IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දුව පියා පොලිසියට දක්කයි

පියා පැදවු ත්‍රිරෝද රිය තම කාර්යේ හැපු බව කියමින් දියණියක පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් කළාය. ඇය කියා සිටියේ තමාට සිදු වු අලාභයට වඩා පියා බීමත්ව සිටියේ ද සොයා බලා එසේ සිටියේ නම් ඔහුට  එරෙහිව නිතිමය පියවර  ගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.



අදහස් (0)

දුව පියා පොලිසියට දක්කයි

චතුරි Thursday, 09 June 2016 12:46 PM

පුදුමයි දරුවනි නුබලට දුක නැති කම... (ර)

:       0       0

අබය Thursday, 09 June 2016 08:23 AM

ඔන්න දරුවෝ....! ආදර්ශයට ගන්න ඕනෑ. තව වයසට ගියහම කොහොම සළකාවිද? (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 09 June 2016 08:37 AM

අහිංසක ජීවිත කීයක් අකාලයේ මරු තුරුලට මේ බිමත් රියදුරන් යවා තියෙනවද? ඔවුන් එක් කෙනෙකුටවත් මරණ දඬුවම ලබා දීලා තියෙනවද. නැහැනේ. පියා බිමත්ව රිය පැදවීම නුසුදුසු බව දැන දැනම කළ වැරදි ක්‍රියාවට ඔහුව නීතිය හමුවට පැමිණවීමට කටයුතු කිරීම මම ඉතා අගයකොට සළකමි. (නි)

:       0       0

රොමේෂ් Thursday, 09 June 2016 08:47 AM

බීමත්කම ප්‍රශ්නයක් තමයි. නමුත් ඒ තාත්තා බීමත්කමට ඇබ්බැහි වුණේ මේ දුව ඉපදෙන්නත් කලින් වෙන්නත් ඇති. බීමත්කම නිසා ගෙදර ප්‍රශ්න තියෙන්නත් ඇති. කොහොම නමුත් දුව කාර් එකක් පදවන්නත් තාත්තා ත්‍රීරෝද රියක් පදවන්නත් හේතුව තාත්තා දුවට නිසි අධ්‍යාපනයක් දීමත් වෙන්න ඇති. පොලිසියට පැමිණිලි කරන්න හිත හදාගත්ත එක පුදුමයි (නි)

:       0       0

රවීන්ද්‍ර Thursday, 09 June 2016 08:45 AM

දුව චූටි කාලයේ අම්මා තාත්තා කොපමණ දේවල් ගෙනත් දෙන්න ඇද්ද? (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 09 June 2016 08:51 AM

අත පය නොකඩා උස්මහත් කර වාහනයකුත් අරන් දුන් අහිංසක පියාට වුණ දේ? (නි)

:       0       0

යෙනුර Thursday, 09 June 2016 09:06 AM

පියා බීමත්ව සිටියා නම් එතන ගැටළුවක් තියෙනවා තමයි. එ්ත් පියා ත්‍රිරෝද රියක් පදවද්දී දුව කාර් එකක් ගන්න සුදුස්සෙක් කරන්න එම පියා මොනතරම් මහන්සිවුණාද දන්නේ නැහැ. (නි)

:       0       0

චානක Thursday, 09 June 2016 09:07 AM

අම්මපා රටකට ගිය කල! (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 09 June 2016 09:10 AM

මෙහෙම දුවලා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

නන්ද Thursday, 09 June 2016 09:10 AM

මැය ඉතාම යහපත් දියණියක්. පියා බී මත්ව කටයුතු කිරීම දරුවන්ටත් බිරින්දෑවරුන්ටත් ඉමහත් කරදරයක්; එයින් ඔවුන් ලැජ්ජාවටත් අපහසුතාවයටත් පත් වෙනවා. (ර)

:       0       0

භද්‍රානි Thursday, 09 June 2016 09:36 AM

කොච්චර කිව්වත් කවදාවත් හැදෙන්නේ නැති, හදන්නත් බැරි මිනිස්සු ඉන්න රටේ වැරැද්දකට සමාව දීමේ සම්ප්‍රදාය සමාජයෙන් පමණක් නොවේ, පවුලින්ද තුරන්වී තිබීම එක අතකට පුදුමයට කාරණයකුත් නෙමේ. (ර)

:       0       0

නිම්මි Thursday, 09 June 2016 02:52 PM

අනේ දරුවන්ටම බනින්නේ කොහොමද? මම දන්නා කෙනෙක් ඉන්නවා දරුවන්ට ඉගන ගන්න දුන්නෙත් නැහැ. ඒ ළමයි අමාරුවෙන් ඉගන ගෙන තැනකට ආවම ඒ ළමයිට ලජ්ජා කරන්න බීල ගේ ඉස්සරහ හිගා කනවා. දෙමව්පියෝ ආදර්ශමත් නම් ළමයි නරක වෙන් නැහැ. (බ)

:       0       0

වි. ජයපාල Thursday, 09 June 2016 02:57 PM

ඇත්තටම හොද වැඩක්. ත්‍රිරෝද කරුවන්ගේ අවිනීත හැසිරීම් නිසා ඔවුන්ගේ දරුවන් ඉතාමත් අපහසුතාවයට පත් වෙනවා. උදාහරණයක් විදිහට මම දන්නා පුද්ගලික ආයතන බොහොමයකම ත්‍රිරෝද කරුවන්ගේ දරුවන් කිසිම ආකාරයක රැකියාවක් සදහා බදවා ගන්නේ නෑ. ඊට හේතුව ඔවුන්ගේ පියවරුන් සමාජයේ හැසිරෙන අකාරයටම එම දරුවන්ද ආයතනය තුල හැසිරීමට පෙලඹෙනු ඇති බවට පවතින සාධාරණ සැකයි.(බ)

:       0       0

ශශිකා Thursday, 09 June 2016 10:22 AM

මේ දුවට බනින්න ඉස්සර පොඩ්ඩක් හොයලා බලන්න තාත්ත අංක එකේ බේබද්දෙක්ද කියලා. සමහරවිට දුව හම්බකරලා දීපුවත් විනාශකරන කෙනෙක්ද දන්නේ නැහැනේ. (නි)

:       0       0

ලක්ෂි Thursday, 09 June 2016 10:23 AM

තාත්තාට වඩා මේ කාලේ කාර් එක වටිනවා දරුවන්ට (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 11 June 2016 08:00 AM

මේක බෞද්ධ යැයි කියාගත් රටක්නේ. (නි)

:       0       0

සිල්වි Thursday, 09 June 2016 08:57 PM

මේ තාත්තා පාරේ යන අහිංසක මනුස්සයෙක්ව හප්පලා මැරුවා නම් මොකද වෙන්නේ? මේ දුව වන්දි ඉල්ලලා නැහැනේ (නි)

:       0       0

කමල් Thursday, 09 June 2016 10:49 AM

මම කල්පනා කළේ මේ අදහස් දාන්නෙ සියළු කෙළෙස් දුරුකරලා රහත් වුණ අයනෙ. සැබෑ ලෝකෙ මේ වගේ අය අපට මුණනොගැසෙන්නෙ ඇයි? (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 09 June 2016 10:19 PM

ජයපාල, එතකොට එම කොම්පැණි වලට බඳවා ගන්නේ වලට රටේ ප්‍රභූ පැලැන්තිය කියාගන්නා පවුල්වල දරුවන් විතරමද? ත්‍රීරෝද පදවලා රටේ ඉහළම තැනට දරුවෝ යවපු පියවරු ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

සමන්ති Thursday, 09 June 2016 11:22 PM

බනින්නෙපා පොඩි දෝණිට, ගහන්නෙපා... කාර් එකක් මම අරගෙන දුන්නේ සෙල්ලම් ගමන් බිමන් යන්නයි.... (නි)

:       0       0

කාලිංග Friday, 10 June 2016 12:48 AM

තාත්තාට අම්මාට විරුද්ධව පොලිසි/උසාවි යනවා කියන්නේ, අනේ මන්දා දරුවොද කියලා. බීමත්කම වැරදි තමයි. නමුත් එය පොලිසියෙන් හදන්න බැහැ කියන එක කාර් එකක් තියෙන දුවට තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

යසාරා Friday, 10 June 2016 12:50 AM

අද කාලේ ඉන්න තාත්තලා, අම්මලා, දුවලා ඇත්තටම ඒ නම් වලින් හදුන්වන්න සුදුසුද කියලා තීරණය කරන්න මේ තියෙන විස්තර ටිකෙන් බැහැ. ඒ නිසා කවුද හරි කියලා නිගමනයක් දෙන්න මේ ගැන ගැඹුරින් සොයාබැලිය යුතුයි. (නි)

:       0       0

උපුල් Thursday, 09 June 2016 11:24 AM

ශශිකා කියන එකත් ඇත්ත. අද කාලේ දරුවෝ විතරක් නොවෙයි සමහර දෙමව්පියොත් විශ්වාස කරන්න බැහැ (නි)

:       0       0

ලක්මාල් Friday, 10 June 2016 02:25 AM

තාත්තා කෙනෙක් තම දරුවන්ව ලොකුමහත් කරන්න කොච්චර දුක් විඳිනවද, අනේ පවු තාත්තා! (නි)

:       0       0

මදුසංක Thursday, 09 June 2016 11:37 AM

රොමේෂ්, ඔබ හරි. (නි)

:       0       0

කෝනාර Friday, 10 June 2016 02:35 AM

අද ඉන්නේ තමන්ට ඕනෑ ඕනෑ විදියට නාස්ති කරන්න සල්ලි දෙන්නේ නැත්නම් උසාවි ගිහින් හරි තාත්තලාගෙන් සල්ලි ගන්න දරුවන්. තමන්ගෙ තාත්තා බොනවා නම් එය දුවෙක් විදියට විසඳනවා විනා පොලිසියට අල්ලා දෙන්න මොනතරම් දරුණු හිතක් තියෙන්න ඕනෑද? (නි)

:       0       0

නිල්මිණි Friday, 10 June 2016 02:37 AM

හැම එකටම පොලිසි උසාවි දුවන අම්මලා ළඟ හැදෙන දරුවනුත් හැදෙන්නේ ඒ විදියටම තමයි. තාත්තාවත් පොලිසියට රැගෙන යනවා. මේක මහා වසංගතයක් වෙලා තියෙන්නේ. තමන්ගෙ කාර් එකේ තාත්තා හැපුනා කියලා තාත්තව පොලිසියට බාරදෙන දුවලා නම් අපේ රටේ ඉන්නේ මේ රට කොහාටද යන්නේ? (නි)

:       0       0

ටිලාන් Friday, 10 June 2016 02:47 AM

වැරදි නොකරන අය මේ ලොව නැත. බිමත්කම කියන්නේ දුවෙකුට තම තාත්තාව පොලිසියට අල්ලා දියයුතු තරමේ වරදක්ද? අනෙක බිලා හිටියද කියලා හරියට දන්නෙත් නැතිලු. (නි)

:       0       0

යසන්ත Friday, 10 June 2016 02:50 AM

වත්මන් සමහර කාන්තාවන් පොඩ්ඩ බැරිවෙනකොට ගිහින් සැමියට එරෙහිව නඩත්තු නඩු දානවා. දරුවොත් රැගෙන උසාවි යනවා සල්ලි ගන්න සැමියාගෙන්. ඕවා බල බලා වැඩෙන දරුවනුත් හිතන්නේ හැම එකටම පොලිසි හරි උසාවි හරි ගියාම හරි කියලා. ඒ අයට තමයි අම්මා තාත්තා අමතක වෙන්නේ. උසාවියකට ගිහින් බැලුවොත් මේ කියන යථාර්ථය හොදින් වැටහේවි. (නි)

:       0       0

උදිත Friday, 10 June 2016 02:51 AM

නිල්මිනි, ඔබ නිවැරදියි. (නි)

:       0       0

වීරවර්ධන Friday, 10 June 2016 02:58 AM

මම දන්න කාන්තාවක් ඉන්වා නඩු 8 ක් කියනවා සැමියට, සැමියගේ නෑයින්ට සහ අසල්වාසින්ට එරෙහිව. ජීවිතේම උසාවියේ. නමුත් අදටත් පොඩ්ඩ බැරිවෙනකොට කියන්නේ මම නඩුවක් දානවා කියලයි. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 09 June 2016 11:51 AM

සමහර ළමයි බොහොම මහන්සියෙන් දියුණු වුනාම මෙහම තාත්තලා ඉන්නවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 74 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 56 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 226 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 555 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1172 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1318 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site