IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දුරස්වෙලා යළි ළංවුණු ‘ප‍්‍රථම පේ‍්‍රමය’

     SAN_7787  SAN_7839

 

නංගී ඔයා කොහොම හරි විශ්වවිද්‍යාලයට යන්න  ඕනෑ. සිරිමල් එසේ කීවේ ඇවැස්ස නෑනා වන සිතාරාටය.
‘මේ ඇස් පේන්නේ නැති මං කොහොමද අයියේ එහෙම යන්නේ, අයියා මං වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. මං මේ විදියටම ජීවත් වෙන්නම්.’
මේ දිනවල වැඩි දෙනෙක් කතා වෙන්නේ මේ සිතාරා සහ නෙතු අද්දර නාට්‍ය ගැනය.  ජනක චමින්ද අත්තනායකගේ අධ්‍යක්‍ෂණයෙන්. සුධර්මා නෙත්තිකුමාරගේ නිෂ්පාදනයෙන් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන නෙතු අද්දර සිතාරා නමැති චරිතයට දායකව සිටින දිලිනි ලක්මාලී එක්ක අපි අද කතා බහට එක්වෙමු.

 

SAN_7723

button මේ ‘සිතාරා’ ගැන තවත් විස්තර කළොත්?
ඇය දුෂ්කරම පළාතක වෙසෙන තරුණියක්. ඇයගේ ඇස් පෙනෙන්නේ නැහැ. ආච්චි අම්මා තමයි ඇයට සිටින්නේ. ඇයගේ මස්සිනා වන සිරිමල් අයියා ඇයට ගොඩක් උදව් කරනවා. සරසවි යාමට ලැබුණත් ආර්ථික අපහසුතා නිසා යන්න වෙන්නේ නැහැ. ඇයට ගායන හැකියාව තිබෙනවා. එයින් ඉදිරියට යෑම ඇයගේ අරමුණයි. මේක ඇත්තටම හරි ලස්සන කතාවක්.

 


button ඒ කතාව ලස්සනයි වගේම, රූගත කළ ප‍්‍රදේශයත් හරිම ලස්සනයි නේද?
හරිම ලස්සන ප‍්‍රදේශයක් වන රිවර්ස්ටන් හි තමයි එහි රූගත කිරීම් සිදුකළේ. අපි නතරවෙලා හිටිය තැන ඉඳලා රූගත කිරීම් සිදු කළ තැනට කිලෝමීටර 10ක් විතර දුර යන්න තිබුණා. උදේ පාන්දර අවදිවීම දුෂ්කර වුණේ අධික ශිතල නිසයි. ශීතල දරාගන්න පුළුවන් වුණත් කූඩැල්ලන්ගෙන් තමයි අපට ලොකුම හානිය වුණේ. කූඩැල්ලන් එල්ලූනාම කෑ ගහපු කෑ ගැහිල්ලට මුළු පළාතේම මිනිස්සු බය වුණා.

 


button වතාවක් නාන්න ගිිහින් ගිලෙන්න ගියා කියන්නේ. 
දියේ ගිලෙන්න ගියේ නැහැ. එක් දර්ශනයකදී උදෑසනම දිය නෑමට තිබුණා. දිය නෑම කෙසේ වෙතත්. අයිස් නෑම කිව්වොත් හරි. ඒ තරමට ශීතල වුණා. ඒ නිසා අධ්‍යක්‍ෂවරයා ඉක්මණින් ඒ දර්ශනය රූගත කරන්න උපදෙස් දුන්නා. නමුත් වෙව්ලිල්ල නවත්වාගත්තේ කෝපි කෝප්ප කීපයක්ම පානය කරලයි.

 


buttonහොල්මන් වලටත් බය වුණාලූ. රිවස්ටන් පළාතේ හොල්මන් තියෙනවාද?
අපි නතර වෙලා හිටපු තැන පනින ගෙම්බෝ හිටියා. උන්ගේ ඇස් හරි ලොකුයි. හොල්මං වගේ තමයි රාත‍්‍රියට පෙනෙන්නේ. උන් ඇඟට පනීවි කියලා මම ගොඩක් බය වුණා. ඉතින් මගේ තනියට මා එක්ක ගිහින් හිටියේ අපේ සීයා. සීයා ඒ ගෙම්බන් ටික අයින්කරලා දුන්නාම තමයි මගේ බය නැතිව ගියේ.

SAN_7747

 


button මේ විදියට අත්දැකීම්  ලබමින් ටෙලිනාට්‍ය රංගනයේ යෙදෙන ඔබගේ ගෙවීගිය කාලය ගැන හිතන්නේ කොහොමද?
පසුගිය ටෙලි සම්මාන උළෙලකදී ‘පුරකලනි’ නාට්‍යයේ රඟපෑම නිසා කුසලතා සම්මානයක් ලැබුණා. ඒක මගේ රංගන ජීවිතයට වටිනා දෙයක්.

 


button තවත් වටිනා දෙයක් ජීවිතයට සමීපව තිබෙන නිසා ගොඩක් සතුටින් නේද ඉන්නේ?
ඔය අහන්නේ ආදරයනේ. ඔව්. ඒක රහසක් නොවෙයි. බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා. ඒක හංගන්න මට  ඕනෑ නැහැ.

 

SAN_7767

 

 


button ඒ ආදරය ගැන හිතන්නේ කොහොමද?
සෑම කෙනෙකුටම ආදරය පිළිබඳ මතක සටහන් තියෙනවා. සුන්දර අත්දැකීම් තියෙනවා. මම ජීවිතේ ප‍්‍රථම වතාවට ආදරය කළ කෙනාටම දෛවය මාව යොමු කළා. ඒක එක අතකට හරි පුදුම දෙයක්. ප‍්‍රථම පේ‍්‍රමය සමහර විට විරහාවක් වෙනවා. නමුත් මගේ ප‍්‍රථම පේ‍්‍රමය කාලයක් දුරස්ව තිබුණා. දැන් කවදාවත් ආයෙත් ජීවිතයෙන් දුරස්ව නොයන තරමට අද මගේ ජීවිතයට සමීප වෙලා. මගේ ජීවිතයේ ලොකුම හෙවනැල්ල වෙලා. මම ඒ පේ‍්‍රමයට ගෞරවනීයයි.

 


button ඒ ප‍්‍රථම පේ‍්‍රමය දුරස්වෙලා තිබුණේ ඇයි? නැවත සමීප වුණේ කොහොමද?
පළවැනියට මට ආදරයක් දැනිලා ආදරය කළේ එයාට. විටෙක බාහිර ප‍්‍රශ්න නිසා අපි දුරස්ව හිටියා. නමුත් මට අන්තිමට ලැබුණේ මගේ ප‍්‍රථම පේ‍්‍රමයයි.

 

SAN_7778-cover

 


button ඔහු සහ ඔබ ගැන හිතන්නේ කොහොමද?
දිලිනි ලක්මාලි සාමාන්‍ය විදියට ජීවත්වෙන සරල තරුණියක්. ඔහු දැනට විදේශගත රැුකියාව කරන්නේ. නමුත් එයත් හරිම සරලයි.

 


button ඔබ නිතර නිතර විදෙස් සංචාරවලට යන්නේ එයා නිසාද?
පසුගිය වසරේ දකුණු කොරියා ගියේ සංගීත ප‍්‍රසංග වලට සහභාගී වෙන්නයි. පර්පල් රේන්ජ්ලා එක්ක දකුණු කොරියාවේදී ප‍්‍රසංග හතරකට එක්වුණා. ඇත්තටම ගායනයට ආරාධනා ලැබෙන නිසා තමයි විදෙස්ගත වෙන්නේ.

 


button ‘නෙතු අද්දර’ හැර තව මොන නාට්‍යවලද රඟපාන්නේ?
බෙනට් රත්නායක මහතාගේ නිෂ්පාදනයෙන්, රජීව් ආනන්ද අධ්‍යක්‍ෂණයෙන් විකාශය කෙරෙන වී ඕසී (VOC) නාට්‍යයේ රඟපානවා. එහි මම රඟපාන්නේ ‘චමත්කා’ කියන චරිතයයි.  

SAN_7804

sadun-gamage

 



අදහස් (0)

දුරස්වෙලා යළි ළංවුණු ‘ප‍්‍රථම පේ‍්‍රමය’

සුදර්ශන Thursday, 19 November 2015 09:11 AM

ගොඩක් ලස්සනයි (ම)

:       0       0

ශානිකා Thursday, 05 November 2015 08:59 AM

ඔයාගේ කොණ්ඩය ගොඩක් ලස්සනි.වෙන නිලියෝ වගේ ඔයානම් කොන්ඩේ කපන්න එපා........... (ම)

:       0       0

පියසේන Tuesday, 03 November 2015 12:56 AM

සුබ පැතුම්! (නි)

:       0       0

තුෂාර Monday, 09 November 2015 01:11 PM

හරිම සුන්දරයි ඔබ (නි)

:       0       0

අමල් Tuesday, 03 November 2015 10:12 AM

ඔබට වඩා කොන්ඩේටයි මමනම් කැමති. (ර)

:       0       0

රුමේෂ් Tuesday, 03 November 2015 02:09 AM

ඔබේ කොණ්ඩය හරිම ලස්සනයි. ඔයත් ලස්සනයි. මම ඔයාට සුබපතනවා (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 03 November 2015 03:03 AM

ඔයාගේ හිත ගොඩක් ලස්සන බව පේනවා. මම හේතු කියන්නේ නැහැ. ඔයාට සුබ අනාගතයක්. (නි)

:       0       0

නිවන්තක Saturday, 21 November 2015 07:34 AM

ඔබට වාසනා! (නි)

:       0       0

සමන්තිකා Thursday, 19 November 2015 10:51 PM

අනෙකුත් සමහර නිළියන් වගේ නොවේ. ඉතාමත් විනීතව ඇඳුම් ඇඳගෙන සිටිනවා. සුභ අනාගතයක්!!! (නි)

:       0       0

අමාලි Monday, 02 November 2015 02:49 PM

ඔබේ අනාගයට සුබ පතමි. (ර)

:       0       0

හේමන්ත Tuesday, 03 November 2015 05:26 AM

හොඳ අයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා (නි)

:       0       0

සිතුම් Saturday, 14 November 2015 11:33 AM

මෙයා නේද බඳින්න ඕනනම් යාළුවෙලා හිටිය කොල්ලගෙන් ලක්ෂ 15ක් ඉල්ලුවේ (බ)

:       0       0

චාරු Tuesday, 03 November 2015 12:58 PM

පිළිවෙලකට ශිලාචාරව සැරසිලා ඉන්නවා. අතීතය කුමක් වුණත් අනාගතය යහපත් වේවායි පතමි. (නි)

:       0       0

විමල් Thursday, 12 November 2015 01:29 AM

සුබ පැතුම්! (නි)

:       0       0

චිත්‍රා Tuesday, 03 November 2015 02:21 PM

මමත් කැමතිම නිළියක්. නැවත ලැබුණ ආදරය පුළුවන් තරම් ආරක්ෂා කර ගෙන හැමෝටම ආදර්ශයක් දෙන්න. (බ)

:       0       0

චානක Monday, 02 November 2015 04:54 PM

ඔබේ ඉදිරි ජීවිතයට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4222 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැල්ලවාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 9 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 34 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 70 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 104 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site