IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දෙව්රම් වෙහෙර ‘සීදේව්‘ මැරේ

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි ‘සීදේව්‘ අලියා (45) අද අලුයම මියගියේය.

බඩේ හා කටේ තුවාලයක් හේතුවෙන් රෝගාතුරව සිටි මේ අලියා දින කිහිපයකට පෙර නිර්වින්දනය කළ බවත් ඉන් පසු සිහි නොලැබූ බවත් තතු දන්නෝ කියති.

වනජීවී පශුවෛද්‍ය කණ්ඩායමක් අද පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට නියමිතය.

මේ අලියා මද කිපී පංසල අසල බැඳ සිටිය දී දම්වැල සොරකම් කර ඇතැයි ද, අලියාත් තමාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද සුමංගල හිමියෝ පසුගිය අගෝස්තු මාසයේ පොලිසියට පැමිණිලි කළහ.

 

DSC_0048 DSC06293 DSC06303 DSC06316 pizap.com14135327516901 pizap.com14135329817952 pizap.com14135330996655



අදහස් (0)

දෙව්රම් වෙහෙර ‘සීදේව්‘ මැරේ

වික්ටර් ප්‍රනාන්දු Friday, 17 October 2014 09:04 AM

අනේ දන්නේ නැති නිසයි අහන්නේ ඇයි මේ කට්ටිය අලියට වඳින්නේ. ඌ දෙවි කෙනෙක් වත් පිදිය යුත්තෙක් වත් නෙවෙයිනේ. තිරිසන් සතෙක්නේ. සත්ව කරුණාව යහපත් දෙයක්. නමුත් සත්ව භක්තිය මිත්‍යාවක් වගේ නේ නිකන්. දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (නදී)

:       0       0

රූපවතී Friday, 17 October 2014 09:20 AM

ඔබ මතු සංසාරේ මෙවැනි නපුරු මිනිසුන් අතරේ නොයිපදේවා. මෙවැනි අකල් මරණයකට මන් සැලසු ඒ නපුරු මිනිසාට ස්වභාව ධර්මය දඩුවන් කරන්නේ එකදු සැතපුමක් වත් දිවිමගේ පසු කරන්න ඉඩ නොතබාමයි. ඔබට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

උපුල් Friday, 17 October 2014 09:23 AM

මැරුනා නෙමෙියි මරාගත්තා (නදී)

:       0       0

අක්රම් Friday, 17 October 2014 09:33 AM

මේ මොනවද? සතෙකුට ආගමික වතාවත් (නදී)

:       0       0

ලියනගේ Friday, 17 October 2014 09:53 AM

අක්රම්, සමහරු ආගමික වතාවත් කරන්නේ සත්තු මරලානේ, වෙනස තේරෙනවද? (ස)

:       0       0

විමලරතන හිමි. Friday, 17 October 2014 09:55 AM

ලෝකයේ හොඳම රඟපෑම් තියෙන්නේ ලංකාවේ බව පේනවා. ලැබූ කබල් යට යන ගල් පර්වත වතුරේ පාවෙන සිහිනය මතක් වෙනවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය නියම ලෙස මර්කට් කරන්න හරිම දක්ෂයෝ . (ස)

:       0       0

සඳුනි Saturday, 18 October 2014 02:12 AM

මාත් බුදුබණ ටිකක් ඉගෙනගෙන තියෙනවා බෞද්ධයෙක් හැටියට. මට කවුරු හරි කියලා දෙනවද කැලේ ඉන්න සත්තු පන්සල්වලට ගෙනල්ලා දම්වැල් දාලා හදන්න බුදුපියාණන් වහන්සේ අනුදැන වදාලාද කියලා. මේවා අපේ බුදුදහමට ලෝකය ඉදිරියේ නිගාදෙන වැඩ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 October 2014 09:58 AM

6 වෙනි ෆොටෝ එකේ පිටු පසින් ඉන්න අලියටත් දෙවියන්ගේම පිහිටයි . (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 October 2014 10:01 AM

උපුල්."මැරුනා නෙමෙයි මරාගත්තා"......ඒ අසරණ සතාට කැලේට වෙලා ඉන්න දුන්න නම් ඒ සතා තවමත් ජීවතුන් අතර .ඕව කව්රු කලත් මහා අපරාද. (ස)

:       0       0

බණ්ඩා Friday, 17 October 2014 10:05 AM

මාධ්‍යවේදීන්ට අවසර නැත්නම් මේ පොටෝ, වීඩියෝ ගත්තේ කවුද ? (ස)

:       0       0

බණ්ඩා Friday, 17 October 2014 10:08 AM

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ පන්සල් භූමියේ විශාලත්වය දන්නා අය පමණක් මේ ගැන අදහස් පල කරනවානම් වඩාත් සුදුසුය ... (ස)

:       0       0

විධුෂක Friday, 17 October 2014 10:10 AM

කැලේ ඉන්න අලි එහෙන් මරනවා. හීල අලි එහෙන් මීය යනවා. අනේ මන්දා? අපේ පන්සලට අසුභ නිමිත්තක් වද් ද? (ස)

:       0       0

ගිහාන් Friday, 17 October 2014 10:27 AM

මෙතන ප්‍රශ්නය පන්සල් භුමියේ විශාලත්වය නෙවෙයි, පන්සලක අලි ඇති කිරීම.(හේ)

:       0       0

ලුම්බිණි Saturday, 18 October 2014 02:49 AM

පන්සල් වල ඉන්න අලි තරම් දුක්විඳින්නේ නැහැ කැලේ ඉන්න අලි. මොන හේතුවකටද පන්සල වල අලි තියාගෙන ඉන්නේ. එහෙම ඉන්නවා නම් ඒ සතුන්ට කන්න බොන්න දීලා ඉන්න අරින්න ඕනෑ, වැඩ ගන්නේ නැතුව. (නි)

:       0       0

කුමාර් Sunday, 19 October 2014 05:55 AM

සුරන්, බුදු හාමුදුරුවෝ මොන බනේද දේශනාකරලා කරලා තියෙන්නේ අලි ඇතුන්ට වද දී පන්සල්වල තියාගන්නයි පෙරහැරවල් වල ගෙනියන්නයි කියාලා. (නදී)

:       0       0

පද්මිණි Friday, 17 October 2014 11:46 AM

මේ සත්තුන්ට කරන හිංසාව ගැන වගකිව යුතු අයගේ අවධානය යොමු කරන්න.(හේ)

:       0       0

කුමාර් Sunday, 19 October 2014 06:00 AM

සුරන්, බුද්දාගම මෙහේ පටන්ගත්ත එකක් නොවෙයිනේ. සුද්දා ගෙනාව වගේම ඒකත් පිටින්. (නධී)

:       0       0

කසුන් Friday, 17 October 2014 11:49 AM

ලංකාවේ තරම් සත්තුන්ට වද දෙන රටක් වෙන කොහෙවත් නැතුව ඇති.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 October 2014 12:56 PM

6 වෙනි ෆොටෝ එකේ ඉන්න අලියත් කල්පනා කරනවා ඇති,අනේ මේ විදිහට මටත් පින් අනුමෝදම් කරාවි නේද කියල. (අ)

:       0       0

සංජුල ඇල්ලේපොල Saturday, 18 October 2014 01:57 PM

මෙවැනි සතුන් මෙලෙස මිය යාම සාසනේට මහා පවක්. ඇතෙකු හෝ ඕනෑම සතෙකු හදනවා නම් තමාගේ ගෞරවය පිණිස නොව සතාගේ ගෞරවය බලන්න ඕනේ. හාමුදුරුවන්ට නිකන් බන කියලා විතරක් බැහැ. බුදු සාදු කවදත් ඇතුන් පිට වැඩියේ නැහැ ආඩම්බරේට. ඇත්තු හදන්නන් වාලේ හදලා බැහැ. උන්ගේ සිතැගි ගැනත් සිතන්න ඕනේ. සත්ව ඝාතනයට වග කියන්න ඕනේ. මෙලෙස සතුන්ව හරියට හොයා බලන්නේ නැතිව මැරෙන්න දාල ඉන්න බලවතුන්ට කුමන නිවනක්ද (නදී)

:       0       0

ජෙහාන් Friday, 17 October 2014 01:19 PM

ඒකෙන් මේකෙන් කොහොම හරි අලි ඇතුන් වඳ වෙලා ගිහින් දවසක කරඬුව වඩම්මන්නත් අර අප්‍රිකාවේ කන් ලොකු කැත අලි ආනයනය කරන්න වේවි. (අ)

:       0       0

දිලාන් Friday, 17 October 2014 01:42 PM

ඒ අලි ඉන්ජෙක්ෂන් එක ගැහුවේ බන්දුලද දන්නේ නැහැ. මිනිහාට අලි ඇතුන් පේන්න බැහැ. (අ)

:       0       0

sirignana Friday, 17 October 2014 01:47 PM

අලියා මැරිලා ඉවරයි හැබැයි ජිවත් වෙන අය එකීනෙආ මරා ගන්න හදනවා මැරිච්ච අලියෙක් නිසා (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 17 October 2014 01:50 PM

දිලාන් කිව්වා වගේ බන්දුල පෙරේරා වෙන්න ඇති.අලි මරල දාන්න ඕනේ කියපු මිනිහනේ. (අ)

:       0       0

සමන්ති Friday, 17 October 2014 02:41 PM

පිස්සු වැටුණු ඇතින්නලු . ඇතින්නියන්ට පිස්සුවට්ටන එකම ස්ථානය මෙතන. (නදී)

:       0       0

සමන් Friday, 17 October 2014 02:57 PM

අක්රම්, සමහරු කරන්නේ ආගමික වතාවත් කරලා මිනිස්සුන්ගේ බෙලි කපන එකනේ. (නදී)

:       0       0

දිල්ෂාන් Friday, 17 October 2014 03:05 PM

දෙව්රම වෙහෙර පන්සලක් හැටියට මම නම් දකින්නේ නැහැ. එ්ක ව්‍යාපාරික ස්ථානයක්. මුදල් ගරා ගන්න තැනක්. නියම පන්සලක් දකින්න නම් ගල්දූව ආරන්‍යට යන්න. (නදී)

:       0       0

සුරන් Saturday, 18 October 2014 07:13 AM

පර සුද්දා සිංහලයා බෙදන්න දීලා ගිය ආගම් සුද්දාටත් වඩා හොදින් අදහගෙන යන කලු සුද්දෝ මේකේ ලියලා තියෙන දේවල් දැක්කම සිංහල රටේ අනාගතය පේනවා. අලි පංසල් වල ඉන්න එක අනුමත කරන්න බෑ. ඒකට බෞද්ධාගම පලි නෑ. ඒත් පංසල් වල අලි ඉන්නේ වැඩ ගන්න කොටන් අදින්න නෙමෙයි. එ්ක දන්නේ නැති උන් නොදන්න දේවල් ලියන්නේ නැතුව දන්න කෙනෙක් ගෙන් ඇහුවානම් තමයි හරි (අ)

:       0       0

ගමගේ Friday, 17 October 2014 03:27 PM

කැලේ නිදහසේ ඉන්න ඕනේ සත්තු ගෙවල්වල පන්සල්වල තනි කරලා තියා ගෙන ඉන්න එක සත්ව හිංසාවක් නේද? ඒක බෞද්ධ කමට ගැලපෙනවද හාමුදුරුවනේ? (නදී)

:       0       0

කොළඹගේ Friday, 17 October 2014 04:22 AM

ඇතුළට යන්න අවසර නැති පන්සල්? අනේ මන්දා....! (නි)

:       0       0

අචිර Saturday, 18 October 2014 05:35 PM

අලි නැත්නම් පෙරහැර යන්නේ හරක්ද ? අලි ඇති කිරීම අපේ සංස්කෘතික අංගයක් (අ)

:       0       0

ධනුක Friday, 17 October 2014 04:36 AM

දැන් ඉතින් හරිම සීදේවි වැඩක් තමයි මේ සිද්ධවෙලා තියෙන්නේ. අලි ඇතුන්ට ජීවත්වෙන්න පුළුවන් තැනුත් තියනවා, බැරි තැනුත් තියනවා. මේ නගරබද ඉඩක් කඩක් නැති පන්සල්වල අලි ඇතිකරන්න ඉඩ තියෙනවද? (නි)

:       0       0

ටි‍රෝන් Friday, 17 October 2014 04:41 AM

අනේ මන්දා! මේ ආගමික ස්ථාන ඇතුළේ සත්තු කූඩුකරලා ඇතිකරනවා. මේවා හරි වැඩද දන්නේ නැහැ. මම පොඩිකාලේ නොදැනුවත්කමට මාළු පැටවුන් වගයක් බෝතලේක දාලා පාසල් ගිහින් එනකොට තාත්තා මාළු පැටවු ඇළට දාලා. තාත්තාගෙන් කාපු කෑමට ආපසු ජීවිතේට සතුන් ඇතිකළේ නැහැ (නි)

:       0       0

කාන්චනා Friday, 17 October 2014 04:44 AM

මේ පන්සලේ අලි ගාල් කරන්න ඉඩක් තියනවද ? කුලප්පු වුනොත් අහල පහල මිනිස්සුන්ට මාදිවෙල පාර දිගේ දුවල ගිහින් දියවන්නා ඔයට පනින්න තමයි වෙන්නේ. (ස)

:       0       0

උපුල් Friday, 17 October 2014 04:48 AM

අනේ මන්දා, සියල්ල අනියතයි අපේ හාමුදුරුවනී. (ස)

:       0       0

ගාමිණී Friday, 17 October 2014 05:01 AM

සීදේවිට නිවන් සැප ! (හේ)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 17 October 2014 05:01 AM

මද කිපිච්ච අලියෙකුගේ දම්වැලක් සොරකම් කිරීම තියා ළඟට කිට්ටු වීම පවා අනතුරු කාර්යයක් .කෙසේ නමුත් දම් වැලක් ගැලවීම මෙවැනි අවස්ථාවක කළ හැක්කේ ඇත් ගොව්වෙකුට මිසක් සාමාන්‍ය කෙනෙකුටනම් නම් කළ නොහැක්කක් ! සීදේවිට නිවන් සැප ! (හේ)

:       0       0

මවීන් Saturday, 18 October 2014 07:31 PM

පුදුමාකාර බෞද්ධ රටක් මේක! (නි)

:       0       0

අතුල Friday, 17 October 2014 05:32 AM

අනේ හාමුදුරුවනේ සියල්ල අනිත්‍ය බව පසක් කරන ඔබ වහන්සේලා මෙසේ වෛරීව වැඩකරන්නේ ඇයි. බුද්ධ පුත්‍රයන් වන්සේලාට සැඟවිය යුතු කිසිවක් නැහැනේද? (ස)

:       0       0

සරාම් Friday, 17 October 2014 06:00 AM

පන්සලක් කියන්නත් ලැජ්ජයි. (ස)

:       0       0

සංජය Friday, 17 October 2014 06:07 AM

ලෝකෙටම බන කියන මේ හාමුදුරුවන්ට සතර අපායට යන්න මේ පව් හොදටම ඇති. (ස)

:       0       0

සේපාල දිසානායක Friday, 17 October 2014 08:39 PM

ප්‍රථම සිල්පදය කැඩීමට දායක වුන සිලුම දෙනා ලොකු පවකට හවුල්වෙලා (නදී)

:       0       0

වී එල් ජේ Friday, 17 October 2014 07:42 AM

මේ සීදෙවිව කුලප්පු කරවල අයිතිකාරයට අනතුරක් කරන්න හැදුව කියල රාවයක් ගියේ පහුගිය දවසක, මේකයි වැඩේ අාශ්චර්යත් එක්ක පන්සලක අලියෙක් නැහැ කියන්නේ දැන් කාලේ පාසලක ස්විමින්ග් පූල් එකක් නැහැ වගේ බලන්නකෝ වැඩේ හැටි නේ.... (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 17 October 2014 08:23 AM

අර අඬ අඬ බන කියන හාමුදුරුවෝ නේද? (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 October 2014 08:25 AM

මාධ්‍යවේදීන්ට හා පරිසරවේදීන්ට එහි ඇතුල්වීමට අවසර නැති බවත් කියති. .......පන්නිපිටිය දෙව්රම් වෙහෙරට මගේ පවුලේ අයත් එක්ක යන්න ඕනේ කියල කියද්දී ඒ ප්‍රදේශයේ වැදගත් පවුලක නෝනා කෙනෙක් කිව්වේ,ඔය පන්සලට ගමේ කව්රුවත් යන්නේ නැහැ කියලයි.මට ඒ නෝනා කියපු කතාව මතක් වුණා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1520 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 262 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4418 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 626 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2171 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site