IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


දුර්ලභ මාළුවෙක් බදුරලියෙන්

ලොව අතිශය දුර්ලභ මිරිදිය මත්ස්‍ය විශේෂයක් කළුතර දිස්ති‍්‍රක්කයේ බදුරලිය අත්වැල්තොට ප‍්‍රදේශයෙන් හමුවී තිබේ. මෙම ශී‍්‍ර ලංකාවට ආවේණික මත්ස්‍යයකු වුව ද ලෝකයට හඳුන්වාදී ඇත්තේ ජර්මනියේදීය. අත්වැල්තොට ප‍්‍රදේශයෙන් හමුවන තුරු මෙම මත්ස්‍යයා මෙරට කිසිදු ස්ථානයකින් වාර්තා සොයාගැනීමට හැකිවී තිබුණේ නැත. වර්ෂ 1957 දී මෙරටින් ජර්මනියට අපනයනය කැරුණු විසිතුරු මසුන් තොගයක් අතර සිටි වෙනස් ස්වරූපයක් ගන්නා මාළුවකු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ ජර්මන් ජාතික විද්‍යාඥයකු වන එම්.මින්කන් මහතා එම මාළුවා පිළිබඳ පර්යේෂණ ආරම්භකොට තිබේ. ශී‍්‍ර ලංකාවේ සිටින හල්මල් දණ්ඩියා ඇතුළු දණ්ඩි විශේෂ කිහිපයක් අතර සිටි මෙම මාළුවා මෙතෙක් ලොව සොයානොගත් නව විශේෂයක් බව ද තහවුරු කැරුණි. මාළුවාගේ වරල්වල කළුපැහැති රේඛාවක් පිහිටීම සැළකිල්ලට ගනිමින් එම සත්ත්වයා විද්‍යාත්මකව රැුස්බොරා නිග්‍රොමාජිනාටා ඍ්ිඉදර් බසටරදප්රටසබ්ඒ ලෙස නම් කැර තිබේ. පසු කාලයක එම නම රැුස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා ඍ්ිඉදරදසාැි බසටරදප්රටසබ්ඒ ලෙස වෙනස් කැර ඇත. නව විශේෂය එලෙස ලෝකයට හඳුන්වාදුන්න ද එම මාළුවා ශී‍්‍ර ලංකාවේ කුමන ස්ථානයක ජීවත් වන්නේ ද යන්න වසර ගණනක සිට සොයාගැනීම අපහසු කරුණක් වී තිබිණි. මේ මාළුවාගේ විද්‍යාත්මක දත්ත සැළකිල්ලට ගනිමින් ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විද්‍යාඥයන් රැුසක් පර්යේෂණවල නිරතවුව ද එම මත්ස්‍යයා ජීවත්වන ප‍්‍රදේශය හෝ මාළුවා හඳුන්වන සිංහල නාමයක් හෝ කිසිවකුට සොයා ගැනීමට හැකි වූයේ නැත. ඒ අනුව රැුස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා නැමැති මාළුවා ලෝකයෙන් වඳවීගිය මත්ස්‍යයකු ලෙස පිළිගැණුනි. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව කරන ලද පර්යේෂණයකදී මෙතෙක් වසර 57 ක කාලයක් ලෝකයෙන් සැ`ගවී සිටි නිග්‍රොමාජිනාටා සොයා ගැනීමට හැකියාව ලැබිණි. මෙම සොයාගැනීමත් සමග මාළුවා රතු වරල් දණ්ඩියා ලෙස හැඳින්වීමට ද පියවර ගෙන තිබේ. මෙතෙක් කරන ලද පර්යේෂණ අනුව බදුරලිය අත්වැල්තොට ප‍්‍රදේශයේ පමණක් දැකිය හැකි රතු වරල් දණ්ඩියා උපරිම සෙන්ටිමීටර දෙකක් පමණ විශාලත්වයෙන් වැඩෙයි. හල්මල් දණ්ඩියාට අතිශය සමීප ස්වරූපයක් ගන්නා රතු වරල් දණ්ඩියාගේ රතු පැහැති වරලේ දාරයෙහි කළු පැහැති රේඛාවක් දක්නට ලැබීමත් ඇසට උඩින් රතු ලපයක් දක්නට ලැබීමත් විශේෂත්වයකි. තමන් ජීවත්වන පරිසරයට අතිශයින්ම සංවේදී රතුවරල් දණ්ඩියා පරිසරයේ සිදුවන සුළු වෙනස්කමක් හේතුවෙන් වුවද මරණයට පත්වන බව පරිසරවේදීන් පවසයි. ජර්මනියේදී කරන ලද පර්යේෂණ අනුව 1957 දී ශී‍්‍ර ලංකාවට ආවේණික මාළුවකු ලෙස රතු වරල් දණ්ඩියා විද්‍යාත්මකව නම්කැර තිබුණ ද මෙරටින් කිසි දිනක වාර්තා නොවීම හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ මිරිදිය මතස්‍ය නාමාවලියට හෝ රතුවරල් දණ්ඩියා ඇතුලත්ව සිටියේ නැත. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා පවසන්නේ මෙම මත්ස්‍යයාගේ පරිසර පද්ධතිය පිළිබඳව, අනෙකුත් මිරිදිය ජීවී විශේෂ සමග අදාල පරිසරයේ ජීවත්වන ආකාරය, මුහුණපා ඇති තර්ජන සහ අභිජනන රටාව ගැන ඉදරියේදී පර්යේෂණ කිරීමට බලාපොරොත්තුවන බවයි. ශී‍්‍ර ලංකාවේ මසුන් පිළිබඳ දීර්ඝ කාලයක් ගවේෂණයේ නිරතව සිට දැනට  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ පර්යේෂකයකුවන රොහාන් පෙතියගොඩ මහතා මේ සොයාගැනීම සම්බන්ධයෙන් මෙසේ කීවේය. ඉතාමත්ම දීර්ඝ කාලයක් අපි මේ මාළුවා ගැන සොයා බැළුවා. දැනට මාළුවා හමුවී තිබෙන පරිසර පද්ධතියේදීත් මීට පෙර සොයා බැළුවත් වාර්තා වූවේ නැහැ. මේ මාළුවා ශී‍්‍ර ලංකාවෙන් වාර්තාවන ඉතාමත්ම අලංකාර කුඩා මත්ස්‍යයෙක්. ඒ වගේම ඉතාමත්ම සංවේදීයි. මෙවැනි මසුන් වාණිජ අරමුණු සඳහා එක්රැුස් කිරීම වහාම නැවැත්විය යුතුයි. ඒ වගේම ඔවුන් ජීවත්වන පරිසර පද්ධතීන් දැඩි සේ සුරක්ෂිත කළ යුතුයි. රතුවරල් දණ්ඩියා ජීවත් වන අත්වැල්තොට ප‍්‍රදේශයේ ජනතාව ඒකරාශී කළ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය එම මත්ස්‍යයා පිළිබඳව සහ සංරක්ෂණය කිරීම පිළිබඳ ඔවුන් දැනුම්වත් කැර තිබේ. ඒ අනුව ලොව අතිශය දුර්ලභ මාළුවකුවන ශී‍්‍ර ලංකාවට ආවේණික රතුවරල් දණ්ඩියා සුරැුකීමට අත්වැල්තොට ජනතාව ඒකරාශී වී සිටිති.

රතුවරල් දණ්ඩියා පිරිමි සතාගේ ඡුායාරූපය

 

මාළුවා හමුවූ අත්වැල්තොට දර්ශනයක්

එම ස්ථානයේ පරීක්ෂණ කටයුතුවල නිරතවන ආකාරය



අදහස් (0)

දුර්ලභ මාළුවෙක් බදුරලියෙන්

සි එල් මානගේ Saturday, 27 August 2011 10:18 AM

බොහොම වටින ලිපියක්. ලංකාවේ අපිට ආඩම්බරයක්. පරිසරය සුරක්ෂිත කිරීමට දක්වන උනන්දුව ගැන මගේ සුභ පැතුම්.

:       0       1

ප්‍රදීප් ප්‍රියන්ත Sunday, 04 September 2011 10:46 AM

ඉතාමත් වටින ලිපියක්

:       0       1

ජේ. කේ.සනත් ඉන්දික Monday, 05 September 2011 07:51 PM

පිට රටින් ආනයනය කරන ලද මාළු ප්‍රදර්ශණ නරඹන අපේ ශ්‍රිලාංකිකයන්ට අනාගතයේදී අපේ රටේ මාළු ප්‍රදර්ශණ නැරඹීමට මඟ පෙන්වන ලිපියකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී අපේ තිදෙනකුට ලෝකඩ පදක්කම්
2025 අප්‍රේල් මස 11 91 0

තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන


රට ගිය ඇත්තන් රවටන්න බොරු වීඩියෝවක් හදලා
2025 අප්‍රේල් මස 11 176 0

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 274 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 82 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


කෝටි 1700 කුඩු සමග ඇල්ලූ ධීවරයන් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 11 564 0

රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන


කොමිසම එන්න කියන දවසේ රනිල් කොළඹ නෑ
2025 අප්‍රේල් මස 11 1293 0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 19 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 637 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site