IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දිවයින වටා මුහුදු තීරයට තද වැසි සමඟ සුළං

වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවයේ බලපෑම නිසා, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර,  මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මෙම තත්වය බලපානු ඇත.  සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 150 කට වඩා වැඩි)  අපේක්ෂා කෙරේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. විශේෂයෙන් කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල්  හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට මෙම තත්වය බලපානු ඇත.  

දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං (පැ. කි. මී. 80 දක්වා) බලාපොරොත්තු විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

 

සවස 4.10ට නිකුත් කරන ලදි

හෙට සිට වැස්ස අඩුවන ලකුණු

පවත්නා වැසි සහිත කාලගුණ තත්වය හෙට සිට තාවකාලිකව අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ නමුත් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර,  මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 150 කට වඩා වැඩි)  අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය :21/12/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

27

22

95

80

විටින් විට වැසි.

මඩකලපුව

27

23

95

90

විටින් විට වැසි.

කොළඹ

29

23

95

75

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

30

23

95

70

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි.

යාපනය

27

23

95

85

විටින් විට වැසි.

මහනුවර

24

19

95

85

විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

නුවරඑළිය

16

11

95

90

විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

රත්නපුරය

30

22

95

80

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

28

23

95

85

විටින් විට වැසි.

මන්නාරම

28

23

95

85

විටින් විට වැසි .

 

හෙට සිට වැස්ස අඩුවන ලකුණු

පවත්නා වැසි සහිත කාලගුණ තත්වය හෙට සිට තාවකාලිකව අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ නමුත් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර,  මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි)  අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. විශේෂයෙන් කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල්  හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට මෙම තත්වය බලපානු ඇත.  

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල සුළං වේගය පැ.කි.මි. 80ක් පමණ දක්වා ඉහල යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප්‍රදේශ  රළු විය හැක.

මුලතිවු සිට කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.

අදත් තද වැසි

වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එමනිසා, දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වළාකුලින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර,  ඌව සහ දකුණු පළාත් වලට මෙම තත්වය බලපානු ඇත.

සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 150 කට වඩා වැඩි)  අපේක්ෂා කෙරේ.

දිවයිනට නැගෙනහිරින් සහ දකුණින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ. කි. මී. 80 දක්වා) ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

තද වැසි පිළිබඳ  කාලගුණ නිවේදනය.

ඉදිරි පැය 24 සඳහා 2014 දෙසැම්බර්  මස 20 වන දින  උදෑසන 09.00 නිකුත් කරන ලදී.

(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය)

අදත් තද වැසි

පෙරවරු5.3ට

වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එමනිසා, දිවයිනේ මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර  සහ ඌව පළාත් වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි)  අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ. කි. මී. 80 දක්වා) ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

දිවයිනට දකුණින් සහ නැගෙනහිරින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල සුළං වේගය පැ.කි.මි. 80ක් පමණ දක්වා ඉහල යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප්‍රදේශ  රළු විය හැක.

කන්කසන්තුරේ සිට මන්නාරම, පුත්තලම සහ මීගමුව හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).



අදහස් (0)

දිවයින වටා මුහුදු තීරයට තද වැසි සමඟ සුළං

ශාන්ති Saturday, 20 December 2014 04:14 PM

අනේ දෙවියනේ කොහොම හරි මේ වැස්ස නතර වුනොත් හොදයි ලංකාවෙන් බාගයක් ම දැනට මත් යට වෙලා ඉවරයි නේද? (අ)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Sunday, 21 December 2014 02:10 AM

නියාම ධර්ම වලින් එකක් " දම්ම " නියාමය. ස්වභාවධර්මය පවා අපට එරෙහිවීමම, බුද්ධිමත් ජනතාවගේ සැළකිල්ලට භාජනය වියයුත්තක්. සියලු සත්ත්වයෝම නිදුක්,නීරෝගී, සුවපත්වීමට මෙත්සිත් පහළවේවා! (නි)

:       0       0

සමුදි Saturday, 20 December 2014 05:19 AM

වැස්ස අඩු වුනේ නැත්තම් වැව් ඔක්කොම පිටාර ගලලා ගොඩක් නගර යට වෙයි. ලොකු විපතක් වෙයි.(හේ)

:       0       0

හරිත Saturday, 20 December 2014 05:20 AM

වැස්ස අඩු වුනොත් හොදයි.(හේ)

:       0       0

පෙරේරා Sunday, 21 December 2014 05:07 AM

මේ දවස් වල මුහුදු යෑමෙන් වලකින ලෙසට ධීවරයන්ව දැනුවත් කළොත් හොද නැද්ද.(හේ)

:       0       0

ධනුෂ්ක Saturday, 20 December 2014 07:46 AM

එය ඉතා හොඳ පුවතක් සෑම මිනිසෙකුටම. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 214 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 909 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1410 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 340 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 992 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1859 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site