IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දරුවා සුවපත් කරගන්න පියා උපකාර පතයි

ලියුකේමියා රෝගී තත්ත්වය නිසා ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකට භාජනය කර සිටින පන්නිපිටිය ,දෙපානම, වීර මාවතේ , අංක 251 1/1 පදිංචි තිවිඳු අමරසේකර (18) සිසුවාගේ වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ආධාර ලබා දෙන්නැයි ඔහුගේ පියාවන යූ.ඒ.එස්.අමරසේකර මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

චෙන්නායි හි ඇපලෝ රෝහලේ වෛද්‍ය ටී.රාජා මෙම සැත්කම සිදු කළද මාස තුනකට වරක් නැවත එම රෝහලට ගොස් තම දරුවාට වැඩිදුර ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා වාර්ෂිකව ලක්ෂ 12 කට අධික මුදලක් වැය වෙන බවද අමරසේකර මහතා සඳහන් කරයි.

 ‘‘අපේ දරුවට පවතින්නේ ලියුකේමියා ඒ.එල්.එල් රෝගී තත්ත්වයි. 2001 දි දරුවට අවුරුදු පහක්ව තිබියදී තමයි අපි මුලින්ම මේ රෝගය දැන්ගත්තේ. මුලින් රිජ්වේ ආර්යා රෝහලෙන් ප‍්‍රතිකාර ලබලා පසුව මහරගම පිළිකා රෝහලෙන් ප‍්‍රතිකාර ලැබුවා. එහේ දවස් 11 කට පස්සේ චෙන්නායි ඇපලෝ රෝහලෙන් අවුරුද්දක් පුරා කිමෝ තෙරපි ප‍්‍රතිකාර ලැබුවා.2005 දි නැවති ලියුකේමියා රොගී තත්ත්වය උත්සන්න වූවා.එම වසරේ සිටි 2008 දක්වා චෙන්නායි අපලෝ රෝහලින් නොකඩවා ප‍්‍රතිකාර දරුවට ලබා දෙන්න  මම කටයුතු කළෙ මගේ මුළු සේසතම විකුණලා.මම සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් මම සතුව පන්නිපිටිය කළල්ගොඩ මුද්‍රණාලයක් ,ඉඩකඩම් ,දේපළ ,යාන වාහන තිබුණා. ඒත් මේ සියලූ දේවල් වලට වඩා මට මේ දරුවා මහමෙරක්‘‘ යැයි ඔහු පවසයි.

සිය පුතණුවන්ගේ ප‍්‍රතිකාර කටයුතු සඳහා උදව් කළ හැකි පරිත්‍යාගශීලීන් සීටීනම් යූ.ඒ.එස්.අමරසේකර යන තම නමින් බත්තරමුල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ 8290004444 දරණ බැංකු ගිණුමට එම ආධාර මුදල් බැර කරන්නැයි අමරසේකර මහතා ඉල්ලා සිටී. වැඩිදුර තොරතුරු  077‐9815755 යන දුරකථන අංකයෙන් ලබාගත හැක.

child-1 child-3 child-5 child-6 child-7 child-8 child-9 child-10 child-11

child-2



අදහස් (0)

දරුවා සුවපත් කරගන්න පියා උපකාර පතයි

රෝහණ Friday, 30 September 2016 10:05 AM

ශාන්ත, අධාරයක් කරනවනම් කරන්න. එක එක කාතා කියන්නෙ නැතුව. (ර)

:       0       0

ශාන්ත Monday, 03 October 2016 08:09 AM

රවිඳු, ඇට මිදුළු බද්ද කරන්න පුළුවන් ලේ සම්බන්ද පිළිකා වලට. මේ සඳහා ඩීඑන්ඒ ගැලපෙන පරිත්‍යග කරන කෙනෙක් ඉන්න ඕන ස්ටෙම් සෙල්ස් ලබා ගන්න. පරිත්‍යාග කරන කෙනාගේ ලේ නාල අධිවේගී යන්ත්‍රයක් හරහා යවල ස්ටෙම් සෙල් පෙරා ගන්නවා. මේක ගන්නේ ලෙඩාට දෙන දිනයට පෙර දිනයේ.(බ)

:       0       0

චමින්ද Thursday, 29 September 2016 10:14 PM

දරුවාට ඉක්මන් සුවය ලැබේවා.(හේ)

:       0       0

ප්‍රදීප් Thursday, 29 September 2016 10:15 PM

මේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා.(හේ)

:       0       0

රූපාවති Tuesday, 04 October 2016 06:03 AM

කාරුණික පාඨකයනි..! ඔබ අපි එදා මෙදාසිට මේ පුවත්පතේ පල කරන සෑම ලිපියකටම කෙමෙන්ට් එකක් දමා එය සතුටින් කියවා අල්පමාත්‍ර සතුටක් වින්දා ..ඒ ගැන විවාදකර දැනුමක් ලැබුවා? ඒවගේම ..දයාබර ඔබ අපගේ දහදිය බින්දුවෙන් උපයාගත් රුපියලකින් මිලකරන්න බැරි තරම් වටිනා ජීවිත දස දහස් ගානකට ආදාරකර ඔවුන්ව සුවපත් කර ඇතිවග අපි වගකීමෙන් කියමු ..ඒ වැනි වටිනා හදවත් ඇති පාඨකයින් සිටිනා... කියවන පුවත්පතකි මේ..? මේ පාඨකතීරේ ඉන්නේ රත්තරන් වැනි හදවත් ඇති සැබෑ මිනිසුන් පිරිසක් ..! ඒ ඔබගේ කාරුණික හදවත් පිහිටියේ තවත් අසරනයෙකුට පිහිටවෙන්නමයි ..!අපි මේ අසරණ දරුපටියාටත් පිහිටවෙමු ..! මාත් හැකි අයුරින් ආදාර කරමි ..! ඔබත් ඔබට හැකි අයුරින් අදාරයක් කර ඒ අසරණ දෙමාපියන්ගේ සිතට සැනසීමක් ලබාදෙන්න ..එය ඔබේ ත් මගෙත් ආත්මයට කරගන්නා සැනසීමකියි සිතා මේ අසරණයින්ගේත් දුක් නිවමු ..!!!!අත්වැල් බැදගෙන ආධාර කරමු ..!! (ම)

:       0       0

අමාලි Monday, 03 October 2016 09:33 AM

උදවුවක් කරන කෙනෙකුට කරන්න ඉඩ හරින්න. (හේ)

:       0       0

රූපවතී Saturday, 01 October 2016 09:10 AM

පව්! අපි හැමෝම ජීවිතේ අපමණ දුක් සතුටින් විඳින්නේ දරුවන් වෙනුවෙන්. ඒ අපිට වඩා අඟලක් හෝ වැඩියෙන් අපේ දරුපැටවුන්ගේ ජීවිත ඉහළින් තියන්නයි. ජීවිතයක මෙවැනි වේදනාබර අවස්ථාවකට මුහුණදුන් ඒ දෙමාපියන් හැර ඒ දුක කිසිවෙකුටවත් නොදැනේ. අපි අපිට හැකි පමණකින් උදව් කර ඒ දුකට පිහිටවෙමු (නි)

:       0       0

රවිඳු Friday, 30 September 2016 07:14 AM

ශාන්ත, ඇට මිදුළු බද්ද කිරීම ගැන තොරතුරු ටිකක් දැනගන්න ඕන. (ර)

:       0       0

ශාන්ත Thursday, 29 September 2016 03:59 PM

ඇට මිදුළු බද්ද කරනවා කියන්නේ ශල්‍ය කර්මයක් නොවේ. මේක කළාට පස්සේ අවුරුදු 2 ක් විතර නඩත්තු කරන්න වෙනවා. මේක කරන්නේ බෙහෙත් වලින්. එහෙම නැතුව වැඩිදුර ප්‍රතිකාරයක් කියල දෙයක් නැහැ. 2008 වසරේදී මේක කළානම් දැන් දරුවා හොඳටම සනීප වෙලා තියෙන්න ඕන. මොකද මටත් 2008 වසරේදී මේ ක්‍රියාවලිය කරලා තියනවා . ඊට පස්සේ ප්‍රතිකාර නැහැ නඩත්තුව පමණයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 283 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 279 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 363 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 279 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 411 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 438 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site