දේශීය නර්තන කලාවට මෙන්ම නව නිර්මාණකරණයටද සුවිශේෂී මෙහෙවරක් කරන ගුරුවරයකු මෙන්ම ප‍්‍රවීණ නර්තන හා වාද්‍ය ශිලපියෙක්ද වන කඳාන ද මැසිනොද් විද්‍යාලයේ නර්තනාචාර්ය ලෙස කටයුතු කරන ඔහු කඳාන තුෂර රංගායතනාධිපතිවරයාද වන්නේය. දේශීය නර්තන සම්ප‍්‍රදායට නව නිර්මාණ රැසක් ඉදිරිපත් කළ ඔහු නමින් තුෂාර සඳකැළුම්ය. ඔහුගේ කලා කටයුතු මෙන්ම තුෂර රංගායතනය පිළිබඳ කළ කතාබහක සටහනකි මේ. මේ දවස්වල ඉතා කාර්යබහුලයි නේද? ඔව්. ඇත්තටම කිසිම විවේකයක් නැති තරම්. පාසල් නිවාඩු කාලය වුවද විවිධ මට්ටමේ ප‍්‍රසංග සඳහා මෙන්ම මගේ රංගායතනයේ ප‍්‍රසංගය සඳහාත් මේ දවස්වල කාර්යබහුල වෙලා. අද සෑම අයෙක්ම තමන්ගේ වෘත්තීය වෙනුවෙන් කැපවීමෙන් හා මහන්සියෙන් වැඩකළ යුතු වෙනවා අපේ රට ගොඩනැගීමට නම්. රංගායතනයේ ප‍්‍රසංගය ගැන කිව්වේ ”තුෂරයාමය” ගැනද? ඇත්තෙන්ම ඔව්. මෙවරත් මාගේ ගෝලබාලයන් සමග ” තුෂර යාමය” නර්තන ප‍්‍රසංගයට සූදානම් වෙනවා. සෑම වසරකම මෙම ප‍්‍රසංගය කරනවා නේද? අප රංගායතනය මගින් දෙවසරකට වරක් මෙම ප‍්‍රසංගය සංවිධානය කරනවා. එය ලබන සැප්තැම්බර් මස 17 වැනි දින සවස 6 ට කොළඹ බිෂොප් රංග ශාලාවේදී කරළියට ගෙනඒමට කටයුතු සූදානම් කර තිබෙනවා. එමගින් අප රංගායතනයේ ඉගෙනුම ලබන ළමයින්ගේ දක්ෂතා හා හැකියා එළි දැක්වීම මගේ බලාපොරොත්තුවයි. ප‍්‍රසංගයේ ඇති විශේෂාංග කීපයක් සඳහන් කළොත් ”තුෂර යාමය 2011” නර්තන ප‍්‍රසංගයේ දේශීය නර්තන අංග වන උඩරට, පහතරට, බෙර වාදන මෙන්ම බටහිර හා නව නිර්මාණ නැටුම් යන අංග ඔස්සේ දරුවන්ගේ හැකියා එළි දැක්වීමට සූදානම්. ඇත්තෙන්ම අප අතර ඉන්න දරුවන් ඉතාම දක්‍ෂයි. ඔබ ශ්‍රී ලංකාවේ ඉතිහාසයට නව මුහුණුවරක් දෙමින් ආබාධිත රණවිරු නර්තන කණ්ඩායමක් ඇති කළා නේද? ඔව්. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථමවතාට ඔවුන්ගේ හිසවෙස් මංගල්‍යයක් සිදු කිරීමේ භාග්‍යය මට හිමිවුණා. ඒත් මම කැමැති නෑ ඔවුන් ආබාධිතයන් ලෙස හඳුන්වනවාට. මොකද ඔවුන් ශරීරයෙන් ආබාධිත වූවත් කි‍්‍රයාවෙන් කිසිම ආබාධිත තත්ත්වයක් පෙන්නුම් නොකරන නිසා. ශ්‍රී ලංකාව විජයග‍්‍රහණය කරා ගෙන ගිය ගමනේදී ඔවුන් පෙන්වූ දක්‍ෂතාවය ආබාධිත වූවත් තාමත් ඔවුන්ගේ ලේවල තියනවා. පාද අහිමිවූවත් නර්තන ක්‍ෂේත‍්‍රයේ ශිල්පීය මට්ටමේ දක්ෂතා ඔවුන් විදහා දැක්වනවා. ඒ ගැන මට සැකයක් නෑ. එම නිසා ඔවුන් ආබාධිතයන් ලෙස හඳුන්වනවාට මා කැමැති නෑ. ඔබගේ එම ගෝලයන් පිරිසද තුෂරයාමය සඳහා සහභාගි වෙනවාද? ඇත්තෙන්ම මා කැමැතියි ඔවුන් මගේ ප‍්‍රසංගයට සම්බන්ධ කර ගැනීමට. මොකද එදිනට ඔවුන් හිසවෙස් පැළඳ අවුරුද්දක් සපිරෙනවා. මෙම දැවැන්ත ප‍්‍රසංග සඳහා ඔබට ලැබෙන සහයෝගය කොහොමද? විශේෂයෙන්ම සමාජසේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා ඇමැතිතුමාගෙන් ලැබෙන සහයෝගය ඉතාම සුවිශේෂියි. එමෙන්ම අනුග‍්‍රහක බවතුන්ගෙන් ලැබෙන සහයෝගය ද මතක් කළ යුතු අතර අප දු දරුවන්ගේ මවුපියන්ගෙන්ද තුෂර යාමය ප‍්‍රසංගය සඳහා විශාල දායකත්වයක් ලැබෙනවා. එමෙන්ම මා ඉගැන්වීම් කටයුතු කරන ද මැසිනොද් විදුහලේ විදුහල්පති බර්ට‍්‍රම් පෙරේරා සහෝදරතුමාද මතක් කළ යුතුයි.
ප්රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැයේ නර්තන දක්‍ෂතා පිරි දරුවන් ”තුෂර යාමයෙන්” රටට හඳුන්වා දෙනවා