(සුජිත් හේවාජුලිගේ)
සමාජ මාධ්‍යයන්හි මේ දිනවල සංසරණය වන කුඩා දරුවකු වතුර බේසමකට ගිල්වා පහරදීමේ දර්ශනවලට අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවද ඔහු සඳහන් කළේය.
මෙම සිද්ධිය කලකට ඉහත සිදුවූ සිද්ධියක් බවත් සිද්ධියේ සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව සිටින්නකු යැයි තොරතුරු අනාවරණයවී ඇති බවත් අමරසිංහ මහතා කිවේය.
මේ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කර ඇති ආකාරය, සිද්ධිය ගැන අධිකරණයට කරුණු වාර්තා කර ඇත්ද යන්න ඇතුළු කරුණු පිළිබඳව තොරතුරු දැනුම් දෙන ලෙසද නිලධාරීන්ට දැන්වූ බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර සමාජ මාධ්‍යයන්හි කාලයකට පෙර සංසරණයවූ සමහර දර්ශන පසු කාලීනව නැවත නැවත හුවමාරු කෙරෙන අවස්ථා සුලභව දක්නට ලැබෙන බව පැවසූ සභාපතිවරයා ඉහත සිද්ධියේ දර්ශන නැවත නැවතත් හුවමාරු කෙරෙන හෙයින් ඒ ගැන ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇතැයිද සඳහන් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති නම් ඒ සඳහා සුදුසු පියවර ගන්නා බව උදය කුමාර අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දරුවකු බේසමක ගිල්වීමේ සිද්ධිය ගැන ළමා අධිකාරියෙන් විමර්ශනයක්