IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දෙවියන්ටත් දෙවියන් සිහිවන හොරකමක්

දෙහිවල දාර්ශනිකාරාමයේ මහා භද්‍රකාලී දේවාලයේ ත්‍රිශූලය ඇතුළු දේවාභරණද පූජා කළ රන් අබරණද පිත්තල පහන් ඇතුළු භාණ්ඩ රැසක්ද සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.

පසුගිය 10 වැනිදා දේවාලය වැසූ පසු විවෘත කර ඇත්තේ සිකුරාදා බවත් සොරකම දැනගත්තේ ඉන්පසුව බවත් කියති.

භද්‍රකාලි මෑණියන්ට පූජා කළ රන් බඩුවල මිල නොදන්නා බවද කියති. යාබද පත්තිනි දේවාලයේ කවුළුවකින් සොරා භද්‍රකාලී දේවාලයට ඇතුළුවී ඇත.

 

 

 

 



අදහස් (0)

දෙවියන්ටත් දෙවියන් සිහිවන හොරකමක්

හරීන්ද්‍ර Monday, 15 June 2015 02:31 AM

නියම වැඩේ..පන්සල් වලට මොකටද දේවාල. අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කර ගන්න හදපු දේවාල මේවා.. මේවයේ දෙවියෙක් ඉන්නවා නම් හොරකම් කරන්න පුලුවන්ද..අනික මිනිස්සු හොරුන්ට දඩුවම් දෙන්න කියල කන්නලව් කරන්නේ මේ දේවාල වලට නේ..මේ දේවල් බලලවත් මිනිස්සුන්ගේ ඇස් ඇරේවා. (ස)

:       0       0

සුමුදු Sunday, 14 June 2015 12:55 PM

දෙවියන්ටම ඔප්පුවේච්චාවේ (බ)

:       0       0

දුමින්ද Sunday, 14 June 2015 12:56 PM

දැන් දෙවියන්ගේ මහිම දකින මොහොතවේ (බ)

:       0       0

රන්ජිත් Monday, 15 June 2015 03:31 AM

එතකොට චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය? (නි)

:       0       0

කැළුම් Monday, 15 June 2015 03:36 AM

කුමාර්, දෙවියන් මිනිසුන් මැවුවා නම්,ඇයි එකිනෙකාට වෙනස්? උදා: එක අච්චුවෙන් හදන ගඩොල් ඔක්කොම එක සමාන නේද (හැඩය,බර ආදී ). (නි)

:       0       0

සමන්ති Sunday, 14 June 2015 02:12 PM

පත්තිනි මෑණියන්ටත් , භද්‍රකාලී මෑණියන්ටත් හොරෙන් කළ වැඩක්? (බ)

:       0       0

නිහාල් Monday, 15 June 2015 04:38 AM

හරින්ද්‍ර ඔබ හරියටම හරි , මේ හොරු නියම වැඩේ කරේ ,කිසිම දවසක මිත්‍යා විශ්වාස කරන්න එපා ,දෙවියන්ට කරන්න පුළුවන් මගුලක් නෑ මේවා පිටිපස්සේ යන අයට පව් (බ)

:       0       0

සෙනරත් Sunday, 14 June 2015 03:04 PM

පොලීසි ගිහින් සොයාගන්නත් බැරි වුනාම නේද දේවාල වලට සමහරු යන්නේ? (බ)

:       0       0

කුමාර් Sunday, 14 June 2015 03:15 PM

මේවායෙන්ම ඔප්පුවෙනවා මේවා කතා කරන්න බැරි මැටිපිලිම බව. ලෝකෙට ඉන්නේ එකදෙවියයි ඒ ලොව මවා පාලනය කරන ස්වර්ගයේ පියාණන්. අනිත් ඔක්කොම නිකන් පිළිම විතරයි (බ)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 15 June 2015 05:00 AM

දේවාලේ වැව හින්ද දෙවියෝත් රවුමක් ගහන්න යන්න ඇති ඒ වෙලාවේ හොරු එන්න ඇති (ම)

:       0       0

ඇසළ Sunday, 14 June 2015 04:54 PM

කුමාර් කියන ස්වර්ගයේ පියාණන් ඉන්නේ කොහෙද? ලොව මවා, මිනිසා මවා, මිනිසුනට කන්න සතුන් මවා, කරන පවු වලට සමාවදෙන, එකපාරට දහස් ගණනක් මිනිසුන් මරණ සුනාමි, සුළි සුළං , ගංවතුර මැවීම හොඳද? ඉතාමත් නීතිගරුක කාටවත් කරදරයක් නැති ලෝකයක් මැවුවා නම් කරදරයක් නැතුව ඉන්න තිබුනා නේද? (නි)

:       0       0

රූපසිංහ Sunday, 14 June 2015 05:38 PM

ලොව සියලු දෙයම ඔහු විසින් සෑදුවා නම් ඔහු සෑදුවේ කව්රුද? අද අපි ඉන්නේ, අප ජීවත් වන මේ ක්ෂීර ඵතයෙනුත් එහාට පවා චන්ද්‍රිකා යවන කාලයකදී බව දින කිහිපයකට උඩදී මම ලංකාදීප පුවත්පතේ පලවී තිබුණු දැන්වීමෙන් තේරුම් ගතිමි. අපි යයි කියා කියන අපගේ මෙම භෞතිකව නිර්මාණය වූ ශරීර කුඩුවකට රිංගාගත්තු කර්ම ශක්තියක් පෙනී සිටිනවා කියා බුදු රදුන් පවා එදා දෙසු එකේ, අද අපි පිලි ගන්නා විද්‍යාවෙන් මේ ලෝකයේ සියලු දේ ගොඩ නැගී ඇත්තේ රසායනිකව ගොඩනැගුනු ද්‍රව්‍යක් නිසා බවයි අපි ඉස්කෝලේදීත් ඉගෙන ගත්තේ. නැතුව කිසිදු නිර්මාණ වාදයක් නිසා මෙලොව ඇතිවී නැති බව අද අපි බොහෝ දෙනෙකු පිළිගත්තද, තවමත් අන්ධ භක්තියෙන් සිටින අයත් ලොව නැතුවා නොවේ කියා මොනවාට තහවුරු නොවේද? (නදී)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Sunday, 14 June 2015 05:52 PM

දෙවියන්ට නොසලකන, දෙවියන්ට බය නැති හොරුන්. දැන් පේනවා සමහරුන් දේවාල වලට යන්නේ, බාරවෙලා දෙවිපිහිට ඉල්ලන්න විතරක් නොවෙයි කියලා. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 15 June 2015 06:20 AM

අහෝ දෙවියනි,ඔබ ඇයි නිහඬ? දෙවියෝ කෙසේ වෙතත් පොලිසියට අහුවුණොත් නම් දෙයියෝ බුදුන් සිහිවෙයි. (නි)

:       0       0

රකිත් Sunday, 14 June 2015 06:24 PM

සමහර අයගේ ඔලු වල පුදුම මෝඩ අදහස් තමයි තියෙන්නේ (නි)

:       0       0

ඉන්දික ගම්පහ Sunday, 14 June 2015 06:42 PM

කුමාර් , එතකොට ඔය කියන ලොව මවා පාලනය කරන ස්වර්ගයේ පියාණන් ලෝකයේ මෙච්චර ප්‍රශ්න ඇතිකළේ ඇයි? (නි)

:       0       0

අප්පුහාමි Monday, 15 June 2015 07:06 AM

මේවගේ පිළිම වලට පුජා තියමින් පිහිට ඉල්ලන ගොන් රැල දැන්වත් ඇත්ත තේරුම් ගනිත්වා. පන්සල් වලින් මේ විකාර රුප ඉවත් කර එම ස්ථාන වල බුදුන්ට පමණක් ආමිස පුජා කරන තැන් හැටියට පත් කල යුතුයි.(ම)

:       0       0

කරුණාරත්න Sunday, 14 June 2015 09:24 PM

මෙහෙම මිනිස්සුත් අපි අතරම ඉන්නවනේ?? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 14 June 2015 09:24 PM

මේවා මෙලෙස සිදුවෙන්නේ අන්ධ භක්තියෙන් අන්ධවුවන්ට යථාර්ථය අවබෝධ කරවීම පිණිසයි. සිතට බුද්ධියට අනුව කටයුතු කිරීමට සැමට නුවණ පහළ වේවා! (නි)

:       0       0

යටවත්ත Sunday, 14 June 2015 09:38 PM

මෙහෙම මිනිසුන් මරණින් මතු මොන ලොවක යන්නද? (නි)

:       0       0

මාලනි Monday, 15 June 2015 07:35 AM

කුමාර්, තමන් ගේ ආගම ගැන ඔය තරම් ආඩම්බරෙන් කතා කරන්න දන්නවා නම් අනික් ආගම් වලට අපහාස කරන්න එපා. තමන්ගේ ආගම විස්වාස කරගෙන ඉන්න. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 294 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1170 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 230 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 471 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 373 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 622 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36778 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site