පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් හමුවීමට ගිය තමාගේ දුරකථනයද විසන්ධි කර ධර්ම ශාලාවේ සිර කර ගත් බවට සිරස මාධ්‍යවේදි ජානක ගෝමස් මහරගම පොලිසියට පැමිණිලි කළේය.
පසුගිය දිනක දෙව්රම් වෙහෙර විහාරස්ථානයට පැමිණි බස් රථයකට යාමට නොදී ප‍්‍රදේශවාසීන් හිරි හැර කර ඇති බවට කොළොන්නාවේ සුමංගල හිමියෝද සුමංගල හිමියන් තම නිවසටම පැමිණ තමන්ට තර්ජනය කළැයි ක‍්‍රිෂාන්ති පුංචි මහත්මිය මහරගම පොලිසියට පැමිණිලි කළහ. විහාරස්ථානයට නිතරම ලොකු බස් රථ පැමිණෙන බවත් එය තමන්ට හිරිහැරයක් බවත් එම මාර්ගයේ ජීවත්වන පිරිස පවසයි. මෙම සිදුවීම පිළිබඳව ප‍්‍රදේශවාසින්ගේ අදහස් විමසා විහාරාධිපති හිමියන්ගේද අදහස් විමසීම සඳහා සිරස එහි ගියේය.
විහාරයේ සිටි දහයක පහළොවක පමණ පිරිසක් හාමුදුරුවෝ හමුවීමට නොහැකි බවත් පවසා ඇත.
සිරස මාධ්‍යවේදී ජානක ගෝමස් මහතා මෙසේ කියයි.
‘‘මම සුමංගල හාමුදුරුවන්ගේ ප‍්‍රකාශයක් ගන්න පස්සලට ගියාම මා පරීක්ෂා කළ පන්සලේ සිටි පිරිසක් මගේ හැඳුනම්පත ඉල්ලා සිටියා. මට ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තවෙන් ලබාදුන් හැඳුනුම්පත කල් ඉකුත්ව තිබුණත් ආයතනයෙන් දුන් හැඳුනම්පත තිබුණා. නමුත් ඒ අයට රජයේ හැඳුනුම්පතම අවශ්‍ය බව කිව්වා. හාමුදුරුවන් පැය භාගයකට පමණ පසුව පැමිණෙන තෙක් ඔවුන් ධර්ම ශාලාවේ රඳවා ගත්තා.‘‘
විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියෝ මෙසේ කීහ.
‘‘මේ අය පන්සලට එන විට මා හිටියේ නැහැ. ආපු මහත්තයාගේ මාධ්‍ය හැඳුනම්පතත් කල් ඉකුත් වෙලා.ඒ අතර මාධ්‍ය හැසිරිම පිළිබඳව දෙගොල්ල අතර පොඩි කතා බහක් ඇති වී තියෙනවා. සිර කර ගෙන නැහැ. මා එනතුරු රැස්වීම් ශාලාවට අරන් ගිහින් විතරයි. එතන රැස්වීමක් තිබුණ නිසා දුරකතනය ක‍්‍රියා විරහිත කරගන්න කියලා කියා තිබුණා. ඒක අපේ ක‍්‍රමයක්. මෙයා මාධ්‍යවේදියෙක් කියන එක ගැන අර පිරිස එතරම් දුරට හිතා තිබුණේ නැහැ. මා පැමිණි පසු මගේ ප‍්‍රකාශයත් ලබාදී ඒ මහතා පිටත් කර හැරියා. පොලිසියෙන්ද පැමිණ අපෙන් කට උත්තර ලබාගත්තා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙව්රම් දායකයෝ පොලිස් රාජකාරියේ
පිවිතුරු Sunday, 01 March 2015 03:55 PM
අපොයි! මාධ්‍යයට අතතියන එක නම් ඒ තරම් ගුණ නැහැ. (නි)
සමන්ති Sunday, 01 March 2015 03:56 PM
ගිහිල්ලම බලන්න. එතකොට බලාගන්න පුළුවන් මේක මොන වගේ තැනක්ද කියලා (නි)
විජය Sunday, 01 March 2015 04:11 PM
තමන්ගේ නිල හැඳුනුම්පත පෙන්වා යම් තැනකට ඇතුළුවෙන්න මාධ්‍යවේදියාට අයිතියක් තිබෙනවා වගේම ඒක වලංගු එකක්ද කියලා බලන්න මහජනතාවට අයිතියක් තිබෙනවා. මේ මිනිසුන්ට අවශ්‍ය වුණේ රජයේ හැඳුනුම්පත නම් ඒක පෙන්වන්න ඕනෑ කියලයි මම හිතන්නේ. මහජනතාව ඉස්සර තරම් මෝඩ නැහැ දැන්. (නි)
ලක්විදු Sunday, 01 March 2015 05:03 PM
බුදුදහමෙන් ඔබ්බට ගොස් කරන මෙවන් කටයුතු අපි හෙළාදකිමු (නි)
සමන්ති Monday, 02 March 2015 01:35 PM
මේ පන්සලේ අයාලේ ඇවිදින ගෝනුන් ,අලි ,බල්ලන් නැහැ . ඕනනම් වනජීවී එකෙන් ඇවිත් බලන්න . (නදී)
සී.කේ.ලංකාපුත්‍ර Sunday, 01 March 2015 11:17 PM
මේ පන්සල තියෙන්නේ අධි ආරක්‍ෂිත කලාපයකද? (නි)
කමනි Sunday, 01 March 2015 11:46 PM
මේ වගේ දේවල් වලට ඉක්මනටම මොනවාහරි කරන්න වේවි (නි)
ටෙනිසන් Monday, 02 March 2015 02:25 AM
මේ තරම් බය මොකද දන්නෙ නැහැ (නි)
පිවිතුරු යහපාල Monday, 02 March 2015 03:53 AM
කව්ද අද මේ රටේ ප්‍රධාන රාජ්‍ය මාධ්‍යයට අත තියන්න තරම් චන්ඩි ඉන්නේ. සුමංගල හාමදුරුවන්ට පිවිතුරු හෙටක් යහපාලනයෙන් නොවරදවාම ලැබේවි. (නදී)
උපේක්ෂා Sunday, 01 March 2015 02:40 PM
හැම දෙයක්ම ධර්මනුකූල වියයුතුය. කවුරු කිව්වත් තමාගේ සිත දෙස බලමින් නිවැරදි වන්න. කවුරු හරිද අපි දන්නේ නැත. කෙසේවෙතත් ලංකාවේ හැමතැනම ප්‍රශ්න. මොකද කියලා නම් තේරෙන්නේ නැහැ. (නි)
චන්ද්‍රා Sunday, 01 March 2015 03:00 PM
අනේ කාලේ වනේ වාසේ කිව්වලු! (නි)