IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘දුරකතන ටැප් කළ යුගය අවසන්‘

‘ජනවාරි 08 වැනිදාට පෙර  සාමාන්‍යයෙන් අපේ ප්‍රාදේශීය සභා මන්ති්‍රවරුන් එක්ක කතා කළහම කෑ ගහනවා කතා කරන්න එපා දුරකතන  ටැප් කරනවා කියා. රාජ්‍ය නිලධාරින් දුරකතනයෙන් නිදහසේ කතා කළේ නැහැ. රටේ සාමාන්‍ය පොදු මහජනතාව නිදහසේ කතා කළේ නැහැ. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින් දුරකථනයෙන් නිදහසේ කතා කළේ නැහැ. මේ හැම කෙනෙකුටම අඩුම වශයෙන් දුරකථනයෙන් නිදහසේ කථා කරන්න නිදහසක් තිබුණේ නැහැ. මේ මාස 03 තුළ ඒ නිදහස ශක්තිමත් වෙලා තිබෙනවා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති ජාතිය අමතමීන් කීවේය.



අදහස් (0)

‘දුරකතන ටැප් කළ යුගය අවසන්‘

රජින්ද Thursday, 23 April 2015 04:09 PM

මේ කතාවෙන්ම පේනවා රටේ අනාගත ආරක්ෂාව ගැන වෙන්න යන දේ. නිකන් වැඩ නැතුවට නෙමේනේ ඒ කාලේ දුරකථන ටැප් කලානම් එහෙම කලේ. ජාතික ආරක්ෂාව ගැන අවබෝධයෙන් හා සුදානමෙන් ඉන්නේ කොහොමද සිල් අරගෙන. මෙතන යහ පාලනය කියල කරන්නේ එක දෙයක්, ඒත් ඒකෙන් වෙන්නේ තවත් දෙයක්. වීරයින් නිරුවත් කර හෙළුව පෙන්වා පරාජිත බෙදුම්වාදීන් සතුටු කිරීම යහ පාලනේට අනුව මේ රටට කරන බරපතලම අපරාධයයි.(ස)

:       0       0

ප්‍රකාශ් Sunday, 26 April 2015 10:09 AM

ආප්ප කාල පැදුරටත් හොරෙන් ගිහින් බලය ලබා ගන්න රට පාවා දෙන පිරිස සමග එකතු වුනු මොහු ගැන අපි දන්නවා.දුරකථන ටැප් කරා නම් කොහොමද රහසිගතව මෙයා දේවල් කළේ අගේ ඉඳන් කණ කන කෙනෙක්.හැබැයි ඔය ඇමෙරිකාව ගැන තලුමරන අයගේ නිවටකම අපි දන්නවා. (බ)

:       0       0

ආනන්ද ආර් Thursday, 23 April 2015 04:42 PM

දැන් භය තිබුණු යුගය නොවෙයිනේ. (ස)

:       0       0

කුමාරණ Thursday, 23 April 2015 04:46 PM

ගරු ජනාධිපති තුමනි,වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට ශ්‍රිලන්කික ජනතාවට වඩා ඇමෙරිකාව කැපවීම් කළා.නමුත් ඇමෙරිකාව තම ජනතාවගේ පමණක් නොවේ මුළු ලෝකෙම ජනතාවගේ දුරකථන විතරක් නොවේ ඔක්කොම ටැප් කරනවා.එහෙනම් ඇමෙරිකාවේ යහපලෙනේ නෙහ නේද?(ස)

:       0       0

සිරිසෝම Friday, 24 April 2015 04:25 AM

විපක්ෂයේ අපේක්ෂකයා හැටියට ඡන්දෙ ඉල්ලයි කියලාවත් දැනගෙන නොහිටියේ කොහොමද දුරකතන වලට සවන් දුන්නා නම්? (නි)

:       0       0

රුවන් Friday, 24 April 2015 05:05 AM

කුමාරන ඇමරිකාව ටෙලිපෝන් ටැප් කරන්නේ විපක්ෂය මර්දනය කරන්න නෙමේ. ලෝකයේ වැඩිම ත්‍රස්ථවාදී තර්ජන වලට ලක්වෙන රට නිසා..අනෙක ඔවුන්ට එහෙම තාක්ෂනයක් තිබ්බත් අධිකරන නියෝගයක් නැතිව ඇමරිකානු රජයට තමුන්ගේ මිනිස්සුන්ගේ දුරකථන ටැප් කරන්න බෑ..ඇමරිකානු නීති ගැන දැනගන්න ඒ ගැන ඉංග්‍රීසියෙන් පලවෙන පොතපත කියවන්න.. ලංකාවෙ පත්තර කෑලි වලින් ඇමරිකාව ගැන දැනගන්න බෑ (බ)

:       0       0

කුමාර Friday, 24 April 2015 06:21 AM

ඔය කතා වසර 5 ක් හෝ 10ක් පාලනය කරලා කියන්න පුලුවන් නම් තමයි පිළිගන්නේ. මොකද ප්‍රේමදාස, චන්ද්‍රිකා මහින්ද යුගවලත් මේවා සිදුවුණා (නි)

:       0       0

ප්‍රකාශ් Saturday, 25 April 2015 07:41 AM

කොහොමද මේ උන්නැහේ කියන්නේ දුරකථන ටැප් කළා කියල .එහෙම කලානම් මෙයාගේ පොදු අපේක්ෂක මාෆියාව කලින්ම දැනගන්න තිබුනා. ආප්පත් කාල පැදුරටත් හොරා කරපු දේ බුද්ධිමත් ජනතාව දන්නවා. (ස)

:       0       0

සඳුන් Thursday, 23 April 2015 09:09 PM

අපේ අදහස් දාන සමහර අය කියන්නේ දුරකථන ටැප් කළාද දන්නෙත් නැහැ, නමුත් කළා නම් හොඳ හිතින් කරන්න ඇති කියලා. හරියට දෙවිවරු වගේ. ඒකටත් "ඔව්" කියයි. (නි)

:       0       0

දිමුත් Friday, 24 April 2015 06:59 AM

ඒක ඇත්ත. වහල් මානසිකත්වයේ ඉන්න සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Friday, 24 April 2015 02:07 AM

මහින්දට යුගයට තාමත් කඩේ යන අය ඉන්නවා කියලා අදහස් වලින් පෙනෙනවා (නි)

:       0       0

දුමින්ද Friday, 24 April 2015 02:11 AM

අමතක කරලමු පැරණි කතා - එක්වෙමු ජාතික දියුණ පතා (නි)

:       0       0

පුබුදු Friday, 24 April 2015 02:19 AM

දුරකතන ටැප් කළේ රටේ ආරක්ෂාවට නොවේ, ඔවුන්ගේ අය ගැන තිබෙන අවිශ්වාසයට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2425 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 428 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1710 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5058 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3400 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3750 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site