IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දරුවන් පණ මෙන් සුරකිමු

විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවැත්වු  දේශනයක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි. 

රටක ජාතික සම්පත්  අතර  ප්‍රමුඛ වන්නේ  දරුවවෝය. ළමා  කාලය ජිවිතයේ වඩාත්ම තීරණාත්මක අවධියක් ලෙස සැළකෙන්නේ එබැවිනි.

මනස පිළිබඳ ගැඹුරින්  අධ්‍යනය කළ මනෝවිද්‍යාඥයින් පෙන්වා  දෙන පරිදි  මිනිසාගේ  පියා වන්නේ  දරුවාය. මින්  ගම්‍ය  වන්නේ යහපත් පුරවැසියකු රටට  දායාද කරවිමේ  කාර්යය ආරම්භ කළ යුත්තේ  ළමා වයසින්  බවයි.

6 වන ශත වර්ෂයේ සිට 15 වන ශත වර්ෂය වන තෙක්ම අපි  දරුවන්  දෙස බැලුවේ පොඩි සහ ලොකු ලෙසට ප්‍රමාණයෙනි.

කෑමක්  බීමක් වුවද පොඩි දරුවෙකුට පොඩ්ඩක් දීමත්, වැඩිහිටියකුට වැඩි ප්‍රමාණයක්  දීමත්  හැර  වෙනත්  විශේෂයක්  දරුවන්ට  ලබාදිය යුතු බව වැඩිහිටියන් දැන සිටියේ නැත‍.

දරුවා  යනු  වැඩිහිටියන්ගේම පොඩි එකක්  නොවන බව වැඩිහිටි  අප තේරුම් ගනු  ලැබුවේ  බොහෝ  කාලයකට  පසුවය.

විසිවන ශත වර්ෂයේදී  ලොව පුරා සොයා  ගනු ලැබුවේ  දරුවා යනු  විශේෂීත පුද්ගලයකු  බවය.

ඒ අනුව මෙලොව උපදින දරුවෙකුට  වයස අවුරුදු  18 – 19 වන තෙක්  ආදරයෙන්  සෙනෙහසින්  රැක බලා  ගැනිම, ආරක්ෂාව රැකවරණය සැලසීම මෙන්ම පෝෂ්‍යදායි ආහාරපාන හැකි  අයුරින් ලබාදීම ද වැඩිහිටියන් ලෙසට  කළ යුත්තක්  බව වැඩිහිටියන් ලෙසට  කළ යුත්තක් බව වැඩිහිටියන් තේරුම් ගත යුතුය.

විශේෂයෙන්ම දරුවකුගේ  පුර්ව ළමාවිය යහපත්  අයුරින්  ගත කිරිමට  සැළැස්විම වැඩිහිටියන් සතු  වගකීමක් වන්නේ , එම අවධියේදී  යම් අකටයුත්තකට , අවාසනාවන්ත කරුණකට  මුහුණ දෙන දරුවාට  එම කරුණ මුළු ජිවිත කාලයේදිම බලපාන බැවිනි.

ලොව ප්‍රධාන පෙළේ  විශ්ව විද්‍යාල වලින්  සිදුකර  ඇති  පර්යේක්ෂණයන්ගෙන් ඔප්පු වී  ඇත්තේ පුර්ව ළමා වියේදී විවිධ කටුක අත්දැකිම් වලට  මුහුණ දුන් දරුවන් අනාගතයේ දී වැඩිහිටියන් බවට පත් වු විට මානසික රෝගවලට  ගොදුරු වීම, තරබාරු වීම සහ හෘදය ආශ්‍රිත රෝගයන්ට  ගොදුරු විමේ වැඩි ඉඩකඩක්  ඇති  බවය.

පුර්ව ළමාවිය

පුර්ව ළමාවිය ලෙසට  සැළකෙන්නේ  දරුවකු කුස පිළිසිඳගත්  දා සිට අවුරුදු 8 ක් වන තෙක්  කාලයය. දරුවවෙකුගේ ජිවිතයේ වැදගත්ම වයස ලෙස සැළකෙන්නේ පුර්ව ළමාවිය අවධියයි.

වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා  දෙන පරිදි දරුවකුගේ මොළයේ වර්ධනය සිදුවන්නේ  මෙම අවධියේදී විම විශේෂත්වයකි.

මොළයේ වර්ධනය මෙම අවධියේදී  දරුවා  ඇසෙන,  දකින, දෙයින් වැඩි අත්දැකිම් සම්භාරයක් ගැනිම උත්සහ කරයි.

මෙම අවධියේදී යහපත්  ධනාත්මක අයුරින් පණිවුඩ දරුවන්ගේ මොළයට  යැම දරුවාගේ නිසි  ක්‍රියාකාරිත්වයට මනා  පිටුවහලක් වන බව වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු කර ඇති කරුණකි.

මොළයේ වර්ධනයට  නිසි අයුරින් සිදුවන දරුවනුගේ ශරිර  වර්ධනය මනාව සිදුවේ. ශරිරය වැඩිම,උසයෑම, පුෂ්ඨීමත් විම ආදි  දරුවාගේ  වර්ධනයන් බාහිරව දැක ගත හැකිය.

මොළයේ වර්ධනය හොඳින්  සිදුවන දරුවකු සිතා  බලා  යම් යම් දේ ඉගෙනිමට ගන්නා උත්සහය ඉතාම තිව්‍රර එකකි.

අනෙක් ප්‍රධානම කරුණ වන්නේ දරුවා බාහිර සමාජය සමඟ යාළු මිත්‍රකම් ගොඩ නගා ගැනිමට ඇති හැකියාවය.

මෙම කරුණ සියල්ල දරුවකුගේ මොළයේ වර්ධනය පෙන්නුම් කරනා ප්‍රධාන බාහිර මිනුම් දඩුවේ.

කුඩා අවධියේදී සෙල්ලම් බෝලයක් උඩ දමා විසිකර දරුවා  අධ්‍යනයක් ලබති. නමුත් වර්තමානයේ මව්පියවරු වැඩි කැමැත්තක් දක්වන්නේ කුඩා අවධියේ තාක්ෂණික මෙවලම් භාවිතයේ ක්‍රිඩා කිරිමට සැලැස්විම හෝ රූපවාහිනියට  හුරුකර  දරුවා එකම තැනක රදවා තැබිමටය. සැබැවටම මෙය දරුවාගේ දැනුම මොට විමට  බලපාන බව අද වන විට සොයා ගෙන තිබේ.

එපමණක් නොව මෙවැනි හේතුන් නිසා දරුවන් කුඩා අවධියේම රූපවාහිනියට  හෝ පරිගනකයට  ඇබ්බැහිවිම වැළැක්විය හැකි කරුණක්  වන්නේ නැත.

ආදරණිය මැණිවරුනි,පියවරුනි,

ඔබ ඔබේ දරුවා අනාගතයේදී මනා පෞර්ෂත්වයකින් හෙබි ඉගෙනිම දක්ෂ, මතක ශක්තිය වර්ධන වු සමාජයේ බාහිර පාර්ශවයන් සමඟ හොඳින් ගනුදෙනු කළ හැකි දරු පිරිසක් නිර්මාණය කළ හැක්කේ , දරුවා කුඩා අවධියේ සිට එළිමහනේ ද සිදු කරන  කටයුතු වලින් බව මතක තබා ගත යුතුය.

කුඩා අවධියේදී වැලි ඇල්ලිම, සෙල්ලිම් බඩු සමඟ සෙල්ලම් කිරිම, ජල  ක්‍රිඩා වල නිරත විම ආදි ක්‍රියාකාරකම් වල දරුවා යෙදිය යුතුය.

මෙවැනි බාහිර ක්‍රියාකාරකම් වලින් දරුවාගේ මොළේ වර්ධනය ශිඝ්‍ර ලෙස සිදුවෙන බව ඇතැම් විට වැඩිහිටි ඔබ නොදන්වා විය හැක. නමුත් පුර්ව ළමාවියේ පසුවන දරුවකුට ස්වභාව සෞන්දර්යය සමඟ ගැටෙමින් අත්හදා බැලිම් කරන්නට දිම, විශාල මුදලක් වියදම් කර නවීන පන්නයේ අධි තාක්ෂණික යන්ත්‍ර ලබා දෙනවාට වඩා ඉතා වටිනා  බව කිව යුතුය.

භාෂාව

සාමාන්‍යයෙන් මෙලොව උපදින නිරෝගි දරුවකුට වයස අවුරුදු 1- 2 පමණ වන විට භාෂාව හැසිරිමේ ඉඩ අවකාශ ලැබේ.

මෙම අවධියේ දි  දරුවා අසන, දකින දෙයින් මොළයට  පණිවුඩ ගමන් කිරිම සිදුවේ.

උපතේදී හිස් සුදු කඩදාසියක් බඳු දරුවාගේ මොළය පිරෙන්නට පටන් ගන්නේ මෙලෙස කුඩා අවධියේදී ලබා ගන්නා අත්දැකිම් වලිනි.

මෙම අවධියේ දරුවකු සිටින නිවසක නිතර අඩදබර  කරගන්නවා නම් කුඩා දරුවා නොදැනුවත්ම වුවද එහි  භාෂාව රූප රාමු ළමා  මනසට  ඇතුළු වේ.

පෝෂණය ද ඉතා වැදගත්ය

මහා ඉහළ ගණන් වලට  අලෙවි වන ආහාරපාන නොමැති වුවද , බඩගින්නට  පෝෂණ ගුණයෙන් යුතු සමබර  ආහාරයක් දරුවාට ලැබිය යුතුය. පිපාසය දැනෙන විට පිපාසය සංසිදුවා ගැනිමට  වතුර  ටික ලැබිය යුතුය.

කුමන හෝ හේතුවකින් හෝ අතපසු විමකින් දරුවාට  බඩගින්නට  කන්න ලැබෙන්නේ නැතිනම්,තිබහට  වතුර  ටික නොලැබෙන්නේ නම්  මෙවැනි පුංචි කරුණු වලට  සංවේදි  නොවිමෙන්  දරුවා  අනාගතයේදි  මානසික රෝග පිඩාදියට  පවා  මුහුණපානා කරුණක් වේ.

ඇතැම් නිවෙස්වල මවගේ මුලික රාජකාරි  රූපවාහිනිය නැරඹිම හෝ රූපලාවන්‍ය  කටයුතු  වල නිරත විම එවැනි වටපිටාවකදි දරුවා  ඉබේටම පුරුදු වනු ලබනවා, මවගේ  ක්‍රියාදාමයන් වලට නිරත වන්නට මොළය වර්ධනය වන අවධියේදී මොළේ වර්ධනයට අවශ්‍ය  යහපත් දේ ඇසිමට දැකිමට  සැලැස්විම ඉතාම වැදගත් වේ. දරුවාගේ උවමනා එපාකම් හඳුනාගෙන එයට  මුහුණ දිම නොවඩුව කළ යුතුය.

දරුවාට  තුවාලයක් වු විට ගණන් නොගෙන සිටිම හෝ බැණ වැදිම නොකර, දරුවා  පත්ව ඇති තත්ත්වයට සංවේදි  විම ඉතා වැදගත්ය.

තුවාලය පිරිසිදු කර  ඖෂධ යෙදිම සේම , දරුවා දුකට වේදනාවට පත්ව ඇත්නම්  අස්වැසිමටද  දෙමාපියන් පෙරමුණ ගත යුතුය.

තවද තුවාලයක් , කැපුමක් විම , පිළිස්සිම ආදි පුංචි  අනතුරු වලින් දරුවාට  හානිවන බව දරුවාට ඉගෙන ගන්නා නිසා  එවන් අවස්ථා වලදි  දරුවාට  අවධානයක්  ඇති දේ  කියා දිමට ද දෙමාපියන්ට  අවකාශ  ලැබේ.

දරුවා  රැකබලා  ගැනිම

කාර්යය බහුල ජිවන රටාවට   හුරුවී  ඇති වර්තමානයේ බොහෝ දරුවන්  රැකබලා  ගන්නේ වැඩිවිය පැමිණි මිත්තනිවරු හෝ සේවිකාවන්ය.

ආර්ථිකය ශක්තිමත්  කර  ගැනිමට  මව්පියවරු හෝ රැකියාවල නිරත වුවද පුළුවන් සෑම වේලාවකට  දරුවන්ට  ගැන සොයා  බැලිමටත්, දරුවන්නේ අවශ්‍යතා හඳුනා ගැනිමටත් දෙමාපියන් නිරතුරුව පෙළඹිය යුතුය. උපන් දා සිට වසර  8 ක්  යන තෙක්  එලෙස දරුවා  ගැන සොයා බැලිම ඉතා  වැදගත්  වේ.

ළමා  අයිතවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ සඳහන්  ආකාරයට වයස අවුරුදු 18 වන තෙක්  සියලු  මනුෂ්‍යයන් දරුවන් වේ. එහෙයින් වැඩිහිටි ඔබ ඔබේ දරුවා ශරිරයෙන් උස් මහත්  වුවත්, කතාවෙන්  වෙනස් වුවත් එබ ඔබගේ රැකවරණය ආදරය, සෙනෙහස මෙම අවධියේදි  ලබාදිමට  පෙරමුණ ගැනිම ඉතා වැදගත් වේ.

සොයා  ගෙන ඇති  පරිදි  අනාගතයේදි  පෞර්ෂ දුර්වල විම ,දරාගැනිමේ  හැකියාව නොමැති  දරුවකු  බිහිවිමට  බලපානා කරුණූ  කිහිපයක්  පහතින්  දැක්වේ.

·        දුප්පත්කම

·        ආරක්ෂීත රැකවරණයක් නොලැබිම

·        ලිංගික හිංසාවන්ට ලක්විම

·        අපයෝජනයන්ට ගොදුරුවිම

·        දරාගත නොහැකි  පහර  කැම් වලට  ලක්විම

·        බැන වැදිම්

·        හෙළා දැකිම්

ආදි කරුණූ  වලට  නිරතුරුව භාජනය වන දරුවකුට  එම තත්ත්වය බලපාන්නේ ඒ මොහොතට  පමණක් නොව මුළු ජිවිත කාලයටමය.

දරුවෙකුගේ වර්ධනයට  බලපාන සාධක

·        ජාන

·        පවුල

·        ජිවත්වන පරිසරය

·        ලබනා අත්දැකිම්

මෙම සියලු  කරුණූ  දම්වැලක පුරුක් මෙන්  දරුවකුගේ  වර්ධනයට  සෘජු හා වක්‍රකාරයෙන් බලපානු  ලැබේ.

දරුවා  කුඩා අවධියේදි  හොදින්  ආරක්ෂාව ලැබෙන්නේ නම්  පෝෂදායි  ආහාර පාන වලින්  දරුවා පෝෂණය කරන්නේ නම්  සහ දරුවාට දරුවෙකු  ලෙස ආදරය, සෙනෙහස නොවඩුව ලැබෙන්නේ  නම් නිරෝගි  දක්ෂ හැදියාවෙන් යුතු  දරුවෙකු  සමාජගත කිරිම අපහසු කරුණක්  වන්නේ නැත.

අප සමාජයේ ඕනෑ  තරම් දැක තිබෙන ප්‍රධාන දක්ෂ , ගුණ යහපත්  දෙමාපියන්ට  අකීකරු අදක්ෂ දරුවන් සිටින බවය.

එයට  ප්‍රධානම හේතුවක් වන්නේ පුර්ව ළමාවියේදි  දරුවා  පසුවන පරිසරයයි.

ඝෝෂාකාරි , කැරළි කෝළාහළ සහිත පරිසරයක නම්  දරුවා ජිවත්  වන්නේ  දරුවෙකු  වර්ධනයට  බලපාන කරුණූ  සියල්ලම සම්පුර්ණ වුවත්  ඇති  වැඩක්  වන්නේ නැත.

දරුවෙකුට  වර්ධනයට  බලපාන සාධක නොලැබි යාමෙන්  දරුවෙකුට  මුහුණ දිමට  සිදුවන අනතුරුදායක තත්ත්වයන්

·        අධ්‍යාපනය දුර්වල විම

·        මතක ශක්තිය හීනවිම

·        බාහිර  සමාජය සමඟ සම්බන්ධතා  ගොඩ නංවා  ගැනිමට  බියක්, මැලිකමක් දැක්විම

·        මුළු ගැන්වි  සිටිම

·        අධික ලෙස කෝප විම

·        හේතුවක් නොමැතිව සතුටු විම

·        තරබාරුවිම

·        හෘදය ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරු  විමේ වැඩි ඉඩකඩක්  තිබිම

·        විෂාදය වැනි මානසික රෝගි තත්ත්වයන්ට  ගොදුරු විමේ වැඩි ඉඩකඩක්  අනාගතයේදි  ඇතිවිම

·        කුඩා  දේවල්  පුංචි  ක්‍රියාකාරකම් අත්මදා  බැලිම් වගට  මැලිකමක්  දැක්විම

·        පුද්ගලයන් සමඟ කතා බහ කිරිමේදි පවා  මුහුණ දිහා  බලා  කතා  කිරිමට  මැලිකමක් දැක්විම (මවගේ පියාගේ පවා)

දරුවන් වෙනුවෙන් කළ හැකිදේ

·        නිවසේ  දරුවාගේ  සොදුරුතම අත්දැකිම්  ලබනා  තැනක් බවට  පත් කිරිමට  දෙමාපිය වැඩිහිටියන් ක්‍රියාකළ යුතුය

·        පාසලේදි ගුරුවරුන් , සෑම ශිෂ්‍යයකුටම එකම අයුරින්  සැලකිමට  වග බලාගත යුතුය.

·        දරුවා  යනු  සමාජයේ  කුඩා කොටසක්  ලෙස නොසිතා  දරුවාට  නිරතුරුවම අගය කිරිම කළ යුතුය.

·        මගේ දරුවා පමණක්  නොව සෑම දරුවෙකුම දරුවෙක්  බව සිතා  සමාජයේ දි  ක්‍රියා කිරිමට උත්සහ දැරිය යුතුය.

කුමන හෝ හේතුවකින් දරුවාගෙන්  යම්  අසාමාන්‍ය  තත්ත්වයක් දකින්නේ නම්  සුදුසුකම්ලත් ළමා විශේෂඥය වෛද්‍යවරයකුට හෝ මනා පුහුණුවක්  ලද ළමා සංවර්ධනය පිළිබඳ සොයා  බලන  නිලධාරියකුට දරුවා  පෙන්විම කළ යුතුය.

උපදේශනය අවශ්‍ය වේලාවේදි  දරුවාගේ  අවශ්‍යතාව හොඳින්  හඳුනාගෙන ඊට  යොමු කිරිම ද ඉතා වැදගත් වේ.

නිරතුරුවම පුහුණු උපදේශකවරු සොයා  ගැනිම ඉතා වැදගත් වේ. එසේ නොමැතිව පුහුණූව නොලැබු  අයකුගෙන්  දරුවාට  උපදේශනය ලබාදිමෙන් නොසිතන අයුරින්  දරුවාගේ මනසට හානි සිදුවිය හැකි බව මතක තබා  ගත යුතුය.

 

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

දරුවන් පණ මෙන් සුරකිමු

එස් ගොඩගේ Tuesday, 24 January 2017 06:43 AM

අගනා ලිපියකි .සුබපතමි. අගයමි. (බ)

:       0       2

මානෙල් Wednesday, 18 November 2015 06:40 AM

මෙම අදහස් අදට කාලෝචිතය. මේවා ගැන දැනුවත් කිරීමට අවශ්‍යයි. නවීන මවුවරු මේවා ගැන වැඩි අවධානයක් නොදක්වති. අනාගත දරුවන් ගැන හිතාගැනිමටත් බැරිය. (නි)

:       0       3

දිලිප් Wednesday, 28 December 2016 02:22 AM

නූතන සමාජය තුළ වර්ධනය වන සමාජ ගැටළු අතර ළමා අපචාර වර්තමාන සමාජය තුළ ඉතාමත් ඉහළ තත්වයක ඇති අවස්ථාවක වැඩිහිටි අප විසින් අනාගත පරපුර බාරගන්නට සැරසී බලා ඉන්නා එම මල් කැකුළුවන් දරු සම්පත සුරැකිය යුතුය. (නි)

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 1056 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 446 0

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 980 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 418 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 381 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 433 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14637 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 217 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site