IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


'දේවි' ජයතු බණ්ඩාර

වර්ෂ 1950 තරම් අතීතයේ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යළි විනිවිද දකින්නට ලංකාවේ පිටිසරබද ගමක් ආශි‍්‍රතව පැවැති සුන්දරත්වය මතු කරමින් ඉස්මතු කළ කතාවක් පසුගිය කාලවකවානුවේ හිරු නාළිකාවේ දිගහැරුණා.

ඒ තමයි පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැඟුම්ගත් ‘‘දේවී’’ ටෙලි නිර්මාණය.

එහි ජයතු බංඩාරගේ චරිතය බොහෝ දෙනෙකුගේ ආදරයට සහ අවධානයට ලක්වීමට සමත් වුණා.

ජයතු බංඩාරගේ චරිතයට පණපෙවූ ඒ රංගන ශිල්පියා තමයි අරවින්ද දොඹගහවත්ත. ඉතා නපුරු චරිතයක් වුවද ඒ චරිතයට පේ‍්‍රක්ෂකයන් බොහෝ සෙයින් ආදරය කළ බවයි අරවින්ද සඳැල්ලට පැවසුවේ. ඒ පිළිබඳ තවදුරටත් ඔහුගෙන්ම අසා දැනගමු.

 

අරවින්ද ‘‘දේවී’’ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

2016-10-30-ent-120‘‘දේවී’’ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා සමන් කුමාර ලියනගේ තමයි මට මේ සඳහා කතා කළේ, පසුව මෙහි නිෂ්පාදක වන රන්සිළු ආයතනයේ රංජිත් පේ‍්‍රමලාල් මහතාත් අධ්‍යක්ෂවරයාත් දෙදෙනාවම මුණගැසී මේ නාට්‍යය පිළිබඳ කතා කළා. එහිදී තමයි මට මේ චරිතය පිළිබඳ විස්තර කළේ. ඉතින් කතාව ගොඩක් හොඳයි කියලා දැනුණා. තිර පිටපත් කියෙව්වම, මට ගොඩක් ආසා හිතුණා. ඒ නිසාම චරිතය කැමැත්තෙන්ම භාරගත්තා.

 

චරිතය ගැනත් කියමු?

ජයතු බණ්ඩාර තමයි චරිතය. කට්ටිය කියන්නෙ ජයතු බණ්ඩාර ආරච්චි හාමුදුරුවො කියලා. අවුරුදු 35 පමණ තරුණ ධනවත්, කුලවත් වෙළෙන්දෙක්. 1945ත් 1950ත් අතර කාලය තුළ ජීවත්වුණු චරිතයක්. ඉතින් ඒ ගමේ හිටපු බලවන්ත, කුලවන්ත ධනවත් වෙළෙන්දා කරත්තවලින් වෙළඳාම් කරන්නෙ.

ගමේ බලවන්ත පවුලක් වන මුහන්දිරම් රාළහාමිගෙ දුව සමඟ තමයි විවාහ ගිවිසගෙන ඉන්නෙ. ඒ කාරණය සහ තමන්ට තියෙන මුදල් බලය එක්ක සාමාන්‍ය ජනතාව අසීමිතව පාගාගෙන සිටින දරුණු චරිතයක්.

 

අරවින්දගේ පෙනුමෙන් නම් එහෙම නපුරු බවක් පේන්නෙ නෑ. ඉතින් ඒක වෙනස් විදියෙ චරිතයක්. කොහොමද ඒකට මුහුණදුන්නෙ?

ඇත්තටම එතනදි ලොකු ගැටලූවක් ආවා. ඒ නිසාම තමයි මෙහි අධ්‍යක්ෂවරයාත් කිව්වෙ මුලින්ම මෙහි රූපය වෙනස් කරගන්න ඕනෙ කියලා. මොකද මගෙ තියෙන්නෙ ලාබාල පෙනුමක්. නමුත් චරිතෙට අවශ්‍ය වෙන්නෙ තලත්තෑනි, සැර පරුෂ පෙනුමක්, එහිදී ලොකු වගකීමක් ඉෂ්ට කළා මෙහි වේශ නිරූපණ ශිල්පී පේ‍්‍රමලාල් ලියනගේ. ඔහු පුදුම විදියට මේකප් එකකින් මාව වෙනස් කළේ. ඒක මට ලොකු ශක්තියක් වුණා. ඒ කියන්නෙ බාහිරින් අරවින්ද දොඹගහවත්ත අමතක වෙන විදියට ජයතු බණ්ඩාරව නිර්මාණය කළා.

ඒ වගේම අධ්‍යක්ෂතුමාගෙන් ලැබුණු සහයෝගයත් විශාලයි. ඒ චරිතය ඇතුළෙන් භාවාත්මකව වෙනස් කරගන්න ඕන දේ ඔහු කියලා දුන්නා. ඒ හරහා තමයි මගෙ වයසට වඩා අවුරුදු හතක් අටක් පමණ ඉදිරියෙන් ඉන්න චරිතයක් විදියට ඒ පරාසය ගොඩනගාගත්තෙ.

 

ඒ චරිතය ඔබට දැනුණෙ කොහොමද?

සමාජය ඔහුව දරුණු විදියට දැක්කට ඇතුළෙන් හරිම සංවේදී පුද්ගලයෙක්. ඔහුට ජීවිතේ අවශ්‍ය කරන දේවල් ලැබෙන්නෙ නෑ. ඇත්තටම කියනවා නම් ජයතු බණ්ඩාර වාසනාවන්තයෙක් නෙවෙයි. මොකද හැමදේම ලැබුණත් අතට අරගත්ත දේ කටට දාගන්න බෑ. ඒත් එක්කම ඔහුට ලැබිලා තිබුණු බලය සහ සමාජ මට්ටමත් එක්ක බොහොම ගාම්භීරව හිටපු චරිතයක්. අවශ්‍ය වෙලාවල්වලට මොලේ කල්පනා කරන කපටි පුද්ගලයෙක්. එක තරාතිරමක කෙනෙක් නෙමෙයි. අවශ්‍ය කාරණාව ඉෂ්ට කරගන්න ඒ මොහොතෙ හැසිරෙන්න ඕන කොයි විදියටද ඒ විදියට තමන්ගෙ කාරණාව ඉෂ්ට කරගන්නවා. අවසාන ඉලක්කය තමන්ගෙ අරමුණ පමණයි.

 

අරවින්දට ජයතු බණ්ඩාර චරිතය ලොකු වාසනාවක් ගෙනාවා නේද?

අනිවාර්යයෙන්ම. මොකද හේතුව මුලින්ම කියන්න ඕනෙ ලංකාවෙ අධ්‍යක්ෂවරු නළුවෙකුගෙ හෝ නිළියකගෙ බාහිර ස්වරූපය නිරික්ෂණයෙන් තමයි චරිත තෝරාගන්නෙ. සුදුයිද? ලස්සනයිද? හුරුබුහුටියිද? උසයිද? නම් ලැබෙන්නෙ හුරුබුහුටි දඟකාර චරිතයක්. මහතද? කොටද? කැතද? නම් දෙන්නෙ දරුණු චරිතයක්. ඉතින් ඒ සීමාවට අපේ සිනමාවේ සහ ටෙලිනාට්‍යවල ඉන්න රංගන ශිල්පීන් කොටුවෙලා.

නමුත් ඒ සීමාව කඩාගන්න මට මේ චරිතය ඉවහල් වුණා. මොකද ගොඩක් වෙලාවට මගෙ ස්වරූපයට ලැබෙන්නෙත් බොළඳ ආදරණීය චරිත. ඒ සීමාවට මමත් කොටුවෙලා ඉන්නෙ. නමුත් ජයතු බණ්ඩාර චරිතය නිසා මට අවස්ථාව ලැබුණා ඕනෑම චරිතයක් කළහැකියි කියන දේ පෙන්නන්නට.

 

මෙහිදී තිරික්කලවල යන දර්ශන එහෙම තිබුණ නේද? ඒ දේවල් ඉගෙන ගන්න වුණාද? කොහොමද ඒ අද්දැකීම?

මෙහි තිරික්කල්වල යන දර්ශන ගොඩක් තිබුණා. තිරික්කලයක් එලවනවා කියන්නෙ පහසු වැඩක් නෙමෙයි. ඒක වෙනම කලාවක්. ඉතින් මම ඒ පිළිබඳ ඉගෙන ගත්තා. ඒ වගේම රේස් තිරික්කලේ යන්නත් ඕනෙ. ඒක ගොඩාක්ම අමාරුයි. මොකද ඒක බක්කි කරත්තෙ වගේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් ඒ වගේ අමාරු කඩඉම් කිහිපයක් පසුකරගෙන යන්න හැකිවුණා.

 

එතකොට ජයතු බණ්ඩාරට තිබුණු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර කොහොමද?

ඉතා ඉහළයි. ඇත්තටම අදටත් මට ගොඩාක් අය කතා කරන්නෙ ජයතු කියලා. ජයතු බණ්ඩාර නරක පුද්ගලයෙක් කියලා මිනිස්සුන්ට ඔහුව එපා වුණාට ඒ චරිතය තුළ තිබුණු රංගනයට පේ‍්‍රක්ෂකයෝ ආදරේ කළා. චරිතය දැක්කම ඒ චරිතයට මිනිස්සු බැන්නත් ජයතු බණ්ඩාරට රඟපාන අරවින්දට ගොඩක් අය ආදරේ කරන්න පටන් ගත්තා.

ඒකට හේතුවක් කියනවා නම් එක පේ‍්‍රක්ෂකයෙක් මට කතා කරද්දි කියනවා ටීවී එකේ ඉන්නෙ ඔයාද කියන එක හිතාගන්න බෑ කියලා. ඒ කියන්නෙ ටීවී එකේ චරිතෙයි මගෙ පෙනුමයි හොයාගන්න බැරිලූ. ඉතින් මම දකින්නෙ ඒකම තමයි සාර්ථකත්වය. මොකද බාහිරින් අපි දකින දේ නෙමෙයි චරිතය කියන්නෙ වෙනම කතාවක්. අරවින්ද නෙමෙයි ජයතු බණ්ඩාර කියන්නෙ. නමුත් අරවින්ද තුළින් ජයතු බණ්ඩාර පෙන්නනවා කියන්නෙ ඒක තමයි නළුවෙකුගෙ සැබෑ කාර්ය භාරය වෙන්නෙ.

 

ඒ කියන්නෙ පේ‍්‍රක්ෂකයො කලූ චරිතවලට ආදරේ නොකළත් අරවින්දට ඒ චරිතය තුළින් ප‍්‍රතිචාරයක් ආදරයක් ලැබුණා?

අනිවාර්යයෙන්ම කලූ චරිතවලට මිනිස්සු ආදරේ කරන්නෙ නෑ. නමුත් ඒ චරිත සමාජය විසින් වැළඳ ගන්නවා. මොකද කලූ චරිත විසින් දෙන පණිවිඩය, ප‍්‍රතිචාර, උත්තරය මිනිසුන්ගේ මනසට වදිනවා. සුදු චරිතයක් තුළ මිනිස්සු දකින්නෙ ඒකාකාරි ගලාගෙන යාමක්. කලූ චරිතෙකට යන්න පුළුවන් රංගන පරාසය වැඩියි. ඒ හේතුව නිසාම එවැනි චරිත මිනිස්සු අතරට යනවා. ඒක සුදු චරිතෙකට වඩා මම දකින විශේෂත්වයක්.

 

ඔබටම මේ චරිතය ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒක මගෙ වාසනාවක්.

 

මේ කතාව ගැන මොකද හිතෙන්නෙ.

අපේ ලංකාවෙ සිනමාව හා ටෙලිනාට්‍ය ගත්තම එක් කතා තේමාවක් සීඝ‍්‍රයෙන් මිනිස්සු වැළඳගත්තොත් එක දිගටම ඒ කතා තේමාවෙන් තමයි නාට්‍ය නිර්මාණය වෙන්නෙ.

උදාහරණයක් විදියට ගත්තොත් පසුගිය කාලයේම ටෙලිනාට්‍යවල දිගටම තිබුණෙ පෙම්වතා පෙම්වතියගෙ ටෙලි කතා අන්දරය. එතකොට සිනමාවෙ ඓතිහාසික කතා තේමාව යටතේ නිර්මාණ බිහිවුණා. එහි නරකක් කියනවා නෙමෙයි. නමුත් ‘‘දේවි’’ කියන කතාවෙ මේ හැම තේමාවකින්ම වෙනස් බවක් තිබුණා.

ලංකාවෙ ජනවහරෙ තියෙන යන්ත‍්‍ර, මන්ත‍්‍ර ගුරුකම් සහ එමගින් සිදුවන දේවල් එවා කරන විදිය සහ එහි ආදිනව හැමදේම මෙමගින් පෙන්නුවා. ඒ නිසා ගොඩක් අය මේ කතාව ආදරෙන් වැළඳගත්තා. මෙහි රඟපෑ පිරිසත් මේ කතාවට අතිශය සාධාරණයක් ඉටු කළා. ඒ හැමෝම චරිතවල ජීවත් වුණා. නිරෝෂා තලගල, ජනක් පේ‍්‍රමලාල්, මල්කාන්ති ජයසිංහ, තාරුකා වන්නිආරච්චි, රොෂාන් පිලපිටිය, දර්ශන ධර්මරාජ් මේ සියළුදෙනාම මේ චරිතවලට උචිතම අය. මේ හැමෝම අසීමිත සාධාරණයක් ඉටු කළ නිසාම තමයි ටෙලිනාට්‍ය මෙතරම් සාර්ථක වුණේ.

මම මෙහි රඟපෑ නිසා මේ දේ කියනවා නෙමෙයි. නමුත් මම දකින්නෙ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයගෙ දඬුබස්නාමානය ටෙලිනාට්‍යයෙන් පසුව ලංකාවෙ මම දැකපු හොඳම ටෙලිනාට්‍ය අතරින් එකක් තමයි ‘‘දේවි’’. එවැනි ටෙලිනාට්‍යයක රඟපාන්න ලැබීමත් මම ඇත්තටම දකින්නෙ ලොකු වාසනාවක් විදියට.

 



අදහස් (0)

'දේවි' ජයතු බණ්ඩාර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 568 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1134 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 720 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 250 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1190 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 814 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site