IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


දැව ප්‍රවාහන නීති ලිහිල් කළ යුතුයි

(ඩයනා උදයංගනී)

දැව හා මැටි ආදී අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ග්‍රාමීය කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා ඇතැයි  වේවැල්, පිත්තල මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා පැවැසීය. 

විශේෂයෙන්ම දැව ප්‍රවාහන නීති රීති හේතුවෙන් වඩු කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා වඩු කර්මාන්තයේ නියැළෙන්නන්ගේ පහසුව සඳහා දැව ප්‍රවාහන නීති ලිහිල් කළ හැකිදැයි ඉදිරියේදී සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.

වඩු කර්මාන්තකරුවන් සිය නිෂ්පාදන සඳහා දැව ප්‍රවාහනය කිරීමේදී ගැටලුවලට මුහුණපාන හෙයින් පරිසරය ද ආරක්ෂා කරගනිමින් දැව ප්‍රවාහනය සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කළ හැකිදැයි යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කී ඇමැතිවරයා මැටි භාණ්ඩ නිෂ්පාදකයින් ද අමුද්‍රව්‍ය ලබාගැනීමේ ගැටලුවකට මුහුණ පා සිටින බව කීවේය.

දේශීය කර්මාන්ත දියුණු කිරීමට නම් එම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලුවලට පිළියම් ලබාදිය යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.

 



අදහස් (19)

දැව ප්‍රවාහන නීති ලිහිල් කළ යුතුයි

siri Thursday, 03 September 2020 02:57 PM

නැතුව නැතුව... ඔක්සිජන් ගැන කිව්වා වගේ වනාන්තරත් කන්නද? ඔබතුමාගේ කල්පනාවේ හැටියට නම් දේශීය සැරබීම වලටත් ඔය ලිහිල් කිරීම කළයුතු දෙයක් මගේ හිතේ...

:       78       513

සඳරුවන් Friday, 04 September 2020 05:51 AM

ඇයි දැන් රටේ ගස් කැපෙන්නෙ නැද්ද? මේ කමෙන්ට් දාන ඊනියා පොතේ ගුරාලා ඉන්නේ ගල්ගුහාවල වෙන්න ඇති. කඩෙන් මස් ගත්තට පවක් නෑ කියලා හිතන ජාතියේ මේ අයියලා හිතන්නේ මඩුවෙන් ලී ගත්තට පරිසර හානියකුත් නෑ කියලයි. කෝටි 2ක් මිනිස්සු ගෙවල් හදාගන්නේ නැතුව ගල්ගුහාවලට වෙලා හිටියා නම් කැලේට මොනවා වෙයිද? සාමාන්‍ය ලෝක තියරිය තමයි ගස් කපන ගමන් නැවත දැව අවශ්‍යතාවයට ගස් සිටුවීම. නැතුව මෝඩයින් වගේ ගස් මැරිලා දිරලා යන්න දෙන එක නෙමෙයි. අනික ලෝක කාබන් විමෝචන සිතියමේ ලංකාව අහලකවත් නෑ. අපි බොරු අනවශ්‍ය කැපකිරීම් කරන්න අවශ්‍ය නෑ. සහරා කාන්තාරේ හැදුණෙත් ගස් කපපු නිසා කියලා හිතන බොළඳ ඉගැන්වීම්වල අපේ මිනිස්සු ඉන්නේ. ලෝකෙ පවතින උණුසුම සහ සීතල දෙකම ඕනෑ. විශ්වය ස්වභාවයෙන් අධික සීතලයි. අයිස් ඒජ් ගැන අහලා ඇතිනේ. ඉර උණුුසුම අග්නි කියන දේවල් දුලභයි. ලෝක කාන්තාර කරණයක් ගැන කතාකළාට අපිට කවදාහරි නැතිවෙන්නේ ඉර, උණුසුම, සීතල සදාකාලිකයි. ඒක නිසා උණුසුමට ආදරේ කරන්න. ඌෂ්ණාධික රෝග තියෙනවා නම් බෙහෙත් ගන්න...

:       5       49

කපිල Thursday, 03 September 2020 03:37 PM

පරිසරයට ආදරේ කරන කෙනෙක් මේ ඇමතිකමට අවශ්‍ය බව අතිගරු ජනාධිපතිතුමාට අවබෝධ වේවා...!!! 

:       51       345

NuwanThursday, 03 September 2020 05:37 PM

ජනාධිපතිතුමා නේද සිංහරාජ බලන්න ගිහින් පාර කපන්න කිව්වේ.

:       37       4

GaladariThursday, 03 September 2020 09:08 PM

ජනාධිපති තුමානම් පරිසරයට උපරිමයෙන් ආදරෙයි.

:       5       59

Sarath silva Thursday, 03 September 2020 05:50 PM

හරියට හරි... සිංහරාජයෙන් කපපු ගස් ටික ගෙනියන්න ලිහිල් කරන්න.

:       12       4

Perera Thursday, 03 September 2020 07:11 PM

බොහොම හොඳ අදහසක් ඇමතිතුමනි.!

:       0       43

gagana Thursday, 03 September 2020 08:20 PM

මැටිනම් ලිහිල් කරලා දෙන්නම්. දැව දෙන්න බෑ

:       0       6

ferna Thursday, 03 September 2020 09:32 PM

අනේ අපේ වනන්තර ටික. පස් වලටයි ගස්වලටයි ප්‍රවාහන නීති ලිහිල් කලාම ඉතිරි වෙයිද අපට රටක්...?

:       5       27

Nihal Friday, 04 September 2020 12:16 AM

ඇමැතිකම් දීලා තියෙන්නේ පරිසරයත් එක්ක බද්ධ වෛරයෙන් පසුවන මිනිස්සුන්ට.

:       5       36

sumanarathna hewa Friday, 04 September 2020 12:39 AM

මේ කියන්නේ තව වනාන්තර විනාශ කරන්න කියලද.?

:       4       21

සී.කේ.ලංකාපුත්ර Friday, 04 September 2020 01:11 AM

මිරිස් කුඩුත් පාර්ලිමේන්තුව ඇතුලට ගෙනයාමට ඉඩ දිය යුතුයි.

:       1       30

විජේ Friday, 04 September 2020 01:38 AM

පැන්නාද මන්ද බලලා මල්ලෙන් පිටට........

:       1       20

Chami Friday, 04 September 2020 02:10 AM

මෙයාට ඕන මේක තමයි. වඳුරන්ට ඉනිමං බන්දා වගේ කියන්නේ ඕක තමයි.

:       0       26

rana Friday, 04 September 2020 02:55 AM

බුද්ධිය නැති උනාට දර්ශනයක් දෙකම නැත්නම් ??

:       0       9

Puppa Friday, 04 September 2020 02:58 AM

රටේ ගස් වලට දෙවියන්ගේ පිහිටයි.

:       0       36

raththa#Friday, 04 September 2020 07:35 AM

ඕකට රාජපක්ෂ යුගය කියලත් කියන්න පුළුවන්..

:       0       4

Nihal Saturday, 05 September 2020 02:08 AM

ඕක තමයි කියන්නේ පිට්ටනිවල තණකොළ කන අය පාර්ලිමේන්තුව එවන්න එපා කියලා...

:       0       0

isuru Saturday, 05 September 2020 09:56 AM

මෙයාටත් කපන්න ලොකු කැලෑවක් සෙට්වෙලා වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1123 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2018 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 675 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1842 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 956 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4169 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site