නිවේදිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට එක්ව පසුව දක්ෂ රංගන ශිල්පිණියක් වූ දිල්හානි පෙරේරා මේ දිනවල සිය කලා කටයුතු වලින් ඇත්ව සිටින්නීය. ඒ ඇය මේ වනවිට මවක් වීමට සූදානමින් සිටිම හේතුවෙනි. මේ දිනවල සිය සැමියා සමගින් කොරියාවේ ගත කරන දිල්හානි සිය අලුත්ම තොරතුරු 'සාරවිට' අපිට මෙළෙස පැවසුවෙමු.
"මගේ පළමු දරුවා ලැබෙන්න ඉන්න නිසා මේ දිනවල මම නිර්මාණ කටයුතුවලින් ඈත්වෙලා ඉන්නේ. නමුත්, මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක්ම පසුගිය කාලයේ එක දිගට විකාශය වුණ හින්දත්, ඉදිරියේදී මා රඟපෑ තවත් ටෙලි නාට්‍යය කිහිපයක් විකාශය වෙන්න තියෙන නිසාත් මා කලා ක්ෂේත්‍රය තුළ නැති අඩුව එතරම් තදින් මගේ රසික, රසිකාවියන්ට දැනෙන එකක් නැහැ කියලා හිතනවා. දැනට මම රංගනයට පිවිසිලා දිගු කාලයක් වෙනවා. ඒ නිසා පෞද්ගලික ජීවිතෙ පැත්තත් කලා කටයුතු වගේම හිතන්න ඕනා කියලා හිතුණා. පුංචි අමුත්තා අපි අතරට එන්න දින තියෙන්නේ සැප්තැම්බර් මාසේ. පළමු වතාවට තමයි මාධ්‍යයකට මම මේ තොරතුරු දෙන්නේ. ඉතින් ඉදිරි කාලයේ මගේ පුංචි අමුත්තා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. නමුත්, කලාවෙන් දුරස් වෙන්න නම් මගේ අදහසක් නැහැ. ඉඩ ලැබෙන පරිදි ඉදිරියේදී කලාව පැත්තට මම සම්බන්ධ වේවි."
බුද්ධික සේනාධීර
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දිල්හානිගේ පුංචි කැදැල්ලට අමුත්තෙක් එනවලු