IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දරුවොත් ලෙඩ්ඩු : යන්න තැනකුත් නෑ

ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බිරිඳ, වකුගඩු රෝගී දියණිය දරුවන් හතර දෙනෙකු සමග කුළී නිවසක ජීවත්වන පානදුර කෙසෙල්වත්තේ පියෙක් යන්නට ස්ථිර තැනක් හා ස්ථිර රැකියාවක් නැතිව ළතැවේ.

පානදුර කෙසෙල්වත්තේ අංක 673 ග‍්‍රාමසේවා වසමේ කරුණාරත්න මාවතේ පල්ලිය මුල්ල ගොරකාන පදිංචිවන සිටින මොහොමඞ් ෂරීෆ් මොහොමඞ් මර්සුය.

මර්සුගේ වැඩි මහල් දියණියට වයස අවුරුදු 14යි. ආර්ථික අඩුපාඩුකම් නිසා දහ වන ශ්‍රේණියෙදී ඇගේ අධ්‍යාපෙනය අඩාල විය. දෙවැනි දුව හය වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. තුන්වන දියණිය පාසල් නොයන අතර ඇය වකුගඩු රෝගයකින් පෙළෙයි. බාලම දියණිය පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.

මෙම පවුලට ස්ථීර නිවසක් නැත. එනිසා පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ තැනින් තැනට යමින් කුලී නිවසක ජීවත් වෙයි. ස්ථිර ලිපිනයක පදිංචිව නැති නිසා රජය මගින් ලබාදෙන සමෘධි සහනාධාරය ලැබී නැත.  

නම හා ගිණුම් අංකය

නම - මොහොමඞ් ෆලීල් මින්තුල් කයිරි

දුරකතන අංකය - 071 01 59 892

ඒ මහතාගේ බැංකුවේ ඇති අලුත්  ගිණුම් අංකය මෙසේය.040035325749101 සෙලාන් බැංකුව ශාඛාව සරික්කාරිමුල්ල

කලින් සඳහන් කර තිබූ  040006882670_ /101. සෙලාන් බැංකුව ශාඛාව සරික්කාරිමුල්ල ගිණුම වසර 10 ක් අක්‍රියව පැවති නිසා බැංකුවෙන් අවලංගු කර ඇති බව කරුණාවෙන් සලකන්න.

web



අදහස් (0)

දරුවොත් ලෙඩ්ඩු : යන්න තැනකුත් නෑ

ධම්ම Sunday, 22 February 2015 09:41 AM

ත්‍රී වීලරයක් පැදවීමට පුළුවන් නම් මට පුළුවන් මේ පියාට රැකියාවක් දෙන්න.(දිල්)

:       0       2

නසීර් Sunday, 22 February 2015 10:25 AM

මේ වගේ අයට පිහිට විය යුතුයි.ඒක ලොකු පිනක්.(හේ)

:       0       0

චින්තක Sunday, 22 February 2015 10:27 AM

හැකි උපරිම මුදලක් ඉහත ගිණුමට දාන්න.මේ දරුවන් වෙනුවෙන්.(හේ)

:       0       0

ශාමර් Monday, 23 February 2015 04:51 AM

මේ පවුලට උදව් කරන්න ඉදිරිපත්වෙන ඔබ සැමටම ගරුකරනවා! මේ මහත්මයාට රැකියාවක් සොයාදෙන්න පුලුවන්නම් හුඟක් වටිනවා (නි)

:       0       0

පද්මිණි-ප්‍රංශය Tuesday, 24 February 2015 05:59 PM

මගේ දුප්පත් පඩියෙන් අසරණ දරු පවුලකට මේ මාසේ මුදල් යැවූ නිසා අනිවාර්යයෙන් ලබන වැටුපෙන් උදවු යවමි. (නි)

:       0       0

නිෆාල් Tuesday, 24 February 2015 06:55 PM

අවංකව ජාතිබේද නොසළකා ප්‍රතිචාර දැක්වූ අය උදවු නොකළත් ඔවුන්ගේ ඒ වචන ටිකම ඇති (නි)

:       0       0

බුද්ධික Sunday, 22 February 2015 11:53 AM

දුප්පත් කමට නැති බැරි කමට ජාති බේද ආගම් බේද නැත.(හේ)

:       0       0

ශාෆික් Monday, 23 February 2015 06:40 AM

මසුරන් ප්‍රතිචාර මිතුරනේ! (නි)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 01:13 PM

බුද්ධිකගේ අදහස හරි.(හේ)

:       0       0

සුමේධ Sunday, 22 February 2015 01:25 PM

අසරණ දරුවෝ ගැන හිතලා මේ අහිංසකයන්ට උදවු කරමු..(හේ)

:       0       0

පද්මිණි Sunday, 22 February 2015 07:34 PM

සමෘද්ධි ඇමතිතුමනි, මොවුන්ට උදව් කරන්න. රෝසි මහත්මියනි, මේ දියණිවරුන්ට උදව් කරන්න. (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 22 February 2015 07:38 PM

ලංකාවේ මෙවැනි දුප්පත් පවුල් බොහොමයක් ඇත. මුදල් විශාල ලෙස උපයන ප්‍රජාවක්ද ඇත. ඒ අයට, මේ මිනිසුන්ට උපකාර කිරීමට සිත් පහළවේවා! (නි)

:       0       0

මරික්කාර් Tuesday, 24 February 2015 03:26 AM

මමත් ඉතා අසරණ තත්වයේ හිටියත් දුගී දුප්පත්කමින් පෙළෙන මෙම පවුලට රුපියල් තුන්සීයක් පරිත්‍යාග කරමි. ඒ වගේම මෙහි අවංකව අදහස් ප්‍රකාශ කරන අනෙක් සහෝදරයන්ගෙන් මා ඉතා බැගෑපත්ව ඉල්ලන්නේ තමාට හැකි මුදලක් මේ පවුල වෙනුවෙන් පරිත්‍යාග කරනමෙනි (නි)

:       0       0

දිසානායක Monday, 23 February 2015 01:02 AM

බුද්ධිකගේ අදහස හරි. ධම්ම,මම ඔබට ගරුකරමි. පුලුවන් නම් මොහුව සොයා උදවු කරන්න මට හිතෙනවා. ඒක විශාල පිටුවහලක් වේවි (නි)

:       0       0

පණ්ඩුක Tuesday, 24 February 2015 01:09 PM

මෙතන ජාති ආගම් බේදයක් නැත. අපි හැමෝම මිනිස්සු (නි)

:       0       0

ඉමිතියාස් Tuesday, 24 February 2015 05:10 AM

එකවරක් හෝ දෙවරක් සල්ලි දීලා උදව් කළහැකියි. නමුත් හොඳ රැකියාවක් සොයා දුන්නොත් මේ සහෝදරයාට සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නට හැකියාවක් ලැබේවි. අපේ අනිත් සහෝදරන්ගේ අදහස් වලට මම බොහෝ ගරුකරනවා. (නි)

:       0       0

ජයසේක Tuesday, 24 February 2015 01:48 PM

ගොඩාක් දුක හිතුන...පුළුවන් විදියට උපකාර කරමු...අසරණ පවුලක්..ගොඩාක් හොද මුස්ලිම් මිනිස්සු අපේ රටේ ඉන්නවා....ජාති බෙදා අවුස්සන මුස්ලිම් අන්තවාදී දේශපාලකයන්ගෙන් රට බෙර ගන්න පුළුවන් අපේ මුස්ලිම් සහෝදරයන්ටම විතරයි.බලන්න අපේ සිංහල මිනිස්සු කොච්චර පරිත්‍යාග ශීලීද කියල....දාපු ප්‍රතිචාර වලින්ම පේනවා.....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1484 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1605 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1226 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1892 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 277 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38308 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25236 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site