IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘‘දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්න රජය මැදිහත් වෙනවා‘‘

(අනීෂා මානගේ)

දහම් පාසල්වලට දරුවන් යොමු කරන්න පුළුවන් නම් දහම් පාසල් තුළින් ධර්මය ඉගැන්වීම පමණක් නොව විනය ගරුක සමාජයේ විනය ගරුක දරුවන් බිහි කිරීම කළ හැකියැයිද රජයක් ලෙස දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ ක්‍රියාවලියේදී අපි මැදිහත් වෙනවා යැයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) වීරකැටිය කසාගල රජමහා විහාරායේදී පැවසීය.

125 වැනි ජාතික දහම්පාසල් දින උත්සවය අද (23) විරකැටිය කසාගල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

මේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

      ‘‘අප රටේ බෞද්ධ දහම් පාසල් ආරම්භ කොට වසර 125 ක් සපිරීම වෙනුවෙන් පැවැති රාජ්‍ය උත්සවයට සහභාගී වීමට අවස්ථාවක් ලැබීම ගැන මම සන්තෝස වෙනවා. කසාගල විහාරයේ මෙය පැවැත්වීම ඓතිහාසික සිදුවීමක්. යුරෝපීය ජාතීන්ගේ බලපෑම්වලට ගොදුරු වීමත් සමඟ එතෙක් පැවැති දේශීය අධ්‍යාපනය වෙනුවට මිෂනාරී අධ්‍යාපනය අපේ රටට හඳුන්වා දී තිබුණා.

මිෂනාරී අධ්‍යාපන ක්‍රමය තුළින් අපේ රටේ බෞද්ධ අධ්‍යාපනය විනාශ වීම දැකපු ගිහි පැවදි දේශමාමක පිරිස් බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීමට තීරණය කළා. ඒ අනුව ඔල්කට්තුමාගේ සංකල්පයක් අනුව 1895 දී අගොස්තු මාසයේ තුන්වැනිදා ලංකාවේ පළමු දහම් පාසල ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයානන්ද දහම් පාසලේ ආරම්භ වුණා.

1956 වර්ෂයේදී දහම්පාසල් අධ්‍යාපනය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. පෙළ පොත් නොමිලයේ ලබා දෙනවා. 1956 ඇතිවූ පෙරළියත් සමඟ ඇති වූ වෙනස තමයි දහම්පාසල්වලට විශේෂ තැනක් ලැබුණා. බෞද්ධ දහම් පාසල් 11034 ක් තිබෙනවා.

ලක්ෂ 23 ක් පමණ එහි අධ්‍යාපනය ලබනවා. අපි ඒ නිසා අපිට ආඩම්බර වෙන්න පුළුවන් දහම්පාසල් නිසා තමයි දේශීයත්වය සහ සාරධර්ම අපේ දරුවන් තුළ, රට තුළ ආරක්ෂා වී තිබෙන්නේ. දහම් පාසල් ඉදිරියට ගෙනයන්න ගරුතර මහා සංඝරත්නය සහ දහම්පාසල් ගුරුවරුන්ගේ කැපවීම අපි අගය කරන්න ඕනෑ.

ඒ ගුරුවරු කිසිම වේතනයක් ලබන්නේ නැතුව තමන්ගේ කාලය ඒ වෙනුවෙන් කැප කිරීම අපි අගය කරන්න ඕනෑ. අපේ ගරුතර මහා සංඝරත්නය අපි අගය කරන්න ඕනෑ. සමාජයෙන් ඒ අගය කිරීම කෙරෙන්නේ නැත්නම් එය අඩුවක්. දහම් පාසල් නොගිය අයයි වැඩිපුර සිරගෙවල්වල ඉන්නේ. දහම්පාසල්වලට ගිය පිරිස්වලින් අපරාධ සිදුවෙනවා අඩුයි කියලයි සමීක්ෂණවලින් පෙන්වා දෙන්නේ.

දහම් පාසලට යැවීම අනිවාර්ය කිරීම එක්තරා විදියකට අපි හිතනවා. දරුවන් ඉන්න ප්‍රමාණයක් දහම්පාසලට යන අයයි බැලුවාම විශාල දරු පිරිසක් බෞද්ධ අධ්‍යාපනය ලබන්නේ නැහැ දහම්පාසල් තුළින්. විනාඩි 45කින් බෞද්ධ ධර්මය ඉගැන්වූවා කියලා සන්තෝස වෙනවා නම් දෙමවුපියෝ අපි කරන විශාල වරදක් විදියට අපි දකිනවා.

අපිට මේ දරුවන් අනිවාර්යෙන්ම දහම්පාසල්වලට යොමු කරන්න පුළුවන් නම් දහම්පාසල් තුළින් ධර්මය ඉගැන්වීම පමණක් නොවෙයි විනය ගරුක සමාජයේ විනය ගරුක දරුවන් බිහි කිරීම කළ හැකියැයි අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව සිතන්න අවශ්‍ය යුගය අද ඇවිත් තිබෙනවා.

විශේෂයෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශය රාජ්‍ය ඇමතිවරයකුගේ යටතේ දහම්පාසල් අධ්‍යාපනය යොමු කිරීම අපේ රජය විසින් ඉදිරියට යෑමට ගත් විශේෂ පියවරක් විදියට අපි දකිනවා. ආරම්භ කළ ඒ ක්‍රියාවලිය ඉදරියට ගෙන යායුතුව තිබෙනවා. මහා සංඝරත්නයේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන්න සූදානම් වූ රජයක් අපිට තිබෙන්නේ. ජනාධිපතිතුමා එතුමාගේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ තුලිනුත් ඒ බව සඳහන් වුණා. රජයක් ලෙස අපි දහම්පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ ක්‍රියාවලියේදී අපි මැදිහත් වෙනවා.

අපේ දෙමවුපියන් මීට වඩා උනන්දු විය යුතුයි දරුවන් දහම්පාසල්වලට යොමු කරන්න. මේ දරුවන්ට අධ්‍යාපනය පමණක් නෙවෙයි විනය ගරුක දරුවන් බිහි කිරීමේ අවස්ථාවට සහය දැක්වීම සියලුම බෞද්ධ දෙමව්පියෙකුගේම යුතුකමක්.

බෞද්ධ දරුවන්ට පමණක් නෙවෙයි අනෙක් ආගමික දරුවන්ට දහම උගන්වන පාසල් තිබෙනවා. සමහර ආගම්වල මුළු කාලයම උගන්වන්නේ දහම පමණයි. මේවා ගැනත් සොයාබැලිය යුතුයි. ඒ අයගේ දහම්පාසල්වලට ධර්මය ඉගැන්වීමට අපි දෙන සහයෝගය අපි ලබා දිය යුත්තේ සමාජයට වැඩදායි පිරිස් බිහිකිරීමටයි.

අපි දැක්කා පාස්කු ඉරිදා ප්‍රහාරය. ඊටත් වඩා උතුරේ ඇතිවූ ගැටළු. ත්‍රස්තවාදය නැතිකරන්න නම් වඩාත්ම ආගමික අධ්‍යාපනය දියුණු කළ යුතුයි. කිසිම ආගමක මම හිතන්නේ නැහැ ප්‍රචණ්ඩත්වය උගන්වනවා කියලා‘‘ යැයිද කීවේය.

 

 



අදහස් (12)

‘‘දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්න රජය මැදිහත් වෙනවා‘‘

Demuni Uduwara Sunday, 23 August 2020 02:02 PM

ඕවා දෙනු පරහට...?

:       0       149

අලස්Monday, 24 August 2020 08:44 AM

නෑ නෑ මේ කියන්නේ සාමාන්‍ය ජනයා නීතිගරුක යහපත් පුද්ගලයින් විදියට ඔලුව නවාගෙන ඉන්න කියලා. ඉහළ තලයේ අයට ඒවා අදාළ නෑ...

:       1       0

FernandoMonday, 24 August 2020 10:35 AM

එයාලගේ දරුවෝ ගියේ පල්ලියේ දහම් පාසලට අම්මත් එක්ක.

:       0       12

කමල් Sunday, 23 August 2020 02:34 PM

මට නම් මෙතුමා බුද්ධ ශාසන ඇමති වීම විහිළුවක්. ඉන්දියාවේ තිරුපති කෝවිල වඳින්නත් ගිහින් තිබ්බා.

:       0       210

විජිත් Sunday, 23 August 2020 03:29 PM

අපේ රටේ කියමනක් තියෙනවා අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා.

:       1       136

VINIVIDA Sunday, 23 August 2020 04:00 PM

බුද්ද සාසනය වෙනුවෙන් බික්ෂුන්වහන්සේලා දේශපාලනයෙන් ඉවත්විම සහ දේශපාලන වැඩසටහන් පන්සල්වල පැවැත්වීම නවතාලීම කලයුතුවේ.

:       0       193

Sanath Kandy Sunday, 23 August 2020 04:15 PM

මද්‍රසා නම් වහන්නම වෙනවා. ඒවා ඉස්ලාම් දහම් පාසල් නොවෙයි.

:       69       146

FernandoMonday, 24 August 2020 06:23 AM

අරාබි සල්ලි වලින් නඩත්තු කරන මද්‍රසා කියන්නේ අන්තවාදීන් බෝ කරන තිබිරි ගෙවල්.

:       1       64

Perera Sunday, 23 August 2020 07:22 PM

බලමුකෝ මෙදාපාර කොහොම වෙයිද කියලා.

:       0       29

dhamneth Monday, 24 August 2020 02:00 AM

දරුවා නරක්වෙන්නේ සමාජයට ගියාම කියා ප්‍රංශ ජාතිකයෙක් කියාතිබෙනවා. ලංකාවේනම් විශ්ව විද්‍යාල වලට ගියාමත් දරුවෝ නරක් වෙනවා.

:       2       6

Kamal Koyrala Monday, 24 August 2020 07:25 AM

ශාසනේට වඩා ආසනේට වලිකන, සෙල්ෆි ගහන රහත් යැයි කියාගෙන රජ බොජුන් වළඳන, සාස්තර හොර බිස්නස් කරන, සාමණේර වරුන්ට, පාසල් ළමුන්ට, මෙහෙණින් වහන්සේලාට අඩන්තේට්ටම් කරන අය නිසා සියල්ලොම පන්සලෙන් ඈත්වෙලා බණක් අහන්න ඕනෑ වුණාම පැයගාණට හයර් කරගෙන පුරුදුවෙලා පන්සල් නොගිහින් සිදුකරන නිසා ශාසනයට වෙලා තියෙන හානිය අති විශාලයි. ජේ.ආර්. කිව්වා වගේ හාමුදුරුවනේ ශාසනය බලාගන්න, මම දේශපාලනය බලාගන්නම් කිව්වේ ඒකයි..

:       1       4

විපරමා Monday, 24 August 2020 09:37 AM

කාලයක් පන්සල් ගානේ ගිහින් දේශපාලනේ කතාකරපු හැටිත් මතක නැහැ වගේ.. දේශපාලුවෝ කවද්ද දහමට අනුව ජීවත් වුනේ. සෝබන කතානේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 464 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 226 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 727 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 933 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 520 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 602 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site