ඉන්දිකා රාමනායක
බුදුන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බව කියන සිද්ධියෙන් පසු සිංගප්පූරුව බලා ගිය දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.
ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති හෙයින් ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හෙළිවන කරුණු අනුව මුදල් විශුද්ධිකරණය යටතේ ද විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
බුදුන් වහන්සේට සහ බුදු දහමටත් තවත් ආගම් කිහිපයකටත් අපහාස වන අයුරින් මහනුවර ප්‍රදේශයේ සම්මන්ත්‍රණයක දී ඔහු පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.
එම පැමිණිල්ලට අමතරව, දේවගැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා භික්ෂූන් වහන්සේලා සහ විවිධ සංවිධානවලින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 6ක් ලැබී ඇත.
මෙම විමර්ශන අතරතුර දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉකුත් 15 වැනිදා අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ද තහනම් නියෝගයක් නිකුත් කළේය.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දේවගැති ජෙරම් අත්අඩංගුවට ගන්න පුළුවන්
බද්රානි Wednesday, 17 May 2023 10:00 PM
මොංගල් කාරයින්ගේ විකෘර්ති දේශනා මදිවාට, කුලප්පු උන මිනිස්සු හූ කියනවා, ඒ මදිවට බල්ලෝ උඩු බුරනවා. හැංගිලා හිටපු නරි හූ තියනවා.. පුදුම කන් කරච්චලයක් තියෙන්නේ මේ දවස් වල. ඒ මදිවාට ඔහු ලංකාවෙන් පැනලත් ගිහිල්ලා. මට තියන බය මේ අලකලංචි අස්සේ රට, ජාතිය, ආගම බේරගන්න දියසෙන් කුමාරයෙක් පහල වෙයිද කියලයි. අනේ මන්දා, මේ විපරීත භුමියේ සිදුවෙන දේවල් ගැන හිතා ගන්න බැරුවයි මේ මම ඉන්නේ. අන්තිමට ඉතින්ක,න්න නැතත් ඉන්න රටක් ඕනි කියලනේ මේ අමනයෝ දඟලන්නේ...
මඩ පාස්ටර් Thursday, 18 May 2023 07:58 AM
මඩ ගහන පාස්ටර් = මඩ පාස්ටර්
prasanna Thursday, 18 May 2023 09:01 AM
ඔය හිඟන්නා කියන දේවල් ගණන් ගන්න හොඳ නැහැ .ඕකුන් මුදල් වලට වැදූ මවත් පාවා දෙයි