IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


දරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ

(සුජිත් හේවාජුලිගේ)

නිරෝගී පාසල් සිසුන්ට කොරෝනා  මර්දන එන්නත ලබාදීමේ  අවශ්‍යතාවක් නැතැයි  වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය.

මේ අතර  රටේ කොරෝනා  ප්‍රශ්නයක් ලෙස අඩු තරම්න් තව වසරක කාලයක්වත් පවතිනු ඇතැයිද   හෙතෙම සඳහන් කළේය.

විවිධ රෝගාබාධවලින් පෙළෙන  දරුවන්ට කොරෝනා  මර්දන එන්නත ලබාදීම  වැදගත් බවත් නිරෝගි දරුවන්ට  මූලික සෞඛ්‍ය නීතිය අනුව  කටයුතු කිරීමට කිරීමට මග පෙන්වීම් ලබාදීම   ප්‍රමාණවත් බවත් මහාචාර්යවරයා පැවසුවේය.

සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් සොයා බැලීමට පාසල් මට්ටමින් කමිටු පත් කළ යුතු බවද  ඔහු සඳහන් කළේය.

එන්නතෙන් සිදුවන්නේ  වයිරසයේ පැතිරීම පාලනය නොව  වයිරසය  ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ ඉස්මතුවීම සහ මරණ වැළැක්වීම බවද  තිස්ස විතාරණ මහතා පැවැසීය.

මේ අතර සමාජයේ රංචු ප්‍රතිශක්තිය වර්ධනයවීමට නම්  ජනගහනයෙන්  සියයට  අසූවකටවත් එන්නත  ලබා දිය යුතු බව පැවසූ  මහාචාර්යවරයා වයස 60ට වැඩි පුද්ගලයන්ට සහ විවිධ සංකූලතාවලින් පෙළෙන පුද්ගලයන්ට වාර්ෂිකව එන්නත් මාත්‍රා (බූස්ටර්) ලබාදීම වැදගත් බවද සඳහන් කළේය.

සෞඛ්‍ය නීතිය අනුව කටයුතු කිරීම ජනතාවට අමතකවෙමින් තිබෙන බවද එසේ සෞඛ්‍ය නීති අමතක කර කටයුතු කළහොත් යළි අවදානමක් මතුවිය හැකි බවද  හෙතෙම පැවසුවේය.



අදහස් (23)

දරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ

Raveendra Tuesday, 12 October 2021 12:38 PM

වයසට නිකන් කියවෙන කතා.

:       42       28

saman Tuesday, 12 October 2021 12:44 PM

පාසල් දරුවන්ට එන්නත ලබා නොදෙන්නේ නම්, ගව පට්ටි ප්‍රතිශක්තිකරණ ඉලක්කය වන 80% ට අපි කෙසේ ලඟා විය හැකිද?

:       8       26

Lelwala Tuesday, 12 October 2021 01:25 PM

මහාචාර්යවරැ වයසට යන විට නිකන් දොඩවනව. එසේනම් අර ලමුන් කුඩා කාලේ සිට දෙන වැක්සින් දෙන ඒව ගැන ඔබ තුමා මොනවද කියන්නෙ.

:       29       29

සුද්දා Tuesday, 12 October 2021 01:28 PM

දරුවා නිරෝගී වෙන්න පුළුවන්. නමුත් නිරෝගී වුවත් එන්නත් නොකරපු දරුවෙක්ට විෂබීජය තව කෙනෙක් ගෙන් ගියොත් ඒ ළමයා ලෙඩ වෙන්න පුළුවන් නේද. ඒ වගේම ඒ ළමයාගේ ගෙදර අයට සහ අනිකුත් ආශ්‍රිතයන්ට ලෙඩේ බෝ වෙන්න පුළුවන් නේද. ළමයි කවද්ද කියන විදිහට සෞඛ්‍ය නීති රැක්කේ. එහෙම කරලා සෙල්ලම් කරන්නවත් ලේසි නෑ. අනේ මන්දා මේ ඇත්තෝ සෞඛ්‍ය ඇමතිකම් කරානම් අර පොඩි කාලේ දෙන අනිකුත් එන්නත් වර්ගත් ඔන නෑ කියන්න තිබුණා. අපේ ලංකාවේ දේශපාලකයන්ගේ මොන වැරදි තිබුණත් මෙච්චර කාලේකට ළමා සෞඛ්‍ය සහ එන්නත්කරණය අතින් ලෝකයේ ඉහල තැනක ඉන්නේ මේ වගේ අය සෞඛ්‍ය ඇමතිවරු නොවුණු නිසා වෙන්න ඇති.

:       11       30

Raajan Tuesday, 12 October 2021 01:34 PM

මෙතුමා ප්‍රකට විද්‍යාඥයෙක් වෙන්න ඇත්තේ කොලරා, මැලේරියා වසංගත කාලේ.... දැන් ඉතින් දැනුම අවුට් ඩේටඩ්...

:       13       28

gagana Tuesday, 12 October 2021 02:00 PM

මම හිතන්නේ වයිරස්වේදි කෙසේවෙතත්, සූප වේදී වගේ පෙනෙන්නේ...

:       11       23

Akila Tuesday, 12 October 2021 02:19 PM

ඇමරිකාවේ ඉස්කෝලෙක අවුරුදු 10ක හොඳ නිරෝගි ගැහැණු ළමයෙක් කොරෝනාවෙන් මියගියා මේ ළඟදී...

:       5       17

kamal Tuesday, 12 October 2021 02:53 PM

මහාචාර්යතුමනි, දැන් ඔය එන්නත් ගහන්නේ නිරෝගි අයටද, නැතිනම් රෝගී අයටද? දරුවන් රෝගී වුණාට පස්සේ එන්නත් ගැහුවට කමක් නැතෙයි...?

:       23       13

ගමේ එකාලා Tuesday, 12 October 2021 04:12 PM

සිහිය විකල් වෙලාද මන්දා...? පැණිය කාලේ සද්දයක් නැතුව ඉඳලා දැන් අවදි වෙලා. පහුගිය කාලේ දරුවන් කී දෙනෙක් මැරුණාද කියලා දන්නේවත් නැතුව ඇති...

:       2       14

කෙළින් කවි Tuesday, 12 October 2021 04:19 PM

ලෝකෙ පුරා පැතිරෙද්දී කොරෝනා... පැණි බී මුට්ටි ගං දිය පා කරෝනා.... එහෙමයි අපේ උගතුන් රට කෙලෝනා.... සුලුදිය දමනු රිසියෙන් කට පුරෝනා...

:       4       13

Mohan Samaranayake Tuesday, 12 October 2021 05:34 PM

මෙයා තමයි කිව්වේ ගුවන්තොටුපලේ මැෂින් හයි කරලා තියෙන්නේ කොරෝනා කාටවත් එන්න බැ කියල.

:       0       4

Kanishka Tuesday, 12 October 2021 05:37 PM

නිරෝගී ළමයින්ට එන්නත ඕනේ නැ කියන්නේ කොහොමද? රෝගී වෙච්ච ළමයි කොහොමත් පාසල් එන්නේ නැහැ.

:       0       3

BamunuarachchiWednesday, 13 October 2021 05:38 PM

මෙතන කිව්වේ නිරෝගි ළමයින්ට එන්නත අවශ්‍ය නැහැ කියලා මිසක් පාසල් එන නොඑන කතාවක් කිව්වේ නැහැ.. මෙතැන පාසල් ඒමක් ගැන වචනයක් කතා කර නැහැ...

:       0       1

සුද්දා Tuesday, 12 October 2021 06:04 PM

අනික බලන්න මේ කියලා තිබෙන දේ.... එන්නතෙන් කරන්නේ රෝගය පැතිරීම පාලනය කිරීම නොවෙයිලු. මොන තරම් අභූත කථාවක්ද? ඒ 100%ක් හෝ යම් තරමකට පැතිරීම පාලනය කිරීමත් මේ එන්නත දෙන්න විශාලම අරමුණක්. මේ මනුස්සයා වැරදි මත පතුරනවා. ලෙඩේ හැදුණාම මරණය වැළැක්වීම පමණක් නෙවෙයි. මේ මනුස්සයා හරි විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සභාවන් මගින් නඩු දාන්න ඕන බොරු පතුරනවාට. අනේ මන්දා, අර කරල් විකුණන දොස්තරගෙන් ගාණක් අරන්ද දන්නේ නැහැ මේ වගේ කතා කියන්නේ...

:       2       6

de silva Tuesday, 12 October 2021 06:22 PM

මට මහළු වයසේ... බැරිය වැඩ කිඩ පෙරසේ... දැන් ඉතින් කාටහරි කඩේ ගිහින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉමු නේද?

:       1       11

BamunuarachchiWednesday, 13 October 2021 05:32 PM

ගොන්පාට් දමන්න එපා හලෝ. මිනිස්සුන්ගේ වයස කියන එක නොම්මරයක් පමණයි. ඒත් දේශපාලඥයෝ නාකි නැතිනම් නොහැකි වෙන්නේ නැහැ. වොෂින්ටන් ඉර්විඞ්ගේ ඉංග්‍රීසි කියමනක් තිබෙනවා ඒජ් ඉස් අ මැටර් ඔෆ් ෆීලින්, නොට් නම්බර් ඔෆ් ඉයර්ස් කියලා. වයස යනු හැඟීමක් මිස අවුරුදු ගණන නොවෙයි. ඔය නාකි දේශපාලඥයෝ, වාසුදේව, සමග වාද කරන්න මේ කොල්ලන්ට පුළුවන්ද? දැකලා නැද්ද ගහ ගන්න ඕනේ නම් එලිය බැහැපන් කියනවා. කොල්ලෝ වගේ ෂේප් වෙලා යන්න හදන්නේ නැහැ. වයස අවුරුදු ගණන 85 යි එ්ත් ඇඟේ තිබෙන ස්පිරිට් එක වයස 25 එකෙක්ගෙ වගේ ඔහෙටවත් නැහැ... ඒ ස්පිරිට් එක කියලා මට ෂුවර්. එ්කයි ඒ ගොල්ලෝ තවමත් දේශපාලනයේ ඉන්නේ. ඒ නිසා අවුරුදු ගණනින් වයසක මිනිස්සු අවතක්සේරු කරන්න එපා...

:       0       1

jayanthi Tuesday, 12 October 2021 06:45 PM

ලොව පුරා පාසල් ආරම්භ කිරීමෙන් පසු ළමුන් දහස් ගණනක් ආසාදිතයන් විය.. පාසල් අරඹා පළමු සති දෙකේ බ්‍රිතාන්‍යයේ පමණක් ළමුන් 59000ක් ආසාදිත විය. මේ සියල්ලන්ම රෝගීන්ද? මෙවැනි බොරු කතා රටේ දරුවන් බිල්ලට දීමට ඇති පාලක පන්තියේ සූදානම පෙන්නුම් කරයි. මෙතෙක් කල් නිහඬව සිටියා සේ සිටියා නම් දැන්වත් විද්‍යාඥයාට ඉඩ නොදෙන්නේ යැයි මහජනතාව සිතූ දේ එලෙසම පවතිනු ඇත. දැන් සියල්ලන්ම මහජනයාට හෙණ ගැහුවත් ලාභ අවශ්‍යතාව ස‍ඳහා වැඩ කරන බව විතාරණගේ මේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වෙයි.!

:       0       7

SARANAPALA AYYA Tuesday, 12 October 2021 10:08 PM

මොහු කල් ඉකුත් වූ අදහස් වලින් සිටින අතර තරුණ පරම්පරාව අවුල් කරයි. ඔබේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන්න. එවිට ඔවුන් ලෝකයට දැනුම් දෙනු ඇත. මොන විකාරයක්ද

:       0       2

nimal karunaratne Tuesday, 12 October 2021 10:13 PM

දැනටමත් ලමයින් 67 ක් මියගිහින් තියන රටේ එන්නත් කරන්න එපා නම් ලමයින්ට දෙයියන්ගෙම පිහිටයි...

:       0       2

විපරමා Tuesday, 12 October 2021 10:23 PM

කල් ඉකුත්වූ මහාචාරියෙක් ,කියලා කියන දේවල් වලින්ම පේනවා...

:       0       0

chandima Tuesday, 12 October 2021 11:49 PM

ඒ කියන්නේ මහාචාර්යතුමෝ කොරෝනා හැදුණොත් විතරද එන්නත දෙන්න ඕනෑ...?

:       0       0

Bamunuarachchi Wednesday, 13 October 2021 06:01 PM

මහාචාර්යතුමෝ, නිරෝගිකම මනින්නේ කොහොමද? බෝනික්කෝ වගේ ගෙටම වෙලා ඉන්න ළමයින් නිරෝගියි වගේ පෙනෙනවා. නමුත් ලෙඩරෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය නැතිනම් ප්‍රතිශක්තිකරණය ඩිවලොප් වෙලා නැහැ. මොකද ලෙඩරෝග වලට භාජනය වෙලා නැතිනිසා. සරම්ප පැපොල වගේ ලෙඩවලට පොඩිකාලේ භාජනය වුණු ළමයින්ගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙනවා.

:       0       0

Piyek Thursday, 14 October 2021 01:57 PM

මුගේ ළමයි ඉස්කෝලේ යන්නේ නැති නිසා මු කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරනවා ,මුගේ මහාචාර්ය කම දීපන් ළමයෙකුට .හොඳටම කරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2166 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 414 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 707 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1067 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 185 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 653 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site