IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දරුතුන්දෙනාට මව එපාවේ

අසුතුන් හැවිරිදි මව වැඩිහිටි නිවාසයකට ඇතුළු කරන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ දූ දරුවන් තිදෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව කළුතර ප‍්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකු විතාන මහතා කියයි. ඇගේ පුතුන් දෙදෙනාද දියණියගේ සැමියා ද රාජ්‍ය නිලධාරින් බව ඔවුන් කැඳවා කළ සාකච්ඡාවේදී හෙළි විය. මව බාර ගැනීමට තිදෙනාම අකමැති වූහ.



අදහස් (0)

දරුතුන්දෙනාට මව එපාවේ

ජානක Sunday, 01 April 2012 04:18 PM

මේ වගේ උන්ගේ නමි ගමි ඇතුව දන්න ඔනා. :D

:       0       0

කහවල Sunday, 01 April 2012 04:38 PM

මුන් පුදුම දරුවෝ. ගල් ගහලා මරන්න වටින්නේ.

:       0       0

සකු බබා. Sunday, 01 April 2012 04:40 PM

අනේ මෙහෙමත් ළමයි. මුන්ට මෙහෙම කරලා මදි.

:       0       0

සෙනරත් යාපා Sunday, 01 April 2012 04:46 PM

එපා එපා ගල් ගහලා මරන්න. මුන්ටත් ඊට වඩා වේදනාවක් මුන්ගේ දරුවන්ගෙන් ලැබේවි.

:       0       0

ඩබ්.ධම්මික හිමි. Sunday, 01 April 2012 05:00 PM

මේ අවාසනාවන්ත දරුවන්ට ශාප කරන්න එපා. අම්මගේ වටිනාකම කියලා දෙන්න. මේ දරුවන් හදපු අම්මා බුදු වෙන දවසට මේ දරුවෝ අපායේ දුක් විදිනාව ඇති. මේ දරුවන්ට අම්මගේ අගය වැටහේවා.

:       0       0

නිහාල් පීරිස් Sunday, 01 April 2012 05:18 PM

මේක ගැන දෙපැත්තකින් බලන්න ඕන. සමහර අම්මලා ඉන්නවා ළමයින් සමග ඉන්න බැරි අය. නිතරම රණ්ඩු දබර කරගන්න අය.

:       0       0

රංගා ශානි. Sunday, 01 April 2012 05:18 PM

මේ දරුවන්ගේ දේපළ රාජ සන්තක කරන්නඕන. අම්මා කෙනෙකුට මෙවන් දුකක් දෙනවට.

:       0       0

ගයාන් පෙරේරා Sunday, 01 April 2012 05:32 PM

අම්මාගෙ වටිනා කම තේරෙන්නෙ අම්මා නැති උනහම තමයි.මගෙ අම්ම නැති නිසා මට ඒක තේරෙනව...මේ අයට අම්මට වඩා වටින්නෙ සල්ලි වෙන්න ඇති....

:       0       0

දයා Sunday, 01 April 2012 05:38 PM

මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට

:       0       0

මවක් Sunday, 01 April 2012 05:52 PM

අම්මා කෙනෙක් දරුවෝ හදන්න ඕන දරුවන්ට සෙනෙහස, ගුණධර්ම වගේම ආදරය කරුණාවත් නොඅඩුව දැනෙන්න ඉඩ දීලා. එහෙම වුනාම ඒ දරුවන්ට මේවගෙන් ඈත් වෙන්න පහසු නැහැ. මගේ අම්මා මාව හැදුවේ එහෙමයි. ඒ මතකය අලුත් කරමින් මම ඒ විදියට මගේ දරුවෝ හදනවා. මගේ අම්මට මගේ අයියලා මල්ලිලා එදා වගේම අදත් ආදරෙයි. ඒ වගේම අම්මගේ කදුලට අපි තවමත් හරිම බයයි.

:       0       0

නිරෝෂ Sunday, 01 April 2012 05:54 PM

මුන් මිනිස්සු නෙවෙයි බල්ලෝ

:       0       0

සමීර Sunday, 01 April 2012 05:55 PM

අනේ පවු මේ අම්මට, ඇයි මෙහෙම දරුවෝ හැදුවේ. මෙහෙම ලබන්නට

:       0       0

සුමී Sunday, 01 April 2012 06:02 PM

අම්මගේ අගය දැනෙයි ඒ අය වයසට යද්දි.

:       0       0

චූල, මාලදිවයිනේ සිට Sunday, 01 April 2012 06:10 PM

මේ වගේ ළමයින්ට රජකාලේ දඩුවම් දෙන්න ඕනේ.

:       0       0

ලංකාසිරි Sunday, 01 April 2012 06:15 PM

"ඵල නැතිදා රුක තනියේ" මේවා කාට කාටත් හොද පාඩම්. අකමැති දරුවන් ලග මේ අම්මා නොසිටීම ඇගේ වාසනාවයි. දේපොල දරුවන්ට ලියලා ඇත්න් ඒවා නැවත පවරගෙන විකුනා ඒ මුදලින් ඇය රැකබලා ගැනීමට තීන්දුවක් දිය යුතුයි. වැඩිපුර දේපොළ ඇත්නම් ඒවා රාජසන්තක කළ යුතුයි.

:       0       0

අමරා ඉරංගනී Sunday, 01 April 2012 06:31 PM

මෙයාලගේ දරුවන් ලොකු මහත් වුනාම ඒ අයුරින්ම සලකාවි. එවිට අම්මගේ සෙනහෙස මතක්වී හඩා වැටේවි.

:       0       0

සමන් Sunday, 01 April 2012 06:51 PM

අනේ මුන් තුන්දෙනා වගේ දරුවෝ මේ වගේ උන් ඒ අම්මට පොල්පිතිවලින් කපාගන්න තිබුණා. මුන් තුන්දෙනා හදන්නේ නැතිව බල්ලෙක් හැදුවනම් ඒ බල්ලා අම්මා ගාවට වෙලා ඉදිීවි මුන් තුන්දෙනා බල්ලන්ට වඩා බල්ලෝ බැල්ලියෝ නේ. අනේ මුන් වගේ වුන්. මුන් නිලධාරීන්ද ?

:       0       0

ශාන්ත, ඩුබායි. Sunday, 01 April 2012 06:53 PM

අම්මා මඩමකට දාලා තොපි රජ වෙලා. නොදකින් කාලකණ්ණි දරුවෝ.

:       0       0

සුද්දා Sunday, 01 April 2012 06:57 PM

මේ වගේ එවුන් තව ඉන්නවා, කාලකණ්ණි.

:       0       0

රෝහිණී උඩුමුල්ල Sunday, 01 April 2012 07:29 PM

මම අම්මා නැතිව කියාගන්න බැරි දුකකින් කාලය ගෙවනවා. අම්මගේ අගේ කියලා නිමක් නෑ. අම්මට නියම තැන දෙන්න.

:       0       0

එරංග Sunday, 01 April 2012 08:16 PM

නඩුදාල හරියන්නෙ නැනෙ ඔය මිනිස්සු එක්ක තියනවට වඩා මහළු නිවාසෙකට යවන එක ඇඟට ගුණයි.

:       0       0

ප්‍රභාත් Sunday, 01 April 2012 08:21 PM

මේ වගේ සත්තුන්ගේ නම් ඇතිවම ප්‍රචාරය කරන්න.

:       0       0

රවින්ද්‍ර Sunday, 01 April 2012 08:58 PM

හාමුදුරුවනෙ. දරුවන්ට දෙමව්පියන්ගෙ වටිනාකම කියලා දිලා තෙරුමක් නැහැ. දෙමව්පියන්ට දරුවන්ගෙ වටිනාකම කියලා දෙන්න. මොකද මෙ දරුවන්ගෙ හිත්වල හැඩය හැදුවෙ මෙ අම්මලා තාත්තලාම තමයි.

:       0       0

සමන් Sunday, 01 April 2012 09:12 PM

මව් ගුණ නොදන්නා එවුන්.

:       0       0

දිනේෂ් Sunday, 01 April 2012 09:25 PM

මේවා දරුවන්ගේ වැරදි නෙමෙයි. දෙමාපියොත් දරුවෝ හදනකොට මනුස්ස කම් කියනදේත් ආදර්ශයෙන් පෙන්නන්න ඕනේ. මුන්ගේ දරුවෝ මුන්ට සලකන්නෙත් ඔහොම තමයි.

:       0       0

පති Sunday, 01 April 2012 09:35 PM

ගෙදර බුදුන් අම්මා.

:       0       0

සුජීව Sunday, 01 April 2012 10:04 PM

මෙයාල වැස්සකටවත් දහම් පාසල් ගිහිල්ලා නෑ වගේ. මේක බලන දෙමාපියෝ දැන්වත් තමන්ගේ ළමයි දහම්පාසල් යවන්න.

:       0       0

දයාරත්න, අංගොඩ Sunday, 01 April 2012 10:52 PM

මේ ළමයි රජයේ නිලධාරීන් වුනාට ඕපපාතිකව ඉපදිච්ච එව්වෝ වෙනන් ඇති. මේ අයගේ නම් ගම් පත්තරෙන්වත් හෙළිකරන්න. රටටම දැනගන්න.

:       0       0

කේ.කේ.හේනදාවිතාරණ Sunday, 01 April 2012 10:54 PM

මෙළොවදීම පඩිසන් දෙනවා. බුදු දහමට අනුව.

:       0       0

සේනානායක Sunday, 01 April 2012 11:09 PM

දරු දුක දන්න අම්මාවරුමයි සංසාරේ මතු බුදුවන්නේ. මුන්ට තේරේවි දවසක.

:       0       0

නාරංගොඩගේ Sunday, 01 April 2012 11:56 PM

ඔය එක් දරුවෙක්වත් මව්කිරි බීලා නැතිව ඇති.

:       0       0

මොහොමඩ් නිසාම් Monday, 02 April 2012 12:02 AM

සමහර අම්මලා ඉන්නවා ළමයින් සමග ඉන්න බැරි අය. නිතරම රණ්ඩු දබර කරගන්න අය.අනේ මෙහෙමත් ළමයි.අනේ මෙහෙමත් අම්මා කෙනෙක් නෙ.

:       0       0

නසීර් Monday, 02 April 2012 01:19 AM

මුන් වයසට ගියහමත් වැඩිහිටි නිවාසයකට යන්න සිද්ද වෙන්න ඕන

:       0       0

රනිල් Monday, 02 April 2012 03:29 AM

නිහාල් පීරිස්ට, හිතන තරම් ලේසි නෑ. මාස 10 ක් බඩේ තියාගෙන එලියට දමන එක. ගොන් මෝඩ උත්තර දෙන්න එපා.

:       0       0

මාලි, සිංගප්පූරුවේ සිට Monday, 02 April 2012 05:07 AM

සමහර දරුවන් විවාහ වුනාම ඇත්තටම වෙනස් වෙනවා. එයාලගේ ආදරය අඩු වෙනවා. ඒත් රත්තරන් අම්මා කෙනෙක්ගේ ආදරය කවම දාකවත් වෙනස් වෙන්නේ නෑ. ඒ ආදරය නොසිදෙන මහ සාගරයක් වගේ. කෙදිනක හෝ ඒ දරුවනට අම්මගේ අගේ තේරේවි.

:       0       0

සමිත Monday, 02 April 2012 06:20 AM

මුන්ට දරුවෝ කියන්නත් බැහැ. උන්ගේ දරුවන් ගෙන් වෙලාවට දඩුවම් ලැබේවි. හෙන ගහන්න ඕනේ.

:       0       0

දොන් Monday, 02 April 2012 07:18 AM

නිහාල් පීරිස්ට, පොඩි කාලේ අම්මට කරදරයක් අම්මා ගිහින් ඔබවත් පාරට දැම්මද . ඔය වගේ කතා කියන්න එපා. තමුන්ගේ දරුවොත් තමුන්ට ඔය විදියටම කරාවි.

:       0       0

සමන් Monday, 02 April 2012 08:09 AM

නිසි දඩුවම් දෙන්න ඕන, ඔය වෙගේ අය රටටම වදයක්.

:       0       0

සෝමලතා Monday, 02 April 2012 02:10 PM

ලෝතෙ හැටි ඔහොම තමයි, පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු, ගුණනැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු කොතැනක සිටියත් පිං කරන්න.මතු බවයට කිකරු දරුවන් ලබන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1322 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 816 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1884 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 482 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2774 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site