතුමනි කාලය විසින් බොහෝ ප්‍රශ්ණ වලට විසඳුම් ලබා දෙනවා ඇත. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 24 July 2013 10:46 PM

ඕනෙම කෙනෙකුට යන්න පුළුවන්. දයා සිරි මහත්තයට මොකද වුනේ?(නදී)

:       0       0

නිහාල් Wednesday, 24 July 2013 01:00 PM

ඔහුගේ උත්සාහය සාර්ථකයි.ඔහු දිනුම්. (නි)

:       0       0

නුවන් / තුෂාරි Wednesday, 24 July 2013 04:20 PM

ඔබට සුභ පතමි. ඔය එක පක්ෂයක්වත් අවංක නැහැ. රටට වැඩක් කරන්න (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 24 July 2013 10:49 PM

දයාසිරි මොනවා හිතනවා ඇද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

රණා Wednesday, 24 July 2013 01:02 PM

එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉතිරිව ඉන්නේ කී දෙනාද බලන්න (නි)

:       0       0

චමිලා Wednesday, 24 July 2013 01:01 PM

කව්රු ගියත් එක දෙයක් නම් වෙනස් වෙන්නෙ නැහැ (නි)

:       0       0

නිශා Friday, 26 July 2013 11:36 PM

අනේ මෙහෙමත් වැඩ (නි)

:       0       0

ගාමා Wednesday, 24 July 2013 01:07 PM

දැන් දයාසිරි මහත්තයාට අළුත් වෙනසක් දැනෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

සමන්ත Wednesday, 24 July 2013 01:10 PM

දයාසිරි මහත්තයෝ, ඔබතුමා දැන් පත්වෙලා මුලින්ම කරන කාර්යය මොකක්ද? (නි)

:       0       0

ඩයස් Thursday, 25 July 2013 11:11 AM

මේ රටට අද අවශ්‍ය පාට පාට පිල්බෙදිලා මරාගන්න දේශපාලන ක්‍රමවේදයක් නොවේ.එකාමෙන් එකමුතුව අපේ පුංචි ලංකාව සංවර්ධනය කරා ගෙනයාමයි. ඒක දෙශපාලකතුමන්ලාගේ පමනක් නොව මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම වගකීමක්, යුතුකමක් බව අමතක කරන්න එපා.එයාලා වේදිකාවල ගිරිය කඩාගෙන කෑ ගහන්නේ ඒක දේශපාලන කලාවක් නිසා.මහජනයා එය තේරුම් ගත යුතුයි.එමෙන්ම එම කලාවේ සියුම් වින්දනයත් විදිය යුතුයි.කෙසේ නමුත් දයාසිරි ජයසේකර මහතානෙණි, ඔබට සුභ පතනවා!!! මගේ පුංචි ලංකාවටත් එහි වෙසෙන සෑම පුරවැසියෙකුටමත් සේවයක් කරන්න. ඒ ආත්ම තෘප්තිය මිලයට ගන්න බැහැ. (නි)

:       0       0

උපාලි Wednesday, 24 July 2013 01:13 PM

එජාපයට දැන් මොකද වෙන්නේ (අ)

:       0       0

ලලිත් Wednesday, 24 July 2013 04:30 PM

පක්ෂයේ අයගේ මොළය පෑදේවා! (නි)

:       0       0

නාමල් Wednesday, 24 July 2013 01:16 PM

අනේ හොදයි (නි)

:       0       0

දිලිනි හංසිකා Wednesday, 24 July 2013 01:16 PM

ඇඩෙනවා අනේ මට... (නි)

:       0       0

පියල් Wednesday, 24 July 2013 11:13 PM

පව් එයාටත් මුදල් අමාරුකම් ඇති ! (නි)

:       0       0

මංගල Wednesday, 24 July 2013 11:18 PM

තමුන්ගේ ඡන්දදායකයන්ට වැඩක් කරන්න ගත් නිවැරදි තීරණයක්.සුබ පතනවා ඔයාට. ජයෙන් ජය! (නි)

:       0       0

රාජු Wednesday, 24 July 2013 11:20 PM

ලංකාවේ දේශපාලනය තමා මේ. අහිංසක මිනිසුන් හැමදාම අමාරුවේ. රටට දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

ගයාන් Wednesday, 24 July 2013 01:21 PM

දයාසිරි මහත්තයෝ ඔයා ගත්ත තීරණය හරි. අපි ඔබට සුබ පතනවා. රනිල් ඉන්නකන් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැහැ. රටට අවශ්‍ය පක්ෂ බේදය නෙමෙයි ජනතාවට සේවයයි. ඔබට ජයෙන් ජයම පතනවා. (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 24 July 2013 01:22 PM

කවදාහරි සුපර් ස්ටාර් කෙනෙක් වෙන්නත් එපායැ.ඒකේ වැරැද්දකුත් නැහැනේ.ඉතින් ඔහුගේ එම සාධාරණ ආසාවට අපි ආශීර්වාද කරමු. කුහකයන් නොවෙමු. (නි)

:       0       0

චමින්ද Wednesday, 24 July 2013 01:25 PM

අකිල විරාජ්ට අවුරුදු වගේ ඇති.(නදී)

:       0       0

අමා Wednesday, 24 July 2013 01:27 PM

අපි සුභ පතනවා ජය වේවා! (නි)

:       0       0

වසන්ති Wednesday, 24 July 2013 01:27 PM

රනිල් මහත්තයෝ, දැන්වත් හිතන්න. පක්ෂයේ තරුන කට්ටියට දක්ෂතාවය සහ ජනප්‍රිත්වය ,වැදගත්කම අනුව තැනක් දෙන්න.නැත්නම් අපිත් යනවා කොහේ හරි. (නි)

:       0       0

ගයාන් Wednesday, 24 July 2013 01:27 PM

මම හිතන්නේ ඔබ තුමා ගියා වගේම නැවත එයි කියලා. වයඹ දුෂනයෙන් තොර වැඩ ටිකක් කර පෙනන්නඩ. ඔබට සුබ පැතුම්. (නදී)

:       0       0

නන්ද Wednesday, 24 July 2013 01:28 PM

ලාංකික දේශපාලකයා කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති, ආත්මාර්ථය සඳහා ඕනෑම වැඩක් කරන ජරාම ජරා පිරිසක් කියන එක ඉහ මොළ තියන හැම දෙනාම දන්නවා. පක්ෂවල නායකයොත් ඊට දෙවෙනි නැහැ. තමන්ට වඩා ජනප්‍රිය කෙනෙක් පක්ෂයේ හිටියොත් එයාව කපල දාල එහෙයියන්ව ලං කර ගන්නවා. එහෙයියන් මොන වැඩක් කලත් එයාව සුද්ධ කරල බේරා ගන්නවා. දයාසිරි මහත්තයා කලෙත් ඉහත කී දෙය සනාත කිරීම පමණයි. බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නය මෙයා පක්ෂයෙන් ගිය එක නොවෙයි. මේ දක්වා මෙයා ආණ්ඩුව ගැන කී දේවල් පිළිබඳව මොනවද කියන්නේ කියලා. මෙම ක්‍රියාවෙන් මෙයා කලේ එයට ඡන්දය දීපු මිනිස්සුන්ව පාවා දීපු එකයි.(නදී)

:       0       0

නිහාල් Wednesday, 24 July 2013 04:42 PM

එතකොට බල්ලට මොකද වෙන්නේ? බල්ලත් ගියාද දන්නේ නැහැ මෙයත් එක්ක.(නදී)

:       0       0

තරංග Wednesday, 24 July 2013 01:35 PM

හොඳ තීරණයක්.ඔබට සහ රටට ජය (නි)

:       0       0

ශමිමි Wednesday, 24 July 2013 01:38 PM

විපක්ෂයේ හිටපු දක්ෂම මන්ත්‍රීවරයෙක්... නමුත් හොදයි ගත්ත මෙම තිරණය. තමන්ගේ අනාගත දේශපාලන දියුණුව සහ තම ජනාතාවගේ සුඛවිහරණය සදහා ගත් වටිනා තිරණයක්. ප්‍රමාද වුනත් හොද තිරණයක්. සුභ පතමි.සුභ අනාගතයක්! (නි)

:       0       0

නෆීල් Thursday, 25 July 2013 11:43 AM

අන්තිමට ඉතුරු වෙන්නේ කවුරු වෙයිද? (නි)

:       0       0

සිරිමල් Wednesday, 24 July 2013 01:43 PM

දැන් ඡන්දෙ දුන්න අයට මොනවා හිතිලා ඇද්ද? (නි)

:       0       0

සංජය Wednesday, 24 July 2013 01:44 PM

මේ ශ්‍රී ලංකාවේ දේශපාලනයයි (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 24 July 2013 01:46 PM

අනෙක් අය පස්ස බලනකොට පෙරහැර ගිහින් තියෙයි ! (නි)

:       0       0

ඉම්රාන් Wednesday, 24 July 2013 01:46 PM

අනේ බලද්දි හැමෝම එකයි (නි)

:       0       0

විජේ Thursday, 25 July 2013 09:19 PM

කමක් නැහැ දයා. ඔහොම ඉදලා හදිසියෙවත් එජාප ආණ්ඩුවක් අවොත් ආපහු එමු. මොකෝ කවුරුවත් දඩ ගහන්නේ නැහැනේ නේද ? එහෙම නැතුව කොහොමද දියුණු වෙන්නේ නේද ? රටට හෙන ගැහුවත් මොකද මගේ මල්ල පිරෙනවා නම් නේද ? අහෝ දුකකි. (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 24 July 2013 01:48 PM

2014 දී නොසිතූ යමක් සිදුවෙන්න පුළුවන් (නි)

:       0       0

සාලිය Wednesday, 24 July 2013 01:53 PM

දයාසිරි, ඔබ කළ වැඩේ හරි. අපි හොඳ යුඑන්පි කාරයෝ තමයි...නමුත් ඔබ කළ දේ හරි. (නි)

:       0       0

රත්නායක Wednesday, 24 July 2013 01:54 PM

ගොඩක් හොදයි. සුබ පැතුම්!!!! (නි)

:       0       0

ජසීම් Wednesday, 24 July 2013 01:56 PM

ඊයේ කිවුවා එන්නේ නැහැ කියලා. අද කියනවා යනවා කියා. කොහමත්ද විශ්වාස කරන්නේ මේ වගේ අය? (නි)

:       0       0

යශෝදා Wednesday, 24 July 2013 04:59 PM

දයාසිරි මහා ඇමති උනාම එයා සලකන්නේ එයාගේ ගෝලයින්ට.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 July 2013 01:54 PM

අපි මෙතුමා ගැන හුගක් ඉස්සර ඉදලා දන්නවා (නි)

:       0       0

සුමේධ Wednesday, 24 July 2013 01:56 PM

ඇත්ත තේරුම්ගත් එකට කෘතඥතාව පුදකරනවා. ඔබ කෙණෙහෙළිකම් අතරට පත්විය යුතු කෙණෙක් නොවන බව රටේ ජනතාව දන්නවා.ඔබගේ ගමනට අප ජනයා සුබපතනවා ඇත. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 24 July 2013 01:58 PM

කාටවත් කියන්න බැහැ මොහු ජනතාවගේ ජන්දයෙන් ඇවිත් පිල්මාරු කළා කියලා.මොකද මෙතුමා යන්නේ තමන්ට ලැබුන මන්ත්‍රීකම අත්හැරලා. (නි)

:       0       0

ගාමිණි Thursday, 25 July 2013 12:57 AM

මිත්‍රයට උදව් කරන එක යුතුකමක්නේ. ඔක්කොම ගියාට පස්සේ අන්තිමට කවුරු යයිද? (නි)

:       0       0

සාමා Wednesday, 24 July 2013 02:03 PM

දයාසිරි මහත්තයෝ, කොහොමද මෙහෙම ආණ්ඩුවට ගියේ? (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 24 July 2013 02:03 PM

ඉස්සර මෙතුමා සින්දු කිවුවා. දැන්...? (නි)

:       0       0

නෙතුමි Wednesday, 24 July 2013 02:03 PM

මට නම් රජයත් එකයි විපක්ෂයත් එකයි (නි)

:       0       0

සම්පත් Wednesday, 24 July 2013 02:04 PM

ඔබට බුදු සරණයි (නි)

:       0       0

විශ්ව Wednesday, 24 July 2013 02:07 PM

අපි ඔබට බෙහෙවින් ආදරය කළා. නමුත් ඔබත් ඔබට කතිරය ගැසූ අපට අතවනා යන්න යනවා. රූපවාහිනියේ ඔබ කතාකරන විට අපි ඔබේ කතාව ඇස් වලින් ඇසුවෙමු, ආසාවෙන් බලාසිටියෙමු,. ඔබ අපට ආයුබෝවන් කියන්නේ අපි ඔබව පාර්ලිමේන්තු යවපු, පාරපුරා කෑගහපු හැමෝටම දැනෙන්නේ කුමක්දැයි නොදැනද? යථාර්තය කතාකළේ ඔබමය. එය හඩනගා කීවේද ඔබමය.... යනතැනක හොඳක් නම් සිද්ද වෙන්න එපා කියන්න මට බැහැ. මොකද මම ඔබට ගරුකරපු නිසා. (නි)

:       0       0

ඩෙනම්-දෝහා කටාර් Thursday, 25 July 2013 01:24 AM

දයාසිරි මන්ත්‍රීතුමනි, දැන් ඉතින් එන්න එන්නම වියදම් හරි සැරයි නේද? ඔබට සුබ පැතුම් ! (නි)

:       0       0

රූපා Wednesday, 24 July 2013 02:11 PM

අනාගතයේ ඇතිවන්නේත් මෙම පක්ෂ නායකයින් වෙනස්වුනු,  ඒත් එක්සත් ජාතික පක්ෂම රජයක් තමයි. (නි)

:       0       0

නානායක්කාර Wednesday, 24 July 2013 02:10 PM

දැන් ඉතින් ඡන්දදායකයන්ට සතුටු ඇති (නි)

:       0       0

සෑම් Wednesday, 24 July 2013 02:12 PM

තව ටික දවසකින් තව තව අය එජාපයෙන් රජයට ? කියලා නිවුස් කීයක් වැටෙයිද දන්නේ නැහැ නේද?(නධී)

:       0       0

එඩී Wednesday, 24 July 2013 02:15 PM

දයාසිරි, ඔබගේ වගකීම අමතක නොකරන්න (නි)

:       0       0

චින්තක Wednesday, 24 July 2013 02:16 PM

මොකද දන්නෙ නැහැ පනින්නේ අනෙක් පැත්තට? (නි)

:       0       0

රංජිත් කුමාරසිංහ Wednesday, 24 July 2013 05:25 PM

දයසිරි මහත්තය පඩුවස්නුවර අපට සම්පතක් ! වරුණ ඔයා හරි. දයාසිරි තමයි වයඩ මහ ඇමතිතුමා !(අ)

:       0       0

නිමල් Wednesday, 24 July 2013 02:16 PM

මොනවා කළත් මොනවා ලැබුනත් ඒවා මහජනතාවගේ සල්ලි. (නි)

:       0       0

ගයාන් Wednesday, 24 July 2013 05:32 PM

අනේ රනිල් මහත්තයෝ, ඔයත් එන්නකෝ (නි)

:       0       0

මෝරලා Wednesday, 24 July 2013 11:02 AM

ගිලෙන්ඩ යන නැවකට නේද ගොඩවෙන්නේ සුබ අනාගතයක්.(නදී)

:       0       0

පාරු Wednesday, 24 July 2013 11:04 AM

මගේ කට. කව්රුත් අපි වෙනුවෙන් කියල තේරෙනවා.(නදී)

:       0       0

සිසිර Wednesday, 24 July 2013 02:19 PM

මොනවා කිවුවත් දයා තමයි දක්ෂයා (නි)

:       0       0

කුමාර් Wednesday, 24 July 2013 11:03 AM

මහජනයාගේ ඡන්දයෙන් යන කිසිම කෙනෙකුට අයිතියක් නෑ, හිතු මතේට රිලව් වගේ ගස් පනින්න. ඒ අය තමන් පත්කළ ජනතාවගේ අදහස් විමසා පමනයි ඒ දේ කල යුත්තේ.(නදී)

:       0       0

සරත් Wednesday, 24 July 2013 11:06 AM

අනේ දයාසිරි මහත්තයෝ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 24 July 2013 02:22 PM

අනෙක් අයටත් දැන් කරන්න තියෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් දෙයියනේ කියලා වාඩිවෙන්න (නි)

:       0       0

සරත් Wednesday, 24 July 2013 11:08 AM

ඔබට සුභ පතමි. ඔය එක පක්ෂයක්වත් අවංක නැහැ. රටට වැඩක් කරන්න. (අ)

:       0       0

අමාලි Wednesday, 24 July 2013 11:08 AM

විහිළු කාරයෙක් ද (අ)

:       0       0

සරත් Wednesday, 24 July 2013 02:29 PM

දයාසිරි මොනවද කරලා තියන්නේ අපිට? (නි)

:       0       0

බන්දුල Wednesday, 24 July 2013 02:31 PM

මේ රටේ දැන් රජුන් තනන්නේ සිංහල බෞද්ධයෝය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1808 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1150 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2063 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 516 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2952 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site