IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දරුවෝ මවට හොරෙන් පියා සමග සිනාසෙති

වරකාපොල මහේස්ත්‍රාත් ජේ මොරවක මහතා ඉදිරියේදී සඳුදා (26) නඩත්තු නඩු පනහකට අධික ප්‍රමාණයක් විභාගයට ගැනිණි. මෑත කාලීනව මෙම අධිකරණයේදී එකම දිනකදී මෙතරම් විශාල නඩත්තු නඩු ප්‍රමාණයක් විභාගයට ගැණුනු ප්‍රථම අවස්ථාව මෙය විය.

මෙහි විශේෂත්වය වූයේ මෙම නඩුවලින් විශාල ප්‍රමාණයක් තරුණ විවාහක ජීවිත දෙදරා යාම නිසා ඉදිරිපත් වූ නඩු  වීමයි.

ඇතැම් බිරින්දෑවරුන් නඩත්තු මුදල් ලබා ගැනීමට පැමිණ සිටියේ මාසික වේතනයක් ලබා ගැනීමට එන අයුරිනි.

එමෙන්ම නෙතට  කඳුලක් උපදවන දසුන වූයේ කුඩු දරුවන් සිය මව්වරුන්ට නොපෙනෙන ලෙස පියවරුන් දෙස බලා ආදරයෙන් සිනාසෙන ආකාරයයි.



අදහස් (0)

දරුවෝ මවට හොරෙන් පියා සමග සිනාසෙති

දම් Tuesday, 27 August 2013 10:30 PM

හරිම සංවේදී දුක්බර කතාවක්...මෙවැනි දෙමාපියන්ට යලි විවාහ වීමට ඇති ශුදවූ අයිතියත් , කොටින්ම ලිංගිකව හැසිරීමේ අඉතියත් නැති කල යුතුයි . බලන්න ලංකික දරුවන් යුරෝපීයන් ළඟ මොන තරම් සතුටින් ඒවගේම තම අහිමි ළමා දිවිය ගැන දුකකින් කතා කරනවද කියල (BBC- සිංහල) (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 28 August 2013 06:05 PM

නදුන් පිරිපුන් - හරියටම කිව්වා (නි)

:       0       0

ප්‍රිය Tuesday, 27 August 2013 11:00 PM

දෙමුපියෝ වෙන් උනාට දරුවන්ට තාත්ත එක්ක කතා බහ කරන්න නීතියෙන් අවසර දෙනවා, අම්මල තමයි විරසක කම් කරන්නේ, එකෙන් දරුවෝ මානසිකව වැටෙනවා, ඕව හරි පව් දරුවන්ට තමුන්ගේ පියාවආශ්‍රය කරන්න දෙන්න, දරුවෝ අසරනයි

:       0       0

මරදාන ගමගේ මහින්ද Tuesday, 27 August 2013 11:41 PM

මෙය සියලූම මවු වරුනට හා  පියවරුනට අගනා පාඞමකි  ගැහැනියක් හෝ පිරිමියකු තම දරැවන් හරදමා අන් අය සමග  යන්නේ බොහෝ දුරට ලිංගික  සතුට මුල් කරගෙනය ඒසේ නොවන අවස්තාද ඇත  එහෙත් එ දරුවාට සැමදා එම  පියා පියාමයි මව මවමයි එය  කියාදුන්  මහගු අවස්ථාවකි මේ !!!!!!!(දී)

:       0       0

රංජිත් මහඳුර Wednesday, 28 August 2013 12:46 PM

දරු සෙනහස දන්නේ නැති දෙමව්පියෝ මේ රටේ කොච්චර ඉන්නවද? මේක හරිම සංවේදී පුවතක්. (ස)

:       0       0

ජයසූරිය Wednesday, 28 August 2013 06:28 PM

දෙමාපියන්ගේ වැරදි තීරණ නිසා කොතෙක් නම් දරුවෝ අද අසරණ වෙනවද (නි)

:       0       0

සංජීව මලාවි Tuesday, 27 August 2013 05:06 PM

පවුල් ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ ,වැරැද්ද කාගේ උනත් කොතැනක උනත් පුංචි අසරණ ළමඊ දුක් විදිනවා. පියෙකුගේ සහ දරුවෙකුගේ බැදීම වෙන් කරන්න ලේසි නැහැ (දී)

:       0       0

නිර්මල Tuesday, 27 August 2013 05:06 PM

මාර දරුවෝ නේ (දී)

:       0       0

සරත් Tuesday, 27 August 2013 05:08 PM

දෙමුපියන් වෙන් වෙනවා කියන්නේ, දරුවන්ගේ අනාගතය......... හරිම සංවේදී පුවතක්. (දී)

:       0       0

ලංකාසිරි Wednesday, 28 August 2013 01:08 AM

ලද දෙඉන් සතුටු වන්නට හැකි නම් මේ ප්‍රශ්නය මේ තරමින් උග්‍ර නොවනු ඇත. හුඟක් සැමියන්ට තමන්ගේ ගෙතුළ සිටිනා තම දයාබර බිරින්දෑට වඩා නොපෙනෙන දහසක් වූ ගුණින් යුත් යාබද නිවසේ ස්ත්‍රිය තරම් කෙනෙකු මෙලොව නැත. අඩ දබර හටගන්නේ මෙතැනිනි. නඩත්තු ඉල්ලා උසාවි යාමට අවශ්‍යය නැත. අද එවැනි තත්වයක් ගැහැණියට උද්ගතවී ඇත්තේ සැමියන් වැඩි දෙනා පවුල් ආරවුලේදී තම දරුවන් සහමුලින් අමතක කර දැමීමයි. කෙසේ හෝ මෙයින් කර ඇර යාමට ඔවුන් යත්න දරයි. මේ තත්වය ඉතා ඛේදජනකයි. ඊටත් වඩා දුක්බර වන්නේ මේ බව නොදැන අහිංසක දරුවන් තවමත් පියා දෙස ආදරයෙන් බලා සිනාසීමයි. (ශ්‍රී ලංකා පවතින නීතිය යටතේ මවුපියන් වෙන්වුවත් දරුවන් බැලීමට හා අවශ්‍ය තාවයන් සැපීමට දෙපාර්ශවයටම අවසර ඇත.) (නි)

:       0       0

වරුණ Tuesday, 27 August 2013 05:13 PM

නිර්මාල්ට දරුවෝ සිය පියා සමග හිනාවෙන එකත් මාර දෙයක් . මේ වගේ ප්‍රශ්න වලදී අසරණ වෙන්නේ අහිංසක දරුවෝ බව කවුරුත් තේරුම් ගත්තොත් හොදයි (දී)

:       0       0

කුමාර Tuesday, 27 August 2013 05:25 PM

මෙහි යමක් මට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

මහේෂ් Tuesday, 27 August 2013 05:38 PM

නිර්මාල් කියන්නේ පියෙක් සහ දරුවෙක් අතර තිබෙන සෙනෙහස නොදන්නා කෙනෙක් (නි)

:       0       0

නිමාලි Wednesday, 11 September 2013 08:45 PM

තාත්තා මොකද එහෙනම් නඩත්තු ගෙවන්නේ නැත්තේ? ඒකනේ උසාවියට එන්න වුණේ. දරුවා නම් හරිම පව්. (නි)

:       0       0

සම්පත් Tuesday, 27 August 2013 05:44 PM

එකට ඉන්න බැරි නම් බදින්නේ මොකටද? (නි)

:       0       0

දෙව්මිණි Wednesday, 28 August 2013 02:38 AM

මගේ සහෝදරයාගේ දුලා දෙන්නටත් මේ තත්වයම තමයි. මගේ සහෝදරයා ගොඩක් ඉවසුවා.අවසානෙදි මගේ සහෝදරයා දික්කසාද වුනා.දැන් දරුවෝ 15, 12 වයසේ.එයාලව අධිකරණයෙන් පෙන්නන්න කියලා තිබුණත් දරුවන්ව තාත්තා ලගට එවන්නේ නැහැ.අඩුපාඩු වලට විතරක් දරුවෝ කතා කරනවා ඒවා ඉල්ලන්න.දරුවෝ හිතන්නේ තාත්තා වැරදියි කියලා. දෙපැත්තකින් දරුවෝ මානසිකව තැලෙන නිසා මගේ සහෝදරයා ඒවා ගැන දරුවන් එක්ක හරි වැරැද්දවත් කතා කරන්නේ නැහැ. දරුවන්ව තාත්තලාගෙන් වෙන් කරන්න හොද නැහැ.ලංකාවේ තාත්තලා ගැන හරිම කණගාටුයි (නි)

:       0       0

උදයංග Tuesday, 27 August 2013 05:52 PM

තරුණ අයගේ අසහනය වැඩියි. කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. අනිත් එක කව්රුත් පරාද වෙන්න ඒක නිසා මේ දික්කසාදවීම් වැඩියි. පව් අහිංසක දරුවෝ (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 28 August 2013 04:25 AM

ලංකාවේ අපි අනාගෙන ඉවරයි.සමහරු ලංකාවේ සංස්කෘතිය අතහැර වේගයෙන් බටහිරකරණය වෙන්නට ගිහින් දරුවන්ට සොසේජස්,මීට් බෝල්ස් ගිල්ලවමින් දරුවන් අනාගත ලෙඩුන් කර අවසන්.උසස් පාසල් හොයමින් නගරයට ඇදෙමින් ගමේ තිබුන සහෝදර,නෑදෑ සම්බන්ධකම් සියල්ල අතහැර දමා ඇත.රූපවාහිනී තිර මත දිගහැරෙන කුණුහරුප ටෙලි නාටක ආදර්ශයට ගනිමින් ලිංගිකත්වය පමණක් සොයා දුවමින් නිල් චිත්‍රපට අත්හදා බලමින් දුවන මේ රට මහා විනාශයක දොරටුව ළග බව නොවැටහීම කරුමයකි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 27 August 2013 06:05 PM

ධර්මය හදාරන්න, ධර්මයේ හැසිරෙන්න, ඉන් ලැබෙන නිරවුල් මනසින් ලෝකය දෙස බලන්න, මෙවන් පුද්ගලයන් කවදාවත් මෙම පාපකාරී අවස්ථාවන්ට ගොදුරු නොවනු ඇත. (නි)

:       0       0

චතූ Tuesday, 27 August 2013 06:12 PM

පවුල් ජීවිතේ අපි හිතන තරම් සාර්ථක වෙන්නේ නැති අවස්ථා අනන්තවත් තියෙනවා.මටත් පුංචි දුවෙක් ඉන්නවා. මාත් ගොඩක් ඉවසන්නේ දුව නිසා. නැත්නම් අන්තිමේට අපේ වැරදි නිසා අර අහිංසකිට දුක් විදින්න වෙන්නේ. (නි)

:       0       0

සමන් Tuesday, 27 August 2013 06:13 PM

කවුද ඒ දරුවන්? (නි)

:       0       0

විපුල Tuesday, 27 August 2013 06:15 PM

විශ්වාස කරන්න, අන්තිම වාක්‍යයට මගේ ඇස් දෙකට කදුළු ආවා. මට මතක් වුනේ මගේ දුව. ප්‍රශ්න නැති ජිවිතයක් කොහෙවත් නැහැ, දෙමව්පියෝ වුනාම දැනගන්න ඕනෑ කැපකිරීම් කරන්න, දැන් දික්කසාද කියන එක විලාසිතාවක් වෙලා (නි)

:       0       0

නිමල් Tuesday, 27 August 2013 06:16 PM

මේ සිද්ධියට ගොඩක් හේතුව වෙලා තියෙන්නේ අඩු වයසෙන් විවාහ කරගැනීම. අන්තිමට මේවගෙන් දුක් විදින්නේ අර අසරණ දරුවෝ. (නි)

:       0       0

කටා මාමා Tuesday, 27 August 2013 06:19 PM

ප්‍රමිතියකට නැති ටෙලි නාටක උදාකර දෙන විපත්. (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 28 August 2013 06:48 AM

නැවත කියන්න වෙන්නේ මේ සියල්ලටත් හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය.කොතරම් ඉහළට ඉගෙන ගත්තත් පවුලක් නඩත්තු කරන්න එයාලා ඉගනගෙන නැහැ.දුප්පත් පොහොසත් බේදයකින් තොරව දික්කසාද වෙන්නේ එනිසයි. තෙවන පන්තියේ සිටම ළමයව දක්කනවා අමතර පන්තියට. තමන්ගේ දෙමාපියන් පවුල කළමනාකරනය අයුරු ඔවුන් දකින්නේ නැහැ.එය පාසලෙන් ඉගෙනගන්න බැහැ. මා මම ගැනම කිවුවොත් මා සාමාන්‍ය පවුලක කෙනෙක්. මගේ පියා සාමාන්‍ය ලිපිකරුවෙක්.මගේ අම්මා රැකියාවක් කළේ නැහැ. අපිට වත්තේ පිටියේ ආදායම් තිබුනෙත් නැහැ.මගේ තාත්තා ඉදලා හිටලා අඩියකුත් ගහනවා. එයාට අම්මගෙන් තමයි රුපියල් දෙකක් ඉල්ලන්නේ. හොද චිත්‍රපටයක් ආවොත් පවුලේ පස්දෙනාම ගිහින් එයත් බලනවා. වසරකට දෙවරක් වන්දනාවෙත් යනවා. ඒ කරලා නංගිලා දෙන්නා විවාහ වෙද්දී හොද දායාදයකුත් දුන්නා. අපේ අම්මා ඒ සියල්ල කරපු හැටි අපි දැක්කා. අවශ්‍යය තැනට වියදම් කළ අයුරු හා අනවශ්‍ය වියදම් බැහැර කළ අයුරු අපි හොදින් දැක්කා. එසේ නොවනන එයත් වෙන් වූ පවුලක් (නි)

:       0       0

සුමුදු Tuesday, 27 August 2013 06:23 PM

90% දික්කසාද වෙන්නේ දෙමව්පියන්ගේ වැරදි නිසා. (දැන් ගොඩක් දෙමව්පියන් බලන්නේ පොඩි පොඩි ප්‍රශ්න වලට වුනත් දික්කසාද වෙන්න) (නි)

:       0       0

පද්මසිරි Wednesday, 28 August 2013 06:54 AM

විවාහය කියන්නේ අන්නෝන්‍ය බැදීමක්. ඒ බැදීම නිසා ඉපදෙන දරුවන්ට දෙමාපිය සෙනෙහස අනිවාර්යෙන්ම ලැබිය යුතුය. පටු අදහස් ආත්මාර්කාමී අදහස් සැකය වගේ දේවල් නිසා පවුල් සංස්ථාව බිඳවැටීමෙන් දුක් විදින්නේ අහිංසක දරුවන්.(නදී)

:       0       0

සුමනසිරි Wednesday, 28 August 2013 07:28 AM

සමස්ත සමාජය පුරාම ඔඩුදුවමින් පවතින ප්‍රශ්නයක් මේක (නි)

:       0       0

තාරක Wednesday, 28 August 2013 02:08 PM

එකට ඉන්න බැරි නම් බැදලා තියෙන්නේ ඇයි? (නි)

:       0       0

ගුණේ Wednesday, 28 August 2013 02:10 PM

නිර්මල ඔයා නම් මාර"අ"යෙක් තමයි. ඒ දරුවෝ නම් සුන්දරයි. (ස)

:       0       0

කුමාරි Wednesday, 28 August 2013 07:37 AM

මම ඉන්නේ කැනඩාවේ. මෙහෙත් විවාහක අය නිතරම වෙන්වෙනවා. දෙන්නා තවදුරටත් එකට ඉන්න බැරි වුණාම. එහෙත් දරුවන් අම්මා තාත්ො දෙන්නම ළග වරින්වර ගතකරනවා. කතා බහ කරලා තීරණයකට එලබෙනවා දෙන්නම. අපේ අයටත් පුළුවන් දරුවන් ගැන මේ විදියට තීරණ ගන්න. (නි)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 07:37 AM

වර්තමාන ටෙලි නාට්‍ය කලාව හා එහි රගපාන නළු නිලියනේගේ සැබෑ ජීවිතයේ දික්කසාද රංගනය මේවට බොහෝ සාධක උදාහරණ සපයනවා.ඒවා වර්තමාන තාරුණ්‍ය බොහෝ ඉහලින් ආදර්ශයට ගන්නවා නේද කටා මාමේ..? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 27 August 2013 06:59 PM

ඇත්තටම ඉතාමත් සංවේදී පුවතක්. දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත මොනතරම් සංවේදීද කියලා තිදරු පියෙක් හැටියට මටත් තේරෙනවා. ආර්ථික ප්‍රශ්න තමා පරිවර්තනය වන්නේ ගොඩක් අවස්ථා වලදී. සමහරු විවාහ වෙන්නේ තමන්ගේ තරමට වඩා ලොකු තැන්වලින්. ඊට පස්සේ ඇගේ වුවමනා පිරිමහන්න ඔහුට හැම දුකක්ම විදින්න සිදුවෙනවා. සියලු උත්සාහයන් අසාර්ථක වූ විට අවසානයේ මේ වගේ තීරණ ගන්න සිදුවෙනවා. කොහොම හරි හැමෝම කියනවා වගේ කිසිවක් නොදන්නා පුංචි දරුවෝ මවු සෙනෙහස පිය සෙනෙහස අහිමි වෙලා කාටත් කියන්නත් නොතේරෙන වයස නිසා මානසිකව වද විදිනවා. අපිටත් ආර්ථික ප්‍රශ්න තිබෙනවා දරුවෝ ගැන හිතලා තමා කාත් කවුරුත් නැති මේ කතරේ තනි වෙලා ඉන්නේ. "ස්කයිප්" එකෙන් විතරක් මුහුණ බලලා හැමදාම සුරතල් කරන්නේ ඔවුන්ගේ හෙට දිනය වෙනුවෙන් හිතලා. අපේ ආශාවන් වලට පයින් ගහලා බිරිඳ හා දරුවන් වෙනුවෙන් කරන මේ කැපවීමත් මට නම් විශාල ආත්ම තෘප්තියක් ලබා දෙනවා. අපේ වගකීම හරි හැටි ඉෂ්ට කිරීමට අපි හැමදාම වග බලා ගත යුතුයි කියන එක තමා මාගේත් අදහස. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 28 August 2013 07:43 AM

පිටිගල මිලානෝ, ධර්මය හදාරන්න, ධර්මයේ හැසිරෙන්න, ඉන් ලැබෙන නිරවුල් මනසින් ලෝකය දෙස බලන්න.... අද ලංකාවේ ධර්මයේ හැසිරෙන්න ගියොත් හැමදාම හිගා කකා තමා ජීවත් වෙන්න වෙන්නේ. (නි)

:       0       0

නීල් රණා Tuesday, 27 August 2013 07:01 PM

මුස්ලිම් නොවන රටවැසියන් සඳහා යුරෝපීයන් හඳුන්වාදුන් සාමාන්‍යය ක්‍රිස්තියානි විවාහ නීතිය යටතේ ලංකාවේ බහුභාර්යා විවාහ කරගැනීම තහනම් නිසා අපි පාරම්පරිකව අනුගමනය කළ ජීවන ක්‍රමය කඩාවැටීම පවුල් අර්බුද වලට මූලික හේතුවයි. ඒ නිසා දුකට පත්වන්නේ දරුවන්. (නි)

:       0       0

පිටිගල Tuesday, 27 August 2013 07:03 PM

දෙමාපියන් අතරේ මොන ප්‍රශ්නය ඇති වුනත් ඒක දරුවන්ට නොපෙන්නා ඉන්න දෙමාපියන් දැනගන්න ඕනෑ.ඒවායින් අසරණ වෙන්නේ දරුවන්. සමහරවිට දරුවෝ නොමග ගිහින් අනාගතය අඳුරේ දාගන්නත් මේවා හේතු වෙනවා, හොඳම දේ පිටිගල මිලානෝ කිව්වා වගේ ධර්මයේ හැසිරෙන්න ,ධර්මය හදාරන්න,ධර්මය තුලින් ලෝකය බලන්න.ඒක තමයි හරි. ඒක තමයි හරි මග.අම්මා තාත්තා එක්ක තරහ වුනාට දරුවෝ තාත්තට ආදරෙයි. මේක හරිම සංවේදී අවස්ථාවක්. මට නම් හරිම දුකයි ඒ දරුවෝ ගැන .. (නි)

:       0       0

හසිත් Tuesday, 27 August 2013 07:10 PM

දෙමාපියන් මොනවා කලත් අසරණ වෙන්නේ දරුවෝ (දී)

:       0       0

අමල් Tuesday, 27 August 2013 07:11 PM

දරුමන් කොච්චර අසරණ වෙනවද? (දී)

:       0       0

දේවි Wednesday, 28 August 2013 08:22 AM

මොවුන් තව දුරටත් මව් පියන් නොවෙයි.(නදී)

:       0       0

සේනක ඩබ්ලිව් Tuesday, 27 August 2013 07:15 PM

කාන්තාව කාන්තාවක් විදිහට නොහිඳ පිරිමියෙක් වෙන්න හදන එකෙනුත්, කාන්තාව දරුවන් හරහා ස්වාමියාව නම්මා ගන්න වෑයම් කිරීමත් නිසා දික්කසාද වැඩි වෙයි. (අ)

:       0       0

කමල් ඇන්තනි Tuesday, 27 August 2013 07:15 PM

ෆස්රුල් ගපූර් - කටාර් ඔබේ කොමෙන්ට් එක හරි මට හිතෙන්නේ මගේ කොමෙන්ට් එක ඔබ ලියලා වගේ.(අ).

:       0       0

දිසානායක Tuesday, 27 August 2013 07:20 PM

90% සුමුදු කියන විදිහට දික්කසාද වෙන්නේ දෙමුපියන්ගේ වැරදි නිසාලු එතකොට එතුරු 10% දික්කසදවෙන්නේ ළමයි හින්දද ඇත්තටම සුමුදු ඔය කොහෙන්න්ද හරියටම ඔය සංඛය ලේඛන ගත්තේ .ඔය වැඩ කරන්නේ පෞල් සැලසුම් හා දික්කසාද දෙපර්තුමෙන්තුවේද (අ)

:       0       0

අප්පුහාමි Tuesday, 27 August 2013 07:22 PM

සංස්කෘතියක් සදාචාරයක් මත හැදුන වැඩුන යහපත් පවූල් වල දරුවෝ දික්කසාද වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි. තමන්ට අයත් නොවන සංස්කෘතියක් බදා ගත්තහමත් ඔහොම වෙනවා.මනස විකෘති උනහම තමන් කරන්නේ මොකක්ද කියල නිවැරදි නිගමනයකට එන්න අමාරු වෙනවා. අස්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නෑ. විශේෂයෙන්ම නාගරික සංස්කෘතිය දැන් ලොකු හෝද පාලුවකට හසු වෙලා . මේ තත්වය පිටිසරටත් ටික ටික කාන්දු වේගෙන යන බව තමයි පෙන්නේ. මේ ප්‍රවනතාවය අපේ රටට සුභදායක නැති බව තමයි කියන්න වෙන්නේ. (දී)

:       0       0

ආශා Tuesday, 27 August 2013 07:23 PM

දරුවන්ට දෙමාපිය සෙනෙහස අත්‍යවශ්‍යමයි (දී)

:       0       0

ජගත් Tuesday, 27 August 2013 07:23 PM

හරිම සංවේදී පුවතක් (දී)

:       0       0

මෝරලා Tuesday, 27 August 2013 07:24 PM

සමහර අයට මේවා තේරෙන්නේ නැහැ, උන්ට පවුල් ජීවිතේ වටිනාකම තේරුම්ගන්ඩ ශක්තියක් නැහැ එකයි (දී)

:       0       0

තෙන්නකෝන් Wednesday, 28 August 2013 08:54 AM

මමත් පියෙකි නුබ වැනි දරුවෙකුගේ, හරිම වේදනා ගෙන දෙන පුවතක්. මමත් ආදරේ වෙනුවෙන් සටන්කර දෙමාපියන් පවා ආදරය වෙනුවෙන් නැති කරගත්තා ඒ අපි දෙන්නගේ ආදර බැදිම හේතුවෙන්. අදටත් ඒ බැදීම විශ්වාසයි. මේකට හේතුව අද සමාජේ දන්නේ නෑ පවුල් ජිවිතයේ වටිනාකම හා ලස්සන සහ වටිනාකම.(නදී)

:       0       0

උපාලි Wednesday, 28 August 2013 08:58 AM

දික්කසාද වෙන්නේ මිනිහා සහ ගැහැනියයි. දෙමාපිය දෙන්නට කව දාවත් දරුවන්ගේන් දික්කසාද වීය නොහැක.(නදී)

:       0       0

අංජුල Tuesday, 27 August 2013 07:34 PM

විශ්වාස කරන්න ඇත්තම අන්තිම ටික කියා වනකොට කදුළු එනවා නිකන්ම. ඇත්තටම අද කලේ ඉන්න තරුණ ය හිතන්නේ නැ තමන්ගේ ළමින්ගේ මානසිකත්වය ගැන. බලන්න ඒ ය කොච්චර අසරණ වෙනවද කියල මේ විදිද්යට දික්කසාද වෙන්න ගියාම (අ)

:       0       0

රුවන් Tuesday, 27 August 2013 07:38 PM

රට යන්නේ කොයි පාරේ?

:       0       0

අරුණ Tuesday, 27 August 2013 07:39 PM

දරුවන් වෙනුවෙන් දෙමාපියන් කැපවීම ආනිසංස දෙන පුණ්‍ය ක්‍රියාවක් වේවි (දී)

:       0       0

අමල් Tuesday, 27 August 2013 07:50 PM

මගේ ඇස් වලට කඳුළු අවා, නිර්මලට තියෙන්නේ පුදුම අමාරුවක්; ඕක හොඳ කල හැක (අ)

:       0       0

වරුණි Wednesday, 28 August 2013 09:30 AM

දරුවෝ තම ලෝකේ ලොකුම සම්පත.ඊට වඩා දෙයක් දෙමාපියන්ට නැත. මගේ පුතා වෙනුවෙන් මට හැමදේම දරා ගන්න මම උත්සහ ගන්නවා.අපි කා අතරත් වැරදි තියෙනවා. අම්මි අප්පචි පුතා ළඟට වෙලා සතුටින් ඉන්න තරම් තවත් ත්‍යාගයක් දරුවට නැත.බුදු දහම අපි හැ‍මෝමව රකිනවා. (ස)

:       0       0

වාසනා Tuesday, 27 August 2013 07:58 PM

දැන් ගෑනුන්න්ට ඉවසීම නැහැ. කලබල වැඩියි ඒක නිසා අසරණ වෙන්නේ අසරණ දරුවෝ. ගැණු පිරිමි බදින්නේ නදත්තුබලගෙන (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 28 August 2013 09:43 PM

නඳුන් පිරිපුන් 2013-08-28 16:28:34 පුතෙකුගෙ පලවෙනි වීරයා තාත්තා. දුවෙකුගෙ පලවෙනි ප්‍රේමය තාත්තා. ඔබගේ අදහසට මමත් එකගයි.(නදී)

:       0       0

චන්දි Wednesday, 28 August 2013 09:43 AM

ෆස්රුල් ග‍ෆූර් -කටාර් !!ඔයාගේ අදහසම තමයි මගෙත් අදහස ! මමත් ගැහැනියක් වුනාට වැලි කතරේ තනිවෙලා මේ දුක් වි විඳින්නේ දරුවන් සමඟ අම්මා, තාත්තා දෙන්නම සිටිය යුතු නිසයි..,මගේ දරු දෙන්න නොසිටියා නම් දික්කසාද ලේබලය මටත් ගහලා ගොඩක් කල් ..., මම කැමතියි හැම ගැහැනියකට කියන්න!!!! ගොඩාක් ඉවසන්න ,දරුවන් නිසා හරි ඉවසලා තමන්ගේ පවුල රැකගන්න මොකද ..?අපි විඳපු දුක් අපේ දරුවන් විඳිය යුතු නැහැ (ඔය මගේ අදහස) හරිද මන්දා. (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 28 August 2013 09:44 AM

ඉතාමත් සංවේදියි.අම්මට හොරේන් දරුවන් තාත්තා දිහා බලලා හිනාවෙනවා කිව්වම හිත වාව ගන්න අමාරුයි. කිසිවක් ලියාගන්නත් බෑ. (ස)

:       0       0

සංජය Tuesday, 27 August 2013 08:18 PM

ඇත්තටම

:       0       0

රෙමා Tuesday, 27 August 2013 08:20 PM

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳින් නුඹේ ලෝකය එලිය උනි,රජ කුමට පුතුනි දිවියේ දුක් ගැහැට වින්දී--- පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී

:       0       0

සිරි අයියා. Tuesday, 27 August 2013 08:20 PM

දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය, රැකවරණය වගේම මග පෙන්වීමත් අත්‍යවශ්‍යයි. ඒ හින්දා මොන තරම් නොගැලපීම් තිබුණත්, හිත් අමනාපකම් තිබුණත්, ඒවා යටපත්කරගෙන අපි එක පවුලක් හැටියට ඉන්නවා. ඛේධජනකයි. එත් ඒ අපේ ලැබීම වෙන්න ඇති. (අ)

:       0       0

Hettiarachchige Dumotior Francis Tuesday, 27 August 2013 08:39 PM

විවාහ නීති වගන්ති වෙනස් කල යුතුයි. විවාහය කටුගාගත්තට නඩත්තු ඉල්ලන්නේ හරියට පිරිමියා සහසුද්දෙන්ම නයකාරයෙක් ගානට (අ)

:       0       0

රීමා Tuesday, 27 August 2013 08:46 PM

මවකට මුවා වී නුඹ හට දිවි දුන්නේ--- මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ --- පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ--- අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ (අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 28 August 2013 10:14 AM

වෙලාවකට මට හිතෙනවා මේක හරිම පවුකාර ‍ලෝකයක් කියලා (නි)

:       0       0

වසුන්දරා Wednesday, 28 August 2013 10:19 AM

දරුවන්ගෙ ජිවිතය ඒ අයගෙ දෙමව්පියෝ.ඒක සදාකාලයටම ඒහෙමයි.ඒත් හැම දෙමාපියෙක්ම දරුවෝ තමන්ගෙ ජිවිතය කියලා හිතනවද ? (නි)

:       0       0

පිටිගල Tuesday, 27 August 2013 09:14 PM

බුද්ධ ධර්මයේ එන සිඟාලෝවාද සුත්‍රය සහ පරාභව සුත්‍රය හොඳ සිහියෙන් දෙතුන් විටක් භාව සන්න සමගින් කියවලා බලන්න. ගිහි ජීවිතය සැපවත් සහ අර්ථවත් වේවි. අනිවාර්යයෙන්ම. (අ)

:       0       0

රොෂාන් බංගලාදේශ Tuesday, 27 August 2013 09:14 PM

පවුල් ජීවිතය හරිම සුන්දර දෙයක් දෙන්නට දෙන්න හොදින් තේරුම් අරන් ජීවත්උනොත්. එත් ළමයෙක් නැතිවනම් ඒ සුන්දරත්වයෙන් ඇති පලක් නැහැ. (අ)

:       0       0

නඳුන් පිරිපුන් Wednesday, 28 August 2013 04:28 PM

පුතෙකුගෙ පලවෙනි වීරයා තාත්ති, දුවෙකුගෙ පලවෙනි ප්‍රේමය තාත්ති. (ස)

:       0       0

රොහාන් Wednesday, 28 August 2013 10:43 AM

අද සමාජය කිසිම සාරධර්ම වලට තැනක් දෙන සමාජයක් නොවෙයි. විවාහය කියන්නේ නිකම් ඇදුම් මාරු කරනවා වගේ දෙයක් වෙලා. ඔවුන් බටහිර විලාසිතාවලට ඇබ්බැහිවෙලා. අම්මා කෙනෙකු වෙන්නේ නිකම් විහිලුවට. මේ සෑම සෙල්ලමකින්ම දුක් විඳින්නේ අසරණ දරුවන්. මෙම අයවලුන්ට නිසි දඞුවම් දීලා එහි අඳිනවා උගන්න වෙනවා. නැත්නම් මේ සෑම දෙයකින්ම සමාජය පිරිහෙනවා. (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Wednesday, 28 August 2013 10:48 AM

බැතිබර හැඟුම් හඟවන නුඹගේ මුහුණ...... අත දරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ ........ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස......... නොහැඟෙයි ළඟින් ඉඳ මගේ හිස සිඹින කළ....... (ස)

:       0       0

පහන් Wednesday, 28 August 2013 10:50 AM

තාත්ත වුනත් මා බත සරිකරන. අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින. (ස)

:       0       0

පහන් Wednesday, 28 August 2013 10:56 AM

ජපානේ දික්කසාද ,සියදිවි නසා ගැනීම් ,අවිවාහක ප්‍රතිශතය ඉතාම ඉහළයි. .පිලිපීනෙ දික්කසාදය තහනම් ඒත් එකේ අනිටු ප්‍රතිඵල එමටයි (ඔවුන් දැන් නීතියෙන් විවාහ නොවී දරුවන් හදනවා )ඊශ්‍රායල් වල 10 බදිනකොට 7 දික්කසාද වෙනවා .සිංගප්පුරුවෙත් එහෙමයි .ඒ අතින් බලනකොට අපේ රට හොඳයි. (වසර 17 විදේශ අත්දැකීමෙන් ලිව්වේ ) (ස)

:       0       0

විජය Monday, 14 September 2015 12:32 PM

බිරිඳ දෙමාපියන්ගේ සහ සහෝදරයින්ගේ කීමට කටයුතු කිරිම තුළින් මෙලෙස විවාහ දෙදරා යනවා. නමුත් ඉන් අසරණ වෙන්නේ අහිංසක කුඩා දරුවන්. (නි)

:       0       0

පද්මේ Wednesday, 28 August 2013 11:17 AM

මගේ නෝනත් කටගහගෙන එනවා.දවසක් මම තද වෙලා ඕනෑ මඟුලක් කියලා ගියා.මගේ දුව අවුරුදු 5 ක් 6 ක් ඇති. කෝල් කරලා අහනවා තාත්ති ඔයා අම්මත් එක්ක තරහට මාව තියලා ගියේ ඇයි පිස්සු නැතිව එන්න කියලා. කෙල්ල ලොකුවෙනකම් ඉඳලා යනවා කියලා කොහොම හරි හිටියා. ඒ අතර තව පොඩි එකෙක් හම්බවුනා.දැන් ඉතින් අපි හතර දෙනා අවුරුදු 12ක් තිස්සේ හොඳින් ඉන්නවා.මේ ප්‍රවෘත්තියේ දරුවෝ ගැනනම් ලොකු දුකක් ඇතිවෙනවා.රණ්ඩු වෙවී ඉන්නවට වැඩිය හොඳම දේ නම් වෙන්වෙන එක.දරුවෝ ඉස්සරහා රණ්ඩු වෙන එක දරුවන්ටත් හොඳ නැහැ.නමුත් දරුවෝ වෙනුවෙන් ඉවසලා සමාදානයෙන් ප්‍රශ්න විසදගන්නවා නම් කාටත් හොඳයි. (නි)

:       0       0

රේණුක Wednesday, 28 August 2013 05:04 PM

වතුර වලට වඩා ලේ බැදීම වැඩියි. කිරි එරෙනවා නම් කිරිත් දෙන පියවරු ඉන්නවා. මතු බුදු වන පියවරු ගැන කතා කෙරෙනවා අඩු යි. කෙසේවෙතත් දරුවන්ගේ ලෝකේ වෙනුවෙන් එකට ජිවත් වෙන්න උත්සාහ ගන්න ඕනෑ. (නි)

:       0       0

මාධව Tuesday, 27 August 2013 10:01 PM

සංවේදී පුවතක් (දී)

:       0       0

වරවිට Wednesday, 28 August 2013 05:11 PM

මගේ සියා අපේ ආච්චිව එක්කගෙන ඇවිත් තියෙන්නේ ගෙදරට ගිහින් දෙමාපියන්ගෙන් අහලා"උඹ එනවද මාත් එක්ක යන්න කියලා" අපේ තාත්තා කියනවා ඒ දවස්වල එහෙමලු. හැබැයි කවදාවත් උඹ නොදකින් කියාගෙන නැහැ. රටටම ආඩම්බර දරුවෝ 8 දෙනෙක් හදලා තියෙනවා.මෙහෙම දේවල් ගැන හිතනකොට අපිට වැරදිලා තියෙන්නේ කොතනද කියලා හිතාගන්න බැහැ. (නි)

:       0       0

සාමා Tuesday, 27 August 2013 10:05 PM

අතීතයේ අපේ රටේ ලස්සන වීවාහ බැදීමක් තිබුන .වර්තමානයේ සෑම පවුලකම් මුදල් පසුපස හබයාම නිසා පිඩා විදින්නේ පොඩිඋන් බව දන්නේ පුංචි හදවත් පමණයි. (දී)

:       0       0

සමරසිංහ Wednesday, 28 August 2013 11:51 AM

හරිම දුකයි.ඒත් දැන් ඒක සාමාන්‍යය දෙයක් වෙලා. දරුවෝ මතක් වෙනකොට ඇස්වලට කදුළු එනවා. මට ඒවා බලන්න හරිම අමාරුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 677 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 932 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1387 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2534 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3332 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35056 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24043 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site