IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දරුවන් සමග කුස ගින්නේ සිටි දෙදරු පියකුට දිවිය එපා වෙලා

(අමිල සම්පත් ශ්‍රී) 

තිස්සමහරාම රන්මුදුගම ප්‍රදේශයේ දැඩි ආර්ථික අපහසු තා මැද ජීවත් වූ දෙදරු පියකු වසක් ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.  තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව සිටි බව කියන මෙම දෙදරුපියා වස පානය කරන්නට ඇතැයි සැක කෙරේ.

තම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගත් බවත් දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ යනුවෙන් හඬමින් සිට ඇති බවත් ඔහුගේ කීය. එකවරම බිම ඇදගෙන වැටි වමන කරමින් සිටි තම සාම්පුරුෂයා වස පානය කරන්නට ඇති කියන සැකය මත  සුවසැරිය ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට කටයුතු කර බවද ඇය සඳහන් කළේය.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා අපේ ගිය අවස්ථාවේ ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරයා එම ස්ථානයට පැමිණ සිටි බවත් නිලධාරියා එම බිරිඳගෙන් විමසා සිටියේ සමෘද්ධිය නැද්ද යන්නයි.

ඇය සඳහන් කළේ මීට වසරකට පෙර සමෘද්ධිය කපා ඉවත්කර බවයි. ඒ වෙනුවට අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවත් එම නිලධාරීන් සඳහන් කළද මෙතෙක් කිසිදු දීමනාවක් නොලැබුණු බව සඳහන් කළේය.

 



අදහස් (13)

දරුවන් සමග කුස ගින්නේ සිටි දෙදරු පියකුට දිවිය එපා වෙලා

පිටරටවැසියා Wednesday, 03 April 2024 12:09 AM

රටේ දේශපාලුවෝ ලෝකෙට නැව් අරිනවා, ගාසා වලට ඩොලර් ආදාර පිණට දෙනවා. රටේ බහුතරයක් ජනතාව දරුවන් සමග කුස ගින්නේ දිවි තොර ගන්නවා. එකම විකල්පය ලංකාවේ කන්න නැති ජනතාව ගාසා වලට යන එක විතරයි.

:       1       22

KAHAWITA Wednesday, 03 April 2024 01:23 AM

මේ අර හිටපු මහ රජතුමාගේ ඒරියා එක නේද ,ඔන්න කරපු සංවර්ධනය

:       2       24

ajith Wednesday, 03 April 2024 01:34 AM

මනුස්සයා මැරුණට පස්සේ තමා සමෘද්ධිය දෙන්ට මතක් වෙලා තියෙන්නේ.

:       0       22

chandima Wednesday, 03 April 2024 06:17 AM

ලබන ආත්මේ පලස්තීනේ ඉපදුනානම් ලංකාවේ ආධාර වලින් කෑම ලැබෙනවා

:       1       21

B Amarasinghe Wednesday, 03 April 2024 06:58 AM

මේ ඔවුන් තැනූ ආසියාවේ ආශ්චර්‍යයයි

:       0       20

Buddika Wednesday, 03 April 2024 07:02 AM

ඉතාමත් සන්වේදී සිදුවීමක්.සමුර්දිය වැඩි හරියක් ගන්නෙ ජීවත්වෙන්න ලොකු අමාරුකම් නැති මිනිස්සු.ඒත් දවසේ වේල කන්න නැති මේ වගේ අසරන මිනිස්සු ජීවත්වෙන්න විදියක් නැතිව දිවිනසාගැනීම කාලකන්නි දේසපලකයො නොදන්නව ඇති.මේ ගමේ ග්‍රාමසේවක,සමුර්දි නියාමක දෙන්නට දඩුවම් කල යුතුයි මේ දරු පව්ල ගැන නොසලකා හැරීම ගැන.අපේ මිනිස්සු කන්න නැතිව මැරෙද්දි පලස්තීනුවන්ට කෝටි 30ක් දීල පත්තරවල පොටෝස් දානව විලිලැජ්ජ නැතිව.තුහ්හ් නොදකින් මෙහෙව් කාලකන්නි රටක්.මියගිය අසරන පුද්ෆලයස් ඊලග ආත්මෙදි ඕස්ට්‍රේලියාවේ ,ඇමරිකාව හෝ නවසිලන්තයේ ඉපදේවා!

:       0       23

Lakmal Wednesday, 03 April 2024 07:15 AM

අර පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයාමේ ඉන්න උන් මැරියල්ලා .යකෝ තොපිව පත් කරලා යවන්න දායක උනු මනුස්සයෙක් මේ .තොපි 225 ටයි මේ රටේ නිලධාරී කියන සර්කියුලර් එක විතරක් ගගහා ඉන්න හැත්තටයි හෙන ගහනවා

:       0       16

Perera Wednesday, 03 April 2024 07:54 AM

මේ මෝඩ මනුස්සයා දරු පවුල තවත් අසරණ කරලා.හැබැයි මේ තත්වයට රටේ මිනිස්සුන්ව ඇදලා දාපු දේශපාලුවන්ට මොකද්ද ලැබෙන දඬුවම ?

:       0       13

ගුණරත්න Wednesday, 03 April 2024 08:12 AM

ඔන්න රජයෙන් නිලධාරීන් සුදුසු පුද්ගලයා බලලා උපකාර කරලා තියෙනවා. සමුර්ධි නිලධාරීන් මේවගැන හොයන්නේ නැද්ද. අසල්වැසියෝවත් මේ වාගේ අයට උදව් කරන්නේ නැද්ද.... පියතුමාට නිවන්සුව පතමු.

:       0       20

vimukthi Wednesday, 03 April 2024 08:29 AM

අපි පලස්තීනයට ඇමරිකානු ඩොලර් 1000000.00ක් (ශ්‍රී ලංකා රුපියල් 300,000,000.00) යවන නිසා මේ වගේ මිනිස්සු මැරෙන එක දුකයි, මේකෙන් ගොඩක් ශ්‍රී ලාංකිකයන් බේරෙන්න තිබුණා.... මේ මිනිස්සු තමන්ගෙ මිනිස්සුන්ට මොනවද කළේ කියලා ආයෙත් හිතන්න. එම පරිත්‍යාග ඡායාරූපයට පුද්ගලයින් කිසිවක් දායක වී නැති අතර ඔවුන්ට බඩගිනි දැනෙන්නේ නැත.

:       0       15

helaya Wednesday, 03 April 2024 08:37 AM

පව් අසරණ මිනිස්සුන් .වෙනත් ජාතීන් ඉන්න කඳුකරයේ ,සහ අනෙකුත් පළාත් වල අස්වැසුම ඇති හැකි අයටත් ලබා දී තිබෙනවා .හෙළයන්ට ගිය කලක්.පිනා ණයටගත් සල්ලි ගෑස් වලට නිකන් බෙදනවා .අසරණ මිනිස්සු මැරෙනවා .මේ සාපයම පිනාගේ බංගවීමට හේතු වේවා

:       0       18

Buddika Wednesday, 03 April 2024 10:19 AM

හම්බන්තොට මිනිස්සුම තමයි එදා ඉඳලම රාජපක්ෂ පරපුර රජකරවන්න චන්දෙ දුන්නෙ.ඒ චන්දෙ අරන් උන් රට විනාස කරල බිලියනපතියො උනා.චන්දෙ දුන්නු මිනිස්සු කන්න නැතිව දිවිනසාගන්නව.කෝ අර නාමල් කුමාරය? කෝ මහින්ද,චමල් ? එක ගමකට රජ්‍ය නිලධාරීන් කීයක් ඉන්නවද? ග්‍රාමසේවක,සමුර්දි නියාමක, කෘශිකරම නිලදාරී ආර්ථික සංවර්ධන නිලධාරී මේ එකෙක්වත් දැක්කෙ නැත්ද මේ ඛේදවාචකය? වහාම මුන්ගෙ වැඩ තහනම් කල යුතුයි.

:       1       13

අපි පුලන්නො Wednesday, 03 April 2024 12:08 PM

මෙවන් දස දහසක් නොඅඩු දුක්, දොම්නස් මගෙ දෑසට දෙකණට මෙයින් මතු නොදකීවා!!! නොඇසේවා !!! . ඒ අහිංසක අසරණ පියතුමාගේ මතු භවය දීප්තිමත් වේවා!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 603 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 171 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 490 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1721 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site