IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දරුවා පැහැරගත් පිරිස නෑදෑයෝ?

වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර දැරිය පැහැරගත් බව කියන පිරිස ඔවුන්ගේ නෑදැයන් බවත් කලකට පෙර පවුල්වල දෙපිරිස අතර ආරවුලක් සිදු වූ බවට තොරතුරු ලැබී ඇත. දරුවා පැහැරගෙන ඇත්තේ කුමක් සඳහා ද යන්න ගැන පොලිසිය ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් සිටින බව දැනගන්නට ඇත.



අදහස් (0)

දරුවා පැහැරගත් පිරිස නෑදෑයෝ?

ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 12 September 2014 04:44 PM

කමල්, ඔය වෙනස කළයුත්තේ මහජනතාව වන අප විසින්ම තමා. මේ සියල්ල වෙන්න කලින් අපේ රටේ දේපල සූරාකන දේශපාලකයින් පන්නා දමන්න ඕනෑ. (නි)

:       0       0

ලලිත් Friday, 12 September 2014 04:47 PM

ඔය වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

සපුමල් Friday, 12 September 2014 04:59 PM

කමල් සහෝදරයා, මේ රටේ වෙන අපරාධ සහ මෙවන් විකාර සිද්ධීන් එක්ක ඔබ ඔබේ ස්ථාවරය ගලපාගෙන ඇති ආකාරය අපූරුයි. විධායක ජනපති ක්‍රමයයි මේ සිද්ධියි අතරේ ඇති නෑකම පැහැදිලි කරගන්න මේ වේදිකාව මදි වේවි. ළමුන්ගේ සිට මෙකී සියලු වරිගයාගේ යහපත වෙනුවෙන් ස්ථාපනය කලයුතු නීතියේ ස්වාධිපත්‍ය හා ක්‍රියාත්මකවීම අඩපන වෙලා තියෙන්නේ ඔබට තේරුම් ගන්න බැරි විධායකය වටා එක්රොක් වී ඇති බලය නිසයි. (නදී)

:       0       0

කැළුම් වියන්ගොඩ Friday, 12 September 2014 10:21 PM

පොඩි දරුවා පැහැරගෙන ගිය අයවවත් ආයුධ පෙන්නන එක්කගෙන යන්න ඕනේ. ඒ වගේ ම මීට කලින් පුතෙක් පැහැරගෙන ගිය අය ආයුධ පෙන්නුවනම් යළිත් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (ස)

:       0       0

සුමාලි Friday, 12 September 2014 10:40 PM

නෑදෑයන් විස්වාස කරන්න බැරි බව මම නම් සෑහෙන කලක ඉඳල විස්වාශ කරනවා. තමාගේ සහෝදරයන්ගේ ගේ දරුවෙක් ගැන වුනත් ඉරිසියා කරන උදවිය තමයි වැඩිපුර ඉන්නේ. මගේ අම්මගේ නංගි එනම් පුංචි අම්ම අපේ අක්කට ආපු හැම විවාහ යෝජනාවක්ම නිර්නාමික ලියුම් යවල වෙනත් උදවිය ලවා බොරු කියවා කැඩුවා. අපි දැන ගත්තේ බොහෝ කලකට පස්සේ. ඒ නිසා මම මේ පොඩි දරුවාට නෑදෑයන් කල වැඩේ ගැන පුදුම වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ජනක Friday, 12 September 2014 10:49 PM

මේ කාලයේ තමන්ට අඩුවෙන්ම විශ්වාස කරන්න පුළුවන් මිනිස් කොට්ටාශය නෑදෑයෝ. දරුවන් පැහැරගෙන යාම විතරක් නෙවෙයි, දේපල වලට රණ්ඩු කරන එක, යටි කුට්ටු වැඩ කරලා විවාහ යෝජනා නවත්තන එක, චරිත ඝාතනයට බොරු ප්‍රචාර යැවීම , බොරු පෙත්සම් ආදී පහත් වැඩ ඔක්කොම කරන්නේ පිට මිනිස්සු නෙවෙයි නෑයෝ ම තමයි. (නදී)

:       0       0

සඳුන් පෙරේරා Friday, 12 September 2014 11:41 PM

කමල්, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවේ අවුරුදු 36ක් තිබුණා. දැන් වෙන්නේ මේක තියා තවත් අපරාධ වැඩි කරන එක. නීති සකස් කිරීම විධායකය නොකරන බව සිතන්න. පාර්ලිමේන්තුවට ඒක කරවන්න පුළුවන්. (නදී)

:       0       0

පුෂ්ප කුමාරි Friday, 12 September 2014 11:54 PM

කමල්ගේ අදහස් වලට මේවාත් එකතුවිය යුතුය. මිනී මරුවන්, කුඩුකාරයන්, සත්ව ගාතකයන් අනුබල දෙන්නන් (නදී)

:       0       0

රොකී Saturday, 13 September 2014 12:58 AM

තියන නීති පද්ධතිය යටතේ වුනත් දැනට සමහර අපරාධකාරයින්ට, කුඩුකාරයින්ට, යකඩ හොරුන්ට මෙකී නොකී සියලු දෙනාට ඒ අයගේ කටයුතු කරගෙන යන්ට පුළුවන්කම තියනවා නේද? නිදහසේ සාධාරණ මැතිවරණය තියන්න උනත් බොහොම අමාරුයි නේද? (නදී)

:       0       0

රෝහණ Saturday, 13 September 2014 01:15 AM

කමල් මහත්තයෝ එහෙම අය දැන් නැහැ. හිටියේ දැනට අවුරුදු 30 කලින්. දැන් තියෙන්නේ බඩ ගෝස්තර දේශපාලන ක්‍රමයක් (නදී)

:       0       0

මොහාන් වර්ණකුලසුරිය ප්‍රනාන්දු Saturday, 13 September 2014 01:52 AM

වේයා, මීයා අභිබවා නයා ඉදිරියට යයි (නදී)

:       0       0

රංජන් ඉන්දියාව Saturday, 13 September 2014 02:04 AM

ගෙදර මොන අඩුපාඩුකම් තිබුනත් මව්පියන් ළමයෙන් ගැන මිට වැඩ සැලිකිලිමත් විය යුතුයි. (නදී)

:       0       0

චන්දන Saturday, 13 September 2014 02:20 AM

කමල්, ඔබගේ අදහස් හරියට හරි. මේ ක්‍රමයෙන් කරන්නට බැරි ගැහැණියෙකු මිනිසෙකු කිරීමත්, මිනිසෙකු ගැහැනියක් කිරීමටත් පමනයි. (නදී)

:       0       0

පිටිගල Saturday, 13 September 2014 03:22 AM

ඕනෑම කොන්ද පන තියෙන කෙනෙක් බලයට පත් උනාම කොන්ද පන නැති වෙනවා. රටට හිත නැති වෙනවා. තමනුත් තමන්ගේ නෑදෑ සනුහරේත් ගොඩ දා ගන්න එක විතරයි මතක තියෙන්නේ. එ්ක අද කාලේ කාටත් පොදුයි. කියලා වැඩක් නැහැ. (නදී)

:       0       0

රුමේෂ් මදුසංක Sunday, 14 September 2014 10:26 AM

මෙම ක්‍රියාව මුළු මහත් ලංකාවම කම්පාවට පත් උණු ක්‍රියාවක්. මෙවන් දේවල් කරන මිනිසුන්ට නීතියෙන් උපරිම දඩුවන් ලැබිය යුුතුයි (නදී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 September 2014 07:37 PM

ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි (නි)

:       0       0

නවුශාද් Saturday, 13 September 2014 05:21 AM

ඔබ හරි කමල්. (ස)

:       0       0

රාසිෆ් Saturday, 13 September 2014 05:52 AM

මරණ දණ්ඩනය නියම කරන්න. මොවුන් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. (ස)

:       0       0

සක්විති Saturday, 13 September 2014 11:31 PM

කමල් ,දේශපාලුවන්ගේ හිතවතෙකු බරපතල අපරාධයක් කළහොත් ඔහුව බේරාගැනීමට විධායක ක්‍රමය යටතේ ඇති දඩුවම් අහෝසි කිරීම බලය යටතේ පුළුවන්. ඒ වගේම දේශපාලුවන්ගේ ඇති අසීමිත බලය නිසා ඔවුන්ට පොලිසියෙන් ගැළවීමටත් ,සාක්කි සැඟවීමටත් පුළුවන්. මේ ක්‍රමය නිසා උසාවි,පොලිසි අසරණ වෙනවා. (නි)

:       0       0

රන්දික Saturday, 13 September 2014 11:40 PM

කමල්, ඔබේ අදහසත් සමඟ එකඟවිය නොහැක. ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ සේවා කොමිසම වැනි ආයතන විධායක බලය කේන්ද්‍රගත වූ ක්‍රමයක් තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැක. මේ නිසා අනාගතයේදී විධායකය ගැන අනාවැකි පළකළ නොහැක. අපරාධ අඩුකිරීමට නම් විධායක ක්‍රමය අහෝසි කිරීම අත්‍යවශ්‍ය කාරණයකි (නි)

:       0       0

ශාන්ති Saturday, 13 September 2014 07:14 AM

රටක් වටිනා කියමන කමල් (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 03:30 PM

නෑයා ,ඈයා,වේයා ,කිසිදාක විශ්වාස කරන්න බැරි ,විනාශකාරී ,අන්තරාදායක සත්ව විශේෂයක් !කට්ටඩියා සහ නෑයින්ගේ සුක්ෂම වැඩ සටහනක් ! (නදී)

:       0       0

සඳුනි Friday, 12 September 2014 03:38 PM

ඔය නෑයෝ වේයෝ මීයෝ ...කවුරුත් එකයි. (නදී)

:       0       0

මොහමඩ් Saturday, 13 September 2014 08:19 AM

නරකද ශරියා නීතිය ක්‍රියාත්මක කළොත්? (නි)

:       0       0

දයා අලහාකෝන් Friday, 12 September 2014 03:55 PM

නෑ බෑ කියන අය තමයි නෑදෑයෝ (නදී)

:       0       0

කමල් Friday, 12 September 2014 04:01 PM

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රථම ළමුන් පැහැර ගැනීම, අපයෝජනය සහ ස්ත්‍රී දූෂකයින්ට දැඩි දඩුවම් පමුණුවා, ජීවිතාන්තය දක්වා හිර දඩුවම් නියම වන නීති පද්ධතියක් සකස් කරන මෙන් කොන්ද පණ ඇති රටට හිතැති පක්ෂ, විපක්ෂ සියලු දේශපාලකයින්ගෙන් හා නිලධාරීන්ගෙන් දෙනාගෙන් ඉල්ලා සිටිමි. එහෙම අය ඉන්නවා නම් මෙන්න අවස්ථාව ජනතාව උනන්දුවෙන් බලන් ඉන්නවා (නදී)

:       0       0

පද්මිණී Friday, 12 September 2014 04:13 PM

අපේ අයට මොකක්ද මේ වල තියන අපරාධය (නදී)

:       0       0

සනත් ඒකනායක Friday, 12 September 2014 04:16 PM

මේ අයට සුදුසුම දඬුවම ගමෙන්, පොලිසියෙන්,රිමාන්ඩ් එකෙන්, උසාවියෙන්, හිර ගෙදරින් නොඅඩුව ලැබේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 130 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 829 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1734 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1115 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 462 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 283 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25053 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site