(නිමල් ජයරත්න)
දර කැඩීමට ගිය අවස්ථාවේ දිවියකු ඇඟට පැනීම හේතුවෙන් අසල වූ ඇළකට වැටී කිලෝ මීටර් නවයක් පමණ දුරට ගසාගෙන යද්දී මයිල ගසක එල්ලී දින දෙකක් රැඳී සිටි ගැමියකු බේරා ගැනීමට ප්‍රදේශවාසීහු පිරිසක් සමත් වූහ.
අනතුරට මූණ පා ඇත්තේ මනම්පිටිය මාගංතොට ගම්මානයේ පදිංචි 66 වියැති කේ. ඩබ්ලිව්.රංජිත් පෙරේරා නමැත්තකු බව ද පොලිසිය කියයි.
ඔහු ඉකුත් පළමු වැනිදා උදෑසන මාගන්තොට කැලෑබද ප්‍රදේශයට දර කැඩීම සඳහා තනිවම යද්දී දිවියකු ඇඟට පැන ඇති අතර ඒ සමගම ඔහු අසල වූ ඇළට වැටී සැඩ පහරට අසුව ගසාගෙන ගිය බව ඔහු පැවැසීය.
වතුරට වැටී කිලෝ මීටර් නවයක් පමණ ගසා යද්දී ඔහු මයිල ගසක එල්ලී ඇති අතර ඔහු අතුරුදන් වීම සම්බන්ධයෙන් බිරිඳ වන ෆාතිමා උම්මා මහත්මිය මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.
ඔහුගේ අතුරුදන් වීම දැන ගත් මාගංතොට ගම්මානයේ තරුණයන් ඇතුළු පිරිසක් කැලෑව පීරන්නට වූ අතර රංජිත් පෙරේරා මහතා කරපොළ ප්‍රදේශයේ අඩි 12ක් පමණ උසැති මයිල ගහක සිටින අයුරු ගම්වාසීන් දැක ඇත. පසුව තරුණ පිරිස ඔහු කිලෝ මීටර් දහයක් පමණ කරේ තබාගෙන නිවෙසට ගෙනැවිත් ඔහුට අවශ්‍ය ආහාර සහ සීතල තැබීමට ගිනිමැලයක් සකසා දී තිබේ.
එමෙන්ම දින දෙක ඇතුළත තමන් මයිල ගහේ කරල් සහ පොතු ගලවා ආහාරයට ගත් අතර තමන්ගේ ඇඟට දිවියකු පැනීමෙන් අනතුරුව තමන් වතුරට වැටී ගසාගෙන ගිය බවත් එහිදී තමන් මයිල ගහක් අසල රැඳීමෙන් අනතුරුව මයිල ගහට ගොඩවී දින දෙකක් ගත කළ බවද, රංජිත් පෙරේරා මහතා කීය.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දිවියා පැන්නාම ඇළට වැටී දවස් 2ක්ම ගහක් උඩ
ඉලේපෙරුම Wednesday, 03 January 2024 07:17 PM
මොකක් ද මේ "සීතල තැබීමට ගිනිමැලයක්" සකසා දුන්නා කියන්නේ.
hesa Thursday, 04 January 2024 12:28 AM
ඔය ගමේ 3 wheel එකක් නැද්ද කිමී 10 ක්ම පයින් යන්නෙ
Lalla Thursday, 04 January 2024 07:43 AM
ගභට නැගපු එකාට බහින්න බෑ..... බිලාලයෙක්.