IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දේවගැති ජෙරම් රිමාන්ඩ් බාරයට

(මනෝප්‍රිය ගුණසේකරු)

ආගමික දේශණා පවත්මින් වෙනත් ආගම් වලට අපහාස කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (01) නියම කළේය.

නීතීයට ඉහළින් කිසිවෙකුත් නොමැති බවත් සැකකරු කර ඇත්තේ සිවිල් හා ජාතීන් අතර සම්මුති පනත යටතේ වරදක් බවත් තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා මේ අවස්ථාවේදී සැකකරුට ඇප නියම කරනු ලැබුවහොත් ඉන් නීතීයෙු ඇති සංකල්පයන්ට පහරක් විය හැකි බව පෙන්වා දෙමින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

බෞද්ධ තොරතුරු කෙන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ අඟුලුවැල්ලේ සිරි ජිනානන්ද හිමියන් 2023 මැයි 15 වැනිදා රහස් පොලිසියට කළ පැමිණීල්ලකට අනුව කළ විමර්ශන වලින් අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද ප්‍රියසේකර සහ සහකාර පොලිස් අධිකාරී දන්තනාරායන මහත්වරුන් සමඟ පෙනී සිටි රහස් පොලිසියේ නීතී අංශයේ ස්ථානාධීපති පොලිස් පරීක්‍ෂක එස්” විජේසුරිය මහතා විසින් සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණීල්ල වෙනුවෙන් රහස් පොලිසියේ නීතී අංශයේ ස්ථානාධීපති පොලිස් පරීක්‍ෂක එස්” විජේසුරිය මහතා කරුණු දක්වමින් දේවගැතිවරයකු ලෙස කටයුතු කළ සැකකරු 2023 අප්‍රේල් 30 වැනිදා කළ දේශණයකින් අනතුරුව දිවයිනේ ගැට`ථකාරී තත්වයක් උද්ගත වු බවත් කියමින් සැකකරු කළ දේශණය අඩංගු සී”ඩී” තැටියක් අධිකරණයට ඉදිරිපත් කළේය.

ප්‍රකාශය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට සුදානම් වෙද්දී ඔහු විදේශගත වීම හේතූවෙන් ඒ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බවත් විදේශ ගත වී සිටි ඔහු යළි ලංකාවට පැමිණී පසු සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන අත්අඩංගුවට ගත් බවත් කී පොලිස් පරීක්‍ෂක එස්.විජේසුරිය මහතා සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් භක්තිකයින් පිරිසකගෙන් සටහන් කර ගත් ප්‍රකාශ වලදී සැකකරුගේ දේශණයේ අඩංගු කරුණු හේතූවෙන් තමන් තුළ දැඩි වෛයීරී හැඟීම් ඇති බව සඳහන් කළේ යැයි දැනුම් දුන්නේය.

සැකකරු දේශණා කළ ‘බොර්න් එගේන්’ ආගමික නිකායේ දේශණා හේතූවෙන් සිය`ථ ආගම් අතර ඇති සංහිදියාවට ගැට`ථකාරී තත්වයක් උද්ගත වී ඇතැයිද සැකකරු උපයා ගෙන ඇති විශාල මුදලින් ඔහු අයුතු ලාභ උපයා ඇද්ද? පිළිබඳව සහ මුදල් විශූද්ධීකරණය වී ඇද්ද? යන්න පිළිබඳව විමර්ශණය කරන බව කී පොලිස් පරීක්‍ෂක එස්.විජේසුරිය මහතා සැකකරු කළ වරද සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන හෙයින් ඔහු කර ඇත්තේ සිවිල් හා ජාතීන් අතර සම්මුති පනත යටතේ වරදක් බව තීරණය කර ඔහු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු දක්වමින් තම සේවාදාකයා කළැයි කියමින් ඉදිරිපත් කළ සංයුක්ත තැටියේ අඩංගු කරුණු තම සේවාදායකයා පිළිගන්නේ යැයිද ඔහු නිතිපතා කරණ දේශණ අතරතුර මෙම දේශණය කළේ යැයිද කීය.

එම දේශණයේදී තම සේවාදාකයා සිවිල් හා ජාතීන් අතර සම්මුති පනත යටතට වැටෙන කිසිඳු සඳහනක් කර නැතැයිද තම සේවාදාකයා කර ඇත්තේ ‘ආදරය’ පදනම් කරගත් දේශණයක් යැයිද කී ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව සීමාවන්ට යටත්ව අදහස් ප්‍රකාශ කිරීටත් සමානව සැළකුම් ලැබීමටත් සිය`ථ පුරවැසියන්ට අයිතිය ඇති බවත් පෙන්වා දුන්නේය.

තම සේවාදායකයා කළ දේශණාවෙන් කිසිවකුගේ හෝ සිත් රිදවීමක් වුවා නම් කලින් කළා මෙන්ම අද දිනයේදීත් ඔවුන්ගෙන් සමාව අයදින්නේ යැයිද සෑම පුද්ගලයකුම ‘නිර්දෝෂි’ බවට වු පුර්ව නිගමනයේ සිට අධිකරණයට ඇති අභිමතානුසාරී බලය මත තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා ඉල්ලා සිටියේය‍.

ඉදිරිපත් වු සිය`ථ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරු කළ දේශණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පු`ථල් වශයෙන් ප්‍රචාරය වු බවත් ඉන් පසු ආගම් අතර නොසන්සුනන්තාවයක් ඇති වු බවත් සැකකරු විදේශගත වුයේ ඒ මත තමා අත්අඩංගුවට ගනීවීදැයි කියන සැකය මතදැයි අධිකරණයට සැකයක් මතුවන්නේ යැයි  සඳහන් කළේය.

නීතීයට ඉහළින් කිසිවෙකුත් නොමැති බවත් සැකකරු කර ඇත්තේ සිවිල් හා ජාතීන් අතර සම්මුති පනත යටතේ වරදක් බවත් තීරණය කළ අතර මේ අවස්ථාවේදී සැකකරුට ඇප නියම කරනු ලැබුවහොත් ඉන් නීතීයේ ඇති සංකල්පයන්ට පහරක් විය හැකි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු රිමාන්ඩ් බාරයට පත් කළේය.

සිද්ධියට අදාළ කරන විමර්ශන වල ප්‍රගතිය මෙම පැමිණීල්ල යළි කැඳවන ලබන 13 වැනිදා අධිකරනයට වාර්තා කිරීමටද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

පැමිණීල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද ප්‍රියසේකර සහ සහකාර පොලිස් අධිකාරී දන්තනාරායන උප පොලිස් පරීක්‍ෂකවරුන් වන අයගම සහ දයාන්නද යන මහත්වරුන් සමඟ රහස් පොලිසියේ නීතී අංශයේ ස්ථානාධීපති පොලිස් පරීක්‍ෂක එස්. විජේසුරිය මහතා පෙනී සිටියේය.

සැකකරු වෙනුවෙන් නීතීඥවරුන් වන ඉසුරු දේවප්‍රිය, නදීශා කන්නන්ගර සහ නිරෝෂණ සිරිවර්ධන සමඟ ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (14)

දේවගැති ජෙරම් රිමාන්ඩ් බාරයට

රංබොඩ Friday, 01 December 2023 04:07 PM

කමක් නෑ. සාක්කු පිරිලා තියෙන්නේ ඩොලර් වලින්. ඒකනේ රස්සාව...! 

:       4       28

බද්රානි Friday, 01 December 2023 04:58 PM

පෞද්ගලිකව මේ පුද්ගලයාට මගේ කැමැත්තක් නැති නමුත්, බන්ධනාගාර ගත කරන්න තරම් දරුණු ප්‍රකාශයක් මොහු කළා කියලා මට නම් හිතෙන්නේ නැහැ. මනස විකුර්ති වුවන්, භාෂාව විකෘති ලෙස වටහා ගැනීම ගැන තමයි ගැටලුව තියෙන්නේ... මේක අමන, අධම අශිෂ්ඨයින්ගේ පාරාදීසයක්... ඔවුන්ගේ මතයට හෝ ඇදහීමට යමෙක් ප්‍රතිවිරුද්ධයිද, ඒ පුද්ගලයා ගල්ගසා මරා දැමීමට තමයි ලංකාවේ තලෙයිබාන්ලා ක්‍රියාකරන්නේ..."හක්කේ බුදුරැස් කියල පෙන්වූවාට, බොක්කේ දඩමස්" තමයි එලියට විහිදෙන්නේ...ෂරියා නීතියට දොස් නගමින් ෂරියා නීතිය ක්‍රියාත්මක වෙන රටක් තමයි ලංකාව කියන්නේ.. "වෛරයෙන් වෛරය නොසන්සිදෙනවා" වෙනුවට, "ඇසකට ඇසක් දතකට දතක්" තමයි මේ අළුගෝසු තලෙයිබාන්ලා ඉල්ලන්නේ... මොහුව කුරුසියේ ඇන ගසා මරා දාපල්ලා!!! හොරුන්ව නිදහස් කරපල්ලා!!!

:       34       22

jayasekaraSaturday, 02 December 2023 09:29 AM

කරන ලද වැරැද්දක්... අනේ හොඳයි කියන, එකේ කිසි වැරැද්දක් නැහැ කියන මෝඩ ජාතියක් ඉන්න රටක් මේක.. පාලකයින්ටත් බැනලා වැඩක් නැහැ....

:       1       2

chandanaSaturday, 02 December 2023 11:08 AM

හැම විටම රටට සාපකරන, සිංහල බෞද්ධයාට පහර ගහන, වෛරී මානසිකත්වයක් තියෙන අයයි.

:       1       1

Chamila Fernando Friday, 01 December 2023 05:02 PM

ගොඩක්ම ඩ්‍රාමා තමයි... නීතියේ සිටින හැම දෙයක්ම යථාර්ථවාදී විය යුතුයි.

:       1       12

ක්‍රිෂාණ් Friday, 01 December 2023 05:24 PM

ජෙරම්ට දැන් පුළුවන් වේවි නත්තලට 24 රෑ පූජාව, 25 උදේ පූජාව බන්ධනාගාරය තුල පවත්වන්න අමුතුවෙන් බන්ධනාගාරයට පිටතින් ෆාස්ටර්ස්ලා කවුරුත් ගෙන්වන්න ඕන වෙන එකක් නැහැ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔය ෆාස්ටර් ජෙරම් රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ගලවන්න අද රාත්‍රියේ ජෙරම්ගේ දෙවියන් එවිද දන්නේ නැහැ. එහෙම වුනොත් තමයි බන්ධනාගාර නිලධාරීන්ට සිරකරුවකු අඩුවිම නිසා ඒ මොහොතේ රාජකාරි කරන නිලධාරීන් අමාරුවේ වැටෙන්න පුළුවන් රෝල අවුල් වෙන නිසා...

:       13       24

Bamunuarachchi Friday, 01 December 2023 05:30 PM

මෙයා පස්සේ යන මැන්ගෝට්ටන්ගෙන් මම අහන්නේ ඇයි දෙවියන්ට බැරි වුණාද බේරාගන්න? දෙවියන්ට මේ ගොයියාව බේරාගන්න බැරි වුණානම් මෙයා පස්සේ යන ඔබලාව විපත්දී බේරාගන්න පුළුවන්ද? පාස්කු ඉරිදාත් දෙවියෝ අහක බලා ගත්තා...!

:       14       28

Sen Friday, 01 December 2023 05:48 PM

ඔයාව හිරේට දාලා මදි දඬුවම් දෙන්න ඕනෑ. ඇයි කිසිම ආගමකට මුකුත් නොකියන්න.

:       13       19

Nihal Friday, 01 December 2023 05:58 PM

බහුතර යුදෙව්වන් අහන ප්‍රශ්න 2ම අහන්න අවසරයි, ලක්ෂ 11ක් මරණකොට බුදිද? ඔක්කොම මැරුවා නම් ඒ ටිකමයි නේද?

:       3       13

ruwan Saturday, 02 December 2023 02:16 AM

මඩකලපුවේ හාමුදුරුවෝ එළියේ, මේක පුදුම රටක්..!

:       2       0

Dihan jayawardhana Saturday, 02 December 2023 03:03 AM

ආගමික බිස්නස්කරුවන්... කාලකන්නි මිථ්‍යා මත අදහන්නන්… පෘතුගීසි අල්මේදලා

:       0       2

jayasekara Saturday, 02 December 2023 09:30 AM

අහෝ, මොහුව ගලවා ගනු මැනව... ආමේන්...! 

:       2       2

Nihal Saturday, 02 December 2023 01:10 PM

මැවුම්කරුට කිසිම දෙයක් කළ නොහැකිය..

:       5       2

Asanga thiththagalla gamage Sunday, 03 December 2023 09:59 AM

මොහුට නීතීය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 448 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 575 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 599 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 554 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 354 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 169 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site