ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද (27) උදෑසන ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ඒ මහතා පසුගියදා පිළියන්දලදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මිය යන විට 72 හැවිරිදි වියේ පසුවූ ඒ් මහතා බෝඩිම, නිවටයා, අහසින් පොළවට වැනි ටෙලි නාට්‍ය මගින් ප්‍රේක්ෂක අාකර්ශනය දිනා ගත්තේය.
රිය අනතුරට ලක්වීමෙන් පසු අල්විස් මහතාගේ මොළයෙන් අධික ලෙස ලේ වහනය වී ඇතැයි වෛද්‍යවරු කියති.
1944 වසරේ උපන් දයා අල්විස් මහතා කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹීය. මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ ඔහු හෙන්රි ජයසේනයන්ගේ මකරා නාට්‍යයේද, ධවල භීෂණ, මකරාක්ෂයා, සෙනෙහෙබර ඩොලී, මෝදර මෝල වැනි වේදිකා නාට්‍යවලද රඟපෑවේය.
අනතුරුව සිනමා ක්ෂේත්‍රයටද පිවිසි දයා අල්විස් මහතා විරාගය, වෝටර්, මදර් තෙරේසා, මහගෙදර, නිකිණි වැස්ස වැනි චිත්‍රපට තුළින් සිය රංගන කෞෂල්‍යය විදහා පෑවේය.
ටෙලි නාට්‍ය තිර රචනා ක්ෂේත්‍රයේද ජනප්‍රිය නාමයක් හිමිකරගත් දයා අල්විස් මහතා අතින් ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් ලියැවිණි. ඔහුගේ මුල්ම ටෙලි නාට්‍ය තිර පිටපතවූ ‘ළා හිරු දහසක්‘ ටෙලි නාට්‍ය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දයා අල්විස් දිවි රඟ මඩලින් බැස යයි
රජිත Monday, 27 April 2015 06:37 AM
ඔබට නිවන්සුව ලැබේවා! (බ)
කිත්සිරි Monday, 27 April 2015 12:12 PM
ඔබ අමතක නොවෙන කල කරුවෙකි... ඔබට නිවන් සුව පතමි. (ස)
ගමගේ Monday, 27 April 2015 07:06 AM
සහුද්‍රයනි රැඩිකල් අදහස් පල කිරීමෙන් ( වැරදීමක්) ලිවීමෙන් වලකින්න. වැල යන පැත්තටම මැස්ස ගසන්න. ඔබට ජය. කලාකරුවාට නිවන් සුව.(නදී)
මනෝජ් Monday, 27 April 2015 07:23 AM
බෝඩිමේ තනිකර බෝඩිමේ. තවමත් මට මතකයි පොඩිකාලේ බලපු නාට්‍ය. ඔබ තුමාට නිවන් සැප ලැබේවා ! (නදී)
පුෂ්පා Monday, 27 April 2015 07:49 AM
මතු ආත්මයෙත් කලාකරුවෙක් වෙලා අප අතරම ඉපදේවා කියා ප්‍රර්ථනා කරනවා (ම)
තිස්ස Monday, 27 April 2015 07:50 AM
ඉතාම කණගාටුදායක පුවතක්. හිතාදර දයා. ඔබතුමන් හට මතු මතුත් අප රටේම ඉපදී අපගේ කළා කෙත තව තවත් පෝෂණය කිරීමට කටයුතු කිරීමට ලැබේවා යැයි පතමි. (ම)
ගාමිණී Monday, 27 April 2015 08:36 AM
ඔබට නිවන්සුව පතමි (බ)
සරත් Monday, 27 April 2015 08:58 AM
උතුම් මිනිසෙකුගේ නික්ම යාමකි (ම)
දුමින්ද Monday, 27 April 2015 09:02 AM
පන නම් තණ අග පිනිබිඳු වැනිය. (බ)
අශාන් Monday, 27 April 2015 09:10 AM
මා ගොඩක් අගයන කලාකරුවෙක්. ඔබට දෙවි පිහිටයි ! (බ)
මේරියන් ප්‍රනාන්දු Monday, 27 April 2015 09:25 AM
අගනා කලා කරුවාණනි, නිවන් සුව.(නදී)
සමන් - මාතර Monday, 27 April 2015 09:27 AM
ඔබට නිවන්සුව පතනවා (නදී)
සමන්ති Monday, 27 April 2015 06:48 PM
මඩොල්දුව චිත්‍රපටයේ "බයිසප්පු" අපට අමතක නොවේ . (නි)
ධම්ම Monday, 27 April 2015 04:47 AM
සැබවින්ම කම්පා වුනෙමි. සොයුර ඔබට නිවන් සුව! (බ)
නිලන්ත Monday, 27 April 2015 04:52 AM
ඔබගේ මෙහෙවර සමාප්ත වීමට පෙර ඔබට සමුගැනීමට සිදුවීම අපගේ අවාසනාවකි.කලාකරුවනි ඔබට නිවන් සුව!(දිල්)
නන්දන Monday, 27 April 2015 05:23 AM
කලා ලොවේ ඔබ නොමැකෙන නමකි ඔබට නිවන්සුව ලැබේවා (දිල්)
වෙදගේ Monday, 27 April 2015 05:33 AM
මෙම තුන්රෝද කරුවන්ගේ අවිනීත රිය පැදවීම නිසා වටිනා කලාකරුවෙක් රටට නැතිඋනා (ස)
සුගත් Monday, 27 April 2015 05:41 AM
ඔබට නිවන්සුව ලැබේවා ! (බ)
දයාජ Monday, 27 April 2015 05:45 AM
එදා එතුමා තාම්පුරාව වාදනය කරමින්,අමරදේව ශුරීන්ගේ...'නිලවරල නිල් චාමර පවන් සලන්නි'....ගීතය හරි අපූරුවට ගායනය කළේ අප සංගීත පාඩම වෙනුවෙනි.අදත් එම මනරම් ගීතය ඇසෙනවිට දී නිතැතින්ම මා සිහියට එන්නේ දයා අල්විස් සංගීත ගුරුතුමාවය.පසුකලකදී ඔබ සංගීතවේදියෙකු නොවී නළුවෙකු වී ඇත. ආදරණිය දයා අල්විස් සර් ට නිවන් සුව පතමි. (බ)
පහන් Monday, 27 April 2015 05:45 AM
නිවන්සුව ලැබේවා!! (බ)
අවන්ති Monday, 27 April 2015 06:07 AM
ඉතාමත් කනගාටුදායක පුවතක්. සැබවින්ම ඔබ කලා ලොවේ තරුවක්මය. ඔබට නිවන් සුව ලැබේවා !! (නදී)
රවින්ද්‍ර දි සිල්වා Monday, 27 April 2015 06:06 AM
හොඳ නළුවෙක් දයා අල්විස් මහත්මයා. ඔහුගේ රඟපෑම් හරිම තාත්විකයි. ඔහුට නිවන් සුව අත්වේවා කියා පතනවා. (නදී)
නේතමී Monday, 27 April 2015 06:07 AM
නිහතමානී කලාකරුවාණෙනි, ඔබට නිවන්සුව! (නදී)
කුරුවිට Monday, 27 April 2015 06:09 AM
උතුමාණෙනි අපි ඔබට නිවන්සුව පතන්නෙමු (බ)
ගීත් Monday, 27 April 2015 06:10 AM
ඔබ සැබවින්ම අව්‍යාජ කළා කරුවෙකි. දයා අල්විස් මහතාණෙනි ඔබට නිවන් සුව ලැබේවා. (බ)
සම්පත් වන්නිආරච්චි Monday, 27 April 2015 06:12 AM
ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකුගේ නික්ම යෑම ලාංකීය ජනතාවටම වූ පිරිමැසිය නොහැකි පාඩුවකි. ඔබට සුදුසු දේශයක මතු උපදින්න ලැබේවා! වන්දිභට්ටයකු නොවී ජනතා කලාකරුවෙකුව එම රටේ ජනතාවට ප්‍රබුද්ධ නිර්මාණ තිළිණ කිරීමට හැකි වේවා! (බ)
තිලක්රැටියල Monday, 27 April 2015 06:28 AM
ඔබට නිවන්සුව ලැබේවා !(නදී)