(මනෝප්‍රිය ගුණසේකර)
බාලවයස්කාර දැරියකට ඇයගේ පෙම්වතා සමඟ රැයක් ගත කිරීම සඳහා හෝටල් කාමරයක් ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උස්වැටකෙයියාව ප්‍රදේශයේ ලැගුම්හලක කළමනාකරුවකු සහ බාලවයස්කාර දැරියගේ පෙම්වතා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (10) නියම කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙවැනි අපරාධ සිදුවන බවත්, ඊට ලක්වන වින්දිතයන් තම ජීවිතවලින් පවා වන්දි ගෙවන තත්වයක් රටේ උද්ගතව ඇති බවත් පවසමින් කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ උස්වැටකෙයියාව ‘සන්සෙට්’ ලැගුම්හලේ කළමනාකරු වන මස්කෙළියේ පදිංචි සිවනාඩියන් සිවරාජ් සහ බාලවයස්කාර දැරියගේ පෙම්වතා බව කියන රාගම පදිංචි රිකාෂ් නිසුල නමැති 17 හැවිරිදි තරුණයෙකි.
බාලවයස්කාර පාසල් දැරියක වන තම දියණිය ඇයගේ පෙම්වතා සමඟ පසුගිය 08 වැනිදා රාත්‍රියේ නිවසින් පැනගිය බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් කළ දැරියගේ මව, තම දියණිය සොයා දෙන්නැයි ඉල්ලීමක් ද කළ බව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් කඳාන පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවල දී බාලවයස්කාර දැරියගේ පෙම්වතා කාන්තා පොලිස් පරීක්‍ෂක ප්‍රදීපා විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරුවලට අනුව උස්වැටකෙයියාව ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක සිටිය දී බාලවයස්කාර දැරිය සොයාගත් බවත්, දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී 08 වැනිදා උස්වැටකෙයියාව ප්‍රදේශයේ ලැගුම්හලක පෙම්වතා සමඟ රාත්‍රිය ගත කළ බවට තොරතුරු හෙළි වූ බවත් දැනුම් දුන් කඳාන පොලිසියේ නිලධාරීහු, දැරියගේ මඟපෙන්වීම අනුව ඔවුන් රාත්‍රිය ගතකළ උස්වැටකෙයියාව ‘සන්සෙට්’ ලැගුම්හල සොයාගත් බවත් දැනුම් දුන්නේය.
උස්වැටකෙයියාව ‘සන්සෙට්’ ලැගුම්හලේ කළමනාකරු වන මස්කෙළියේ පදිංචි සිවනාඩියන් සිවරාජ් නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී රුපියල් 5000ක මුදලකට මෙම යුවළට හෝටලයේ කාමරයක් දුන් බව පිළිගෙන ඇතැයි ද, බාලවයස්කරුවන්ට ලිංගික කටයුතු සඳහා කාමර පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බව ද දැනුම් දුන් පොලිසිය, බාලවයස්කාර දැරිය මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් දැනුම් දුන්නේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙවැනි අපරාධ සිදුවන බවට වාර්තා පළවන බවත්, මෙවැනි අපරාධවලට ලක්වන වින්දිතයන් තම ජීවිතවලින් පවා වන්දි ගෙවන තත්වයක් රටේ උද්ගතව ඇති බවත් පෙන්වා දුන් කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යන හෙයින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා, ලැඟුම්හල්වල කළමනාකරුවන්ගේ නොසැලකිලිමත් කටයුතු හේතුවෙන් සමාජයේ විනාශකාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි අවධාරණය කළේය.
එය ඉතා බරපතළ තත්වයක් බවත් මේ තත්වය යටතේ සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් සමාජයේ කැලඹීමක් ඇතිවිය හැකි බවත් අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාර ලැගුම්හල් කළමනාකරු සහ දැරියගේ පෙම්වතා බව කියන තරුණයා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළේය.
සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දැරියකට කාමරයක් දුන් ලැගුම්හල් හිමියා රිමාන්ඩ්
Kulr Thursday, 11 May 2023 01:16 AM
එතකොට අර කළුතර හෝටලේ කාමරයක හැඳුනුම්පත නිවැරදිව පරීක්ෂනකොට බාලවයස්කාරිනියකට කාමරයකදීම නීත්‍යානුකුල නෑ
lankaputha Thursday, 11 May 2023 07:43 AM
ඇයි සිද්දියට සම්බන්ධ කට්ටිය නැත්තෙ.. ඒකත් බාලවයස්කාරයෙක්, ඇල්කොහොල් පවා බොන්න දීලා, හෝටලේ ඇතුලේ සෙක්ස් කරන්න දීලා.
කිරිපුකා Thursday, 11 May 2023 09:08 AM
බාල වයස්කාර ළමයින් ට ලැගුම් හල් දෙන අයත් , බාල වයස්කාර දැරියන්ට අපරාධ කරන තිරිසනුන් ගලවා ගැනීමට ඉදිරිපත් වන නීතිිය කට පාඩම් කරපු අයත් කරන්නේ මුදල් දෙස බැලීම පමණයි
Pradeep Kumara Thursday, 11 May 2023 09:45 AM
නියමයි. ඔහොම තමයි කරන්න ඕන. ඊට අමතරව හතු පිපෙනවාක් මෙන් දිවයිනෙහි සෑම තැනකම දිනෙන් දින විවෘතවන ලැගුම්හල් පරීක්ෂා කිරීමේ ක්‍රම වේදයක් සාදන්න. විශේෂයෙන්ම උපකාරක පන්ති පැවැත්වෙන නගර ආශ්‍රිතව.
Lalla Thursday, 11 May 2023 11:06 AM
කෙල්ලො නලියනකොට අම්මල තාත්තලට නොතේරි තියෙන්න බෑ. සමහර අම්මල දුවලව උනන්දු කරවනව කොල්ලෙක් අල්ලාගන්න. මේක දරුණු වෙන්නේ ඉතාම දුප්පත් සහ ඉහල සමාජ මට්ටමේ අය අතර. මැද පංතියේ දුවල ගැන දෙමාපියන් සැලකිලිමත්.
Bunny Preena Thursday, 11 May 2023 11:06 AM
මොන විදියේ තද ගෙනාවත් පාට පාට සල්ලි කොළ,පිටරට බීම වර්ග දැකලා නීතිය නමන අය ඉන්නකම් මෙවැනි දේවල් නතර කිරීම හීනයක් පමණයි