“7 වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේදී” වසරේ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 5 ක් හිමිකරගත් සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘දැවෙන විහඟුන්’(Burning Birds) චිත්‍රපටය ප්‍රේක්ෂක ඉල්ලීම මත යළිත් වතාවක් අද (12) සිට සීමිත සිනමාශාලා කිහිපයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව කොළඹ රීගල් (ප.ව. 2.00) බොරැල්ල - ලිඩෝ (දිනපතා ප.ව.4.15 සහ සෙනසුරාදා ඉරිදා පස්වරු 4.15/7.00) වැල්ලවත්ත - සැවෝයි ප්‍රිමියර් (ප.ව. 4.15) යන සිනමාශාලාවල තිරගතකරේ.
“දැවෙන විහඟුන්” චිත්‍රපටය “දෙරණ සම්මාන උළෙලේදී” වසරේ හොඳම අධ්‍යක්ෂණය වසරේ හොඳම නිළිය වසරේ හොඳම සහාය නිළිය, වසරේ හොඳම සහාය නළුවා, වසරේ හොඳම වේශ නිරූපණ ශිල්පියා යන සම්මාන හිමිකරගත් අතර, එහිදී වසරේ හොඳම කැමරාකරණය, වසරේ හොඳම සංගීතය, වසරේ හොඳම තිර රචනය, යන සම්මාන සඳහාද නිර්දේශ වීම විශේෂත්වයකි. එමෙන්ම
පසුගියදා නිමාවූ ‘9 වැනි සාර්ක් සිනමා උළෙලේදී’ හොඳම නිළිය හා හොඳම සංස්කරණය යන සම්මාන ද්විත්වයද හිමිකරගැනීමට සමත්විය.
දැවෙන විහඟුන් චිත්‍රපටය මීට පෙර ජිනීවාහි ‘15 වැනි මානව හිමිකම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී’ හොඳම චිත්‍රපටය ලෙසත්, යොවුන් ජූරි සම්මානයත්, ටෝකියෝ හි ‘17 වැනි ෆිල්ම්ටෙක්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී’ විශේෂ ජූරි සම්මානයත්, ලොස් ඇන්ජලීස්හි ‘3 වැනි ලෝක ආසියා චිත්‍රපට උලෙලේදී’ හොඳම නිළිය සම්මානයත් හිමිකරගන්නා ලදී.
- යහම්පත්
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
දැවෙන විහඟුන් අද සිට යළි තිරයේ
ලුම්බිණි Saturday, 13 July 2019 01:00 AM
"ප්‍රේක්ෂක ඉල්ලීම මත" කියන එක මොකද්ද? කවුද මේ ප්‍රේක්ෂකයෝ?
jayath Saturday, 13 July 2019 04:15 AM
බුලත් මඩිස්සලේට හෙන ගැහුවම කිල්ලෝටෙට වෙනදේ ගැන කතා දෙකක් නැහැ... රටේ අනිත් දේවල් වගේම සිනමාවටත් දැන් කණකොකා අඬලා නිර්මාණාත්මක අධ්‍යක්ෂවරු නැහැ. දැන් ඉන්නේ කොට්ටාශ 3ක් විතරයි 1) අන්තර් ජාතික සිනමා උළෙලවල් ඉලක්ක කරගෙන ඒවායින් සම්මාන බලාගෙන, මොකක් හරි හදන අය 2) පුරාණ රජ කතා, ඉතිහාස කතා, බෞද්ධකතා වලට මාර්කට් එකක් තියන හින්දා ඒවම හදන අය (අපේ සමහර ගෞරවනීය, අධ්‍යක්ෂකවරුත් මේ ගණයට වැටිලා) 3) ගැලරියට චිත්‍රපට හදන අය. දැන් පතිරාජලා, සුගතපාල යාපාලා, ධර්මසිරිලා වග අය නෙමෙයි... අඩුතරමින් එච්.ඩී. ලා වගේ මැද මාවතක් වත් නැහැ.
PrsbaSunday, 14 July 2019 05:49 AM
සම්පූර්ණ අසත්‍යයක්. අද ඉතා හොඳ නිර්මාණ බිහිවෙනවා. 28 , හෝ ගානා පොකුණ වැනි නිර්මාණ ලංකාවේ බිහිවූ හොඳම චිත්‍රපට අතරට වැටෙනවා. දහසක් කරදර මැද විශිෂ්ට නිර්මාණයන් කරන අපේ කලාකරුවන්ට ගරහන්න එපා. තමන්ගේ හීනමානය වෙන කොහේහරි පෙන්න ගන්න