IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දරුවන්ට ආරක්ෂාව දෙන හලෝවක්

ඩිජිටල් තාක්‍ෂණික උපාංගයකින් හා  දෙමාපියන් අනුමැතිය දෙන දුරකථන අංක තුනකට පමණක් ඇමතුම් ලබාගත හැකි උපකරණයක් ලබන සතියේදී දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ජංගම දුරකථනයක් ආකාරයේ වුවත් මෙහි තිරයක් නොමැති නිසා ක‍්‍රීඩා කිරීමට හෝ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට නොහැකි බවද අමාත්‍යවරයා කීවේය.

119 හදිසි ඇමතුම් අංකයටද මේ උපාංගයෙන් ඇමතුම් ගත හැකිය.

දරුවා සිටින ස්ථානය වෙනස් වන විට ඒ පිළිබඳව දෙමාපියන්ගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ඉබේම යැවෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙම උපකරණය පාසලේදීත් ළඟ තබා ගැනීමේ අවස්ථාව දරුවන්ට ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ද ලැබී ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ඩයලොග් හා මොබිටෙල් දුරකථන සමාගම්වල සහාය ඇතිව මෙම උපාංගය හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

digitalmobile_20151024 digitalmobile_20151024-2

 



අදහස් (0)

දරුවන්ට ආරක්ෂාව දෙන හලෝවක්

ජයනාත් Friday, 02 October 2015 08:56 AM

හරින් ඔබ නම් නියමයි. ධනාත්මක අදහස් ඇති තරුණ දේශපාලකයෙක්. තනතුරට සුදුසුයි. සියලුම අනුමැතියයන් අරගෙන වැඩේට බැස්සා. (ර)

:       0       0

සරත් Friday, 02 October 2015 08:57 AM

හොඳ වැඩක් වගෙයි. සාර්ථක වේවා ! (ර)

:       0       0

ප්‍රභා Sunday, 04 October 2015 12:45 PM

හොඳ වැඩ ගරු අමාත්‍ය තුමනි (බ)

:       0       0

මාධව Friday, 02 October 2015 09:09 AM

මෝඩ වැඩ කරන්න එපා. (ස)

:       0       0

ඉමේෂ් Friday, 02 October 2015 09:13 AM

ෂා ලංකාවට ගිය කල. ආ? මාරයි නේ. (ස)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 02 October 2015 09:17 AM

ඈත ගම්බද නිල්ගල, රතුගල,සහ දඹාන වැනි දුෂ්කර ගම්වල දරුවන්ටත් ලබා ගැනීමේ ක්‍රම වේදයකට යන්න, (ස)

:       0       0

චන්දිම Friday, 02 October 2015 09:21 AM

අද දවසේ ටියුෂන් පන්තියට ගිය ඔබේ දරුවා ආරක්ෂිතද ?, නියමිත වෙලාවට පන්තියට ඇතුල්වුණාද ? පන්තිය ඉවර වෙන්නේ කීයටද ? කාර්යබහුල ඔබට මේ සියල්ල හොයා බලන්න පුළුවන්ද ? (ම)

:       0       0

ඉන්දිකා Friday, 02 October 2015 09:28 AM

දරුවන්ට අද කාලේ ආරක්ෂාව වැදගත් (ම)

:       0       0

සුනෙත් Friday, 02 October 2015 09:31 AM

නවීන තාක්ෂණය එක්ක මේක ඉතා හොඳ වැඩක්. කුමාර, මෝඩ විදියට බලන්ඩ එපා මේ වගේ වැඩ දිහා.(ම)

:       0       0

ප්‍රදිප් Friday, 02 October 2015 09:34 AM

මේක හොඳ වැඩක්. ඒත් ළමයින් දෙමාපියන්ට හොරෙන් කොහේ හෝ යාමට ඕන අවස්ථාවකදී මේක පාසලේ හෝ පන්තියේ දමා යාමට ඉඩ තියෙනවා. එකට පිළියමක් යොදන්න පුලුවන්නම් නියමයි.(ම)

:       0       0

චන්දි Friday, 02 October 2015 09:39 AM

කවුරු කරත් මේවගේ දේවල් හිතල කරන එක අගය කරන්න ඕනේ. කාගේ කාගේත් යහපත වෙනුවෙන් කොච්චර දේවල් හිතල කරන්න පුලුවන්ද , සමහර දේවලට වියදම් යන්නෙත් නෑ. මේවගේ දරුවන්ගේ 5 වසර ශිෂ්‍යත්වය ගැනත් පාසල් ප්‍රශ්න ගැනත් හිතනවනම්. (ර)

:       0       0

පෙරේරා Friday, 02 October 2015 09:44 AM

හරින් කවදත් හරි දෙයක් කරන කෙනෙක්. (ර)

:       0       0

හුසේන් Friday, 02 October 2015 09:51 AM

පළමුව කල වැඩේට ගරු කරමු. පසුව අඩුපාඩු හදමු. (ර)

:       0       0

ප්‍රනාන්දු Friday, 02 October 2015 09:54 AM

ඔය කියන හලෝව ළමය ලග තිබිලා ළමයව උස්සන් යන මනුස්සයා ඒ හලෝව කොහෙට හරි විසි කරලා ලමයව උස්සන් යන්න බැරිද. එහෙම උනොත් කොහොමද ළමයා ගැන තොරතුරු දැනගන්නේ. අනික සුළු මුදලක් කීවට ඒ මුදලවත් සොයාගන්න බැරි කීදෙනෙක් ඉන්නවද.? (ර)

:       0       0

සුපුල් Friday, 02 October 2015 10:02 AM

ඕක ගලවන්න බැරි වෙන්න හැදුවනම් හරි! (ර)

:       0       0

දුමුදු Friday, 02 October 2015 10:16 AM

අවුරුදු 18 අඩු සියලුම පාසල් ළමුන්ට අවශ්‍ය නම් ඉහත සදහන් දුරකතනයක් ලබාදීමට කටයුතු කරමු. වෙනත් දුරකථන පාවිචි කිරීම තහනම් කරමු. (ර)

:       0       0

ගජමන් Friday, 02 October 2015 10:22 AM

හොදම ක්‍රමේ ළමයාගේ අතට මිරිස් කුඩු පැකට් එකක් දෙන එක. ගානත් අඩුයිනේ. (ර)

:       0       0

විජිත් Friday, 02 October 2015 10:27 AM

මෙය ඉතාම කාලෝචිත දෙයක්. සමහර රටවල මේ ක්‍රමය භාවිත වෙනවා.මේ උපකරණය ක්‍රියා විරහිත කළොත් හරි ක්‍රියා විරහිත වුණොත් හැර මාපියන්ට දැන ගැනීමට ක්‍රමයක් තියෙනවාද...?( උදා. මව්පියන්ගේ දුරකථනය නොනවත්වාම නාද වීම වැනි ක්‍රමයක්.) (අ)

:       0       0

ජිනි මාලනි Friday, 02 October 2015 10:29 AM

ගොඩාක් හොඳ දෙයක් (අ)

:       0       0

දිනේෂ් විජේතුංග Friday, 02 October 2015 10:34 AM

අැත්ටටම හොද වෙඩක් .. මේක සියයට සියයක් සාර්ථක වේවා ! මෙහෙම වෙඩ කරනවා නම් ජන්දේ දෙන එක අපි කරන්නම්. ජය වේවා ! (අ)

:       0       0

තිස්ස Friday, 02 October 2015 10:37 AM

ලොව දියුණු රටවල මෙය සාමාන්‍ය දෙයක්.අපේ රටටත් ආපු එක ලොකු දෙයක්.(ම)

:       0       0

අජිත් Friday, 02 October 2015 10:40 AM

මේ හොද ක්‍රියාවක්..මේක ගොඩක් සාර්ථක කරගන්න පුලුවන් පොඩි චීප් එකක් වගේ අතේ හරි බෙල්ලේ හරි පළදින්න පුලුවන් විදියට නිර්මාණය කරනම්.එක ගලවන්න වෙනම අංකයක් ඇතුලත් කරන්න පුලුවන්...අංකය නොදන්නා කෙනෙක් එය ඉවත් කරන්න ගියොත් අලාම් එකක් වදින්න නිර්මාණය කරමු (ම)

:       0       0

දිමුත් Friday, 02 October 2015 10:44 AM

හොඳ වැඩක්. (අ)

:       0       0

අයන්ත Friday, 02 October 2015 11:18 AM

හොදම හොද වැඩක්. (ර)

:       0       0

ප්‍රියන්ත Friday, 02 October 2015 11:34 AM

ඉන්දියාවේ වේ ගැණු ළමයෙක් හදල තිබුණා යටට අඳින ඇදුමක් ඒක බලාත්කාරයෙන් ගැලොව්වොත් මැසේජ් එකක් නිකුත්වන්න. ඔය වගේ ඒවා සහන මිලට ගෙනල්ල අපේ කෙල්ලන්ට බෙදන්න සමාජ සේවා හා සුබසාදන එකේ අයට පුළුවන්නේ. (අ)

:       0       0

ජූඩ් Friday, 02 October 2015 11:38 AM

අද කාලයට ඔබින වැඩක්. සාර්ථක වේවා.! (ර)

:       0       0

අබය Friday, 02 October 2015 11:39 AM

කුමාර/ප්‍රනාන්දු වගේ හිතන්නේ මෝඩ විදියටමයි නේ මොනවත් නැතුව ඉන්නවට වඩා මොකක් හරි තිබීම හොදයි නේ. (ර)

:       0       0

විරාජ් Friday, 02 October 2015 11:40 AM

හොද කාලෝචිත අදහසක්, මේකෙත් ඇද කුද බලන බක පණ්ඩිතයෝ තාමත් ඉන්නවා,100% සාර්ථක නොවෙන්න පුළුවන්, රතුගලට දඹානට සිග්නල් තියේද අහන අයත් ඉන්නවා, තවත් ජීවි කොට්ටාශයක් ඉන්නවා මරෆොනියාව හැදිච්ච කට්ටිය, ඔවුන්ට මේ ආණ්ඩුව කරන හැම දේම පෙන්නේ බටහිර කුමන්ත්‍රණ විදියට, මේක අසල්වැසි ඉන්දියාවේත් ළමයි අතර ප්‍රචලිත දෙයක්, ලින් මැඩියන්ට නොතේරුනාට. (ස)

:       0       0

ලක්රූ Friday, 02 October 2015 01:46 PM

මේ වැඩේට බනින අයගෙන් අහන්නෙ. බැන්නට විතරක් මදි. ඒ වෙනුවට ඒකට ගැළපෙන විධිමත් විකල්පයක් කිව්වොත් නම් හොඳයි. (නි)

:       0       0

සිල්වි Friday, 02 October 2015 02:40 PM

ළමයා ඉපදෙනකොටම පොඩි සිම් එකක් අතට හෝ කකුලට ඇතුල් කලානම් ළමයා ඉන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන් . දැනට ඔය පෝන් එකේ වැඩේ කරන්න හරි ගියේ නැත්නම් මගේ යෝජනාව තමා... (ර)

:       0       0

චන්ජික Friday, 02 October 2015 03:23 PM

වැඩේනම් හොදයි. (ර)

:       0       0

කුමාර Friday, 02 October 2015 08:47 AM

ළමයව උස්සන් යන අය ඔය භාණ්ඩේ ළමයට ළඟ තියාගන්න දෙවි නේ... අනික් අයට ළමයා ගැන දැන ගන්න... (ර)

:       0       0

දිලුක්ෂා Friday, 02 October 2015 08:54 AM

ඉතාම කාලෝචිත වැඩක් ස්තුතියි. (ර)

:       0       0

සමන් ගමගේ Friday, 02 October 2015 08:57 AM

හොද වැඩක්. මෝඩ කතා කියන්න එපා කුමාර. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1124 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1669 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1204 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1283 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1871 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 758 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site