(යොහාන් භාසුර)
දරුවන් සිටින කාන්තාවන් විදේශ ගතවීමේදී අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිකුත් කරන ‘ඩීඑස්4’ සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
වයස ඇවුරුදු 2 ත් 18 ත් අතර දරුවන් සිටින කාන්තාවන් එම ‘ඩීඑස්4’ සහතිකය ඉදිරිපත් කළ යුතු බවත් එම කාන්තාවගේ රැකියා ඉල්ලුම්පත අදාල ග්‍රාම නිලධාරී සහ පිළිගත් නොතාරිස්වරයෙක් සහතික කරන්නේ නම් පමණක් එම සහතිකය නිකුත් කරන බවත් එම කාර්යංශය කීය.
දරුවන්ගේ ආරක්‍ෂාව සහ අධ්‍යාපන කටයුතු පිළිබඳව භාරකරුවන් සහතික කරන ලේඛණ ද ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී
මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ
මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි
සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දරුවන් සිටින කාන්තාවන් රට රැකියාවලට යද්දි ‘ඩීඑස්4’ අනිවාර්යයි
කිරිපුකා Thursday, 27 July 2023 09:23 AM
අම්මලා රට නොයවා තාත්තලා ඒ බර කරට ගන්නේ නම් මැනවි. තාත්තා නැති ගෙදරක නම් අම්මට රට ඇතුලෙම කරන්න රැකියා එමටවත් ඇත. දරුවන් තනිකර රට රට වල කුලී වැඩ වලට ආවම මවත් , මවි බිමත් දෙකම විනාශ වෙනවා