IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි

(යොහාන් භාසුර)

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය  යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (2)  පැවසුවාය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ  නිරීක්ෂණ චාරිකාවකට  එක්වෙමින්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ සඳහන් කළේය.

වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්තිකාමරවල දරුවන්‍ රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් බව කී අග්‍රාමාත්‍යවරිය  විශේෂයෙන්  පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝදුරට ඈත්වෙමින් තිබෙන බවද සඳහන් කළාය.

කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ  දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතු බවත්  පූර්ව ළමා විය සංවර්ධනයේ සිට දහතුන් වසරක පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවකුටම විවිරව තිබිය යුතු බවත් ඇය කීවාය.

පුද්ගල හා සමාජ පරිවර්තනයක් කිරීම අධ්‍යාපනයේ මුඛ්‍ය අරමුණක් කර ගැනීම ඉතා වැදගත් බවත් ජනතාව ඉල්ලා සිටින සමාජ පරිවර්තනය කිරීම වෙනුවෙන් පරිවර්තනීය අධ්‍යාපන වෙනස කිරීම හරහා මෙරට දරුවන්ට නව ලෝකයට විවෘත වීමට අවස්ථා විවර කර දීමට රජය ක්‍රියා කරන බවත් ඇය පැවසුවාය.

සමාජයට වගකියන පුරවැසියකු බිහි කරගැනීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සෑම ප්‍රතිපාදනයක්ම රටේ ඉදිරි  ආයෝජනයක් ලෙස සලකන බව කී අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනෙවිය  දිගුකාලීන ප්‍රතිලාභ හිමි මෙම සංකීර්ණ ක්‍රියාවලිය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බව ද වැඩිදුරටත් සඳහන් කළාය.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරු, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (10)

දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි

sugath Thursday, 02 January 2025 04:21 PM

ලංකාවේ වසරකට සිසුන් 450,000 පමණ සාමාන්‍ය පෙළ විභාගය කරනවා. අවසානයේ එයින් 10%ක් පමණ විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙනවා. නමුත් සමස්තයක් ලෙස, රටේ පාසල් පද්ධතියෙන් පිට වෙන අයට වසරකට ලංකාවේ රැකියා 450,000 ක් බිහි වෙන්නනේ නැහැ. එබැවින් කළයුතු නුවණට හුරු දේ නම්, යම් වෘත්තීය පුහුණුවක් ලබාගත හැකි අවස්ථාවක විදේශගත වීමයි...

:       0       12

Chaminda Thursday, 02 January 2025 06:05 PM

සුගත් හරි 13 වසරක පාසල් අධ්‍යාපනය නොවෙයි, සාමාන්‍යයෙන් දරුවෙකුගේ අවම වයස අවුරුදු 20 දක්වාවත් ඔවුන් කරන්නේ කුමක්ද? ඔවුන්ට කළ හැක්කේ මොනවද? විමර්ශනයකින් සොයාබලා විධිමත් ආකාරයට අධ්‍යාපනයක් හෝ පුහුණුවක් සඳහා යොමුකරන්න වැඩපිළිවෙළක් නොපමාව සකසනවා නම් සෙතක් වේවි. දැනට රටේ ක්‍රියාත්මකව තියෙන්නේ කවුරු හෝ කෙනෙක් කියපු දෙයක් වෙනුවෙන් දරුවෝ ඒවා හඹායන තත්වයක් නිසා යහපත් අනාගතයක් වෙනුවට අනාථ වීමක් පමණයි.

:       0       9

දිමුත් Thursday, 02 January 2025 04:35 PM

දෙමව්පියන්ගේ ආර්ථික ප්‍රශ්න දරුවන්ට ඍජුව බලපානවා.

:       0       13

පාඨකයෙක් Thursday, 02 January 2025 05:25 PM

පාසල්වල උසස් පෙළ පන්ති කාමරවල සිසුන් නොමැතිවීමට හේතුව, ඔවුන් උපකාරක පන්තිවලට සහභාගි වීමයි. මීට දශක කිහිපයක සිට, විශේෂයෙන් ම රජයේ පාසල්වල, උසස් පෙළ සිසුන් පාසලට පැමිණෙන්නේ අනිවාර්යයෙන්ම පෙනී සිටිය යුතු අවම පැය ගණන සඳහා පමණි. තව ද ආර්ථික ප්‍රශ්න මෙන්ම පාසල්වල නිසි ඉගැන්වීමක් හෝ ගුරුවරුන් හෝ නොමැතිකම හේතුවෙන්, දෙමව්පියන් තම දරුවන්ව සෘජුව ම උපකාරක පන්තිවලට යොමු කර, පෞද්ගලික අපේකෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ ප්‍රවණතාවයක් ද තිබිය හැකිය. දැනට දශක දෙකකට පෙර පවා ලන්ඩන් උසස් පෙළ හැදෑරූ මෙරට ඇතැම් සිසුන් එම ක්‍රමය අනුගමනය කළහ...

:       0       9

saman Thursday, 02 January 2025 05:31 PM

දරුවන්ගේ උසස් පෙළ ටිව්ෂන් ගාස්තු අද දෙමව්පියන්ට මහබරක්. විද්‍යා විෂයන් එකකට මසකට 5000/- ක් පමණ වෙනවා. මේ ටිව්ෂන් වසංගතය රටින් අතුගා දැමිය යුතුයි.

:       0       14

දිමුත්Friday, 03 January 2025 10:29 AM

මොන පිස්සුද? අර ටියුෂන් චක්‍රලේඛයත් රිවර්ස් කලේ...

:       0       4

Sachintha Thursday, 02 January 2025 05:34 PM

බොහෝමයක් ජාතික පාසල් කියන ඒවායේත් අධ්‍යාපනය ඉතාමත් දුර්වලතාවක් දකින්නට තියෙනවා. සමහර ජාතික පාසල්වල උසස් පෙළ පංති කාලසටහනේ ඉංග්‍රීසි විෂය ඇතුළත් වී තිබුණත් මම දන්න එක් පාසලක කිසිදාක එම පන්තිවලට ගුරුවරු නොගියා කියලත් දන්නවා... යම් යම් ආයතනවල ලොකු ලොක්කන්ගේ කලත්‍රයින් එම වරදවල් උපරිමයෙන් කරනවා. මොකද පරීක්ෂණවලට එන්නේ තමන්ගේ කලත්‍රයින් නිසා... එනිසා දරුවන්ට පාසල් එපාවෙන්නේ ටියුෂන් යනවා නේද කියලා පුද්ගලික පන්ති ප්‍රවර්ධනයට මගපෙන්වීම් කරන නිසා තමයි. එනිසා සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ විභාගයේ ප්‍රථිපල අනුව අලුතින්ම ජාතික පාසල් වර්ගීකරණය කළොත් පාසල් අධ්‍යාපනය සාර්ථක වේවි. ලංකාවේ සමස්ථ පාසල් තරගකාරීත්වයට යොමුකරන්න දක්ෂතා පෙන්වන දරුවන්ගේ ගුරුවරු පිටපිට අවුරුදු පහක්වත් එසේ කළොත් ඔවුන්ට උසස්වීමට පහසුකම් සලසන්න. ඔවුන්ට ජනාධිපති සම්මාන පිරිනැමීමට ක්‍රමයක් සලසන්න...

:       0       8

ගුණරත්න Thursday, 02 January 2025 06:04 PM

ඕනෑම පොඩි එකෙක්ගෙන් හෝ මාපියන්ගෙන් අසා බලන්න... පාසල කියන්නේ විනෝදෙන් ඉගෙනගන්න තැනකට වඩා බාලඅපරාධකරුවන් චරිත ශෝධනය සඳහා යොමු කරන ස්ථානයක් වගේ හැඟෙනවා... යයි කියාවි. අප වුණත් අපගේ කාලයේ සිටි මරුමුස් ගුරුවරුන් දුටුවාම අදටත් අප බයවෙනවා. මොකද ඒ තරම් කටුකයි ඒ කාලය... ඉගෙනගන්න විෂය කාරණා සංශෝධනය නොවෙයි, පාසල ප්‍රියමනාප ස්ථානයක් කරන්නේ කෙසේද යන්න සොයා බලනවා නම් අසීරු විෂය කරුණක් වුවත් ආසාවෙන් ඉගෙනගන්න සිසුන් කැමැති වේවි..!

:       1       14

wayima Friday, 03 January 2025 02:58 AM

ඔය ප්‍රශ්නය කාලෙන් කාලෙට පත්වෙන හැම රජයක්ම කරලියට ගෙනාවා . නමුත් කවුරුවත් උත්තරක් දුන්නේ නැහැ, අපේ රටේ තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි . තියෙන්නේ විභාග ක්‍රමයක් . ඉතින් පුළුවන් එකා කොහොම හරි ගොඩයන්න විකල්ප ක්‍රම හොයනවා . ඇත්තටම මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕන නම් කරන්න තියෙන්නේ හරි සරල දෙයක්. උසස්පෙළ විභාගයේ ආකෘතිය වෙනස්කිරීම , පවතින යල්පැනගිය විෂය සංයෝජනයන් වෙනස්කිරීම , ඇගයීම් ක්‍රමය නව ලොවට ගැලපෙන සේ වෙනස්කිරීම හා පාසල් ගුරුවරුන් නිසි නියාමනයකට ලක්කිරීම. මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් වේවි . ඒ වගේම වී විද්‍යාල වලට බඳවාගැනීමේ ක්‍රමයද වෙනස් විය යුතුයි. නමුත් හුණා කියන්නසේ කිව හැකියි . තව අවුරුදු 100 ක් ගියත් අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස්වෙන්නේ නැහැ මොකද වසර 5න් 5 ට වමටයි දකුනටයි හරවන නිසා .

:       0       4

soma Friday, 03 January 2025 03:17 PM

මෙහෙම වෙන්න නියම හේතුව පාසල්වල ඉහළ පන්තිවල හරියට උගන්වන්නේ නැති එකයි. 9, 10 ශ්‍රේණිවල ළමයින්ගෙ සටහන් පොත්වල තියෙන්නේ හිස් පිටු පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බල්ලොත් එක්ක සහල් ප්‍රවාහනය කරලා
2025 ජනවාරි මස 04 848 0

බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍


හොර වෛද්‍යවරයකු ලෙසින් රන් බඩු කොල්ල කෑ සාත්තු සේවකයා අල්ලයි
2025 ජනවාරි මස 04 513 0

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට පැමිණ සිටි කාන්තාවකගේ රන් බඩු වංචනිකව සොරාගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි සාත්තු සේවකයෙකු අත්අඩ


පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු
2025 ජනවාරි මස 04 2008 0

දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අගැයීම අරඹයි
2025 ජනවාරි මස 04 474 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය


නිදහස් දින උළෙලේ සංවිධාන කමිටුව අගමැතිනිය හමුවෙයි
2025 ජනවාරි මස 04 642 1

පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචා


ලාෆ් ගෑස් මිල ගැන තීරණය සඳුදා
2025 ජනවාරි මස 04 291 0

ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 414 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site