IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දරුවකුගෙන් කිසිදෙයක් බලාපොරොත්තු වියයුතු නැහැ

2016-05-19-ENT-36

ස්වර්ණ මල්ලවආරච්චි රංගන ශිල්පිනිය හැඳින්වෙන්නේ ශ්‍රී ලාංකීය සිනමාවේ, ස්වර්ණමය තාරකාවිය ලෙසය. පාසල් යුවතියකව සිටියදී ‘‘සත්සමුදුර’’ සමග සිනමා තරණයට ප‍්‍රවිශ්ඨ වූ ස්වර්ණා එතැන් සිට මේ දක්වා එනම්, පනස් වසරකට සමීප දීර්ඝ සිනමා චාරිකාවක නිරතව සිටින්නීය. ඒ ගෙවීගිය සමයේදී සත්සමුදුරෙන් පටන් ගෙන හන්තානේ කතාව, හංසවිලක්, දඩයම, මායා, සුද්දීලාගේ කතාව, කැඩපතක චායා, සාගර ජලය, බවදුක, චන්න කින්නරී, අනන්ත රාත‍්‍රිය ඇතුළු තවත් අපූරු සිනමා නිර්මාණ රැුසක් සමග රංගනයෙන් පෑ වින්දනීය ප‍්‍රතිභාව හරිම අපූරුය. එය කෙතරම් විශිෂ්ඨ රංග කුසලතාවක්ද යත් 26 වතාවකදී පමණ දක්ෂතම රංගන ශිල්පිණිය ලෙස ඇය සම්මානයෙන් පිදුම් ලබා සිටින්නීය. පසුගිය 14 වැනිදා පැවැති හතරවන දෙරණ සන්සිල්ක් සිනමා උළලේදී (2016* ජීවිතයට එක්වරක් පමණක් පිරිනමන සම්මානයෙන් ද ඇය උත්තමාචාර ලැබුවාය. මේ මොහොතේ මේ අපූරු රංගන ශිල්පිණිය ගැන සිනමා පේ‍්‍රක්‍ෂකයින් කතා බහ වන්නේ ‘‘අශෝක හඳගමගේ සිනමා නිර්මාණ"let her cry" (ඇගේ ඇස අග) තිරගත වන නිසාය. ස්වර්ණා, ස්වර්ණමය තාරකාවිය සමග මේ කතාබහ ඒ වෙනුවෙනි.

‘‘තරහ ගිය වෙලාවට ගෑනුන්ගෙ ඇඟට එන්නෙ පුදුම හයියක්. ඇඟට නෙවෙයි. හිතට. ඒ හිතේ හයියට පුළුවන් දරුවෙක් ඉපදෙන වේදනාව දරාගන්න. මහා මේරු පරුවතය උස්සලා පොළවෙ ගහන්න’’

 

2016-05-19-ENT-39මෙලෙසින් හඳගමගේ ‘ඇගේ ඇස අග’ සමග ඔබ නැවතත් අපූරු රංගනයකින් අපට හමුවනවා. ඒත් කලාතුරකින්, එලෙස හමුවන්නෙ. ඇයි එහෙම වෙන්නෙ? පසුගිය කාලයේදී ඇයි රංගනය උදෙසා වඩාත් සක‍්‍රීය නොවුණේ?

ඇත්තටම වසර විස්සකට විතර පසුව තමයි ප‍්‍රධාන චරිතයකින් මෙලෙස මේ නිර්මාණයට එක්වුණේ. වසර 18 කට පසුව නිලේන්ද්‍රගේ චිත‍්‍රපටයේ විනාඩි 2 ක විතර ගරු චරිතයකට එක්වුණා. අන්තිමටම මම ප‍්‍රධාන චරිතයකට දායක වුණෙත් අශෝක හඳගමගෙ ‘‘චන්න කින්නරී’’ වෙනුවෙන්. එය ඔහුගේ පළමුවැනි නිර්මාණය වුණා. දැන් ඔහු වත්මනෙහි කළ නිර්මාණයටත් මෙලෙස එක්වීමට ලැබුණා. එය විශේෂ දෙයක් වුණා. ඒ ගෙවීගිය විසිවසරක කාලයේදී ඊට එහා ගිය තවත් නිර්මාණ සඳහා දායක වීමට නොලැබුණේ හොඳ තිර රචනා වගේම ඊට සමගාමී වූ අධ්‍යක්ෂවරු යටතේ හොඳ නිර්මාණ නොලැබුණු නිසයි. තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් හොඳ විය යුතු බව මගේ හැඟීමයි.

 

කුමක්ද ඔබ බලාපොරොත්තු වන ඒ සංකලනය?

අධ්‍යක්ෂකට එය කළ හැකිය යන විශ්වාසය මට ඇති වෙන්න ඕනෑ. සමහර අධ්‍යක්ෂවරු එලෙසින් චරිත ලබා දුන්නා. ඔවුනට ඒ නිර්මාණ කළ හැකිව තිබෙන්න ඇති. නමුත් තිර රචනය දුර්වල අවස්ථා තිබුණා. මට දැනෙන හැෙඟන ඒ සංකලනය නොමැති වීම නිසා මම ඒවා බාර ගන්නෙ නැහැ. එලෙසින් කාලය ගෙවී ගියා.

 

කෙසේ වෙතත්, සිනමාව වෙනුවෙන් සක‍්‍රීය නොවී, එයින් ඈත්ව සිටියදී ඔබට ගෙන දුන් හැඟීම් මොන වගේද?

මම එහෙම හිතන්නෙ නැහැ. කලාවෙන් ඈත්වෙලා හිටියා කියලා. එදා අපි රඟපෑ චිත‍්‍රපට රූපවාහිනී නාලිකාවල නිරන්තරයෙන් විකාශය වුණා. ඒ නිසා අපි රඟපාන්න ආ සමයේදී ඉපදීලාවත් නොසිටි පේ‍්‍රක්ෂකයින්ට ඒ නිර්මාණ නැරඹිය හැකි වුණා. වයස 16 සිට මගේ චිත‍්‍රපට නැරඹු තරුණ පරම්පරාවක් සිටින බව මා දන්නා දෙයක්. අපේ සිනමාව යම්තාක් දුරට මිනිසුන් අතර රඳාපවතින හේතුවත් රූපවාහිනී නාළිකා වෙතින් එදා චිත‍්‍රපට විකාශය වීමයි. එය ලොකු සේවයක්. ඒ නිසා මම සිනමාවෙන් ඈත්ව සිටිනවා කියලා දැනුණෙ නැහැ. ඒ අතරේ මගේ අනෙකුත් කටයුතු සඳහාත් යොමු වුණා. දියණියගේ අධ්‍යාපන කටයුතු ගැනත් සොයා බැලූවා. ඒ සියලූ දේ අතරේ මම සිනමාවෙන් ඈත්ව සිටිනවා යැයි කිසිම විටෙක මට දැනුණෙ නැහැ.

 

දියණියගෙ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලීම සහ ඇයට අධ්‍යාපනයේ මාවත කියාදීම වෙතින් ඔබ බලාපොරොත්තුවුණේ කුමක්ද?

දරුවකුගෙන් කිසි දෙයක් බලාපොරොත්තු විය යුතු නැහැ. ඇයට ඉගෙන ගන්න ඕනෑ වුණා. ඉතින් ඇය කේම්බි‍්‍රජ් සරසවියට ගොස් ඇයගෙ අධ්‍යාපනයෙහි නිරත වුණා. ඒක ඉතින් ලොකු දෙයක්. මොකද ඇය අධ්‍යාපනය අතින් ඉතා දුරකට ගියා. මගේ බලකිරීමකින් වදකිරීමකින් තොරවයි ඇය ඒ ගමන ගියේ.

 

දැන් ඇය නිරත වන්නෙ කුමන ක්ෂේත‍්‍රයකද?

මූල්‍ය අංශයේ නිරතවන බව කියන්න පුළුවනි. එයත් ඇයම විසින් සොයාගත් එකක්.

 

ඔබ එදා ඔබ රඟ පෑ චිත‍්‍රපට නැවත රූපවාහිනියෙන් නරඹද්දී සතුටක් ලබන බව ප‍්‍රකාශ වුණා. එදා ඔබ රඟ පෑ ඒ චරිත අතර ඔබට වඩා සතුටුවිය හැකි තැන් සිහිපත් කළොත්?

බොහෝ දේ තිබෙනවා. බොහෝ තැන් තිබෙනවා. ඒ නිසාම තමයි මම සිනමාවෙන් ඈත්ව නැති හැඟීම මට දැනෙන්නෙ. හොඳ චිත‍්‍රපටයක හැරෙන්න මම රඟපාන්නෙ නෑ කියන දේ හැමදාම කිව්ව දෙයක්. මම කන්දක් උඩ ඉන්නෙ ඒ කන්දෙන් පල්ලෙහාට බහින්න කැමති නැහැ. රඟපෑම අතින්, චිත‍්‍රපට වෙතින්, මට ලැබුණු අධ්‍යක්්ෂවරු විසින් මාව කන්දක් උඩට ගෙනිහින් තිබෙනවා. එයින් බහිනවා කියන්නෙ මම ඔවුනට කරන අගෞරවයක් වගේම මටත් කර ගන්නා අගෞරවයක්. ඒ වගේම පේ‍්‍රක්‍ෂකයින්ටත් කරන අගෞරවයක්.

 

ඔබගේ ඒ ගෙවීගිය රංග චාරිකාවේ සුවිශේෂී චරිත රංගනය ගැන සඳහන් කළ හැකිද?

ඒක හරියට දරුවො දහදෙනෙක් සිටින අම්මෙකුගෙන් ඔයා වඩා කැමති කොයි දරුවටද කියලා ඇහුවා වගේ දෙයක්. ඇත්තටම එකක් දෙකක් නෙවෙයි. බොහොමයක් තිබෙනවා. ඒ චරිත ළමයින් ඔක්කෝටම මම ආදරෙයි. එක අතකින් මම හරි වාසනාවන්ත නිළියක්. මොකද මට තෝරා බේරාගෙන චරිත ගැන සඳහන් කළ නොහැකි නිසයි. ඒ ඔක්කෝම මට දැනෙන හැෙඟන චරිත ඒවා සියයට අනූනමයක් පේ‍්‍රක්ෂකයින් විසින් ආදරය කර නැරඹු චිත‍්‍රපට බවට මට විශ්වාසයි.

 

ඇගේ ඇස අග නමින් තිරගත වන මේ චිත‍්‍රපටය ඔබට දැනෙන්නෙ කොහොමද?

අශෝක හඳගම යනු මා ගෞරව කරන අධ්‍යක්‍ෂවරු බොහොමයක් අතරින් මා ගරු කරන තවත් අධ්‍යක්‍ෂවරයෙක්. අපට ඔහුගේ සිනමා භාවිතය. ටෙලිනාට්‍ය භාවිතය ගැන පසුගිය කාලයේදී දැකගත හැකිවුණා. ඔහු බොහෝ හොඳ නිර්මාණ රැුසකට නිර්මාණශීලිත්්වය ලබා දුන් නිර්මාණකරුවෙක්. ඒ නිසා කිසිම චකිතයකින් තොරව මේ චිත‍්‍රපටයේ චරිතය බාරගත්තා. එය මගේ වයසටත් ගැලපෙන බව මගේ හැඟීමයි. ඉන්දියාවේ, හොලිවුඩයේ එහෙම ඕනෑ තරම් අපේ වයසට ගැලපෙන චරිත සිනමාවේදී අපට දැකගත හැකියි. උදාහරණයකට ෂබානා ආස්මි, මෙරිල් ස්ටි‍්‍රප්, අමිතාබ් භච්චන්, ඒ වගේ චරිත අපි ගනිමු. ඔවුනට ඔවුනගේ පරාසයට ගැලපෙන අපූරු චරිත ලැබෙනවා. අපේ රටේ එය සිදුවෙනවා හරි අඩුයි. තරුණ චරිත තමයි නිතරම ප‍්‍රධාන චරිත රඟපෑ යුත්තේ කියන මතය මෙරට තිබෙනවා. වාණිජමය කියන චිත‍්‍රපටවලදී තමයි වැඩි හරියක්ම එහෙම වෙන්නෙ. කෙසේ වෙතත් එහෙම බලද්දී මට ලැබුණු තවත් හොඳ චරිතයක් මෙය. එය කෙතරම් දුරට සාර්ථකද කියා, චිත‍්‍රපටය කෙසේද කියා අවසාන විනිශ්චය පේ‍්‍රක්‍ෂකයින්ට දීමට පුළුවනි.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ 

 

sandalla

 

2016-05-19-ENT-38
2016-05-19-ENT-37



අදහස් (0)

දරුවකුගෙන් කිසිදෙයක් බලාපොරොත්තු වියයුතු නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 279 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 11 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 494 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 215 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 396 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 793 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site