(යොහාන් භාසුර)
දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අධ්‍යාපන පරිවර්තන තුළින් දරුවන් හැලෙන්නෙ නැති, අතරමං වෙන්නෙ නැති අධ්‍යාපනයක් නිර්මාණය කිරීම බවත් කිසිදු දරුවෙකුට අධ්‍යාපනයෙන් හැලීමට ඉඩ නොතැබිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.
වෘත්තීය අධ්‍යාපනය කියන්නේ හැලෙන දරුවන්ට දෙන මොකක් හරි බෙහෙතක් නොවන බව කී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ එවැනි වෘත්තිය අධ්‍යාපනය ගැන වර්තමාන ආණ්ඩුව සැලසුම් නොකරන බවත්ය.
වෘත්තීය අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ කොටසක් විය යුතු අතරම වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපන ක්‍රමය තුළම දරුවෙක්ට විවෘත විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු හමුවකදි අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය.
මෙම හමුවට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්මසිරි බණ්ඩාර , සුනිල් රත්නසිරි , උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක , උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ යන මහත්වරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙලදසැලකට කොළඹ 12 ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබූ කීරි සම්බා සහල් කිලෝග්‍රැම් 5,000 කට ආසන්න තොගයක් භාරයට ගත් බව පාරිභෝග
ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ අවන්හලකින් වෙළඳ බලපත්‍ර අලුත් කිරීම සඳහා රුපියල් ලක්ශ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවන කියන චෝදනාවක් යටතේ ගලේවෙල ප්‍රදේශ
මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට පුදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල
දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි
දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා