IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දරුවන් ගෙදර එන විට ගේත් නෑ

 කොස්ලන්ද මීරියබැද්දේ මළවුන් සෙවීමේ කාර්ය මහවැසි නිසා අද (29) සන්ධ්‍යාවේ නතර කැරිණි.සහන සේවකයින් පැවසුයේ පෙර පාසලට ගිය දරුවන් ගෙදර එන විට මව්පියන් පමණක් නොව ගෙයද නොදුටු බවයි.එම දරුවන් මව්පියන් ඉල්ලා හඬා වැටුණාහ.ඔවුහු පසුව ගනේෂා  විදුහල් කඳවුරට රැගෙන යනු ලැබුහ.

මීරියකන්දෙන් ගමේ බොහෝදෙනා අද ඉවත් වීමට සුදානමින් සිටි බව  සහන සේවකයෝ පවසති.පෙර දිනයේද  ගමෙන් ඉවත් වන ලෙස දැන් වු බව  දැනගන්නට ඇත.

 

 



අදහස් (0)

දරුවන් ගෙදර එන විට ගේත් නෑ

සමීර සාලින්ද Thursday, 30 October 2014 11:20 AM

පවු අහිංසක දරුවෝ! (නි)

:       0       0

පිටිගල Thursday, 30 October 2014 03:45 AM

සුනාමි වෙලාවේදීත් අසරණ උන දරුවන් පැහැර ගත්තා. අසරණ වුන දරුවන් ගැන විශේෂ අවධානය යොමු කල යුතුය. මේවා කලේ පිට රටින් ඇවිත් නොවේ. අපේම රටේ මිනිස්සු. (නදී)

:       0       0

උඩුමලගල ගමගේ Thursday, 30 October 2014 03:49 AM

2005, 2011 සහ 2013 දී මේ ප්‍රදේශයට සුනාමි අනතුරු ඇගෙව්වලු. එ්ත් ඒවා ගණන් ගත්තෙ නැහැ කියලා බක පණ්ඩිත නිලදාරීනුත් මාධ්‍ය වේදීනුත් කියනවා මම අහගෙන හිටියා. මේ මිනිස්සු අන්ත අසරණ විදියට ජීවත් වෙන ලංකාවේ දුප්පත්ම ජනතාව. මේ මහා පොලවේ බිම් අඟලකවත් අයිතියක් නැති මිනිස්සු. අනතුරු ඇඟෙව්වට ඒ මිනිස්සු කොහෙටද යන්නේ. ලයින් කාමර කියන්නේ මොනවද කියලවත් ලංකාවේ හුඟක් අය දන්නේ නැතිව ඇති. ඒවා සත්තු ගාල් කරන කූඩු වගේ. දැන් මේ නැති වුනු ජීවිත වලට වග කියන්නේ කවුද ?. දෙමව්පියන් අහිමිව අසරණ වුනු දරුවන්ට කාගේ පිහිටක්ද?. වැදගත්ම ප්‍රශ්නය නම් අනතුරු අැඟවීම හමුවේ ක්‍රියාත්මක නොවූ වතු සමාගටත්, වතු අධිකාරී වරයාටත්, ප්‍රාදේශීය ලේකම් වරයාටත් එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද යන්නයි. පිළිතුර සක්සුදක් සේ පැහැදිලියි. "කිසිවක් සිදු නොවේ". මොකද මේ වසර 5000 ක ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන වසර 2500 ක ලිකිත ඉතිහාසයක් තියෙන රාවනා පරපුරෙන් පැවතෙන "ශ්‍රී ලංකාවයි". (නදී)

:       0       0

ටිරෝන් Wednesday, 29 October 2014 01:38 PM

හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා! මියගිය සියලු දෙනා දුකින් මිදේවා (නදී)

:       0       0

ශ්‍යාමා Thursday, 30 October 2014 04:18 AM

මෙවන් ඛේදවාචකයක් ත්සුනාමියෙන් පසු අසන්නට සිදු උනා. රට වැසියා පුළු පුළුවන් විදිහට අවංකව කැපවීමෙන් මේ වෙනුවෙන් උදවු කළ යුතුයි. අපේ ගමින් මා ඇතුළු 30 දෙනෙක් අද එහි යනවා. සැවොම එක්වන්න යැයි මනුෂ්‍යත්වයේ නාමයෙන් ආරාධනා කරමි. (නදී)

:       0       0

තිලක් Wednesday, 29 October 2014 01:47 PM

මේ වෙලාවේ එම සහෝදර ජනතාවට අධික සීතලෙන් ආරක්ෂා වීමට ඇඳුම් පොරොවන රෙදි වැනි දේ ලබා දෙන්න අපිට යුතුකමක් තියෙනවා. මේක සුනාමියෙන් පස්සේ අපේ රට මුහුණ දුන්නු බරපතලම ස්වාභාවික විපත. (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 30 October 2014 04:51 AM

දෙමව්පියන් සිටියදීත් ළමයින් පැහැරගෙන ගොස් අපරාධ කරන රටක මේ ළමයින් කොයිතරම් අසරණද? අනේ දෙවියනේ මේ ළමයි ආරක්ෂා කරන්න.. (නි)

:       0       0

ශාන්ත කුමාරන Thursday, 30 October 2014 04:52 AM

දැන් ඉතින් අර අසරණ දරුවන්ට කගේ පිහිටද? තව සතියකින් හැමෝටම ඔය සිද්දිය අමතකවෙලා යයි. අර දරුවෝ ඊට පස්සේ සමාජයට බරක්. හරි මග පෙන්වීමක් නැතිව, හරි අධ්‍යාපනයක් නැතිව සමාජයෙන් කොන්වෙනකොට ඒ දරුවන්ට කාගේ පිහිටද. ඔය වැනි තත්වයට පත්වෙන ළමයි තම පසුවට ත්‍රස්තවාදී සංවිධාන වලට බැදෙන්නේ. ඔය ගැටළු හොයල බලල හරි ඉස්තිර විසදුම් ලබාදෙන්න රජය කටයුතු නොකළහොත් නැවත ත්‍රස්ත වැනි ප්‍රශ්ණ උඩට එන එක වලක්වන්න බෑ. හොදම විසදුම මේදරුවෝ කාගෙවත් අතකොලු බවට පත් වෙන්න කලින් දරුවෝ යමගට ගන්න හරි වැඩ පිළිවෙලක් රජය මගින් සකස් කරන ඕනේ, පැලැස්තර විසදුම් වලින් වෙන්නේ ප්‍රශ්ණ තවත් දික් ගැහෙන එක පමණි. බලධරයන්ගේ දෙනෙත් ඇරේවා.(අ)

:       0       0

සඳුනි Wednesday, 29 October 2014 03:41 PM

මෙබදු විපතකට ලක්වූ දරුවන්ගේ මානසිකත්වය සකස් කිරීම ඉතා අසීරු කරුණක්. අනේ..! මොනවා කරන්නද? (ර)

:       0       0

කමල් Wednesday, 29 October 2014 04:23 PM

දරුවන්ගේ ආරක්ෂාව ගැන සොයන්න, පෙර පාසලට පැමිණි අය සහ වෙනත් ස්ථාන වලට පැමිණි අය සොයා බලන්න, අතර මගදී ළමුන් පැහැර ගැනීමකට ලක් නොවිය යුතුයි. බොර දියේ මාළු බාන අය ගැන සෙවිල්ලෙන් ඉන්න. (ර)

:       0       0

ඩෙනිස් Wednesday, 29 October 2014 04:34 PM

අනේ දෙවියනේ.! මේ අහිංසක දරුපැටව් අසරණ කරන්න එපා. කවද මේ දරුවන්ට අම්මා, තාත්තා වෙන්නේ. ඒ අය තමයි දෙවිවරු. (ර)

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 29 October 2014 07:10 PM

අද උදේ දෑතේ එල්ලී පාසල් ගිය දෙමවුපියන් දැන් නැත. ඊයේ රාත්‍රී සුවසේ නිදාගත් නිවහන දකින්නටවත් නැත. සොහොයුරු සොයුරියන්, යහළුවන් සමග සෙල්ලම් කළ ඉසව්ව කොහේදෝ සැඟවෙලා ගොස් ඇත. කුසට අහරක් නැතත් දෙමවුපියන්ට තුරුලුවී සැනසෙන්නට තිබු ඒ වාසනාව අද ඔවුනට නැත. දරු සෙනෙහස විදින්නට පෙරුම් පුරන එහෙත් කුමන හෝ හේතුවක් නිසා දරු සුරතල් අහිමි වූ අයෙක් ඇත්නම් මේ අහිංසක දරුවන්ට සැබෑවටම දෙමවුපියන් වීමට හැකිනම්...මොහොතක් සිතන්න....ඔබේ දරු සෙනෙහසින් යලිත් මේ ලොව දැකිය හැකි ඒ දරුවා මේ අහිංසකයන් අතර සිටිය හැකියි නොවේද...ඔබේ මනුෂ්‍යත්වය ඔවුනගේ ලොව වෙනසක් කරනු ඇති බව මගේ විශ්වාසයයි..(අ)

:       0       0

බකිත් Wednesday, 29 October 2014 07:23 PM

කවදාවත් මෙවැනි දේවල් වෙන්න එපා ...හැකි ඉක්මනින් අනතුරු දායක සියලු තැන වලින් අනිත් අයව ඉක්මනින්ම ඉවත් කිරීමට බලධරයන් කටයුතු කල යුතුය .අනාත වූ අය හැකි ඉක්මනින් පිහිට වෙමු .තව දුරටත් අනතුරු වීම වලකමු (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 9 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 14 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 38 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 52 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 105 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 125 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site