(අංජුල මහික වීරරත්න)
අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන අතර එක් එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන දිනයන්, වේලාවන් සහ ස්ථානයන් මෙන්ම එම දිස්ත්‍රික්කයන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ තෝරාගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවෙහි පළ කිරීමට නියමිතය.
එක් එක් දිස්ත්‍රික්ක සඳහා අ.පො.ස (උ/පෙළ) හදාරන සිසුන් වෙනුවෙන් ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව සඳහා තෝරාගන්නා ලද සිසුන්ගේ නාම ලේඛනය කලාප මට්ටමින් දැනටමත් ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ සඳහන් කර ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.
අ.පො.ස. (උ/පෙළ) සිසුන් සඳහා මසකට රුපියල් 6000 බැගින් මාස 24ක් සඳහා එක් අධ්‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.
මෙම සිසුන් සඳහා හිඟ වාරික මුදල්ද සමගින් රුපියල් 30,000 ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමටත් ඊලඟ මස සිට අ.පො.ස. (උ/පෙළ) විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට රුපියල් 6000 බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කරන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට රුපියල් 3000 බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන ද මේ යටතේ ක්‍රියාත්මක වන අතර තෝරාගන්නා ලද සිසුන් වෙනුවෙන් හිඟ වාරික මුදල් ද සමඟින් රු 12,000/- මුදලක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමට කටයුතු කරන අතර ඊලඟ මස සිට මසකට රුපියල් 3000 බැගින් ශිෂ්‍යාධාර ගෙවීමට කටයුතු කරනු ලැබේ.
ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුව Follow/Like කර තබාගන්නා ලෙස ද ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු
මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්
පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං
ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දරුවන්ට දෙන ජනාධිපති ශිෂ්‍යත්ව ගැන නිවේදනයක්
Chandima Sunday, 07 July 2024 04:01 PM
දෙන්නම් කාසි වලට දැන් චන්දේ දෙන්නෙ නැහැනේ මහත්තයෝ.
End Game Sunday, 07 July 2024 06:02 PM
දුන්නත් මුන්ට චන්දෙ දෙන්නේ නෑ .චද්නෙන් පත් වෙලා ආයේ හොරා කන එකනේ කරන්නේ
lankaputha Sunday, 07 July 2024 04:53 PM
දුන්නත් කාසි දෙන්නම්... ඡන්දෙ දෙන්නේ නෑ. මහත්තයෝ..
sarath Sunday, 07 July 2024 06:18 PM
හැම මිනිහම FB වල යන්නේ නෑ .වෙන වැඩ තියනවා .ලෙහෙසියෙන් තොරතුරු දැනගන්න පුළුවන් ලින්ක් එකක් දැම්මා නම් හොඳයි
Vimukthi Pathiraja Sunday, 07 July 2024 07:08 PM
ඇයි මේකට උත්සවයක් අවශ්‍ය වන්නේ. ශිෂ්‍යත්ව වශයෙන් ලබාදුන්නේ ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික මුදල් නොවේ. කරුණාකර අපට උත්සව වියදම් ශිෂ්‍යත්ව මුදල් ලෙස ලබා දෙන්න. උත්සව සඳහා සාමාන්‍යයෙන් රුපියල් මිලියන කිහිපයක් වැය වන බැවින් එය මෙම කලාපයේ මුළු ශිෂ්‍යත්ව අරමුදලට වඩා වැඩි විය හැකිය.