IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දිලීප සමස්ත තරගයේ පෙරමුණ ගනියි

දෙවැනි අදියරේ ජය ගුවන් හමුදාවේ ජීවන්ට සියඹලාණ්ඩුව නගරයේ සිට තිස්සමහාරාම නගරය දක්වා කිලෝමීටර 131 ක දුරකින් පැවැති ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ දෙවැනි අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සමත්විය. දෙවැනි අදියර නිම වීමත් සමග සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට පළමු අදියර ජයගත් යුද හමුදාවේ දිලීප ප‍්‍රභාත් සමත්ව සිටියි. දිලීප අදියර දෙක අවසානයේදී පැය 5 යි. විනාඩි 54. 19 ක කාලයක් වාර්තා කර තිබේ. තරගකරුවෝ 75 දෙනෙක් සහභාගි වු දෙවැනි අදියරේදී දිලීපට හිමි වුයේ 35 වැනි ස්ථානයයි. යුද හමුදාවේම සමීර චතුරංග පැය 5 යි. විනාඩි 54. 24 ක කාලයක් වාර්තා කරමින් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොලිසියේ සුදීර නිලංග පැය 5 යි. විනාඩි 54. 28 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි. තරගකරුවන් පොකුරක් අතුරින් තියුණු සටනකින් පසුව ජීවන් ජයසිංහ දෙවැනි අදියර ජය ගත්තේ පැය 3. විනාඩි 1 යි. 53 ක කාලයක් ලබමිනි. ගුවන් හමුදාවේම නවීන් රුචිර සහ නාවික හමුදාවේ ජානක හේමන්ත කුමාර එම කාලයම වාර්තා කරමින් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබුහ. ජයග‍්‍රාහී ජීවන් ජයසිංහ ට පළමු අදියරේදී 22 වැනි ස්ථානය හිමි වු අතර සමස්ත තරගයේ ඔහුට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි. තිස්සමහාරාම නගරයෙන් අද (10) ආරම්භ වන පාපැදි සවාරියේ අවසන් අදියර (කිලෝමීටර් 111) මාතරින් අවසන් වීමට නියමිතය. ශ්‍රී ලංකා පාපැදි කී‍්‍රඩා ඉතිහාසයේ පළමු වරට ශූරයාට වටිනා මෝටර් රථයක් පිරිනමන මෙම තරගය ජාතික තරුණසේවා සභාව සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් සංවිධානය කරනු ලබයි. තරගකරුවෝ පොකුරක් ලෙස දෙවැනි අදියරේ අවසානයට ළගා වෙමින්දෙවැනි අදියරේ ජයග‍්‍රාහකයෝ ජීවන් ජයසිංහ (දකුණේ), නවීන් රුචිර (වමේ) සහ ජානක හේමන්ත කුමාර දෙවැනි අදියරේ ජයග‍්‍රාහකයෝ ජීවන් ජයසිංහ (දකුණේ), නවීන් රුචිර (වමේ) සහ ජානක හේමන්ත කුමාර



අදහස් (0)

දිලීප සමස්ත තරගයේ පෙරමුණ ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 0 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 6 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 26 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 30 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 232 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 22 243 0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 537 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site