IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දරුවකු නැතැයි කොටදෙණියාව කලබල වෙයි

කොටදෙණියාවේ තුන්හැවිරිදි පිරිමි දරුවකු අතරුදන්ව ඇතැයි සිකුරාදා සවස විශාල කලබලයක් ඇතිවිය. දරුවා නැතැයි නිවැසියන් විසින් ව්‍යාපාරිකයකු විසින් පොලිසියට දැනුම් දිමත් සමග ගැමියන් සහ පොලිසිය එක්ව පැය දෙකකට වැඩි කාලයක් දරුවා සෙවිමට මහත් වෙහෙසක් ගන්නා ලදී. ප්‍රදේශය පුරා ඇති පාළු ස්ථාන, ලැගුම්හල් සහ සැකකටයුතු ස්ථාන රැසක් පරීක්ෂා කළ ද කිසිදු හෝඩුවාවක් නොවූයෙන් යළි නිවස ඇතුළත පරීක්ෂා කිරීමේ දී කාමරයක දැමූ කිළිටි රෙදි ගොඩක් යටට වී නිදා සිටි දරුවා පොලිස් නිලධාරියකු සොයා ගත්තේය. මෙහෙයුම එතැණින් අවසන් විය. දරුවන් ගැන දැඩි විමසිල්ලෙන් සිටින්නැයි පොලිසිය නිවැසියන්ට දැඩි සේ අවවාද කරන ලදි.

 



අදහස් (0)

දරුවකු නැතැයි කොටදෙණියාව කලබල වෙයි

නුවන් Saturday, 28 November 2015 09:36 AM

දෙමාපියන් සැළකිලිමත් වෙන්න ඕනෑ. අවුරුදු 3 ළමයෙක් නැති වෙනතුරු දෙමාපියන් මොනවා කළාද? මටත් ඔය වයසෙ දරුවෙක් ඉන්න නිසයි හිතාගන්න බැරි. ඉතාම ආරක්ෂාකාරී වටපිටාවක ඉන්නවා වුණත් දෘෂ්ඨි මානයෙන් පිටත්ට දරුවා නොයන්න වගබලා ගන්න. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 28 November 2015 11:46 AM

හොඳ වෙලාවට හමුවුණේ. නැත්නම් තව කීදෙනෙකුට කරදර වෙන්න වෙනවද? (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 28 November 2015 03:34 PM

දෙමවුපියන් පොලිසියට යන්නට පෙර ගේ ඇතුළේ හොඳින් බලන පුරුද්දක් නැද්ද? ළමයෙක් ගේ ඇතුළේ හැංගුනත් දැන් පොලිසියෙන්ද හොයන්න ඕනෑ? පුදුම දෙමවුපියෝ. අන්තිමට පොලිසියට බනිනවා. පස්සේ සමහරු පොලිසියෙන් වන්දි ඉල්ල ඉල්ලා උඩ පනිනවා. (නි)

:       0       0

කාන්ති Saturday, 28 November 2015 04:29 AM

දැන් කාලයේ අම්මලාට ළමයෙකු බලාගැනීම ලොකු ප්‍රශ්නයක්. අම්මා රූපවාහිනිය ඉස්සරහා. නැත්නම් රූපලාවන්‍ය වැඩ ! (නි)

:       0       0

පිටිගල Saturday, 28 November 2015 05:22 AM

කවුරුහරි මිනිහෙක් අල්ලලා එහෙම නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ජගත් Sunday, 29 November 2015 02:58 PM

කාන්ති,අතුල,නුවන්,ප්‍රදීප්, ඔබ හරි. මේ රටේ ඇති රූපවාහිණී නාලිකා විසින් ඉන්දියාවේ පිළිකනු වලින් රැගෙන එන රූපවාහිනී නාට්‍ය පෙන්වා ගෙවල් වල ඉන්න ගැහැණුන්ගේ ඔලු අවුල් කරවා සිටිනකොට, එහෙම නැත්නම් එෆ්.බී.වැනි සමාජ වෙබ් අඩවියකට ගොස් හෝ ජංගම දුරකථන සල්ලාපයක,ඕපාදුපයක යෙදීසිටියාම, තම වගකීම් බාරයේ ඉන්න අත දරුවන්, නොදරුවන් ගැන කොහේ බලන්නද? (නි)

:       0       0

අසාද් Saturday, 28 November 2015 08:28 AM

රටේ තිබෙන රැල්ල නිසා මිනිස්සුන් බයවෙනවා. (නි)

:       0       0

ලතා Saturday, 28 November 2015 09:10 AM

අපේ ගෙවල් ළඟත් ඔය වගේ දෙයක් වුණා. පෙර දවසක උදේ ඉඳලා හොයපු දරුවා හවස 6 ට විතර දොර මුල්ලේ ඉන්නවා දැක්කා (නි)

:       0       0

අතුල බණ්ඩාර Saturday, 28 November 2015 09:22 AM

මට නම් හිතෙන්නේ මේ පැත්තේ දෙමව්පියෝ ගැන වෙනම පරීක්ෂණයක් කරන්න වෙයි, තමන්ගේ දරුවන් බලාගන්නා ආකාරය කොහොමද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 249 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1585 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 979 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1580 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1167 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2768 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20782 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19748 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site