IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දරුවා සුව කරගන්න මාපියෝ ආධාර පතති

වවුනියාව මහකච්චකොඩිය පදිංචි මෙතුජ සත්සර රත්නායක (2) දරුවාගේ අක්මාවට විෂබීජයක් ඇතුළුවීම නිසා ඔහුට අක්මාවක් බද්ධ කිරිම සඳහා සැත්කමක් කළ යුතුව ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු නිර්දේශකොට ඇත.

වසරකට අධික කාලයක් ප‍්‍රතිකාර කළද දරුවා සුව නොවූ බව දෙමාපියෝ කියති.

දිනෙන් දින දරුවාගේ තත්වය අයහපත් වන අතර මේවන විට උදරය ඉදිමී ශරීරයේ විවිධ ආසත්මිකතාවයන්ද ඇතිව තිබෙන බව ඔවුහු පවසති.

දරුවා සුවකිරීම සඳහා තෙමසක් ඇතුළත ඉන්දියාවේ චෙන්නායිහි ග්ලෝබල් රෝහලේදී සැත්කමක් සිදුකිරිමට නියමිත අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 70 මුදලක් අවශ්‍යවී ඇති අතර දරුවාගේ දෙමාපියන්ට එය සොයාගැනීම මහත් අසීරුතාවයක් බවත් දරුවා අසනීප වූ දිනයේ සිට කළ වියදම් හේතුවෙන් තමන්ගේ වත්කම් මේ වනවිට අහිමිව ඇති බවත් දරුවාගේ පියා රත්නායක මහතා ප‍්‍රකාශ කළේය.

ඒ සඳහා උපකාර කළහැකි අයකුවේ නම් දරුවාගේ පියාගේ නමින් පිහිටි මහජන බැංකුව , වවුනියාව ශාඛාවේ ආර්.ආර්.එන්.රත්නායක - 040-2-001-6-0056158 යන බැංකු ගිණුමට හෝ ලංකා බැංකුවේ බෝගස්වැව ශාඛාවේ 7114362 ගිණුමට මුදල් බැරකරන ලෙස දරුවාගේ දෙමාපියෝ ඉල්ලා සිටිති.

වැඩිදුර තොරතුරු තොරතුරු දැනගැනීම සඳහා 071-6464563  හෝ  076-6846213 දුරකථන අංක මගින් රත්නායක මහතා සම්බන්ධ කරගත හැකිය.

1262343233186

1262343234563

IMG_0208

IMG_0212Methuja-Sithsara-1 Methuja-Sithsara-TWM



අදහස් (0)

දරුවා සුව කරගන්න මාපියෝ ආධාර පතති

රූපවතී Tuesday, 11 October 2016 07:06 PM

දෙවියනේ! හරි විදියට නම් මේ වගේ රෝගීන්ට රජයේ වියදමින් ප්‍රතිකාර කළයුතුයි. අපිටත් හැකි අයුරින් උදව් කර මේ දරුවාට ජීවත් වෙන්න අවස්ථාව සළසා දෙමු. දෙවියනේ! බඩ පපුව දාලා ගියා. හැකි හැමෝම උදව් කරන්න සොයුරනේ! පින් සිදුවෙනවා ..!! (නි)

:       0       0

අමල් Tuesday, 11 October 2016 11:53 PM

මොහුට මම මට හැකිලෙස උදවූ කළෙමි. ඔබද ඔබට හැකිලෙස උදවු කරන්න. (නි)

:       0       0

උදිත සංජීව Wednesday, 12 October 2016 02:20 PM

මමත් උපකාර කළා. පුළුවන් අය 500 හරි දාන්න. මේ පුතා ඉක්මනින් සුව වේවා .... මටත් ඉන්නවා පුතෙක්. දරු දුක හැමෝටම එකවගේ. (බ)

:       0       0

රුපාවති Thursday, 13 October 2016 06:33 AM

ලංකාදීප කතෘ තුමනි ..! ඔබේ කාරුණික මැදිහත් වීම පිණිසයි ..! මේ දරුවාගේ ජීවිතේ ගොඩගන්න අප කාරුණික පාඨකයින් සැවොම එක්වේවි මේ පුවතට මීට වඩා ප්‍රචාරයක් දෙන්න කරුණාකරලා. අප කාරුණික ලංකාදීප පුවත් පත ඇතුළු කාර්ය මණ්ඩලයට එදාමෙන් අදත් මතුවටත් අප්‍රමාණ ගරුත්වකින් සිහිකරන්නේ .. ඒ ඔබේ දයාබර කම අසරණයාව සොයාගෙන ගොස් කරණා මේ උපකාරයන් නිසාවෙන්මය ..? මේ අසරණ දරුවාගේ ජීවිතය බේරාගන්න අපිට හැකිවේවි. (ම)

:       0       0

නිපුණ Wednesday, 12 October 2016 05:35 AM

මමත් උදව් කරනවා. මේක බැරිද එෆ්බී එකේ ප්‍රසිද්ධ කරලා තව ප්‍රචාරයක් ලබාදෙන්න? අපේ අනිත් යහලුවන්ටත් උදව් කරන්න පුලුවන් වෙන්න. (නි)

:       0       0

දිලංක Wednesday, 12 October 2016 05:49 AM

මමත් පුළුවන් විදියට උපකාර කළා. කරුණාකර මෙවැනි පුවත් එසැණ ප්‍රධාන පුවත් අතර දින කිහිපයක්වත් රඳවා තබන්න. මේ දරුවා සුවපත් වේවා! (නි)

:       0       0

අමරසිරි ප්‍රියංක පෙරේරා Tuesday, 11 October 2016 11:39 AM

වටිනාකම හඳුනන බුද්ධියක් ඇති අය මිතුරන් අතර යවන්න. ඒ දරුවාත් අප වගේම ලෝකෙ කොතැනක හෝ හුස්ම ගන්න ආස ලොවට ආදරය කරන්න ආස අප අතරින් අහක බලා නොයා වචනයකින් හෝ ඔබේ උදව්ව ලැබේද ... වටිනාකම ඔබට මය. (ර)

:       0       0

නුවන් Wednesday, 12 October 2016 07:07 AM

පුළුවන් විදිහට උදව් කරන්න යාලුවනේ රුපියල් 10 හරි කමක් නෑ මේ මුදල හොයා ගන්නකම් අනේ ලංකා දීප පුවත් පතේ හැමදාම මේ පුවත පල කරන්න කියලා ඔබ තුමන්ලගෙන් කාරුණිකව ඉල්ලමි . ගොඩක් පිට රටවල අය ලංකා දීප පුවත් කියවනවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 962 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1572 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 343 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1426 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1212 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site