IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දරුවන් වෙනුවෙන් පනතක්

දරුවන්ගේ  යහපත සුබ සිද්ධිය හා  රැකවරණය වෙනුවෙන්  සකස්  කර   තිබෙන  දරුවන්ගේ  අධිකරණ රැකවරණ පනත ළඟදිම ගෙන එන  බව  අධිකරණ ඇමැති  විජයදාස රාජපක්ෂ මහතා  පැවසීය.

නීති  කෙටුම්පත්  දෙපාර්තමේන්තුවේ  කෙටුම්පනතක්  බවට  සම්පාදනය කිරිම දැනට  සිදු  කරගෙන යන බවත්  සඳහන්  කළේය.

නඩුව  පවතිද්දී  ඔවුන්ගේ  රැකවරණය සලසාදීම යන කාරණා සියල්ලක්ම මෙම පනත මගින්  ඉටුවන බවත්  ඇමැති   විජයදාස රාජපක්ෂ මහතා  සඳහන්  කළේය.

 



අදහස් (0)

දරුවන් වෙනුවෙන් පනතක්

නිලන්ත Wednesday, 20 May 2015 12:08 PM

ශ්‍රියා නාවින්න. ඔබ කියන්නා වැනි දේවල් කිරිබත්ගොඩ බාලිකා පාසලේ සිදුවෙනවාලු. නමුත් දෙමවුපියන් ඒවා කීමට යන්නේ නැහැ. බයට. මොකද්ද බය.? දරුවාට වෙනස්කම් කරයි කියා බයට. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහතාණනි. මා කියන්නේ පාසල් වල ගුරුවර ගුරුවරියන්ට චර්යා රටාවක් හඳුන්වාදී ඒ අනුව කටයුතු කරන්න යොමු කරවන්න. (බ)

:       0       0

චතුර Wednesday, 20 May 2015 01:11 PM

ළමා දුෂකයන්ට මරණ දඩුවම හෝ ජිවිතාන්ත සිරදඩුවම් ගෙනෙන නීති සකසන්න . (හේ)

:       0       0

මැගිලින් Wednesday, 20 May 2015 07:48 AM

මොන පනත් ආවත් දෙමව්පියෝ ඇහැ ගහගෙන නොහිටියොත් ඉවරයි (බ)

:       0       0

තිස්ස Wednesday, 20 May 2015 07:51 AM

ඇමැතිතුමා එල්ලුම්ගහ යලි ගෙනෙන්න. (බ)

:       0       0

කරුණාදාස Wednesday, 20 May 2015 08:28 AM

මේ පනත් ගොඩ ගැහුවම වෙන්නේ හැමදේටම උසාවි දුවන එක. කුඩා කල සිටම ආකල්ප හදන්න අධ්‍යාපනයයි නිවැරැදි කරන්න ඕනෙ. එහෙම නැතුන නිති හදන්න හදන්න වෙන්නේ මේවා වැඩි වෙන එක. (බ)

:       0       0

කරූ Wednesday, 20 May 2015 08:30 AM

දරුවො බලාගන්න හැටි දෙමව්පියන්ව දැනුවත් කරන්න. එය මීට වඩා හොදයි. නැත්නම් දරු‍වොත් අම්මා තාත්තට එරහිව නඩු කියන සම්ප්‍රදායක් අපේ රටේ බිහිවෙන්න බැරි නැහැ. දැන් පාසැල් වල වෙලා තියෙන්නේ. පොඩි දඩුවමක් දෙන්නත් බයයි ගුරුවරු. ඒ නිසා දැක්ක නොදැක්කා වගේ ඉන්නවා මේ නිති නිසා. (බ)

:       0       0

උදාර Wednesday, 20 May 2015 08:31 AM

මුළු රටම බාල මහළු භේදයකින් තොරව නඩු කියන්න පුරුදු කරන්නද මේ තතනන්නේ? (බ)

:       0       0

රෝහිත Wednesday, 20 May 2015 08:35 AM

මේකෙ හරය මොකක්ද? දරුවො රකින්න ඕන තරම් නිති දැනටමත් තියෙනකවා නේද? ඒවා හරියට ක්‍රියාත්මක කරන්නෙ නැතුව තව නිති පනත් ඇයි? (බ)

:       0       0

දයාන් Wednesday, 20 May 2015 08:38 AM

ඇමතිතුමා ස්ත්‍රි දූෂකයන්ට, මිනිමරුවන්ට ගැලවිලා යන්න බැරි වෙන්න නිතිය තද කරන්න. උන්ව නලවා නලවා මේවා කරලා වැඩක් නැහැ. (බ)

:       0       0

නිශාන්ත Wednesday, 20 May 2015 08:42 AM

අපේ රටේ දෙමාපිය දූදරු සම්බන්ධය බොහොම දුර්වලයිද? මේ තරම්ම පහළට වැටිලද? (බ)

:       0       0

සේකර Wednesday, 20 May 2015 08:43 AM

කරු මහතා හරි. මම දන්න ගුරුවරු කිහිප දෙනෙක්ම ශිෂ්‍යයින්ට දඩුවමක් කරන්නෙ නැහැ ප්‍රශ්න ඇතිවෙයි කියලා බය‍ට. මේ නීති නිසා දෙමව්පියන්ට තමන්ගෙ දරුවන්ට බය වෙලා ඉන්න වෙයිද දන්නෙ නැහැ. (බ)

:       0       0

කෙවින් Wednesday, 20 May 2015 08:45 AM

"නඩුව පවතිද්දී ඔවුන්ගේ රැකවරණය සලසාදීම" කියන්නේ මොකක්ද? (බ)

:       0       0

ලලිත් - ලන්ඩන් Wednesday, 20 May 2015 08:47 AM

පාසැල් නොයන දරුවන්ට පාසැලක් දෙන්න, දුෂ්කර ගම්මාන වල දරුවන්ට ප්‍රවාහන පහසුකම් ලයිට් දෙන්න. වැඩපිළිවෙළක් සකස් කරන්න. (බ)

:       0       0

වැකෝ Wednesday, 20 May 2015 09:00 AM

අලුත් පනත්වල මුවාවෙන් මැතිවරණය කල් දම දමා ඉන්න. (ස)

:       0       0

අජිත් Wednesday, 20 May 2015 09:05 AM

මෙහෙම පනතක් ඕනෙ කියලා කවුරුත් ඉල්ලුවද? මමනම් දන්නෙ නැති නිසයි අහන්නේ? (ස)

:       0       0

හසිනි Wednesday, 20 May 2015 09:08 AM

සමහර රටවල නිති අනුව දෙමව්පියන්ට දරුවන්ව හුරතල් කරන්න, සිප ගන්නත් බැහැ නිදහසේ. ඒකත් ලිංගික අපයෝජනය කියලා සලකන්නේ. අපේ රටෙත් ඒ තත්වට එයිද? (ස)

:       0       0

පියදාස Wednesday, 20 May 2015 09:09 AM

ගුරුවරුන්ට වෙච්ච වැඩේ දෙමාපියන් වෙච්ච අපිටත් වෙන්නයි යන්නේ. (ස)

:       0       0

කෙවින් Wednesday, 20 May 2015 09:12 AM

පාරෙ ඉන්න දරුවන්ට උගන්වන්න, යහමග ගේන්න ක්‍රමයක් හදන්න මිට වඩා පින්. මිට වඩා ප්‍රතිඵලදායකයි. මිට වඩා රටට අවශ්‍යයි. (ස)

:       0       0

පියල් Wednesday, 20 May 2015 09:19 AM

ජනතාවට පොරොන්දු වුනු පනත් ටික ගෙනල්ලා ඊට පස්සෙ ඉල්ලපු නැති ඒවා ගෙනාවනම් තමයි හොඳ (බ)

:       0       0

වැකෝ Wednesday, 20 May 2015 09:40 AM

එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න පිට කොන්දක් නැහැ. දැනට තියන නීති හරියට ක්‍රියාත්මක කරලා පෙන්නන්න. (ස)

:       0       0

ශ්‍රියා නාවින්න Wednesday, 20 May 2015 09:53 AM

දරුවන් වෙනුවෙන් කතා කරන නිසා මේ ටිකත් අහන්නකො. කිරිබත්ගොඩ ගැහැණු ළමුන් සඳහා ඇති ප්‍රසිද්ධ විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ සිසු දැරිවියක පන්ති කාමරය තුළදී අසනීප වී වමනය කල විට ඒ දැරිවිය ලවාම වමනය පන්තියෙන් ඉවත් කරවීමට ගුරුවරියක කටයුතු කර තිබේ. පහසුකම් ගාස්තු ගෙවා පිරිසුදු කිරීමේ කටයුතුවලට කාන්තාවන් තිදෙනෙකු සිටියදීත් ඔවුන් කැඳවා වමනය ඉවත් කොට නැත. අසනීප දැරිය පහලට යමින් වැලි ගනවිත් දමමින් වමනය ඉවත්කොට පිරිසුදු කරවා ගෙන ඇත. (ම‍)

:       0       0

ෂෙරීෆ් Wednesday, 20 May 2015 10:03 AM

ශ්‍රියා නාවින්න, කෙවින් කියන දේ හරි. මෙන්න මේ වගේ දේවල් ගැන හොයලා බලන්න. (ර)

:       0       0

රුවනි Wednesday, 20 May 2015 10:40 AM

ළමයින්ගේ සමහර ප්‍රශ්න වලට දෙමව්පියෝත් වග කියන්න ඕනෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 338 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2040 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1552 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 672 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 569 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 678 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site