IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


දරු දෙදෙනා පාලම මත තබා මව බෙන්තර ගඟට පනී

(තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)

ස්වාමී පුරුෂයා සමග ඇතිකරගත් ආරවුලකින් උරණව දරු දෙදෙනා බෙන්තර පාළම මත තබා ගඟට පැන ඇති කාන්තාවක බේරාගෙන ඇතැයි අලුත්ගම පොලිසිය සදහන් කරයි.

බලංගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඇල්පිටිය ඌරගස්මංහන්දියේ පුද්ගලයකු සමග විවාහවී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පැවැත ඇතැයිද සදහන් වේ.

අද පස්වරුවේ අවුරුදු 9 ක් වයසැති පුතා සහ අවුරුදු 1 යි මාස 6 ක් වයසැති ගැහැණු දියණිය දෙදෙනා රැගෙනවිත් බෙන්තර පාළම මත තබා පාලමට ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40 ක් පමණ උසක සිට ජලයට පැන ඇතැයිද පොලිසිය කීය.

ජලාශයේ ගසාගෙන යමින් සිටි කාන්තාව, ඒ අසල රැදී සිටී තරුණයකු විසින් බේරාගෙන ඇතැයි සදහන් වේ .

මෙම කාන්තාව දැනට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. වැඩිමල් දරුවාට අවුරුදු එක හමාරක දරුවා බලා ගන්නැයි  කියා එකවරම ගඟට පැන ඇති බව පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය පවසයි. 

දරු දෙදෙනා මේ වන විට අලුත්ගම පොලිසිය රැගෙනවිත් ඇති අතර ඔවුනට අවශ්‍ය ආහාර පානාදියද පොලිසිය ලබා දී ඇත.

අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වති .

 



අදහස් (27)

දරු දෙදෙනා පාලම මත තබා මව බෙන්තර ගඟට පනී

Ruhunu Sunday, 26 February 2023 08:58 PM

බේරගත්තු තරුණයා ගැන කිව්වොත් නේද හොඳ?

:       2       32

පිටිගල මිලානෝ Monday, 27 February 2023 01:30 AM

එඩිතරව ගගට පැන මේ ස්ත්‍රියව බේරාගත් තරුණයාට මගේ ප්‍රණාමය. ඊළග බුදුවරයා පහලවිය යුත්තේ ලංකාවේ. මෙය එතරක්ම පිරිහුන රටක්. පොලවට වැදලා පපුවට ගහගෙන විනාශ කරලා දමපු රටක්.

:       15       77

බෙම්පි Monday, 27 February 2023 02:03 AM

දරුවෝ දෙන්නට මොකුත් කරදරයක් නැති එක ලොකු දෙයක්. . වෙන අම්මලා දරුවොත් ගඟට දාල තමන් පනින්නේ. මේ අම්මට දරුවෝ ගැන දුක හිතෙන්න ඇති. දැන්වත් තාත්තා අඬ දබර නොකර සාමයෙන් ජීවත් වෙයි. ඇයට ඉක්මන් සුවය ලැබේවා.

:       5       62

විලේකා අශාන්ති Monday, 27 February 2023 04:49 AM

ගැහැනු මෙවන් දෙයක් කිරිමට පෙලබෙන්නෙ තම සැමියා වෙනත් ආදරයක් හටගත් විට දැන් මෙවන් දෙවල් බොහොමයක් කරන්නේ එත් ඔයා කරපුදෙ වැරදි මොකද දරුවන්ට මොකද වෙන්නෙ කියලා හිතුවද මෙවන් පියකු දරුවන්ට බලයිකියලා ඔයා මොඩයි උහින්දා ජිවිතේ නැතිකගන්න හදපුඑක.

:       3       31

කසුන් Monday, 27 February 2023 07:03 AM

දරුවන්ට අනතුරක් නොකරපු එක නම් හොඳයි.. එත් ගත්ත තීරණය වරදි.

:       2       41

Chandima Jayasooriya Monday, 27 February 2023 07:49 AM

පවු ඉතින් .එයාට ප්‍රශ්න දරාගන්න බැරි වෙන්න ඇති .ඒත් හිත හයිය කරන ජීවිතයට මුහුණ දෙන්න තිබුනා .මැරෙන එක නෙවී විසඳුම .දරු පැටවූ දෙන්නා පවු .දරුවන් ගැන ටිකක් හිතන්න තිබුනා.ජීවිතයට දෙයක් උනානම් දරුවෝ දෙන්නාගේ අනාගතේ අයියෝ පවු අනේ මේ තාත්තට දැඩි අවවාද කරන්න වෙයි

:       3       21

නිමල් සිරිවර්ධන Monday, 27 February 2023 07:50 AM

මෙහෙම ගොඩක් වෙන්නෙ ඉවසීම නැතිකම මොනව කලත් දරුවන් ට දුකක් වෙන්න දෙන්න හොද නැහැ ..එයාලට මොකුත් තව තේරෙන දරුවොනෙමේ....දරුවොගැන හිතල ඉවසන්න ඕනේ පියා මව .....මුදල් අගහිග කම් ඇති නම් ඒ බව පොලිසියට ඇවිත් කියල නීතිය මගින් දෙයක් කරල හරි ළමයිට යහපතක් කරන්න මේ මාසෙ තුල ඔයවගෙ සිද්දි රටේ ගොඩක් උනා..එහෙම වෙන්න මුල හිට්පු මහින්ද කියන නායකයගෙ වරද ..

:       4       20

Bunny Preena Monday, 27 February 2023 09:23 AM

දරුවන්ට අනතුරක් නොකර හෝ, දරු දෙදෙනත් සමග ගගට නොපැනී සතුටට කරුනක්. පවු අහින්සක දරුවො. දිවිනසා ගැනීම් ආඅරවුලට විසදුමක් නොවෙයි. දිවිනසා ගැනීම තමයි එකම විසඳුම කියල හිතන , අදහස් කරන් තවත් දරුවන් සිටින අම්මලා/තාත්තලගෙන් මම ඉල්ලා සිටින්ට කැමතී කරුනාකර දරුවන්ට කිසිම හිරිහැරයක් නොකර, ඔබගෙ කාර්ය ඔබම තනියෙන් කරගන්න. ඔබ ඉපදුනෙ තනියෙන්. මැරෙන්නත් ඔනෙ තනියෙන්.

:       3       12

Prase Monday, 27 February 2023 10:07 AM

පවුකාර ගෑනි මැරුණට කමක් නෑ දරුවන් දෙන්නාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබුනා

:       43       2

Gagana Monday, 27 February 2023 11:04 AM

මෝඩ ගෑණි. අවුරුදු 9යේ දරුවා කොහොමද අවුරුද්දක් වයසැති කිරි කැටියාව බලාගන්නේ මේ ගෑනිට බලාගන්න බැරි උනානම්. අසරණ දරුවන් වදල අනාත කරන පාපතාරයෝ.

:       33       8

Asanka Monday, 27 February 2023 11:11 AM

මොන විදිහේ ප්‍රශ්න ඇති උනත් ඒකට අහිංසක දරුවන් පාලි නෑ .දරුවන් නොමැති පිරිස් විඳින වේදනාව තේරෙනවානම් ඔහොම කරන එකක් නෑ .ප්‍රශ්න අදත් ඒවි හෙටත් ඒවි මැරෙනකම්ම ඒවි .ඒවාට සාර්ථකව මුහුණ දීලා දරුවන් රැකගත්තොත් ඊළඟ ආත්ම භවය කිසිම ප්‍රශ්නයක් නැති එකක් වේවි

:       3       15

Pradeep KumaranTpd Monday, 27 February 2023 12:21 PM

සුපිරි කොල්ලෙක් හොඳේ...!

:       0       22

Wellappili dilhara Prabodani Monday, 27 February 2023 12:50 PM

අපිටත් මැරෙන්න ප්‍රශ්න තියෙනවා... ඒත් දරුවන් වෙනුවෙන් අපි ඉවසන්න ඕනෑ... ප්‍රශ්න ඇතිවන තැනින් ඉවත්වෙලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජීවත් වෙන්න.

:       0       18

Ruwini Tharanga Monday, 27 February 2023 01:15 PM

ගැටලුව තමාගේ නොවෙන තාක් විසඳුම් තාර්කිකයි. ඒ මොහොතේ එසේ කිරීම ඇය දුටු හොඳම විසඳුම වෙන්න ඇති. නමුත් දරුවන්ට හානියක් කිරීමට නොසිතීමම සහනයක්... කෙසේ නමුත් දැන් සියල්ලන්ම පණපිටින් ඉන්නවනේ. දැන්වත් තේරුම් ගනීවි...!

:       2       14

D.M.දිලීප සහන් කුමාර Monday, 27 February 2023 01:15 PM

කොහොම වුණත් දරුවන්ගේ ජීවිත විනාශ කරපු නැති එක ගැන ඒ අම්මාට හොඳ කියන්න ඕනෑ...

:       1       14

Mr silva Monday, 27 February 2023 01:28 PM

මේක ගොඩක් අනුවේදනීය කතාවක්...

:       0       9

D.g.gunaweera Monday, 27 February 2023 01:28 PM

බෙන්තර පාලමෙන් පහළට පැන්න අම්මාට වැඩිදෙයක් සිදුකර ගැනීමට මට සිතී ඇත. හේතුව ජිවත් වෙන්න බැරිය...

:       1       2

පරාශර Monday, 27 February 2023 02:53 PM

මේ කාන්තාව බේරාගත් ඒ සම්‍යක් දෘෂ්ඨික දේවතාවා එක සමයෙක එක ආත්මයක එක හිතින් මැයට සෙනෙහස මුදා හැරපු වල්ලභ ස්වාමියා වෙලා ඉන්න ඇති...

:       7       3

Chandima gamage Monday, 27 February 2023 03:16 PM

මිනිස්සු හිතන්න ඕනෑ... මටත් ඔය ප්‍රශ්න තියෙනවා. මැරෙන්න හිතෙන වාර අනන්තයි... ඒත් මගෙ දරුවන් නිසා ඉවසනවා...

:       2       3

inoka sanjeewani Monday, 27 February 2023 03:18 PM

ප්‍රශ්නයක ඉන්න කෙනා විතරයි ඒකෙන් විඳවන තරම දන්නේ... තමන්ටත් ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණාම විතරයි අනිත් කෙනාගේ දුක, වේදනාව හඳුනා ගන්නේ...

:       1       9

ජයන්ත Monday, 27 February 2023 04:09 PM

මීට වැඩිය දේවල් අහන්න දකින්න ලැබෙයි මෙ ආර්ථික ප්‍රශ්න නිසා

:       3       7

Nilupa Senasinghe Monday, 27 February 2023 06:41 PM

හැමෝගෙම හිත හයිය නෑ. නැත්නම් මිහිපිට වටිනාම දේවන තමාගේ ජීවිතය නැතිකර ගන්නේ නෑ. අනුකම්පාවෙන් ඇය දෙස බැලිය යුතුයි. බේරගත් තරුණයාට බොහෝ පින්...!

:       0       0

J.A sewandi dineka Monday, 27 February 2023 07:28 PM

ඇත්තටම එ අම්ම ප්‍රස්න නිස එහෙම කලාට දරුවන්ගෙ ජීවිත රැකගත්ත අම්මත් ඉක්මන් සුවය ලබන්න ඔනි ඇයව ‌බේරගත්තු මිනිසා....උතුම්...කෙනෙක් දෙවිපිහිටයි.

:       0       0

Gayan asanka Monday, 27 February 2023 09:17 PM

මොනවා උනත් මොන දේ කරත් දරුදෙන්නා ගැන ටිකක් හිතන්න ඕනේ නේද

:       0       0

Palliya Thilakarathna Monday, 27 February 2023 09:48 PM

පනින්නට පෙර දරුවන් ගැන සිතන්න තිබුණා නේද???

:       0       0

Jw Nilushika Monday, 27 February 2023 10:04 PM

දරුවන් වෙනුවෙන් මැරෙන අම්මා කෙනෙක් වෙන්න ඕනෙ.. අම්මා කියන නම දුන්නට පස්සෙ ආයි වෙන ප්‍රශ්න අදාල කරගන්නෙ නැති අම්මා කෙනෙක් වෙන්න ඕනෙ..ඒකයි මගෙ අදහස

:       0       0

ටිකිරා Monday, 27 February 2023 11:08 PM

තනියම ප්‍රශ්න විසඳන්න ගියාම වෙන්නේ ඔයවගේ දේවල්. තමන්ගේ හිතවත් කෙනෙකුට ප්‍රශ්නය කියන්න. ලොකු අනුබලයස්ල් ලැබෙනවා ප්‍රශ්නයට විසඳුමක් හොයන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 143 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 496 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 778 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1864 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2267 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 3368 10

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 614 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site