(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නරියෙකු විසින් නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක ඩැහැ ගැනීමට තැත් කිරීමේ දී මව ක්ෂණික ව ක්‍රියාත්මක වී එය වළක්වා තිබේ. නරියා විසින් දැරියගේ කකුල සපාකෑම හේතුවෙන් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහටල ඇතුලත් කර ඇත.
වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් පලායමින් සිටි නරියා කොටුකර පහර දී මරා දමා ඇත.
තුවාල ලද දැරිය සිය සොහොයුරා සහ සොහොයුරිය සමඟ නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදී මව මුළුතැන්ගෙයි කෑම පිසිමින් සිට ඇතැයි ද, මේ දිනවල එම ප්‍රදේශයේ නරියන් ගැවසීම හේතුවෙන් නිවසේ දොර වසා ගෙන සිටින ලෙස බිරිඳට පවසා තිබූ බව ද දැරියගේ පියා කීවේය.
අදාළ අවස්ථාවේදී දොර වසා නොතිබී ඇති අතර නරියා නිවස දෙසට එනු දුටු වසර 5 ක් වයසැති වැඩිමල් දරුවා මුළුතැන්ගෙට දිව ගොස් ''අම්මේ නරියෙක් වගේ එකෙක් ගෙවල් පැත්තට එනවා'' මවට පැවසීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ එම මව නිවසේ සාලය වෙත දිවවිත් එහි සිටි දැරිය වඩා ගැනීමට සැරසීමත් සමගම නරියා එකවරම උඩ පැන දැරියගේ දකුණු කකුල සපා කා තිබු බව ද ඔහු පැවසීය. ඒ සමගම මව දරුවත් වඩාගෙන මහ හයියෙන් කෑ ගසමින් දිව යාමත් සමඟම නරියා කාමරයක සිට නිවෙසින් පිටතට පැන පලා ගොස් තිබිණි.
සිද්ධිය සැලවීමත් සමගම නිවස වෙත යතුරු පැදියෙන් පැමිණෙමින් සිටි දැරියගේ පියා වන චන්ද්‍රසිරි මහතා වෙත ද පලායමින් සිටි නරියා කැලෑවක එකවරම පැන ඇති අතර ඔහු එයින් බේරී නිවස වෙත පැමිණි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. දරුවා සපා කා පළා යමින් සිටි නරියා සොයා පහර දී මරා දමා රෝහල වෙත රැගෙන ගොස් එහි පැමිණි වනජීවී නිලධාරීන් වෙත භාර දී තිබිණි.
හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මියගෙන් මේ පිළිබඳ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.
'' නරියා සපා කෑමෙන් තුවාල වූ දැරියට අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර එන්නත් පවා ලබා දුන්නා. වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටු අංක 14 වෙත යොමු කර තිබෙනවා'' යැයිද කීවාය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැරිය ගෙනයන්න ගිය නරියා කැටමුගුරු පහර කා මරුට
විජේ Thursday, 08 October 2020 07:08 AM
කලින් වූ ජීවිතහානි වලින්වත් ඉගෙනගෙන මේ අහිංසක දරුවාව බේරාගනිමු..
slj Thursday, 08 October 2020 07:34 AM
කෝ වනජීවී දෙපාර්තමේන්තුව? මොනවද ගන්න පියවර?
Kamal Koyrala Thursday, 08 October 2020 07:35 AM
අවුරුද්දක් ගතවෙන්නත් පෙර කැලෑ විනාශ කරන්න පටන් අරන්... දැන් අලි මදිවට නරි.. පරිසරය රැකගන්න ලන්ච් ශීට්, බෝතල් කුප්පි වලින් පරිසරය ආරක්ෂා කරන්න යන්නේ.
Raveendra Thursday, 08 October 2020 09:30 AM
රත්තරන් දූ පැටියාට ඉක්මන් සුවය අප සැවොම ප්‍රාර්ථනා කරමු.
Tilak Thursday, 08 October 2020 09:53 AM
ඔය ගම්වල කට්ටිය එකතුවෙලා නරි රංචු ඉවරයක්ම කරලා දාන්න බැරියැ.. නැතිනම් ඕක ඉවරයක් වෙන්නේ නැහැ. ආණ්ඩුව කරන දෙයක් නැහැ.
UpaliMonday, 12 October 2020 12:07 PM
උපදෙස් දෙන්න නම් ඉන්නවා දාහක් විතර කරන්න.. එකෙක් තමයි නැත්තේ. ඔයා ඇවිල්ලා මූලිකත්වය ගන්න තිලක්...
somasiri Thursday, 08 October 2020 10:09 AM
නරිනයිදෙට නිවන් සුව ලැබේවා..!!!
asanka Thursday, 08 October 2020 12:17 PM
මේ නරියා බොහෝවිට ජල භීතිකාවෙන් පෙළුණු නරියෙක් විය හැක. මෙවැනි සතුන්ට වෙඩිතැබීම හැර වෙන දෙයක් කළ නොහැක. මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි දෙයක් කිරීමට රජය පසුබට නොවිය යුතුයි.
අප්පුහාමිThursday, 08 October 2020 01:11 PM
මම සේවයේ යෙදී සිටියදී නියමවූ මූලික විමර්ශනයකදී පැමිණිලිකරුගේ ප්‍රකාශයක් ගැනීමට සිදුවුනේ විශේෂඥ වෛද්‍යතුමෙකුගෙනි. එතුමා ප්‍රකාශකලේ කැලෑවල සිටින නරින් ගම්වලට පැමිණි අවස්ථාවලදීත් බල්ලන් කැලෑවලට ගිය අස්ථාවන්වලදීත් නරින් විසින් බල්ලන් සපාකෑම නිසා බල්ලන්ට පිස්සුබලු රෝගය ඇතිවන බවයි. මේ නිසා නිවෙස්වල ඇතිකරන බල්ලන්ටත් වඩා නරින්ගෙන් ප්‍රවේශම් විය යුතුබවයි එතුමා ප්‍රකාශකලේ... සැමගේ අවධානය යොමුවේවා...!!
Demuni Uduwara Thursday, 08 October 2020 12:25 PM
විශ්වාස කළත්, නොකළත් පාර්ලිමේන්තුවේ නම් නරි නැහැ.
anula Thursday, 08 October 2020 12:48 PM
ඔය පළාත්වල තියෙන කටු පොල් වගාවන් විනාශ කරන්න. අධිවේගෙන් එන මොනරුන් කන්නයි නරි එන්නේ..
rocky Thursday, 08 October 2020 12:59 PM
දැරිය ගැන අපගේ අනුකම්පාව හිමිවේ. එහෙත් නරියා මරා දැමීමට අයිතියක් කාටවත් නැති නිසා වැරැදිකාරයාට දඬුවම් කළ යුතුය. මේ රටේ ජනතාව මිනිසුන්ට වඩා සතුන්ට කරුණාව දක්වන බව අමතක නොකළ යුතුය.
asankaThursday, 08 October 2020 01:50 PM
ඇත්ත. කොළඹ ජීවත්වෙන අපිට නම් ඔය නරින්ගෙන් ප්‍රශ්නයක් නැහැ...
Srimathi Saturday, 10 October 2020 05:10 AM
කොහොම වුණත් මේ නරි රකින වෙලාවක් නොවේ. ජනතාව මේ ප්‍රශ්නයෙන් ගලවාගත යුතුමයි. කුඩා දරුවා ගැන ඉතාමත් දුකයි.
Bamunuareachchi Saturday, 10 October 2020 04:22 PM
නරි නයිදේ ලබුකිරිබත් කන්න ගමට එන්න ඇති. රෙදි නැන්දාට අහුවුණානම් ගලේ ගහලා හොඳට අපුල්ලයි.