IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දිවි පරදුවට තැබූ 12කට විරුජන සම්මාන

ජාතික විරුජන සම්මාන උළෙල පාකිස්තානු මහ කොමසාරිස් ජෙනරල් හුසේන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (09) පැවැත්විණි. 2015 වසරේ අන් අයගේ දිවි රැකීම වෙනුවෙන් තම දිවි පරදුවට තැබූ 12 දෙනෙකුට මෙහිදී විරුජන සම්මාන පිරිනැමිණි.

මෙහිදී විරුජන ස්වර්ණ මුද්‍රිකාව හෙවත් බුදල්නා ස්වර්ණ සම්මානය හිමිවූයේ යෝධ ඇළට පෙරළුණු ත‍්‍රීරෝද රථයක සිටි කාන්තාවන් තිදෙනෙක්, දරුවන් තිදෙනෙක් ඇතුළු හත් දෙනෙකුගේ ජීවිත බේරාගත් අලූත්ගෙදර රංජිත් අමරජීව සහ රංකොත්ගෙදර ශානක ප‍්‍රසාද් කුමාර යන දෙදෙනාටය.

ගංවතුර සහනාධාර ලබාදීම ස`දහා පැමිණි කෘෂි පර්යේෂණ නිලධාරිනියක් ලෑලි පාලමකින් ලිස්සා කළුමඩ ඇළ නම් ඇළට වැටී ගසාගෙන යමින් සිටියදී දියට පැන ඇය බේරාගත් යක්කලමුල්ලේ පදිංචි ඩබ්ලිව්.එච්.ඩී වික‍්‍රමතිලක, කිඹුලන් ගහණ ගැඹුරු දියක ගිලෙමින් සිටි පුද්ගලයෙකු දැක දියට පැන ඔහු බේරාගත් මහ ඔය, උණුවතුරබුබල මහතලාවේ ඒ.එම් අජිත් නිශාන්ත, කලැවැවේ දිය නාමින් සිටි තම මව කිඹුලෙකුගේ ග්‍රහණයට නතු වූ අවස්ථාවක කිඹුලා සම`ග සටන් කර මව බේරාගත් සේනපුර දික්වැව පදිංචි රොමේෂ් මධුවන්ත අබේසේකර, කලාවැවේ ඔරුවක් පෙරලී දියේ ගිලෙමින් සිටි තිදෙනෙක් බේරාගත් නීති පීඨ ශිෂ්‍යයෙකු වන කන්තලේ පදිංචි සම්පත් දර්ශන ලක්‍ෂාන් සහ කැකිරාව නගරයේ පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටියදී බැංකුවට පැමිණි කොල්ලකරුවෙක් සම`ග පොර බදා තවත් පිරිසකගේ ජීවිත බේරාගැනීමට ගත් උත්සාහයේදී කොල්ලකරු එල්ල කළ අත්බෝම්බ ප‍්‍රහාරයකින් මිය ගිය ඇසළ ජයසිංහ යන අය මෙහිදී විරුජන රජත මුද්‍රිකා සම්මානයෙන් පිදුම් ලැබීය.

තම නිවස උකස් කර ලබාගත් මුදලින් නිකවැරටිය රෝහලට දැඩි සත්කාර ඒකකයක් සහ නොමේරූ ළ`දරු ඒකකයට අත්‍යාවශ්‍ය ශ්වසන යන්ත‍්‍රයක් ලබාදුන් නිකවැරටියේ පදිංචි ඒ.එම් ගාමිණි මුණසිංහ මහතාටත්, අම්පාර අම්බලන්ඔය ජලාශයේ ගිලී සිටි අලියෙක්ගේ ජීවිතය බේරාගත් එච්.ජී නුවන් කුමාර, කේ. සුජීවන්, යූ.ආර්.එස් නයනප‍්‍රිය සම්පත් සහ ජේ.ආර්.යූ කීර්තිසේන යන සිව්දෙනා විරුජන ශාක හා සත්ව සම්මානයත් මෙහිදී හිමිවිය.

01 RDS_2970 RDS_2982 RDS_2984 RDS_2990 RDS_2991 RDS_2997 RDS_3007 RDS_3012 RDS_3031 RDS_3042 RDS_3054 RDS_3076 RDS_3106



අදහස් (0)

දිවි පරදුවට තැබූ 12කට විරුජන සම්මාන

තිස්ස Friday, 10 June 2016 04:51 AM

ඔබ සැමට ජයවේව.(අ)

:       0       0

රූපවති Monday, 13 June 2016 09:46 AM

මේ අකුරු ටික ලියන්නේ දෑසේ කදුළු ගෙඩි අතරින්.. සැමෝම හදවතින් අගයන අතර මා ගොඩාක්ම සංවේදී වුණේ නිකවැරටියේ තම නිවාස උගස් කර ස්වසන යන්ත්‍රයක් අරන් දෙන්න තරමට ඒ පුද්ගලයා නිහතමානී වූ ක්‍රියාව මාව ගොඩාක්ම සංවේදී කළා ඒ ලිපිය ...ඔහු මුළු ජීවිතකාලේ නිරෝගී මිනිසෙකු වේවා ..! වැදු මෑණියන් වහන්සේ නිවන් දකිත්වා අවසානයේ මේ උතුම් ක්‍රියාවන්ට දායක වූ සියලුම දෙනා නිර්වාන සැපසම්පත් ලබා නිවන් සුවයට පැමිණේවා ...!!!!! (අ)

:       0       0

කමනි Thursday, 09 June 2016 04:20 PM

ඇසට කඳුලු එනවා. මේවා මේ රටේ වැඩි වැඩියෙන් ප්‍රචාරය කරන්න. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 11 June 2016 08:22 AM

මේ සම්මාන උළෙල සඳහා ජනපති හා අගමැති සිටියා නම් තවත් වටිනවා. (නි)

:       0       0

ෆ්‍රීමාල් Friday, 10 June 2016 01:04 AM

මෙන්න සුපිරි තරු. සැබෑ සුපර් ස්ටාර්ලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 71 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 56 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 224 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 552 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1165 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1311 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site