(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික දරුවනට උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදාගෙන විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කෑම පිළියෙළ කරගෙන ඇතැයි පාසල් සංවර්ධන සමිතිය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් කලාප සහ පළාත් අධ්‍යාපන කාර්යාලවලට ද ලිඛිතව දැනුම්වත් කර ඇත.
මෙම ආහාර වැඩසටහන යටතේ ඒක් සිසුවකු සදහා රජය ො දිනකට රුපියල් 100 වැය කරනු ලබන අතර මෙම පාසලේ ප්‍රථමික අංශයේ සිසුන් මේවනවිට 720 වශයෙන් දෛනික ආහාර වේල සදහා රුපියල් 72 000 මුදලක් රජය විසින් වැය කරනු ලබයි.
පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වන දිනට යෙදුන විදුහල්පතිනියගේ ස්වාමියාගේ උපන්දින සාදයට වෙනුවෙන් ආහාර කොන්ත්‍රාත්තුව ලබා සිටින පුද්ගලයාගෙන් කිරිබත්, කොකිස්, කට්ලට් සහ කඩල යනාදිය පිසවාගෙන ඇති අතර ඒ සඳහා යොදවා ඇත්තේ දරුවන්ගේ කෑම වෙනුවෙන් වෙන් කළ මුදලින් බව ද දැනගන්නට ඇත.
සිද්ධිය වූ දින දරුවන්ට ආහාර ලබා නොදෙන බවත් එදිනට දරුවන්ට කෑමට යමක් නිවෙසින් රැගෙන එන ලෙස ඡංගම දුරකතනය හරහා කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කර ඇත.
නමුත් දරුවන්ට ආහාර ලබාදුන් බව පවසමින් ඒදින නියමිත වවුචර්පත් අත්සන් කොට ඇතැයි ද තතුදත් ආරංචි මාර්ග කියයි.
විදුහල්පතිනියගේ සැමියා ද එම ප්‍රදේශයේ වෙනත් පාසලක විදුහල්පතිවරයකු බව ද දැනගන්නට ඇත.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දරුවන්ට කන්න දුන් සල්ලිවලින් විදුහල්පති උපන්දින පාටියක් දාලා
ලෙනින් Sunday, 26 March 2023 11:30 PM
J.ස්ටාලින් ඔබ කොහිද?
ජෝශප් Monday, 27 March 2023 11:18 AM
මම ඒ පාටිය බුක්ති විදිනවා සහෝදරයා
හෝකන්දර Monday, 27 March 2023 02:55 AM
එහෙමනම් ඉතින් රජයේ මුදල් අයුතු පරිහරණය සදහා ආයතන සංග්‍රහයේ රජයේ නිළධාරින් විසින් කලහැකි වරදක් කරල තියෙනවා ඒ වෙනුවෙන් කටයුතු කිරීමට බලධාරීන් වගබලා ගතයුතුය
පැරකුම් Monday, 27 March 2023 06:42 AM
සැබෑ දේශපාළු ගති ලක්ෂණ ඇති බැවින් මීළග මැතිවරණයට නොවරදවාම ඉදිරිපත් වියයුතු කෙනෙක් මේ විදුහල්පතිනිය.
ජෝන් සිල්වා Monday, 27 March 2023 11:21 AM
අඩුම තරමින් පළාත් අධ්‍යාපන ඇමති තනතුර සදහා ඉතාමත් හොදයි
Hafeel Monday, 27 March 2023 12:38 PM
සහතික ඇත්තමයි. ඊළඟ මහ මැතිවරණයට පොහොට්ටුවට සහ රනිල්ට ගැලපන අපේක්ෂකයක් ලැබුනා.
Rohana Monday, 27 March 2023 07:12 AM
රටේ සිදුවන මහාපරිමාන පොදු දේපල සොරකම් අනුව යමින් පාසැලින්ම හොරකම පටන්ගත්තොත් හොදයයි විදුහල්පතිනියට සිතෙන්න ඇති.
Senarath Monday, 27 March 2023 10:08 AM
මරු ගුරුවරු. මේවා කාලා මුන්ට දිරවනවද මන්ද? අපි පොඩි කාලේ හිටපු ගුරුවරු තමන්ගේ ගෙදරින් ගෙනෙන තේ එකෙන් කොටසක් අපිටත් දෙනවා. අදත් එහෙම ගුරුවරු කීපදෙනෙක් ඇති. ඒ උදවියට මේක අදාල නැහැ.
චින්තක Monday, 27 March 2023 01:48 PM
අන්න ඒ නොදිරවීම නිසා තමයි මුන්දැල පාසැල් වාරයකට දෙතුන් වරක් අසනීප නිවාඩු ගන්නෙ
කිරිපුතා Monday, 27 March 2023 10:25 AM
විළිලැජ්ාවෙ බෑ නේද ?
Samitha S. Aluthgamage Monday, 27 March 2023 10:48 AM
මේ වගේ තුච්ච වැඩ කරන ජරා මිනිසුන් නොදකින් ...
sam Monday, 27 March 2023 12:05 PM
මුන් මොන විදුහල්පති වරැන්ද. කාල කන්නි. මේ අහින්සක ලමයින්ගෙ කෑම එකෙන් හොරා කෑම හරියට සාටක මයින සුනාමි ආධාර මුදල් හොරා කෑව වගේ. මුන්ට හෙන හත ගහන්ඩ ඕනි.
kamal Monday, 27 March 2023 01:12 PM
කතාව ඇත්තනම්, මෙගොල්ලගෙන් ඉගෙනුම ගත්ත ළමයි වැඩිහිටියෝ උනහම කොහොම කරයිද?
ජෝශප් Monday, 27 March 2023 02:15 PM
ඔය කියන තරන් දෙයක් මෙතන වෙලා නෑ. කොහොමත් ළමයි ට කෑම දෙනවනේ. ඉතිං ඒ කෑම උපන්දිනය වෙනුවෙන් කියලා තියෙන ඒක විතරයි කියලා තියෙන්නේ. වෙනදට දෙන කෑම ළමයි ට දීල ඔන්න අපේ මහත්තයාගේ උපන් දිනේ වෙනුවෙන් කියන එක විතරයි වෙලා තියෙන්නේ... පව් අර විදුහල්පති තුමියට කට්ටිය බැනලා කොමෙන්ට් දාල.
මෝ Tuesday, 28 March 2023 01:52 AM
පාර්ලිමේන්තුවේ 225ට හොරු හොරු කීවාට උන්ට වඩා කම්බහොරු ඉන්නෙ පිට.මේ කාලකන්නි දෙදෙනා හිටෝපස් ගහල තියන්න ඕනෙ බඩගින්නෙ මැරෙන්න.වහාම පරීක්ශනයක් කරන්න.ගමේ මිනිස්සි මුන් දෙන්නාට හොදින් සැලකිය යුතුයි.
achini Tuesday, 28 March 2023 01:36 PM
රාජපක්ෂලාගෙ නඩේ කෙනෙක් නේද ?