IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ද්විත්ව පුරවැසි බව යළිත්

තාවකාලිකව නතර කර තිබූ ද්විත්ව පුරවැසි භාවය ලබා දීම නව ක්‍රමයක් යටතේ අද (31) සිට යළි ඇරැඹූ බව ආරක්ෂක අමාත්‍යංශයේ සිවිල් ආරක්ෂක හා සංවර්ධන අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය කීවාය.

නව ක්‍රමයෙන් ශ්‍රී ලාංකිකයන්ට සෘජුවම ද්විත්ව පුරවැසි බව ලබා ගත හැකි බව ද ඇය පැවසුවාය.



අදහස් (0)

ද්විත්ව පුරවැසි බව යළිත්

දමින්ද Thursday, 01 January 2015 02:07 AM

ඇයි කඩිමුඩියේ මේ වෙනසක්? දැන් ප්‍රමාද වුණා වැඩියි කියලා මට හිතෙන්නේ (නි)

:       0       0

සශික Thursday, 01 January 2015 02:14 AM

අපි ඕක බලාගෙන ඉඳලා එපා වුණා. අවුරුද්දකට වතාවක් ඇවිල්ලා නෑදෑ හිතවතුන් බලලා ආගමේ හැටියට පිනක් දහමක් කරගෙන නිවාඩුව ගතකරලා යන්න හිත හදාගත්තා. දැන් ඕකෙන් අපිට වැඩක් නැහැ. ඕනෑ වෙලාවේ දෙන්නේ නැතුව කිසිම සාධාරණ හේතුවක් නැතුව නවත්තලා දැන් ආපහු දෙනවාලු. (නි)

:       0       0

තුෂාර Thursday, 01 January 2015 02:34 AM

කාට ද්විත්ව පුරවැසිකම දුන්නත් කමක් නැහැ. ඉන්න රටයි හිටපු රටයි දෙකම ගිනි තියන හනුමන්තලාට නම් ද්විත්ව පුරවැසිකම දෙන එක හොඳ නැහැ. (නි)

:       0       0

කරුණාජීව Thursday, 01 January 2015 02:59 AM

මම ඕක නැතුව දැන් අවුරුදු 19ක් හිටියා.අවුරුදු 3 කට කලින් ඉල්ලුම් කළා. දුන්නේ නැහැ.මම හිතුවා ඉතුරු ටිකත් ඕක නැතුවම ඉන්නවා කියලා. (නි)

:       0       0

නිශේන් Thursday, 01 January 2015 03:08 AM

කුමාර්, කියන්න අපේ රටේ දේශපාලකයන්ගේ සුදුසුකම්. ඒගොල්ලන්ගේ සුදුසුකම් වල හැටියට ලංකාවෙන් මිසක් කිසිම රටකින් පුරවැසියන් හැටියට බාරගන්නේ නැහැ. ඒ නිසා දේශපාලකයන් නොවන සාමාන්‍ය පුරවැසියන්ට නොහොබිනා කතා කියන්න එපා. (නි)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 01 January 2015 03:11 AM

ලබාගන්න බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ලැබෙනවා නම් සාදුකාරයක් දීලා එක බාරගන්න. ඒකට අනවශ්‍ය විවේචන හොඳ නැහැ නේද? (නි)

:       0       0

කසුන් Thursday, 01 January 2015 03:12 AM

වෙනත් රටක පුරවැසිබව දෙනකොට නම් අධ්‍යාපන සුදුසුකම් සළකා බලනවා. නමුත් මේ පුරවැසිබව දෙන්නේ ලංකාවේම පුරවසියන් වුණ කොටසකටයි. එතැනදී 8 සමත්ද අසමත්ද කියලා බලන්න ඕනෑද? (නි)

:       0       0

සුනිල් Thursday, 01 January 2015 03:16 AM

උගතුන් හෝ නුගතුන් වේවා සෑම ලාංකිකයන්ටම ආත්ම ගරුත්වයක් කියලා දෙයක් තිබෙනවා. (නි)

:       0       0

ධම්ම Wednesday, 31 December 2014 10:25 AM

මෙන්න ඡන්ද. (ර)

:       0       0

නදීර Thursday, 01 January 2015 05:20 AM

ඇයි මේ හදිස්සියේ තීරණය කරලා තියෙන්නේ? මේක නිකුත් කරන්න ඕනේ ආගමන හවිගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයෙන්. (හේ)

:       0       0

සුදර්මා චන්ද්‍රසේකර Wednesday, 31 December 2014 10:35 AM

මේක කියන්න ජනාධිපතිවරණේ පරදින මොහොත වෙනකම් හිටියේ මොකද කියලයි අපිට ප්‍රශ්නය. තව මොනවා මොනවා කියාවිද මන්ද .(හේ)

:       0       0

තුෂාරි රාජපක්ෂ Wednesday, 31 December 2014 10:38 AM

මේවා කියන්න තිබුනේ ජනාදිපතිවරනයට පෙර.දැන් පරක්කු වුනා වැඩියි කියලා මට හිතෙන්නේ.(හේ)

:       0       0

වරුණ Wednesday, 31 December 2014 10:52 AM

වෛරය හා ක්‍රෝධය නිසා නවතා දැමූ 'ද්විත්ව පුරවැසි' අවසරය 'පාරා වලල්ලක්' වූ කල......! (බ)

:       0       0

අමිල Wednesday, 31 December 2014 10:55 AM

ඇති යාන්තම්. අපි බලාගෙන හිටියෙ කවද්ද ඔක දෙන්නෙ කියලා. (ර)

:       0       0

ජීවක Wednesday, 31 December 2014 11:19 AM

අනේ මන්ද? එක පුරවැසියෙක් වෙලා ජීවත් වෙන්න බැරිව ඉද්දී කොහොමද ද්විත්ව පුරවැසියෙක් වෙලා ජීවත් වෙන්නේ? (ර)

:       0       0

ලුම්බිණි Wednesday, 31 December 2014 11:19 AM

ඔය ඇත්තද? (ර)

:       0       0

කුමාර් Wednesday, 31 December 2014 11:21 AM

ද්විත්ව පුරවැසි භාවය දිය යුත්තේ පිටරට සිට ලංකාවට කීර්තියක් හෝ ලාබයක් ගෙන දීපු අයට. 8 පාස් නැති, බෝට්ටුවේ ඉතාලි ගිය අයට නෙමෙයි. (ර)

:       0       0

සමන් දන්තනාරායන Wednesday, 31 December 2014 11:25 AM

බොරු....බොරු ...බොරු ...දැන් බය වෙලා ....සමන් දන්තනාරායන මිලානෝ (නදී)

:       0       0

අමල් කටාර් Wednesday, 31 December 2014 11:28 AM

එංගලන්තේදී ලොක්කට ලංකාවේ දමිල අය විරෝදය දක්වපු එකට පලිගන්න ඕනා නිසා තමා ඕක නවත්තල දැම්මේ. දැන් කොහොමත් ඕක දෙන්නේ රටින් පනින්න වෙන නිසානේ. (නදී)

:       0       0

නාමල් රාජපක්ෂ Wednesday, 31 December 2014 11:31 AM

මෙන්න මේකයි මෙතන කුමණ්ත්‍රණය, මේ අයට දෙන්න ඕන ද්විත්ව පුරවැසි කමක් නෑ ඔය කරන්න හදන්නෙ රට ගියපු, දැනට ලංකාවේ නොමැති හැමෝටම හොර ඡන්ද දාන එක. මේක ප්‍රසිද්ද රහසක්. මෛත්‍රීට ලැබෙන දමිල, මුස්ලිම් ඡන්ද වලට සමාන ගනනක් ඔය හොර ක්‍රමයෙන් හොයන්න පුලුවන් කියල තමයි ආරන්චි. මේක තමයි අලුත්ම ජිල්මාට් එක (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 31 December 2014 11:31 AM

මේවා තමයි වරද්දා ගත්ත තැන්. දැන් ගොඩක් පරක්කුයි (නදී)

:       0       0

නිහාල් Wednesday, 31 December 2014 11:39 AM

පිට රටක ජීවත්වෙන අපිට ද්විත්ව පුරවැසි භාවය රැගෙන රටට වින කරන්න ඉන්න දෙමල ත්‍රස්තවාදීන් ගැනත්,ජිහාඩ් වැනි මුලධර්ම වාදීන්ගේ බලාපොරොත්තු ගැනත් හොද අවභෝදයක් තියෙනවා.(නදී)

:       0       0

අනිෂ්ක Thursday, 01 January 2015 07:30 AM

පරක්කුවෙලා හරි ලැබුන දෙය අගය කරනවා.(හේ)

:       0       0

කැලුම් Wednesday, 31 December 2014 12:10 PM

මම අවුරුදු ගානක් බලාගෙන හිටියා. (ර)

:       0       0

රන්ජන් පීරිස් Wednesday, 31 December 2014 12:31 PM

දැන් ඕක තාවකාලිකව නැවැත්තුවේ මොකද? හදිස්සියේම ඕක දෙන්න හදන්නේ ඇයි.? (ර)

:       0       0

ලෝලිම්බවන්ස Wednesday, 31 December 2014 12:43 PM

8 පාස් නැතුව බෝට්ටුවේ ඉතාලි ගියත්, හම්බ කරන සල්ලි එවන්නේ, තැන්පතු කරන්නේ ලංකාවේ නිසා, ඉතාලි අයට අනික් අයට වැඩ ද්විත්ව පුරවැසි භාවයට සුදුසු කම තියෙනවා, ඔවුන් රට වෙනුවෙන් කරනා සේවයත් බොහෝය. (ර)

:       0       0

උදය Wednesday, 31 December 2014 12:47 PM

ද්විත්ව පුරවැසිකම නැතිකළ යුතුයි.(හේ)

:       0       0

පද්මිණි Thursday, 01 January 2015 09:17 AM

ඉපදුනු රටේ පුරවැසිකම මුදලට දෙන එකම රට ලංකාව වෙන්නැති. අපිට දැනගන්න පුලුවන්ද දැන් ගාස්තු කොහොමද කියලා?(හේ)

:       0       0

පත්මසිරි මාපලගම Thursday, 01 January 2015 09:17 AM

8 වසර වත් පාස් නැති අය අද ඇමතිකම් කරනට සුදුසුනම් , නැතිවී ගිය පුරවැසි බව ලබා ගන්නට මොන අධ්‍යාපන සුදුසුකමක්ද ? ඔහුගෙන් රටට විදේශ විනිමය හෝ ආයෝජනයක් තිබේනම් එය හොඳටම ඇති.(හේ)

:       0       0

සිරිවර්ධන Thursday, 01 January 2015 09:21 AM

කුමාර්, 8 පාස් නැති අය පාර්ලිමේන්තුවට ගියාට කමක් නැද්ද? ද්විත්ව පුරවැසිභාවයට විතරද ඒ සුදුසුකම?(හේ)

:       0       0

ආර්.පී. කරැ මිලානෝ Wednesday, 31 December 2014 01:53 PM

අපි මෙතරම් කල් බලන් හිටියා. දැන් දෙනවලු. දැන්නම් ඕනෙත් නෑ. අපි මෙහෙම ඉන්නම්. අපේ අයිතියත් මෙයාලගේ ඡන්ද පොරොන්දුවක් වුනා. හරිම අසාධාරණයි. උපන් රටේ අපේ උරැමය නායකයන් බිල්ලට අරන්. ලේකම්ලාගේ ප්‍රකාශන වැඩක් නෑ. දෙනවා කියලත් ගැසට් කරන්න. නැතිනම් ඡන්දය ඉවර උනාම මේ ලෙකම්ලා හොයන්න බැරිවෙයි. (නදී)

:       0       0

මගලී ෆොන්සේකා Wednesday, 31 December 2014 01:55 PM

කුමාර් අට පාස් නැතත් ලංකාවේ ඉපදුන කෙනෙකුට ලංකාවේ පුරවැසි බාවය අයිති බව දැන ගත්තොත් හොදයි. ලෝකේ කොහේ හිටියත් කීර්තියක් තියෙනවා උගත්තු ආයේ ලංකාවට එන්නේ නැහැ. ලංකාවේ පරිප්පු කන්න. (නදී)

:       0       0

වසන්ත Wednesday, 31 December 2014 02:00 PM

ලංකාව එපාවෙලා ගිහින් අායේ මොන එකටද පුරවැසිකම් ඉල්ලන්නේ. ඉන්න තැනකම ඉන්නේ නැතුව. (නදී)

:       0       0

බණ්ඩාර Thursday, 01 January 2015 10:27 AM

ජනවාරි 9 පස්සේ ප්‍රතිපලය බලල බලල තමා අපි ඉල්ලුම් කරන්නේ .(හේ)

:       0       0

කමල් Wednesday, 31 December 2014 02:07 PM

ද්විත්ව පුරවැසිභාවය නොදී හිටියනම් තමා හොද (දිල්)

:       0       0

හෆීල් Wednesday, 31 December 2014 02:11 PM

මේ නීතිය ගෙනාපු අයට ඇමරිකාවත් පුරවැසි භාවය තියනවා.මෙහෙත් තියනවා. පුදුම නීතිය.(දිල්)

:       0       0

රූපසිංහ Wednesday, 31 December 2014 02:10 PM

ද්විත්ව පුරවැසි බව ලබා ගැනීමට මමත් බලා පොරොත්තුවෙන් හිටිය කෙනෙක්. නමුත් මට හැගෙන හැටියට ඔය ද්විත්ව පුරවැසි බව ලබා ගැනීමට උනන්දු අය මෙහි ප්‍රතිචාර දක්වපු හැටි දැක්කාම පෙනෙන්නේ තම ජන්දය දමන්න කියලා ටිකට් එකට වියදම් කරලා ලංකාවට යාවි කියල වගේ. (දිල්)

:       0       0

බන්ධුලද සිල්වා අම්බලන්තොට Thursday, 01 January 2015 10:45 AM

ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන්ට හිමි නිදහස තුළ මෙය මහා විශාල දෙයක් නොවෙයි. ඒ නිදහස වළ දැමීමත් ඒවාට අධ්‍යාපන සුදුසුකම් ගැන සෙවීමත් විහිළුවක්. සැමට එකසේ සැලකීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයක්.(දිල්)

:       0       0

කමලා Wednesday, 31 December 2014 02:22 PM

කොහොමද එල්ලුම් කරන්නේ (නදී)

:       0       0

භාතිය Wednesday, 31 December 2014 02:35 PM

අට සමත් නැතිව බෝට්ටුවෙන් පිට රටකට පැනලා ගිහින් ලංකාවට එවන සල්ලි වලින් ලංකාවට ලාබයක් නැත්ද කුමාර්.(හේ)

:       0       0

ජයන්ත Wednesday, 31 December 2014 03:56 PM

දැන් ඕක දෙන්න පටන් ගත්තා කියලා අපිට ‍මොකක්ද ඒ වෙනුවෙන් කරන්න කියන්නේ? (නි)

:       0       0

ස්වර්ණ Wednesday, 31 December 2014 04:14 PM

මොකක්ද ඔය නව ක්‍රමය?අපි තානාපති කර්යාලයෙනුත් ඇහුවා. (නි)

:       0       0

සමන් Wednesday, 31 December 2014 05:03 PM

ලංකාවට තිබුන තර්ජන ඔක්කොම ඉවත් වුණාද, ඕක දැන් හදිසියේම දෙන්නේ? (නි)

:       0       0

නිශාන් Wednesday, 31 December 2014 05:13 PM

කාලයක් මාත් බලාහිටියා. දැන් නම් බලෙන් දුන්නත් එපා. (නි)

:       0       0

නෙතුක Wednesday, 31 December 2014 05:18 PM

නියමයිනේ! හරිම සතුටුයි අපිට (නි)

:       0       0

සේනානායක Wednesday, 31 December 2014 05:44 PM

අට පාස්වෙලා ගියත් නැතත් ඉතාලියේ සේවය කරන අය එවන මුදල් වලින් ශ්‍රී ලංකාවේ ගොඩක් පවුල් ජීවිත ගැටගහගන්නවා. අනෙක් රටවල සේවය කරන ශ්‍රී ලංකාවේ අයත් රටට ගොඩක් විදේශ විනිමය එවනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදෙනවා. එම නිසා පරිස්සමින් කතා කළොත් හොඳයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 31 December 2014 06:15 PM

කුමාර්, ඔයා රටට ලාබයක් කියලා මොකක්ද අදහස් කරන්නෙ? ඉතාලියට බෝට්ටුවෙන් ගියත් වෙන අයුරකින් ගියත් උපයන වැඩි කොටස ලංකාවට තමයි එවන්නෙ. ඒවා තමයි විදේශ විනිමය.එතකොට ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය අය, එංගලන්තයට හොරෙන් ඇවිල්ලා පාස්පෝර්ට් අරගෙන ඉන්න කට්ටිය ගැන මොකද කියන්නේ? ඉපදුන රටේ පුරවැසියෙක් වෙන්න විභාග පාස්කරන්න ඕනෑද? ඔයාගේ කුහකකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)

:       0       0

කවින්ද Wednesday, 31 December 2014 06:30 PM

නියමයිනේ! (නි)

:       0       0

නිමල් Wednesday, 31 December 2014 07:43 PM

එක එක්කෙනාගේ බයිලා වැඩක් නැහැ.අපි මෙහෙ පුරවැසිකම ගත්තේ ළමයින්ට උගන්වන්න. ඔය කවුරුවත් අපිව බලාගන්නේ නැහැනේ. (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 31 December 2014 08:21 PM

කුමාර්, පුරවැසියා කියන්නේ උපාධියක් තිබෙන කෙනාට නොවෙයි.අපේ රටේ උපන් සහ අපේ රටේ දෙමවුපියන්ට දාව උපන් අය හැමදෙනාම. ඔයාට තියෙන්නේ මානසික ව්‍යාධියක් මිස වෙන මොකක්වත් නොවෙයි (නි)

:       0       0

සරත් බුද්ධකෝරළ Wednesday, 31 December 2014 08:19 PM

ඇයි මෙතෙක්කල් ඕක තීරණය කරන්න කල්ගියේ? (නි)

:       0       0

පියල් Wednesday, 31 December 2014 08:47 PM

ලොකුම මෝඩ වැඩක් තමයි ඩුබායි පුරවැසිබව නැතිකළ එක. ඒකෙන් වුණේ විදේශ රටවල ඉන්න සිංහල මිනිසුන්ගෙ විරෝධය ආණ්ඩුවට එරෙහිව ගොඩනැඟුන එක. ෆේස්බුක් බැලුවහම ඒක පෙනෙනවා. ප්‍රමාදවෙලා හරි නැවත දෙන එක නුවණක්කාර වැඩක්. (නි)

:       0       0

අසංග Wednesday, 31 December 2014 08:52 PM

මෛත්‍රීට ජයවේවා! මම නම් යන්තමට පරණ විදිහට ගත්තා. (නි)

:       0       0

ප්‍රනීත් Wednesday, 31 December 2014 09:39 PM

කුමාර් වගේ මානසික ලෙඩුන්ට දෙන්න ඕනෑ අංගොඩ නිත්‍ය සාමාජිකත්වය. ඉතාලියේ ඇතුළු අනෙකුත් රටවලට සිදුවූ ශ්‍රම ගලනය නිසා තමා රටට විදේශ විනිමය ලැබෙන්නේ. නැතුව ඔය මහා ලොකු බුද්ධිමතුන්ගේ බුද්ධිගලනය නිසා නොවේ. අනික මිනිහෙක්ගේ බුද්ධි මට්ටම නෙමෙයි මැනිය යුත්තේ. මිනිසෙක් රටට කරදරයක් නොවී ජීවත්වෙනවා නම් එපමණයි. කුමාර් යනු තමුන්ගේ අඩුපාඩු වසා ගැනීමට අනුන්ගේ ඇද හොයන කුහකයෙකි (නි)

:       0       0

සුධාර හිමි Wednesday, 31 December 2014 09:54 PM

එහෙම කියන එක හරිද?අට පාස් නෑති හොරෙන් ඉතාලි ගිය අයත් ලංකාවෙ දරුවො නේද? ඒ අයගෙනුත් හුඟක් දෙනෙක් මහන්සිවෙලා නිවෑරදි ක්‍රමවලින් මුදල් උපයලා හොඳට ජීවත්වෙමින් ලංකාවට උදවු කරනවා නේද? (නි)

:       0       0

උපුල් Wednesday, 31 December 2014 10:23 PM

දෙන දේ ගන්නේ නැතුව විවේචන ක‍රන එකද කරන්න ඕනෑ? අද ලංකාවට වෙලා තියෙන්නේ ඕක තමයි (නි)

:       0       0

ශානි Wednesday, 31 December 2014 10:59 PM

ඒක නම් හොඳ ආරංචියක් (නි)

:       0       0

සරත් පෙරේරා Wednesday, 31 December 2014 11:02 PM

මම ඕක ඉල්ලුම් කරලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. දැන් නම් ඕක මට නැතුවටත් කමක් නැහැ.මම මගේ අදහස වෙනස්කර ගත්තා. (නි)

:       0       0

ඩිලාන් Wednesday, 31 December 2014 11:23 PM

මල්ලි කුමාර්, ඉතාලියේ ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. නිකන් 8 පාස් නැති මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

අබ්දුල් Thursday, 01 January 2015 12:56 AM

කුමාර්, ඔයා ලංකාවේ පුරවැසියෙක් වුණේ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් නිසාද?මැදපෙරදිග, යුරෝපය,ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ නොයෙකුත් රටවලට සංක්‍රමණය වූ ලාංකිකයින් අපමණ සිටිනවා. ඒ හැම කෙනෙකුම මහාචාර්යවරුන් නොවේ.ඒ වගේම රටට කීර්තියක් ගෙනදෙන උදවියද නොවේ. බෝට්ටුවේ ගියත්, පිහිනගෙන ගියත් ඔවුන් ලක් දු දරුවන්. ඔය හැමෝම රටින් පිටවෙන්නේ රටේ ආර්ථිකයේ ඇති යම් අඩුවක් නිසා බව වටහා ගන්න. (නි)

:       0       0

කොටපොල හිමි Thursday, 01 January 2015 01:21 AM

මොනවා වුණත් අපි හුඟ කාලයක් බලාගෙන හිටපු දේ ඉෂ්ට වුණා. සමහරු ද්විත්ව පුරවැසිකම නොදුන් නිසා අනෙක් රටවල හිටියේ වීසා එකෙන්. සමහරු අවුරුරු විසි තිස් ගණන්. ඒ වුණාට මේක ඡන්ද ගුණ්ඩුවක් නොවේවා! සුධාර හාමුදුරුවෝ කියලා තියෙන දේ හරි. අපි ඔක්කොම ලංකාවේ අය ලෝකයේ කොහේ හිටියත්. (නි)

:       0       0

බිමල් Thursday, 01 January 2015 01:57 AM

කුමාර, අට පාස් අයට ලංකාවේ දේශපාලනය කරන්න පුළුවන් නම් අනෙක් මිනිසුන්ට ද්විත්ව පුරවැසිකම ලැබුනාම මොකද? මම නම් වෘත්තීය සංක්‍රමණිකයෙක්. ඒත් මෙහෙම අනෙක් සංක්‍රමිකයන්ට උගත්කම් මත අපහාස කරන එකට කොහෙත්ම කැමති නැහැ. (නි)

:       0       0

නිලංග Thursday, 01 January 2015 02:01 AM

දැන් මේක ඇහුවහම බන්දුල පෙරේරාගේ පිස්සුව තවත් වැඩිවේවි (නි)

:       0       0

නෙලුම් Thursday, 01 January 2015 02:05 AM

දැන් මොනවද මේ නව නීති? අපිත් දැනගන්න කැමතියි. නව නීති ඉතා පැහැදිලිව විනිවිදභාවයෙන් යුක්තව ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 266 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 884 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1755 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6248 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1838 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 968 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site