IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘දැරියගේ කොණ්ඩෙත් කපයි : කිරිබත් කන්න දෙයි‘

වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදරකින් සොයා ගත් බව එහි නිමල් ජයසූරිය නම් ගැමියෙක් කියයි.

දරුවාගේ කොණ්ඩය කපා අද කිරිබත් ද කන්නට දී ඇතැයි ද, දරුවා ලෑලි ගොඩක් අස්සේ සිටි බවත් ඔහු කියයි.

දරුවා පැහැර ගත් බව කියන දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

කුවේනි ගල අසළ නිධන් ඇතැයි බොහෝ දෙනෙක් පවසති. විජය කුමාරායා කුවේනිය හා දරු  දෙදෙනා පලවා හැරීමෙන් පසුව කුවේනිය හඩමින් දෙස් දෙවොල් තබමින් කුරුණෑගලට පැමිණි බවත්, ගලක් මුදුනට නැඟ විජය කුමාරයාට ශාප කළ බවත් එය කුවේනී ගල ලෙස හැඳින්වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එම කුවේනී ගල පිහිටුවේ ඉබ්බාගමුවේ බව ද කියති.

‘අද සවස 3.00 පමණ අසල්වාසී මල්ලි කෙනෙක් කීවා ගඩොල් පෝරණුව ළඟ ගාව පුංචි දරුවෙක් ඉන්වා. මම ඉක්මණට දුවෙගෙන ගියා ගඩෝල් පෝරණය ළඟට. එතන ලස්සන පොඩි ගෑණු දරුවෙක් හිටියා. මට එක පාරට හිතුණා නැතිවු පුංචි දරැවා එයා තමයි කියලා. මම ඒ පුංචි දරුවා වඩාගෙන ගෙදර එක්කගෙන ආවා.  ළමයා ටිකක් බය වෙලයි හිටියේ. මම ඇහුවා කොහේ ද පුතේ ඔයා හිටියෙ කියලා.  තව විස්තර මම දරුවාගෙන් ඇසුවා.  ‘කවුද මාම කෙනේ අද උදේ කිරිබත් කන්න දුන්නා‘ කීවා.  ‘අද මගේ කොන්ඩෙත් කැපුවා‘ කීවා. 

කොහේද ඔයා හිටියේ කියලා ඇසුවාම ඒ අසල අප්පුහාමිගෙ නිවස දෙසට අත දිගුකලා.  මම වැල්ල පොලිසිය කතා කර ඒ විස්තරය කීවා.    

කුඹක්ගැටේ කුවේණි ගල පෙනෙන තෙක්මානයේ නිවසෙක මෙම දරැවා දින කිහිපයක් රඳවාගෙන සිට ඇති අතර මෙම නිවාස නිතර දෙවෙල් නාඳුනන පිරිස් යන එන බවට අසල්වාසී පිරිස් කියවා.‘

එම දරුවා  එම නිවසේ  ඉදිරිපස කාමරයේ පරණ ලෑලිගොඩක් යට දැමූ රෙදි කැබල්ලක උඩ සිටි බව ඔහු කියයි.

‘අසල්වාසීන් පවසන්නේ නිතර දෙවේලේ මෙම නිවසට නාඳුනන පිරිස් යන එන බවයි. ‘

9_12_2014-5_42-AM_0001 9_12_2014-5_59-AM_0001 9_12_2014-6_01-AM_0001

(දරුවා සොයා ගත් නිමල් ජයසූරිය)

pic--1

DSC02642 DSC02645 DSC02647

pic-5 pic-6 pic--7


 

මිහිහෙක් දරුවා දමා කැළයට පනී?

ගැමියෝ කැළය වට කරති

2014 සැප්තැම්බර් මස 12 16:52:45

වැල්ලවින් පැහැර ගත් දරුවා ඉබ්බාගමුවේ කුඹුක්ගැටේ කඩපොළ ළඟ දමා අසල පිහිටි ගල්වළ කැළයට පැනගත් බව කියන මිනිසකු සොයා ගැමියෝ එම කැළය වට කර සිටිති.

පොලිස් කණ්ඩායම් ද එහි පැමිණීමට නියමිතය.

 


වැල්ලව දැරිය සොයා ගනී

ඉබ්බාගමුව කඩයක් ළඟ දමා ගිහින්

2014 සැප්තැම්බර් මස 12 16:52:45

දින හතරකට පෙර වැල්ලවින් අතුරුදන් වූ කේෂාණි බණ්ඩාර දැරිය ඉබ්බාගමුව කුඹුක්ගැටේ කඩය අසල දමා ගොස් සිටිය දී සොයා ගත් බව පොලිසිය කියයි.

දැරිය හොඳ සනීපෙන් සිටින බව ප්‍රදේශවාසීහු කියති.

පොලිස් විශේෂ කාර්ය බළකාය මඩගල්ල අවට කැළයක් වටලා අද විශේෂ මෙහෙයුමක් කරද්දී දැරිය සොයා ගත හැකි වූ බව වාර්තා විය.

 



අදහස් (0)

‘දැරියගේ කොණ්ඩෙත් කපයි : කිරිබත් කන්න දෙයි‘

චන්දන Friday, 12 September 2014 04:49 PM

ඔයා හරිම වාසනාවන්තයි චුටි දුවේ. මේ වගේ දේවල් පොඩි දරුවන් සිටින අපිටත් හොඳ පාඩම්. අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලැබෙන්න ඕනෑ (නි)

:       0       0

සුරංග මුදියන්සේ Friday, 12 September 2014 04:52 PM

නීති රීති ක්‍රියාත්මක වන තුරු ප්‍රමාද වීම මෙවැනි අපරාද වැඩි කරනවා. (නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 12 September 2014 04:56 PM

අපේ ලංකාව මුළු ලෝකෙම හොඳටම සුප්‍රසිද්දයි, පැහැරගැනීම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, මහ පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදාහැරීම්, ගබ්සා කිරීම්, නවතම ප්‍රසිද්දිය දිවිනසා ගැනීම් (නදී)

:       0       0

දසුන් Friday, 12 September 2014 05:12 PM

ආයුද පෙන්නන්න කියමුද ? (නදී)

:       0       0

ටිකිරි Friday, 12 September 2014 05:19 PM

දැන් ඉතින් ඔය ගලටත් දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 12 September 2014 05:23 PM

පොලිසිය හොයා ගත්තු දෙයක් නැහැ නේද? අර නිමල් ජයසූරිය නම් ගැමියා නිසයි දරුවා හොයා ගන්න ලැබුනේ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 12 September 2014 05:24 PM

පොලිසියෙන් ලක්ෂ 10 ක් දෙන කතාවක් කිව්වේ නැහැ නේද? (නදී)

:       0       0

මේනකා Friday, 12 September 2014 05:45 PM

අන් පව් දුවන්න දීල වෙඩි තියන්න. නැත්නම් නිදන් ගල පැත්තට මුණ හරවා උල තියන්න (නදී)

:       0       0

මහින්ද Friday, 12 September 2014 06:12 PM

රජය මෙම සියලු අපරදකරුවන්ගේ දේපල තහනම් කළ යුතුය (නදී)

:       0       0

අජිත් Friday, 12 September 2014 06:42 PM

මේ අයට දඩයි සහ දඩුවම් දෙකම දෙන්න ඕනා. නිදානේ ගන්න දරුවා බිල්ලට දෙන්න ගෙනියන්න ඇත්තේ. දයාබර අම්මේ තාත්තේ ඔයලගේ දරුවන් ආරක්ෂා කර ගන්න නිදන් හොරුන්ගෙන් (නදී)

:       0       0

ඉන්දික Friday, 12 September 2014 06:43 PM

මේ වගේ අපරාධ නැවත නොවෙන්න වගබලාගන්න ඕනෑ. (නි)

:       0       0

චන්දි Friday, 12 September 2014 07:10 PM

ඔයාල සේරටම වගේ මටත් පුදුම සතුටක් දැනුනේ. මේ දිනවල අපේ මිතුරියන්ගේ මාතෘකාවත් මේ චුටි දුවම තමයි. දැන් නම් සතුටුයි ගොඩක්ම. කවුරු සොයාගත්තත් මේ දරුවාට කරදරයක් නොවීම ගැන පුදුම සතුටක් දැනෙන්නේ (නි)

:       0       0

ශ්‍රී මාලා අමරසිංහ Friday, 12 September 2014 07:55 PM

දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තූති වේවා දරු පටියා ලබා දුන්නට. (නදී)

:       0       0

රූපවතී Friday, 12 September 2014 07:56 PM

දරුවා හමු උනානේ ඒ ඇති. දෙවියන්ට පින් සිදුවේවා. (නදී)

:       0       0

කුමාර Saturday, 13 September 2014 12:28 PM

දුවේ නුඹට මින් මතුවට කිසිම අනතුරක් වෙන්න නම් එපා කියල මම එක සිතින් ප්‍රර්ථනා කරනවා. දුවට සහ දෙමව්පියන්ට තෙරුවන් සරණයි (නදී)

:       0       0

මැක්සි ලියනාරච්චි Friday, 12 September 2014 09:53 PM

සාධාරණය වෙනුවෙන් නීතිය පමා වැඩියි කියා හිතනවා (ස)

:       0       0

සුදත් ධම්මික Saturday, 13 September 2014 01:46 PM

මේ අයව මරන්ඩයි වටින්නේ. (නදී)

:       0       0

මංජුල රියාද් Friday, 12 September 2014 11:26 AM

"අතුරුදන් වූ කේෂාණි බණ්ඩාර දැරිය ඉබ්බාගමුව කුඹුක්ගැටේ කඩය අසල දමා ගොස් සිටිය දී සොයා ගත් බව පොලිසිය කියයි". පස්සේ කියනවා "පොලිස් විශේෂ කාර්ය බළකාය මඩගල්ල අවට කැළයක් වටලා අද විශේෂ මෙහෙයුමක් කරද්දී දැරිය සොයා ගත හැකි වූ බව වාර්තා විය."අනේ මන්දා (නදී)

:       0       0

චන්දන Friday, 12 September 2014 11:28 AM

හොඳම ආරංචියක් අපි ගොඩක් වික්ෂිප්තව හිටියේ මේ දරුවා ගැන (නදී)

:       0       0

චන්දන Friday, 12 September 2014 10:38 PM

සමරේ , උපහාස කතා කියන්න කලින් කියන්න ඔබ ලංකාවේ ඉඳන් ඔබ තමන්ට කළ හැකි දේ කළාද කියා. තමන් අනුන්ට අපහාස කරන්න කලින් හිතන්න ඒ ගැන. (ස)

:       0       0

සිතුම් Saturday, 13 September 2014 02:21 PM

මේ දරුවා ගෙනියන්න ඇත්තේ නිදන් බිල්ලකට වගේ. කප්පම් ඉල්ලන්න නෙවෙයිනේ. ලංකාවේ මිනිස්සුන්ට දැන් ඕනේ ඉක්මනට සල්ලි හොයන්න. අධික තණ්හාවත් ඒ වගේමයි. මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ. මේවා නැවත නොවෙන්න පොලිසියත් පන්සල් පල්ලිත් එකතුවී, ජනතාව රැස්කර කරුණු වටහා දීමට සංවිධානය වනවා නම් හොඳයි. මොන අපරාධය කලත් ගැලවීමක් නැති බව තේරුම් කරදිය යුතුයි. (නදී)

:       0       0

සමන් Friday, 12 September 2014 11:34 AM

රටටම සැනසීමක් (නදී)

:       0       0

ප්‍රසන්න Friday, 12 September 2014 10:43 PM

මේ සිද්ධියට සම්බන්ධ අයව ව මරලා වැඩක් නැහැ. අත පය කපලා දාලා විදවන්න අරින්නයි ඕනේ ජීවිත කාලෙටම (නදී)

:       0       0

රත්න Friday, 12 September 2014 11:32 AM

හප්පේ..ඇති යන්තම්.. හොරුන් වත් හෙට අනිද්දා අහුවෙයි. (නදී)

:       0       0

හරීන්ද්‍ර Friday, 12 September 2014 11:37 AM

හරිම සතුටුයි (නදී)

:       0       0

පද්මිණි _ ප්‍රංශය Friday, 12 September 2014 11:43 AM

මට දැනුනු සතුට ඉහිලුම් නැහැ. දළදා හාමුදුරුවෝ අපේ රටේ වැඩ සිටිනවා. දැන් ඉතින් එම පවුලට ගෙයක් තනා ගන්න උදව් කරමු. (නදී)

:       0       0

කුමාරි Friday, 12 September 2014 11:48 AM

රත්නත්ත්‍රයේ සරණයි, දළදා හාමුදුරුවන්ගේ, ජය ශ්‍රීමා බෝ සමිදුගේ පිහිටාරක්ශාවයි දෝණියේ! (නදී)

:       0       0

ආශා Friday, 12 September 2014 11:58 AM

හරිම සතුටුයි (නදී)

:       0       0

මාලි Friday, 12 September 2014 11:59 AM

බුදු සරණයි දරු පැටියා බාර දුන්නට (නදී)

:       0       0

උදය කුමාර Friday, 12 September 2014 12:00 PM

මෙය කළ අයට සමාවක් නම් දෙන්න එපා (නදී)

:       0       0

ධනංජය Friday, 12 September 2014 12:02 PM

අනේ හොඳයි, පොඩි එකීව කොහොම හරි හම්බුන එක (නදී)

:       0       0

ම.බ. ඒකනායක Friday, 12 September 2014 12:10 PM

ගමේ එකමුතු කමේ උත්සාහයත් විශ්වාසයෙත් ප්‍රතිඵල (නදී)

:       0       0

රොකී Saturday, 13 September 2014 01:06 AM

දරුවා හමුවීම ලොකු සතුටක්. මෙි සමරේට කියන්න තියෙන්නේ එයා එංගලන්තේ ඉන්න බවලු. පත්තරේ දැන්වීමක් දැම්මා නම් වඩා හොඳයිනේ (නදී)

:       0       0

දසුන් Friday, 12 September 2014 12:16 PM

අහිංසක දරුවා සනීපෙන් ඉන්න එක කොච්චර දෙයක්ද.(නදී)

:       0       0

චන්ද්‍රදාස විතානගේ Friday, 12 September 2014 12:17 PM

හරිම සතුටුයි දරුවා ගැන (නදී)

:       0       0

කීර්ති Friday, 12 September 2014 12:25 PM

අනේ ගොඩක් ස්තුතියි. අහිංසක කෙලි පොඩ්ඩ නිරුප්‍රදිතව හොයා ගත්තා කියලා දැනගත්තහම සතුටට ඇස්වලට කඳුළු ආවා. පොඩි දුවේ ඔබට තෙරුවන් සරනයි (නදී)

:       0       0

කීර්ති ශ්‍රී රාජරත්න Friday, 12 September 2014 12:22 PM

මෙය කරපු කෙනාගේ අතපය කඩලා දාන්න ඕනේ (නදී)

:       0       0

ඇන්ටන් Friday, 12 September 2014 12:30 PM

කුබුක්ගැටේ කඩයක් අසලදී ද ළමයව සොයා ගත්තේ නැත්නම් මඩගල්ල කැලයක් වටලාද ? (නදී)

:       0       0

සමන් Friday, 12 September 2014 12:43 PM

මෙයා නම් ආයුධ පෙන්නන්න යයි වගේ (නදී)

:       0       0

ලලනී Friday, 12 September 2014 12:43 PM

තාමත් මේ කියන ගෙදර වටලා නැද්ද ? මට නම් අර දරුවාගේ ගෙදර ගැවසුනා කියන කට්ටඩි මාමාව තමයි සැක. ඔය ගෙදරට කලක ඉඳල රිංගන්න ඇත්තෙත් මේ දරුවා ගෙනියන්න තමයි. (නදී)

:       0       0

මැණික් Friday, 12 September 2014 12:50 PM

අනේ ලොකු සැනසීමක්. මම බුදුන් වඳින කොට මේ දරුවා ගැන මතක් කරලා සෙත් පැතුවා. මම අම්මලාගෙන් ඉල්ලන්නේ තමන්ගේ දරුවන් පරිස්සම් කරගන්න කියලා. අපිට වගේ දරුවන් නැති වුනා නම් තේරේවි දරු දුකට වැඩිය දරුවන් නැති දුක කොච්චර දුකක් ද කියලා. (නදී)

:       0       0

ර.ම.ට.ග රත්නායක Friday, 12 September 2014 12:51 PM

අපේ රටේ මේ ගොඩක් දෙනා පොලිසියේ අයට නිතරම බනින වෙලාවක මේ වගේ දේවල් දැකලවත් පොලිසිය කෙරෙහි ඇති වෛරය දැන්වත් නැවත්තුවොත් නරකද ? (නදී)

:       0       0

ජයනි Friday, 12 September 2014 12:54 PM

මට ලොකු සැනසීමක් දැනුනා. මේකේ මුල අර කට්ටඩි රාල ඇති. දැන් නම් අපේ ළමයින් යන යන තැන ගෙනියන්න වෙන තත්ත්වයක් නේ මේක. ගෙදර අම්මලා එක්ක ඉන්නකොටත් පැහැර ගෙන යනවා නම් අපි නැති තැන අපේ දරුවට මොන ආරක්ෂාවක්ද ? (නදී)

:       0       0

සමන්ත Friday, 12 September 2014 12:57 PM

මේ ළමයව සොයා ගත්තේ නිමල් ජයසූරිය මහත්තයද එහෙම නැත්නම් පොලිසියද ? මට පෙනෙන්නේ පොලිසිය ලකුණු දා ගන්න හදනවා වගේ. අර දෙනවායි කිව්ව ලක්ෂ 10 ගන්න (නදී)

:       0       0

ලසිත් Friday, 12 September 2014 12:58 PM

මේ දරුවා නිදන් හැරීමකට ගන්න අරන් ගිහින් ඒ වැඩේ ඇත හැර දමන්න වුන නිසා ද දරුවාව නිදහස් වුනේ. ?. අපේ රටේ අලුතෙන් නිදන් , බලි තොවිල් පුජා සංස්කෘතියක් ඇවිල්ල බව හොඳටම පැහැදිලියි. මිනිස්සු ආයෙමත් ගල් යුගය පැත්තට ගමන් කරන්න පටන් අරන්. (නදී)

:       0       0

රුමේෂ් Saturday, 13 September 2014 02:40 AM

බුදුසරණයි මේ දුවට. කවදාවත් මේ වගේ කරදයක් වෙන්න එපා. හැමදාම සතුටින් ඉන්න (නදී)

:       0       0

අමිල Friday, 12 September 2014 01:02 PM

මොනවා කරන්නද කොණ්ඩේ කැපුවේ. බිල්ලක් දෙන්නවත්ද (නදී)

:       0       0

සංජීව ගනේගොඩ Friday, 12 September 2014 01:03 PM

මේ දරුවාව හොයාගත්තට එ් උදවියට ගොඩක් පින්. දැන් ඉතින් නීතිය තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද අපේ රටේ වෙනත් රටවලට වඩා නීතියේ හිඩැස් තියනවා. මේ වගේ වැරදි වලට උපරිම දඩුවම් දෙන්න ඕනේ (නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 13 September 2014 03:05 AM

මෙම අපරාදකරුවන්ට ඔවුන් ජීවත්ව සිටින තුරු විඳවීමට දඬුවම් නීතියෙන් සහ සමාජයෙන් ලැබිය යුතුයි. මෙයා වෙනුවෙනුත් මුදලට ඕනෑම අපරාද කාරයෙක් රැක ගන්නට උත්සාහ කරන අය ඉදිරිපත් වේවි. (නදී)

:       0       0

ජිලෝ Friday, 12 September 2014 01:06 PM

ඔය කියන ගෙදර එහෙනම් සීල් තියලා පරික්ෂා කරන්න වටිනා තැනක් වගේ. දරුවා හමු වුන එක ගැන නම් සිතට පුදුම සතුටක්. කරණාකර ඔය නිදන් රාල ල ටික අල්ල ගත් සැනින් නීතිය ක්‍රියාත්මක කරන්න. (නදී)

:       0       0

චමින්ද Saturday, 13 September 2014 03:07 AM

හැබැයි පොලිසියට අපේ උදව් ඕනේ. (නදී)

:       0       0

සකුන්තලා Friday, 12 September 2014 01:10 PM

උස්සපු අය ගාව අනිවාර්යයෙන්ම ආයුධ ඇති. එව්වා හොයාගන්න. නැත්නම් ඕක වැරදි ආදර්ශයක් වෙන්න පටන් ගනීවි. නැත්නම් කොළඹට ගෙනල්ලා පැනල යන්න දෙන්න. එතකොට ජනතාව නියම උත්තරය දේවි. මගේ අදහසනම් සුදුසුම දේ ඒක (නදී)

:       0       0

නෙලුම් Friday, 12 September 2014 01:08 PM

හරිම සැනසීමක් මේ දරුවා සොයා ගත්තා කියල දැනගත්තම. සියලු දෙනාම තමන්ගේ දරුවෙක් කියල හිතල තම තමන්ගේ ආගමට අනුව මේ දරුවා වෙනුවෙන් සෙත් පතපු එකේ ප්‍රතිපලයක් තමයි.(නදී)

:       0       0

දිලාන් Saturday, 13 September 2014 03:16 AM

සමරේ නිකම් බහු බූත නොලියා පුවතට අදාල දෙයක් ලියන්න. අඩු ගනනේ මෙවැනි අපරාධ හෙලා දකින බව වත් කියන්න. වාචාල කතා ලියලා මෙතන සංවාදය අවුල් කරන්න එපා. (නදී)

:       0       0

නිලංග Friday, 12 September 2014 01:11 PM

දැනගත් විගස මම අපේ නෝනාටත් කිව්වා. අපිට හරිම සතුටුයි. දුර රටක ඉඳන් අපි සැමදාම පතන්නේ අපේ මව්බිමේ අයගේ සතුට සැනසීම තමයි. (නදී)

:       0       0

සරත් අතාවුද Friday, 12 September 2014 01:12 PM

මාධ්‍ය මෙහෙවරට මගේ උපහාරය දියණිය ඔබට තෙරුවන් සරණයි (නදී)

:       0       0

කරන්දෙනිය සිරිසේන Friday, 12 September 2014 01:13 PM

අහිංසක දරුවන් පැහැරගන්නා අයව ගල් ගසා මරා දැමිය යුතුය (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 12 September 2014 01:13 PM

අනිත් හැම දරුවෙක් ගේ ආරක්ෂාව සදහා ප්‍රසිද්ද දඩුවමක් දෙන්න (නදී)

:       0       0

චමින්ද දිසානායක Saturday, 13 September 2014 03:35 AM

දෙයියන්ගේ පිහිටෙන් දරුවා හම්බ උනා. එ්ක ලොකු සැනසීමක් (නදී)

:       0       0

ලොයිඩ් Friday, 12 September 2014 01:18 PM

රත්නායක පොලිසිය හොයාගත්තු මගුලක් නැහැ. ගමේ මිනිස්සු හොයාගෙන පොලිසියට බාරදුන්නේ (නදී)

:       0       0

සෆ Friday, 12 September 2014 01:25 PM

උපරිම දඬුවම් දිය යුතුය. මේ මෙයාලට ගෙයක් තනා ගන්න උදව් කරමු. (නදී)

:       0       0

කසුන් Saturday, 13 September 2014 06:45 PM

මේ අයට දැන් මොකද්ද කරන්නෙ? රක්‍ෂිත බන්ධනාගාරයේද?ඉදිරී අහිංසක ළමා පරපුරවත් ආරක්ෂා වෙන විදියට පිළියමක් යොදන්න ක්‍රියාකළොත් ලොකු දෙයක්. (නි)

:       0       0

කමල් Friday, 12 September 2014 01:35 PM

අපරාධකරු හෝ කරුවන් හිරයට එන තුරු බාලා සිටිමු. අශූචි සංග්‍රහය වෙල්කම් ඩ්‍රින්ක් එකක් වේවි මෙදා පාර (නදී)

:       0       0

අතුල කටාර් Friday, 12 September 2014 01:33 PM

අනේ මගේ දු වගේ පුංචි කාලේ. පොඩි එකිට කරදරයක් නැතිව හම්බ වුනා. කිසි කෙනෙක්ව විශ්වාස කරන්ඩ එපා (නදී)

:       0       0

සමීම් මුබාරක් Saturday, 13 September 2014 04:09 AM

මම සෞදි අරාබියාවේ සේවය කරන්නේ. මේ අහිංසක පුංචි දෝනිව අතුරුදහන් උන බව දැනගත්තම ඇති උනේ දරාගන්න බැරි දුකක්. ලංකාවේ ඉන්න මේ වගේ සමහර අය ගැන ඇති වුනේ වෙයිරයක් පිළිකුලක්. මම මේ පුංචි දුවව අායෙත් එයාගේ දෙමව්පියන්ට කිසිම දුකක් කරදරයක් නැතිව ලැබෙන්න ඕනේ කියල හැම වතාවකම දෙවියන්ගෙන් ඉල්ලා සිටියා. එහෙම නොවුනොත් මම දෙවියන් බුදුන් වැදීම අත්හරිනවා කියල හිතාගෙන හිටියේ. එහෙත් දෙවියන්ගේ පිහිටෙන් මේ පුංචි දෝනිට කිසිම දුකක් කරදරයක් නැතිව අායෙත් එයාගේ දෙමව්පියන් ලඟට යන්න ලැබුනා. අපේ රටේ ඉන්න හැම හොඳ මිනිසුන්ගේ හිත්වල ප්‍රර්ථනා ඉටුවුණා. හැමදෙනාගේම නෙත්වලට සතුටු කඳුලක් එකතුවුනා. තවත් බලා ඉඳලා හරියන්නේ නැහැ. අායෙත් මේ වගේ දෙයක් වෙන්න කලින් මේ අයට සෞදි අරාබියාවේ නීතිය වගේ ප්‍රසිද්දියේ දඩුවම් කරන්න ඕනේ. එදාට තමයි අපේ රටට යහපත් කාලයක් උදාවෙන්නේ. ඉතින් මේ දරුවා වෙනුවෙන් මහන්සි වුන හැමදෙනාටම ගොඩක් පින් දුවේ ඔබට තෙරුවන් සරණයි (නදී)

:       0       0

මංජු Friday, 12 September 2014 01:50 PM

රටටම සහනයක් ගෙනදුන්නා (නි)

:       0       0

රොහාන් ගල්ගමුව Saturday, 13 September 2014 04:17 AM

සැකකරු ආයුද හංගපු තැනක් වත් පෙන්නන්න එක්ක යමුද (නදී)

:       0       0

සමන්ති Friday, 12 September 2014 01:48 PM

පොලිසියේ තෑගි මුදල කාටද? (නි)

:       0       0

රොහාන් ගල්ගමුව Saturday, 13 September 2014 04:19 AM

යලි මෙවැන්නක් සිතන්නටවත් අනෙකෙක් බය වෙන දඩුවමක් මේකාට දිය යුතුයි (නදී)

:       0       0

සම්පත් Saturday, 13 September 2014 04:19 AM

කැලේදිම පැනලා යන්න හැදුවොත් රාලහාමිලා දන්නවා මොනවද කරන්න ඕනේ කියා (නදී)

:       0       0

එරන්ද Friday, 12 September 2014 02:02 PM

මෙවැනි දෙවල් වළක්වන්න උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. නැත්නම් අපේ දරුවන්ටත් මේ ඉරණම උදාවෙනවා දවසක (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 13 September 2014 04:35 AM

දැරිවිය සොයාගැනීම සම්බන්ධව මාධ්‍ය වාර්තාවල පරස්පරතාවයක් තිබුනත් දැරිවිය කිසිම අනතුරක් නැතිව සොයා ගන්ට ලැබීම අපි කාගේත් සතුටට කරුණක්. (නදී)

:       0       0

අනීෂා Friday, 12 September 2014 02:07 PM

හරිම සතුටුයි.මේ දරුවා සොයාගත්තාට, තවත් දුක්මුසු පුවතක් නොවී. මේ දරුවාගේ පවුලට සියලුදෙනා උදවු කළයුතුයි (නි)

:       0       0

පැතුම් Saturday, 13 September 2014 04:40 AM

ඇයි මේ දරුවෝ සෙල්ලමක් පටන් ගත්තේ? මරාගෙන මෙරෙන්න හිතෙනවා සම්බන්ද එවන් ඔක්කෝම සමග (ස)

:       0       0

දර්ශනී Friday, 12 September 2014 02:06 PM

චුටි දුවේ, ඔයාට බුදු සරණයි! (නි)

:       0       0

දේව් Friday, 12 September 2014 02:12 PM

ඔබට ගොඩක් පින් ඒ චූටි නංගියාව බේරාගත්තාට (නි)

:       0       0

විමල් සිරි Saturday, 13 September 2014 04:54 AM

අනේ මගේ සුදු දුවට දළදා හමුදුරුවන්ගේම පිහිටයි. (ස)

:       0       0

ගයනි Friday, 12 September 2014 02:13 PM

හරිම සතුටුයි. දැන්වත් මේ දෙමාපියන් දරුවන් ගැන සැළකිල්ලෙන් ඉඳීවි කියලා හිතනවා. කවුදෝ ආගන්තුක කෙනෙක් ගෙදර ගැවසුනාලු නේද පසුගිය දවස් වල. මේ සිද්ධියට ඒ පුද්ගලයාගේ සම්බන්ධයක් නැතත් දරුවන් නෑවීම් කෑම කැවීම් ආදියටත් ආගන්තුක පිට කෙනෙක්ව සම්බන්ධ කරගන්න එකේ ලොකු අවදානමක් තිබෙනවා. මැණික් කියනවා වගේ තමන්ගේම දරුවෙක් නැත්තටම නැති වුණාම තමයි සමහරුන්ට දරුවන්ගේ වටිනාකම දැනෙන්නේ. ඉන්නකම් ගානක් නැහැ. (නි)

:       0       0

සිරිල් මාලදිවයින Saturday, 13 September 2014 05:01 AM

අහිංසක පැටියට අනතුරක් නැතිව හම්බවිම ගැන සතුටුයි. පුංචි පැටියට දෙවියන්ගෙ පිහිටයි. පත්තර කාරයො හොඳ වැඩ කරනව වගේම කරන විකාර දැක්කම ලැජ්ජත් හිතෙනව. අද දිවයින පත්තරේ තියෙන්නෙ මීට හාත්පසින්ම වෙනස් විස්තරයක්. (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 12 September 2014 02:19 PM

පැනලා ගිය කෙනාට නම් දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

හසන් Friday, 12 September 2014 02:21 PM

නිධන් හාරන්නට බිල්ලට දෙන්න ගෙනගියා වගේ තමයි පෙනෙන්නේ. දරුවා බේරුණ එක දේව පිහිටක්.පොඩි එකීට සියලු දෙවි රැකවරණයි! (නි)

:       0       0

මාලින්ක Saturday, 13 September 2014 05:10 AM

මේවා නිකන් රඟපෑම් වගේ,,හැම එකක්ම එක වගේ,, මිනිස්සුන්ගේ ඔලුව වෙන අතකට යවන්න කරන වැඩ වෙන්නත් පුළුවන්,,සන්විදනාත්මකව රටේ ප්‍රශ්න අමතක කරන්න,,තෙල් මිල 10% කින් ලෝක වෙළඳපොලේ අඩු වුනා කෝ අඩු කලාද ? මේ රටේ අද වෙන දේවල් අනුව කාටවත් මෙහෙම නොහිතෙන්නේ අැයි. (ස)

:       0       0

රවීන්ද්‍ර Friday, 12 September 2014 02:18 PM

සල්ලි රජවෙයි, ජීවිතය බිලිවෙයි, කොසොල් රජතුමාගේ සිහින සැබෑවෙයි (නි)

:       0       0

අමිත Friday, 12 September 2014 02:25 PM

දෙවියන්ට ස්තූතියි! (නි)

:       0       0

අසංක Friday, 12 September 2014 02:26 PM

දවස් කීපයක් හරි දරුවා දෙමාපියන්ගෙන් ඈත් කරලා ඒ හිත් වලට මැරි මැරී උපදින්න තරම් ඇති කරපු ගින්නට, ළමයාව පැහැරගත් අයට මොනවා කරලා හිත් වදිනවද? (නි)

:       0       0

දිනේෂ් Saturday, 13 September 2014 06:01 AM

වදාපු දෙමව්පියන්ටත් එක්ක සහ ගහන්න ඕන, කරන වැඩවලට..........(ස)

:       0       0

නන්දන ප්‍රිය ශාන්ත Friday, 12 September 2014 02:38 PM

මල් කැකුළු වගේ අහිංසක දරුවන්ව විනාශ කරන්න හදන අයව මරන්නම ඕනේ. (නදී)

:       0       0

දයා Saturday, 13 September 2014 06:14 AM

මේ වෙනුවෙන් ඇප කැප වී වැඩ කල සියලු දෙනාටම පින් (නදී)

:       0       0

හමීඩ් රියාද් Friday, 12 September 2014 02:42 PM

අනේ මගේ දරුවා ලැබුනා. දෙවියන්ට ස්තුතියි (නදී)

:       0       0

ආසික් Tuesday, 16 September 2014 01:36 AM

මේ වගේ අපරාධකරුවන්ට තමයි ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ (නි)

:       0       0

හෙමා රත්නායක Friday, 12 September 2014 02:43 PM

මේ සදහා මාද්‍ය කල මෙහෙවරට අපගේ උපහාරය. දුවේ ඔයාට බුදු සරණයි. මේ අපරාදය කළ අයට උපරිම දඩුවම් දෙන ලෙස පොලිසියෙන් ඉල්ලමි (නදී)

:       0       0

තේනුවර Saturday, 13 September 2014 06:18 AM

මේ පුවත ,එ් වගේම මෙතන අදහස දක්වලා තියෙන විදිහත් හරිම කෘතිමයි. (අ)

:       0       0

නිරාන් Saturday, 13 September 2014 06:16 AM

මලින්ත ඔබ හිතන දෙය මටත් හිතුන්නා මෙතන අපිට නොතේරෙන වෙනත් කතවක් තියනවා මිනිසු නොමග යවන ක්‍රියාවලියක් මෙහි අනිවාර්යෙන්ම ඇතුලත් අසරණ මිනිසුන් යොදගෙන්න රගපාන ජවනිකාව වියහැකි (අ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Saturday, 13 September 2014 06:24 AM

මේ සිද්දිය ගැන පත්තර වල විස්තර කරලා තියෙන්නේ වෙනස් වෙනස් ආකාරයට අනේ මන්දා මොකක්ද ඇත්ත කියලා. දරුවා හොඳින් හම්බ උන එකට නං සන්තෝෂ වෙනවා අපි. (අ)

:       0       0

සංජීව Friday, 12 September 2014 02:49 PM

ලක්ෂ 10 කාට හරි දෙන්නේ නැත්නම් එ්කෙන් ගේ හදා දෙන්න (නදී)

:       0       0

ජොනතන් Saturday, 13 September 2014 06:36 AM

කයි වාරු නං ගහනවා . තාම බැරි වුණා, කුඩු එන විදිහයි, පාතාලේ මැර කනුයි, අහිංසක දරු පැටවුනට වෙන මේ දේවල් නවත්තන්න. නිකන් බොරුවට නඩු අහල උසාවියේ කලේ කන්න එපා. හිරේ දාල ජනතාවගේ සල්ලිවලින් කන්න දෙන්න එපා. ඔය ටික කරන්න බැරිනං දාල යනවල ආණ්ඩු නොකර. දරු 3දෙනෙක් ගේ තාත්තා කෙනෙක් මමත්. එකයි අපිට දුක.(අ)

:       0       0

මලිති හඳපාන්ගොඩ Friday, 12 September 2014 02:54 PM

තෙරුවන්සරණින් දෙවිපිහිටෙන් පුංචි දියනිය හම්බ උනා (නදී)

:       0       0

පාලිත Saturday, 13 September 2014 06:49 AM

ඔව්, මරාගෙන මැරෙන්න ඕනේ ඔය දේවල් කරන අයගේ පවුල් පිටින්. (නදී)

:       0       0

මලිත් Friday, 12 September 2014 03:07 PM

පොඩි දරුවා ගෙන මේ වගේ දෙයක් අහන්න ලැබුන එක කොච්චර හොදද? බුදුසරණයි (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 12 September 2014 03:07 PM

මෙම දරුවා ලැබීම ගැන ඉතාම සතුටුයි. නමුත් මෙහි නියම ඇත්ත කුමක්ද? කෙනෙක් දැකල බාර දුන්නද? ගෙදර ඉදල ඇල්ලුවද? කඩයක් ලග දමල ගිහින් ලැබුනද? පොලිසිය කැලය වටලා මෙහෙයුමකින් අල්ලගත්තද? මොකක්ද ඇත්ත හරි විදිහ. (නදී)

:       0       0

චාමික කැලුම් Friday, 12 September 2014 03:16 PM

තෙරුවන් සරණයි දුවේ (නදී)

:       0       0

ශාන්ති Saturday, 13 September 2014 07:09 AM

මේ දරුවා හම්බ උණු ආරංචිය තමයි මට අද උදේ සතුටුම ආරංචිය. දරු පැටියාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා (නදී)

:       0       0

ටිකිරි Friday, 12 September 2014 03:21 PM

දැන් නිමල් අයියට රුපියල් මිලියන එකක් දෙයිද? (නදී)

:       0       0

රසිකා Saturday, 13 September 2014 07:44 AM

ප්‍රධාන සැකකරු මීට පෙර පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් දුෂණ ය කිරීමේ චෝදනා ඇති කෙනෙක් ලු. දැරිය ගේ ගෙදරට ආව ගිය නෑදා කෙනෙක්ලු. ඒ බව දැරියගේ මව්පියන් දැන ගෙන නොහිටි එක හරි පුදුමයි. කොහොම වුනත් මේ දෙමව්පියනුත් පිටස්තර උදවිය දරුවන් සුරතල් කරන මුවාවෙන් ගෙට වැදුන විට ඒ ගැන සැලකිලිමත් වෙලා නැති බව පේනවා. මේවා හැමෝටම හොඳ පාඩම්. (නදී)

:       0       0

විතානගේ Sunday, 14 September 2014 04:30 PM

දරුවාට කරදරයක් නොවුණ එක ගැන හරිම සතුටුයි (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 13 September 2014 07:49 AM

මේ දරුවා සොයා ගැනීම සදහා මාද්‍ය සගයන් දුන් සහයෝගයට, හා වැල්ලව පොලිස් ස්ථානාදී පති තුමා, ඇතුළු කර්ය මණ්ඩලයටත්, නිතර අවදියෙන් සිටි අවට ගම්වසින්ටත් අපගේ ගෞරවය හා සතුට පලකර සිටිමු (නදී)

:       0       0

සදුනි Friday, 12 September 2014 03:34 PM

බිලි දීලා නිධන් ගන්නම වෙන්න ඕන ඉදලා තියෙන්නේ. ඔය කට්ටඩියෝ නම් විස්වාස කරන්නම එපා. (නදී)

:       0       0

සුසන්ත දයානාත් Friday, 12 September 2014 03:35 PM

දියණිය ඔබට තෙරුවන් සරණයි. විදේශගතව ඉන්න අපි එකතුවෙලා ඔවුන්ට නිවසක් සාදා දෙමුද. (නදී)

:       0       0

නික්ස් Saturday, 13 September 2014 07:55 AM

අනේ ලොකු දෙයක් මොන විදියක කොහේ ඉඳල හරි හම්බවුණ එක ලොකු දෙයක් බුදු සරණයි චූටි දුවේ ඔයාට (අ)

:       0       0

නාමරත්න පතිරණ Friday, 12 September 2014 03:36 PM

අනේ හරිම සතුටුයි. ඒ දරුවට තෙරුවන් සරණයි. අපි අපේ දරුවන් ගැන එයාලගේ ආරක්ෂාව ගැන තව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. තෙරුවන් සරණින් සියලු යහපත සැලසේවා (නදී)

:       0       0

සංජීව කුමාර Saturday, 13 September 2014 08:04 AM

පොලිසියේ මහත්වරු නිදා සිටියදී දැරිය ගම වැසියෙක් මාර්ගයෙන් හොයාගෙන. ආසියාවේ ආශ්චර්යය. දැන් සල්ලි දෙන්නේ කොහොමද කාටද කියල බලමු. එක තම හොඳම කොටස...(අ).

:       0       0

සතිස් Friday, 12 September 2014 03:48 PM

මට එම දියණිය හමුවුනා නම් මම ලක්ෂ 10 අරගෙන එම පවුලට නැවත පරිත්‍යාග කරනවා. (නදී)

:       0       0

සුගුනවති Friday, 12 September 2014 03:47 PM

ලංකාවේ දැන් අමුතු අමුතු විදියේ ලෙඩ්ඩු. සල්ලි හොයන්න බලන්නේ මොන ක්‍රමයකින් හරි. දැන් ඉතින් ළමයා පැහැරගත් ගවයින්ට දෙන දඬුවම කුමක්ද? (නදී)

:       0       0

මොහමඩ් Saturday, 13 September 2014 08:30 AM

අපේ රටේ නීති මදි (නි)

:       0       0

පෙරේරා Saturday, 13 September 2014 08:34 AM

දරුවාට දෙවි පිහිටයි! (නි)

:       0       0

සමරේ Friday, 12 September 2014 03:53 PM

මම මේ එංගලන්තේ ඉඳන් ලියන්නේ. ඇත්තටම මේ මේ මට කියන්න ඕනේ එච්චරයි. (නදී)

:       0       0

ඉන්දික භාරත Friday, 12 September 2014 04:01 PM

කෙසේ වෙතත් දරුවා හම්බ වීම සතුටට කාරණයක්. දරුවාව සොරකම් කල අයට නිසි දඩුවම් දෙන්න. ඇයි මේ වගේ අපරාද නොවෙන්නේ (නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 12 September 2014 04:02 PM

අර පළාත් සභාවත කියලා ඇත්තියක් ඇවිත්ලා ඔය දරුවන්ගේ ගෙදරදි මාධ්‍ය වේදීන්ට උම්බෑ කියලා අනින්න ගියා. කෝ දැන් එයා ඇයි සද්දයක් නැත්තේ (නදී)

:       0       0

චමීර Saturday, 13 September 2014 09:37 AM

අරගෙන ගිය කෙනාට නම් හොඳක් වෙන්න එපා (නි)

:       0       0

සේන Friday, 12 September 2014 04:19 PM

කරන්දෙණියේ සිරිගේ කතාවට මමත් එකඟයි (නදී)

:       0       0

බුද්ධික Friday, 12 September 2014 04:21 PM

ළමයා කඩය ළඟ හිටි කතාව සහ කැලයකදී හමුවුණා කියන කතාව පරස්පරයි.මොකක්ද සත්‍ය සිද්ධිය? (නි)

:       0       0

මනෝජ්-සාජා Friday, 12 September 2014 04:26 PM

මේ බබාව පැහැරගත් උන්ට අර අන්තිම ඡායාරූපයේ තිබෙන ගල පෙරළලා ඒකට යටවෙන්න දෙන්න ඕනෑ. චුටි දෝනි,ඔයාට බුදු සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 140 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 842 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1770 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1129 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 467 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 285 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site