IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දේවස්ථාන පිවිසුමේ දී පිහි දෙකක් එක්ක හිටපු කොටියා මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගමුව කඩොල් කැලේ උත්තාන වූ සමිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ පිවිසුම් දොරටුව ආසන්නයේදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු පිහි දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකළපුව කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි කන්දසාමි වේදනායගම් නමැත්තකු බව පොලිසිය කියයි.

එක් පිහියක් සැකකරුගේ කලිසම් සාක්කුවේද අනෙක් පිහිය ඔහු සතු ගමන් බෑගයේ ද සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.

පාස්කු දේව මෙහෙයට පැමිණ සිටි පිරිසකට ඇතිවූ සැකයක් මත මොහු ගැන රාජකාරියේ නිරතව සිටි පොලිස් බුද්ධි අංශ නිලධාරියකුට දැනුම් දීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමා එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයකු බවට තොරතුරු හෙළි කරන ලදැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (12)

දේවස්ථාන පිවිසුමේ දී පිහි දෙකක් එක්ක හිටපු කොටියා මාට්ටු

Rogus Monday, 01 April 2024 12:23 AM

මේක ලන්සාගේ උප්පරවැට්ටියක් කියලා පොලිසියේම කෙනෙක් කීවා.

:       1       8

Perera Monday, 01 April 2024 01:51 AM

කතාවේ සත්‍ය අසත්‍යය අපි දන්නේ නැහැ. හැබැයි මොකක් හරි හේතුවකට පොලීසිය පිහි දෙක දායාද කළත් වෙන්න පුළුවන්...! 

:       1       3

Chinthaka Monday, 01 April 2024 05:28 AM

පිහි අරගෙන කොටි ආපු පළවෙනි වතාව ඉතිහාසයේම... කොටියා එන්නේ මරාගෙන මැරෙන බෝම්බය බඩේ බැඳගෙන. මෙයා බොරු කොටියෙක් වෙන්න ඇති.. නැත්නම් විහිළුවක් කරන්න ආවාද දන්නෙත් නැහැ. විශ්වාස කරන්න ටිකක් අමාරුයි...!

:       0       8

ගම්ලත් Monday, 01 April 2024 08:48 AM

ආ ඡන්දයක් ළංවෙනකොට ඕවා සාමාන්‍ය දේවල් වැඩිය ගණන් ගන්න ඕනේ නෑ.

:       4       25

උපුල් Monday, 01 April 2024 10:01 AM

මේකා කොටියෙක් නොවෙයි, නරියෙක් වෙන්න ඇති. මේ තරම් පල්ලි වලට ආරක්ෂාව දාලා තියෙද්දි පිහි අරන් එන්නෙ ඒ නිසා.

:       0       19

Bunny Preena Monday, 01 April 2024 10:25 AM

ඡන්දයක් ආසන්න නිසා මෝඩයින්ගේ ඡන්ද ටිකක් කඩාගන්න කරන උප්පරවැට්ටි කරන අයගේ එක ක්‍රියාදාමයක් තමයි මේක...

:       0       14

අරවින්ද මොනරවිල Monday, 01 April 2024 10:33 AM

අපි හොඳටම බය වුණා, කලබල වුණා, යලි කොටි නැගිටින්න වගෙයි යන්නේ..., කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගන්න පුංචි මහින්ද ජනපති කරමු..! ඒකත් නරකම නැහැ අපේ හාමුදුරුවනේ...!

:       1       16

Hafeel Monday, 01 April 2024 11:36 AM

පිල්ලයාන්ගේ වැඩද කියල සැකයක්.

:       1       7

Chande Monday, 01 April 2024 11:46 AM

චන්දෙ ළඟ නිසානේ කොටි පාරේ බැහැලා ගිහින් අහු වෙන්නේ .තව කොහොම අහුවෙයිද දන්නේ නෑ

:       0       11

උපාලි Monday, 01 April 2024 12:25 PM

ලංකාවේ පීඩනයෙන් ජීවත්වෙන අහින්සක මිනිසුන්ට, තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන්න මේ ත්‍රස්තවාදින් ඉඩ දෙන්නේම නැද්ද ???

:       4       8

රූපෙ Monday, 01 April 2024 01:10 PM

මම හිතන්නේ කොටියා පිහිදෙක අරගෙන ඡන්දේ ළඟ හින්දා පොඩි නාට්ටියක් කළා වෙන්න බැරිද? මේ දවස්වල කොටින්ට කන්නවත් නෑනේ...!

:       0       7

Siripala Monday, 01 April 2024 04:30 PM

කොහොමත් දෙමළාගේ රට ඉන්දියාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 162 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 158 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 134 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 1022 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 52 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 80 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38432 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25317 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 893 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site