IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දෙවැනි කැරැල්ලේ නුදුටු පැත්ත ධර්මන් පෙන්වයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් රචිත ජවිපෙ දෙවැනි කැරැල්ල කෘතිය අද කොළඹ තුන්මුල්ලේ ශ්‍රී සම්බන්ධ ජයන්ති මන්දිරයේදී එළි දැක්වීය.

නාරාහේන්පිට අභයාරාමාධිපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද ප්‍රධාන ආරාධිතයෝ වූහ.

කැලණිය විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ පීඨාධිපති රෝහණ ලක්ෂ්මන් පියදාස, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතීඥ උදුල් ප්‍රේමරත්න සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මාහාචාර්ය ගාමිණී සමරනායක මහත්වරු දෙසුම් පැවැත්වූහ.

වසර 27කට පෙර පැවති ජවිපෙ දෙවැනි කැරැල්ලේ   කතාව මෙම කෘතියට විෂය වන අතර එය පිටු 880කින් සමන්විතය.   ඡායාරූප 1289ක් ඇතුළත්ය.   ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813ක් බව කතුවරයා කියයි..

මෙම ග්‍රන්ථයේ ඇතුළත් තොරතුරු අදාල පාර්ශව  සමඟ කළ සම්මුඛ සාකච්ඡා 376කින් සහ ගවේෂණ මගින් සොයාගත් කරුණු වලින් සමන්විත බව කතුවරයා පවසයි.

ධර්මන් වික්‍රමරත්න මහතාගේ 52 වැනි කෘතිය මෙයයි.

පාලිත පෙරේරා  වැඩසටහන මෙහෙයවීය.

DSC_0588 DSC_0611 DSC_0613 DSC_0616 DSC_0622 DSC_0628 DSC_0634



අදහස් (0)

දෙවැනි කැරැල්ලේ නුදුටු පැත්ත ධර්මන් පෙන්වයි

ධම්ම Tuesday, 20 December 2016 03:24 PM

ග්‍රන්ථකරණය නැවත හිස එසවීම ජාතියේ භාග්‍යයකි.(හේ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 21 December 2016 04:29 AM

ජවිපෙ 88-89 යේ කැරැල්ල ගැන පොතක් ලිවීම එහෙම නැතිනම් ආපහු හැරී බැලීම හොඳ වැඩක් . හැබැයි මට තියෙන ප්‍රශ්නය මේ අවස්ථාව සඳහා අද ජවිපෙ නායකයෝ කව්රුත් සහභාගී නොවුයේ ඇයි කියන එකයි . ඔවුන්ට ඒ සඳහා ආරාධනා කරලා නැතිද ? එහෙම නැතිනම් මේ පොත මගින් ඔවුන්ගේ දේශපාලනයට අවාසියක් වෙනවද ? මේ උත්සයට මහින්ද සහ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් සහභාගී වීම තුල මේ පොතෙන් මතුකරන දේශපාලන කරුණු සහ දේශපාලන වාසිය කොයි කඳවුරටද කියන එක ගැන අපිට ඉඟියක් දෙනවා නේද ? පොත කියවන්නේ නැතිව ඊට වඩා යමක් කියන එක සාධාරණ නැහැ .(බ)

:       0       0

බෙන්තර මහේෂ් Wednesday, 21 December 2016 06:04 AM

ජවිපෙට මේ සඳහා ආරාධනාවක් ලැබුනේ නෑ. හරියට මේ පොතෙන් මහින්ද රාජපක්ෂගේ නුදුටු පැත්ත කාතා කරන්න යනවා වගේ.(ම)

:       0       0

උපසේන Wednesday, 21 December 2016 06:28 AM

එක්තරා කියමනක් තියෙනව යමක් ගැන ඉතිහාසය කියන්නා තුලින් ඔහුගේද ඉතිහාසය කියවෙනවා කියල.(බ)

:       0       0

උපසේන Tuesday, 20 December 2016 09:31 PM

ඇයි ඉතින් මේ වගේ දේකට එක පැත්තක විතරක් ඉන්න දේශපාලකයන් සම්බන්ධ කරගත්තේ? (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 21 December 2016 12:33 AM

88-89 භීෂණ වකවානුවේ අතුරුදහන් වූ තරුණ තරුණියන්ගේ ගණන 60,000 ඉක්මවන බව ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ ජාත්‍යන්තර කොමිසම හෙළිදරව් කළා නේද? මේ වනතුරු කිසිම රජයක් අතුරුදහන්වුවන්ගේ සංඛ්‍යාලේඛන සකස් කරන්න මහන්සි නොවුණේ මියගිය මේ තරුණ තරුණියන්ගේ ජීවිත නොවටින නිසාද? (නි)

:       0       0

ජයාත් Wednesday, 21 December 2016 01:15 AM

මේක හොඳ ප්‍රයත්නයක්. මේ කැරලි දෙක ගැනම අපේ රටේ සාහිත්‍යකරුවෝ කතාකරලා තියනවා මදි. (මගේ පුද්ගලික අදහස ) ඒ වගේම මේ කැරලි වලට මූලිකවුණ කරුණුත් තවම එහෙමමයි. තව කැරැල්ලක් ඇතිවුණොත් ඒක මහා ලේ වැගිරීමක් වෙන, වසර ගණනාවක් ඇදෙන එකක් වේවි. එහෙම වෙන්න නොදීම පාලකයන්ගේ වගේම ජනතාවගේත් පරම වගකීම වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1683 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 792 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1013 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site